අරුණවතීසුත්තං
6. 2. 4.
6. 2. 4.
අරුණවතීසුත්තං.
අරුණවතී සූත්‍රය
185. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
185. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු පින්වතුන් වහන්සැයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
භූතපුබ්බං භික්ඛවෙ රාජා අහොසි අරුණවා නාම. රඤ්ඤො ඛො පන භික්ඛවෙ අරුණවතො අරුණවතී නාම රාජධානී අහොසි. අරුණවතිං ඛො පන භික්ඛවෙ රාජධානිං සිඛී භගවා අරහං සම්මාසම්බුද්ධො උපනිස්සාය විහාසි. සිඛිස්ස ඛො පන භික්ඛවෙ භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අභිභූසම්භවං නාම සාවකයුගං අහොසි. අග්ගං භද්දයුගං.
පෙරවූවක් කියමි. මහණෙනි, අරුණවත් නම් රජෙක් විය. මහණෙනි, අරුණවත් රජහට අරුණාවතී නම් රාජධානියෙක් විය. මහණෙනි, භාග්‍යවත් අර්හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ අරුණාවතී රාජධානිය ඇසුරු කොට වැඩවිසූ සේක. මහණෙනි, භාග්‍යවත් අර්හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේට අභිභූසම්භව නම් අග්‍ර වූ භද්‍රයුගලය වූ ශ්‍රාවක යුගලයෙක් වි ය.
අථ ඛො භික්ඛවෙ සිඛී භගවා අරහං සම්මාසම්බුද්ධො අභිභුං භික්ඛුං ආමන්තෙසි: ආයාම බ්‍රාහ්මණ යෙන අඤ්ඤතරො බ්රහ්මලොකො තෙනුපසඞ්කමිස්සාම, යාව භත්තස්ස කාලො භවිස්සති. එවං භන්තෙති ඛො භික්ඛවෙ අභිභූ භික්ඛු සිඛිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පච්චස්සොසි.
ඉක්බිති භාග්‍යවත් අර්හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ අභිගු මහණ ඇමතූ සේක. “බමුණ, යමු බත් වේලාව යම්තාක් වේ ද, එක්තරා බඹලොවකට එළඹෙන්නෙමු”යි. මහණෙනි, අභිගු මහණ තෙමේ වහන්ස, එසේ යයි භාග්‍යවත් අර්හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේට පිළිවදන් ඇස්වී ය.
අථ ඛො භික්ඛවෙ සිඛී භගවා අරහං සම්මාසම්බුද්ධො අභිභූ ච භික්ඛු සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය එවමෙව අරුණවතියා රාජධානියා අන්තරහිතා තස්මිං බ්රහ්මලොකෙ පාතුරහෙසුං.
මහණෙනි, ඉක්බිති භාග්‍යවත් අර්හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ ද අභිගු මහණ තෙමේ ද යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම අරුණවතී රාජධානියෙන් අතුරුදන් වූවාහු ඒ බඹලොව පහළ වූහ.
අථ ඛො භික්ඛවෙ සිඛී භගවා අරහං සම්මාසම්බුද්ධො අභිභුං භික්ඛුං ආමන්තෙසි: පටිභාතු තං බ්‍රාහ්මණ බ්රහ්මුනො ච බ්රහ්මපරිසාය ච බ්රහ්මපාරිසජ්ජානඤ්ච ධම්මී කථාති. එවං භන්තෙති ඛො භික්ඛවෙ අභිභූ භික්ඛු සිඛීස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පටිස්සුත්වා බ්රහ්මානඤ්ච බ්රහ්මපරිසඤ්ච බ්රහ්මපාරිසජ්ජෙ ච ධම්මියා කථාය සංදස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි.
මහණෙනි, ඉක්බිති භාග්‍යවත් අර්හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ අභිගු මහණ ඇමතූ සේක: බමුණ, බඹහට ද බඹපිරිසට ද අතැවැසි බඹුන්ට ද දැහැමි කථාවෙක් තොපට වැටහේවා”යි. මහණෙනි, අභිගු මහණ තෙමේ වහන්ස එසේ යයි භාග්‍යවත් අර්හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේට පිළිවදන් අස්වා බඹු ද බඹ පිරිස ද අතැවැසි බඹුන් ද දැහැමි කථායෙන් කරුණු දැක්වී ය. සමාදන් කරවී ය. උත්සාහවත් කරවී ය. සතුටු කරවී ය.
තත්ර සුදං භික්ඛවෙ බ්රහ්මා ච බ්රහ්මපරිසා ච බ්රහ්මපාරිසජ්ජා ච උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: අච්ඡරියං වත භො අබ්භුතං වත භො, කථං හි නාම සත්ථරි සම්මුඛීභූතෙ සාවකො ධම්මං දෙසෙස්සතීති.
මහණෙනි, එහි දී බඹු ද බඹපිරිස ද අතැවැසි බඹහු ද “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි! පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකි. ශාස්තෲන් වහන්සේ ඉදිරියෙහි ඇති කල්හි කෙසේ නම් සව්වෙක් දහම් දෙසා දැ යි අවමන් කෙරෙත්, ගරහත්, දොස් පහළ කෙරෙත්.
අථ ඛො භික්ඛවෙ සිඛී භගවා අරහං සම්මාසම්බුද්ධො අභිභුං භික්ඛුං ආමන්තෙසි: උජ්ඣායන්ති ඛො තෙ බ්‍රාහ්මණ බ්රහ්මා ච බ්රහ්මපරිසා ච බ්රහ්මපාරිසජ්ජා ච. අච්ඡරියං වත භො අබ්භුතං වත භො, කථං හි නාම සත්ථරි සම්මුඛීභූතෙ සාවකො ධම්මං දෙසෙස්සතීති. තෙන හි ත්වං බ්‍රාහ්මණ භිය්යොසොමත්තාය බ්රහ්මානඤ්ච බ්රහ්මපරිසඤ්ච බ්රහ්මපාරිසජ්ජෙ ච සංවෙජෙහීති.
මහණෙනි, ඉක්බිති භාග්‍යවත් අර්හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ අභිගු මහණ ඇමතූ සේක. බමුණ, බඹු ද බඹපිරිස ද අතැවැසි බඹහු ද “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකි. ශාස්තෲන් වහන්සේ ඉදිරියෙහි ඇති කල්හි කෙසේ නම් සව්වෙක් දහම් දෙසා දැ”යි තොපට අවමන් කෙරෙත්. බමුණ, එසේ වී නම් තෙපි බඹු ද බඹපිරිස ද අතැවැසි බඹුන් ද බොහෝ සෙයින් සංවේගයට පමුණුවව්”යි.
එවං භන්තෙති ඛො භික්ඛවෙ අභිභූ භික්ඛු සිඛිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පටිස්සුත්වා දිස්සමානෙනපි කායෙන ධම්මං දෙසෙසි. අදිස්සමානෙන පි කායෙන ධම්මං දෙසෙසි. දිස්සමානෙනපි හෙට්ඨිමෙන උපඩ්ඪකායෙන අදිස්සමානෙනපි උපරිමෙන උපඩ්ඪකායෙන ධම්මං දෙසෙසි. දිස්සමානෙනපි උපරිමෙන උපඩ්ඪකායෙන අදිස්සමානෙන පි හෙට්ඨිමෙන උපඩ්ඪකායෙන ධම්මං දෙසෙසි.
මහණෙනි, අභිගු මහණ තෙමේ වහන්ස, එසේ යයි භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට පිළිවදන් අස්වා පෙණෙන කයින් යුක්තව ද දහම් දෙසී ය. නොපෙණෙන කයින් යුක්ත ව ද දහම් දෙසී ය. පෙණෙන යටඅඩකයින් යුක්තව ද නොපෙණන උඩ අඩකයින් යුක්තව ද දහම් දෙසී ය. පෙණෙන උඩ කයින් යුක්තව ද නොපෙණන යට අඩකයින් යුක්තව ද දහම් දෙසී ය.
තත්ර සුදං භික්ඛවෙ බ්රහ්මා ච බ්රහ්මපරිසා ච බ්රහ්මපාරිසජ්ජා ච අච්ඡරියබ්භුතචිත්තජාතා අහෙසුං: අච්ඡරියං වත භො අබ්භුතං වත භො, සමණස්ස මහිද්ධිකතා මහානුභාවතාති.
මහණෙනි, එහි දී බඹු ද බඹපිරිස ද අතැවැසි බඹුහු ද මහණහුගේ මහත් ඍද්ධි ඇතිබව මහත් අනුභාව ඇති බව පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකි”යි ආශ්චර්‍ය්‍යාද්භූත සිත් ඇත්තෝ වූහ.
අථ ඛො භික්ඛවෙ අභිභූ භික්ඛු සිඛිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොච: අභිජානාමි ඛ්වාහං භන්තෙ භික්ඛුසඞ්ඝස්ස මජ්ඣෙ එවරූපං වාචං භාසිතා, පහොමි ඛ්වාහං ආවුසො බ්රහ්මලොකෙ ඨිතො සහස්සීලොකධාතුං සරෙන විඤ්ඤාපෙතුන්ති.
මහණෙනි, ඉක්බිති අභිගු මහණ තෙමේ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට වහන්ස, මම බික්සඟන මැද ඇවැත්නි, මම බඹලොව සිටියෙම් සහශ්‍රීලෝකධාතුව සරයෙන් හඟවන්නට (කටහඬ පතුරු වන්නට සමත්මි”යි මෙබඳු වචනයක් කීයෙම් දනිම් ම යයි මෙය කී ය.
එතස්ස බ්‍රාහ්මණ කාලො එතස්ස බ්‍රාහ්මණ කාලො යං ත්වං බ්‍රාහ්මණ බ්රහ්මලොකෙ ඨිතො සහස්සීලොකධාතුං සරෙන විඤ්ඤාපෙය්යාසි.
බමුණ, තෙපි යම් හෙයකින් බඹලොව සිටියාහු සහශ්‍රීලෝකධාතුව සරයෙන් හඟවන්නහු නම් බමුණ, මෙයට කාලය යි. බමුණ, මෙයට කාලය යි.
එවං භන්තෙති ඛො භික්ඛවෙ අභිභූ භික්ඛු සිඛීස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පටිස්සුත්වා බ්රහ්මලොකෙ ඨිතො ඉමා ගාථායො අභාසි:
මහණෙනි, අභිගු මහණ තෙමේ වහන්ස, එසේ යයි භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට පිළිවදන් අස්වා බඹලොව සිටියේ මේ ගාථා කී ය.
ආරභථ නික්ඛමථ යුඤ්ජථ බුද්ධසාසනෙ, ධුනාථ මච්චුනො සෙනං නළාගාරංව කුඤ්ජරො.
ආරම්භවීර්‍ය්‍යය කරවු, නිෂ්ක්‍රමණවිර්‍ය්‍යය කරවු, බුදුසසුනෙහි යෙදෙවු, ඇතෙක් බටදඬුයෙන් කළ ගෙයක් වනසන්නාක් මෙන් මරසෙනඟ නසවු.
යො ඉමස්මිං ධම්මවිනයෙ අප්පමත්තො විහෙස්සති පහාය ජාතිසංසාරං දුක්ඛස්සන්තං කරිස්සතීති.
යමෙක් මේ සස්නෙහි අප්‍රමත්ත ව වෙසෙන්නේ ද (හෙ තෙමේ) ජාතිය හා සංසාරය දුරු කොට දුක් කෙළවර කරන්නේ ය.
අථ ඛො භික්ඛවෙ සිඛී ච භගවා අරහං සම්මාසම්බුද්ධො අභිභූ ච භික්ඛු බ්රහ්මානඤ්ච බ්රහ්මපරිසඤ්ච බ්රහ්මපාරිසජ්ජෙ ච සංවෙජෙත්වා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය එවමෙව තස්මිං බ්රහ්මලොකෙ අන්තරහිතා අරුණවතියා රාජධානියා පාතුරහෙසුං.
මහණෙනි, ඉක්බිති භාග්‍යවත් අර්හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ ද, අභිගු මහණ තෙමේ ද බඹුත් බඹපිරිසත් අතැවැසිබඹුනුත් සංවේගයට පමුණුවා යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම ඒ බඹලොව අතුරුදන් වූවාහු අරුණාවතී රාජධානියෙහි පහළ වූහ.
අථ ඛො භික්ඛවෙ සිඛී භගවා අරහං සම්මාසම්බුද්ධො භික්ඛූ ආමන්තෙසි: අස්සුත්ථ නො තුම්හෙ භික්ඛවෙ අභිභුස්ස භික්ඛුනො බ්රහ්මලොකෙ ඨිතස්ස ගාථායො භාසමානස්සාති. අස්සුම්හ ඛො මයං භන්තෙ අභිභුස්ස භික්ඛුනො බ්රහ්මලොකෙ ඨිතස්ස ගාථායො භාසමානස්සාති. යථා කථං පන තුම්හෙ භික්ඛවෙ අස්සුත්ථ අභිභුස්ස භික්ඛුනො බ්රහ්මලොකෙ ඨිතස්ස ගාථායො භාසමානස්සාති. එවං ඛො මයං භන්තෙ අස්සුම්හ අභිභුස්ස භික්ඛුනො බ්රහ්මලොකෙ ඨිතස්ස ගාථායො භාසමානස්ස:
මහණෙනි, ඉක්බිති භාග්‍යවත් අර්හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, තෙපි බඹලොව සිට අභිගු මහණ ගාථා කියද්දී නොඇසූහු ද? වහන්ස, අපි අභිගු මහණ බඹලොව සිට ගාථා කියද්දී අසූම්හ. මහණෙනි, තෙපි අභිගු මහණ බඹලොව සිට ගාථා කියද්දී ඒ කෙසේ නම් ඇසූහු ද? වහන්ස, අපි අභිගු මහණ බඹලොව සිට ගාථා කියද්දී මෙසේ ඇසුම්හ.
“ආරභථ නික්ඛමථ යුඤ්ජථ බුද්ධසාසනෙ, ධුනාථ මච්චුනො සෙනං නළාගාරංව කුඤ්ජරො.
ආරම්භවීර්‍ය්‍යය කරව්, නිෂ්ක්‍රමණවිර්‍ය්‍යය කරව්, බුදුසසුන්හි යෙදෙව්. ඇතකු බටදඬුගෙයක් වනසන්නාක් මෙන් මරසෙනඟ නසව්.
යො ඉමස්මිං ධම්මවිනයෙ අප්පමත්තො විහෙස්සති, පහාය ජාතිසංසාරං දුක්ඛස්සන්තං කරිස්සතී”ති.
යමෙක් මෙසස්නෙහි අප්‍රමත්තව වෙසෙන්නේ ද (හෙ තෙමේ) ජාතිය හා සංසාරය දුරු කොට දුක් කෙළවර කරන්නේ ය.
එවං ඛො මයං භන්තෙ අස්සුම්හ අභිභුස්ස භික්ඛුනො, බ්රහ්මලොකෙ ඨිතස්ස ගාථායො භාසමානස්සාති.
වහන්ස, අපි අභිගු මහණ බඹලොව සිට ගාථා කියද්දී මෙසේ අසූම්හ.
සාධු සාධු භික්ඛවෙ. සාධු ඛො තුම්හෙ භික්ඛවෙ අස්සුත්ථ අභිභුස්ස භික්ඛුනො බ්රහ්මලොකෙ ඨිතස්ස ගාථායො භාසමානස්සාති. ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
මහණෙනි, මැනවි, මැනවි. මහණෙනි, තෙපි අභිගු මහණ බඹලොව සිට ගාථා කියද්දී ඇසූහු ය. මැනවි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටුසිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ.