යෙදුමෙන් කියවන්න

අන්‍ධකවින්‍දසුත‍්තං

6. 2. 3.

6. 2. 3.

අන්‍ධකවින්‍දසුත‍්තං.

අන්‍ධකවින්‍ද සූත්‍රය

184. එකං සමයං භගවා මාගධෙසු විහරති අන්‍ධකවින්‍දෙ. තෙන ඛො පන සමයෙන භගවා රත‍්තන්‍ධකාරතිමිසායං අජ‍්ඣොකාසෙ නිසින‍්නො හොති. දෙවො ච එකමෙකං ඵුසායති.

184. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මගදරට අන්‍ධකවින්‍ද ගම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොල් අඳුරෙහි අබවස වැඩ හුන් සේක. මේඝය ද එකී එකි පොද හෙළයි.

අථ ඛො බ්‍රහ‍්මා සහම‍්පති අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණො කෙවලකප‍්පං අන්‍ධකවින්‍දං ඔභාසෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො බ්‍රහ‍්මා සහම‍්පති භගවතො සන‍්තිකෙ ඉමා ගාථායො අභාසි:

එකල්හි මනා ඡවිවර්‍ණ ඇති සහම්පති බ්‍රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු අන්‍ධකවින්‍දය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සහම්පති බ්‍රහ්ම තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය.

සෙවෙථ පන‍්තානි සෙනාසනානි චරෙය්‍ය සඤ‍්ඤොජනවිප‍්පමොක‍්ඛා, සචෙ රතිං නාධිගච‍්ඡෙය්‍ය තත්‍ථ සඞ‍්ඝෙ වසෙ රක‍්ඛිතත‍්තො සතීමා.

ගැඹුරු වල සෙනසුන් සෙවුනේ ය. සංයෝජනයන් ගෙන් මිදීම පිණිස හැසිරෙන්නේ ය. එහි ඉදින් ඇල්මක් නොලබන්නේ නම් රක්නා ලද සිත් ඇතිව (සබ්‍රම්සරුන් නො ගටා) සිහි ඇති ව සඞ්ඝයා අතර වෙසෙන්නේ ය.

කුලාකුලං පිණ‍්ඩිකාය චරන‍්තො ඉන්‍ද්‍රියගුත‍්තො නිපකො සතීමා, සෙවෙථ පන‍්තානි සෙනාසනානි භයා පමුත‍්තො අභයෙ විමුත‍්තො.

ගෝපනය කරණ ලද ඉඳුරන් ඇති ව තීරණප්‍රඥා ඇති ව සිහි ඇති ව කුලයෙන් කුලයට පිඬු පිණිස හැසිරෙමින් ප්‍රාන්ත වූ වනසෙනසුන් සෙවුනේ ය. සසරබියෙන් මිදුනේ නිවණෙහි අධිමුත්ක ව (වසන්නේ ය.)

යත්‍ථ භෙරවා සිරිංසපා විජ‍්ජු සඤ‍්චරති ථනෙති දෙවො, අන්‍ධකාරතිමිසාය රත‍්තියා නිසීදි තත්‍ථ භික‍්ඛු විගතලොමහංසො.

යම් තැනෙක බිහිසුණු අරමුණුත් සර්‍පයෝත් වෙද් ද. විදුලිය ලෙළෙයි ද, මේඝය ගිගිරි කෙරේ ද, මහණ තෙමේ එහි රෑ ගණඳුරෙහි පහවූ ලොමුදහ ගැණුම් ඇතිව හුන්නේ ය.

ඉදං හි ජාතු මෙ දිට‍්ඨං නයිදං ඉතිහීතිහං, එකස‍්මිං බ්‍රහ‍්මචරියස‍්මිං සහස‍්සං මච‍්චුහායිනං.

මෙය වූ කලි මා විසින් ඒකාන්තයෙන් දක්නා ලද්දේ ය. මම මෙය මෙසේ මෙසේ යයි (තර්‍කාදි වශයෙන්) නො කියමි. එක් දහම් දෙසුමෙක මරු පරයා සිටි රහතුන් දහසෙක් ද (වෙයි.)

භිය්‍යො පඤ‍්චසතා සෙඛා දසා ච දසධා දස, සබ‍්බෙ සොතසමාපන‍්නා අතිරච‍්ඡානගාමිනො.

බොහෝ සේ ශෛක්‍ෂයෝ පන්සියයෙක් ද දශයෙක් ද සියයෙක් ද (වෙති) සියල්ලෝ මාර්‍ගශ්‍රෝතසට පැමිණියාහු අවිනිපාත ස්වභාව ඇත්තෝ වෙති.

අථායං ඉතරා පජා පුඤ‍්ඤභාගාති මෙ මනො, සඞ‍්ඛාතුං නොපි සක‍්කොමි මුසාවාදස‍්ස ඔත‍්තපෙති

යලි මේ අන්‍යප්‍රජා තොමෝ පිණට හිමි යයි මාගේ අදහසයි. (ඔවුන්) ගණින්නට නො හැක්කෙමි. බොරුවට (මා අසුවෙතැයි) බමි.