සනඞ්කුමාරසුත්තං
6. 2. 1.
6. 2. 1.
සනඞ්කුමාරසුත්තං.
සනඞ්කුමාර සූත්‍රය
182. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති සප්පිනීතීරෙ. අථ ඛො බ්රහ්මා සනඞ්කුමාරො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං සප්පිනීතීරං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො බ්රහ්මා සනඞ්කුමාරො භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
182. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි සප්පිනී ගංතෙර වැඩවසන සේක. එකල්හි මනා ඡවිවර්ණ ඇති සනඞ්කුමාර බ්‍රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු සප්පිනී ගංතෙර බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සනඞ්කුමාර බ්‍රහ්ම තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය.
ඛත්තියො සෙට්ඨො ජනෙතස්මිං යෙ ගොත්තපටිසාරිනො, විජ්ජාචරණසම්පන්නො සො සෙට්ඨො දෙවමානුසෙති.
ප්‍රජායෙහි යම් කෙනෙක් වංශය සලකන්නාහු ද (ඔවුන් අතුරෙන්) ක්ෂත්රිය තෙමේ ශ්‍රේෂ්ඨ යි. ත්‍රිවිද්‍යාවෙන් හා පසළොස්චරණ ධර්මයන් ගෙන් යුක්ත වූ ඒ ක්ෂීණාස්රව බ්‍රාහ්මණ තෙමේ දෙවි මිනිසුන් අතරෙහි ශ්‍රේෂ්ඨ වේ.
ඉදමවොච බ්රහ්මා සනඞ්කුමාරො, සමනුඤ්ඤො සත්ථා අහොසි. අථ ඛො බ්රහ්මා සනඞ්කුමාරො සමනුඤ්ඤො මෙ සත්ථාති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායීති.
සනඞ්කුමාර බ්‍රහ්ම තෙමේ මෙය කී ය: ශාස්තෲන් වහන්සේ අනුමෝදන් වූ සේක. ඉක්බිති සනඞ්කුමාර බ්‍රහ්ම තෙමේ ශාස්තෲන් වහන්සේ මාගේ වචනය අනුමෝදන් වූ සේකැ යි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් විය.
6. 2. 2.
6. 2. 2.
දෙවදත්තසුත්තං.
දේවදත්ත සූත්‍රය
183. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ අචිරපක්කන්තෙ දෙවදත්තෙ. අථ ඛො බ්රහ්මා සහම්පති අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ගිජ්ඣකූටං පබ්බතං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො බ්රහ්මා සහම්පති දෙවදත්තං ආරබ්භ භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
183. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් සස්නෙන් බැහැර ගිය නො බොහෝ කලැ ම රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල්හි මනා ඡවිවර්ණ ඇති සහම්පති බ්‍රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු ගිජුකුළුපව්ව බබුළුවා භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සහම්පති බ්‍රහ්ම තෙමේ දෙව්පුතු ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය.
ඵලං වෙ කදලිං හන්ති ඵලං වෙළුං ඵලං නළං සක්කාරො කාපුරිසං හන්ති ගබ්භො අස්සතරිං යථාති.
යම්සේ ඵලය තෙමේ ඒකාන්තයෙන් කෙසෙල්ගස නසා ද, ඵලය තෙමේ මහහුණ නසා ද, ඵලය රනහුණ නසා ද, දරුගැබ (ගද්‍රභයාට දාව උපන් නහඹු) වෙළඹ නසා ද, එසෙයින් ම සත්කාරය තෙමේ නින්දිත පුරුෂයා නසයි.