යෙදුමෙන් කියවන්න

දුතියකොකාලිකසුත‍්තං

6. 1. 10.

6. 1. 10.

දුතියකොකාලිකසුත‍්තං.

දුතියකෝකාලික සූත්‍රය

181. සාවත්‍ථියං–

181. සැවැත්නුවර–

අථ ඛො කොකාලිකො භික‍්ඛු යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො කොකාලිකො භික‍්ඛු භගවන‍්තං එතදවොච: පාපිච‍්ඡා භන‍්තෙ සාරිපුත‍්තමොග‍්ගල‍්ලානා පාපිකානං ඉච‍්ඡානං වසඞ‍්ගතාති.

එකල්හි කෝකාලික මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් කෝකාලික මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. වහන්ස, සැරියුත් මුගලන් තෙරහු ලාමක ආශා ඇත්තෝ ය. ලාමක ආශාවන්ට වසඟ වූවෝ ය.

එවං වුත‍්තෙ භගවා කොකාලිකං භික‍්ඛුං එතදවොච: මාහෙවං කොකාලික අවච. මා හෙවං කොකාලික අවච. පසාදෙහි කොකාලික සාරිපුත‍්තමොග‍්ගල‍්ලානෙසු චිත‍්තං. පෙසලා සාරිපුත‍්තමොග‍්ගල‍්ලානාති.

මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කෝකාලික මහණහට මෙය වදාළ සේක. කෝකාලික, එසේ නො කියව. කෝකාලික, එසේ නො කියව. කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම ප්‍රියශීලීහ.

දුතියම‍්පි ඛො කොකාලිකො භික‍්ඛු භගවන‍්තං එතදවොච: කිඤ‍්චාපි මෙ භන‍්තෙ භගවා සද‍්ධායිකො පච‍්චයිකො. අථ ඛො පාපිච‍්ඡාව සාරිපුත‍්තමොග‍්ගල‍්ලානා පාපිකානං ඉච‍්ඡානං වසං ගතාති.

දෙවනවට දු කෝකාලික මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා විසින් ඇදහියයුතු වචන ඇත්තාහු ම ය. විශ්වාස කටයුතු වචන ඇත්තාහු ම ය. එතෙකුදු වුවත් සැරියුත්මුගලන් තෙරහු ලාමක ආශා ඇත්තාහු ම ය. ලාමක ආශාවන්ගේ වශයට ගියාහු ම යයි.

දුතියම‍්පි ඛො භගවා කොකාලිකං භික‍්ඛුං එතදවොච: මා හෙවං කොකාලික අවච. මා හෙවං කොකාලික අවච. පසාදෙහි කොකාලික සාරිපුත‍්තමොග‍්ගල‍්ලානෙසු චිත‍්තං. පෙසලා සාරිපුත‍්තමොග‍්ගල‍්ලානාති.

දෙවනවට දු භාග්‍යවතුන් වහන්සේ කෝකාලික මහණහට මෙය වදාළ සේක. “කෝකාලික, එසේ නොකියව. කෝකාලික, එසේ නොකියව. කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත්මුගලන් තෙරහු ප්‍රියශීලීහ” යි.

තතියම‍්පි ඛො කොකාලිකො භික‍්ඛු භගවන‍්තං එතදවොච: -පෙ- පාපිකානං ඉච‍්ඡානං වසං ගතාති.

තෙවනවට දු කෝකාලික මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය ... ලාමක ආශාවන්ගේ වශයට ගියාහු යි.

තතියම‍්පි ඛො භගවා කොකාලිකං භික‍්ඛුං එතදවොච: -පෙ- පෙසලා සාරිපුත‍්තමොග‍්ගල‍්ලානාති.

තෙවනවට දු භාග්‍යවතුන් වහන්සේ කෝකාලික මහණහට මෙය වදාළ සේක. ... සැරියුත්මුගලන් තෙරහු ප්‍රියශීලීහ” යි.

අථ ඛො කොකාලිකො භික‍්ඛු උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි. අචිරපක‍්කන‍්තස‍්ස ච කොකාලිකස‍්ස භික‍්ඛුනො සාසපමත‍්තීහි පිළකාහි සබ‍්බො කායො ඵුටො අහොසි. සාසපමත‍්තියො හුත්‍වා මුග‍්ගමත‍්තියො අහෙසුං. මුග‍්ගමත‍්තියො හුත්‍වා කලායමත‍්තියො අහෙසුං කලායමත‍්තියො හුත්‍වා කොලට‍්ඨිමත‍්තියො අහෙසුං. කොලට‍්ඨිමත‍්තියො හුත්‍වා කොලමත‍්තියො අහෙසුං. කොලමත‍්තියො හුත්‍වා ආමලකමත‍්තියො අහෙසුං. ආමලකමත‍්තියො හුත්‍වා බෙලුවසලාටුකමත‍්තියො අහෙසුං. බෙලුවසලාටුකමත‍්තියො හුත්‍වා බිල‍්ලමත‍්තියො අහෙසුං. බිල‍්ලමත‍්තියො හුත්‍වා පභිජ‍්ජිංසු. පුබ‍්බඤ‍්ච ලොහිතඤ‍්ච පග‍්ඝරිංසු. අථ ඛො කොකාලිකො භික‍්ඛු තෙනෙව ආබාධෙන කාලමකාසි . කාලකතො ච කොකාලිකො භික‍්ඛු පදුමනිරයං උපපජ‍්ජි. සාරිපුත‍්තමොග‍්ගල‍්ලානෙසු චිත‍්තං ආඝාතෙත්‍වා.

ඉක්බිති කෝකාලික මහණ තෙමේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය. ගිය නොබෝකල් ඇති කෝකාලික මහණහුගේ මුළුකය අබ පමණ වූ ගඩුයෙන් පතුළේ විය. අබ පමණ ව මුං පමණ වූහ. මුං පමණ ව මැහැ පමණ වූහ. මැහැ පමණ ව ඩෙබරඇට පමණ වූහ. ඩෙබරඇට පමණ ව ඩෙබර පමණ වූහ. ඩෙබර පමණ ව ඇඹුළුපක් පමණ වූහ. ඇඹුලුපක් පමණ ව බෙලිබොබොළු පමණ වූහ. බෙලිබොබොළු පමණ ව බෙලි පමණ වූහ. බෙලි පමණ ව බිඳුනාහු ය. පූයාව ද ලේ ද වැගුරුණහ. ඉක්බිති කෝකාලික මහණ තෙමේ ඒ රෝගයෙන් ම කලුරිය කළේ ය. කලුරිය කළ කෝකාලික මහණ තෙමේ සැරියුත්මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ පදුම නිරයට පැමිණියේ ය.

අථ ඛො බ්‍රහ‍්මා සහම‍්පති අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණො කෙවලකප‍්පං ජෙතවනං ඔභාසෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො බ්‍රහ‍්මා සහම‍්පති භගවන‍්තං එතදවොච: කොකාලිකො භන‍්තෙ භික‍්ඛු කාලමකාසි. කාලකතො ච භන‍්තෙ කොකාලිකො භික‍්ඛු පදුමං නිරයං උපපන‍්නො සාරිපුත‍්තමොග‍්ගල‍්ලානෙසු චිත‍්තං ආඝාතෙත්‍වාති. ඉදමවොච බ්‍රහ‍්මා සහම‍්පති ඉදං වත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා තත්‍ථෙවන‍්තරධායීති.

ඉක්බිති මනා ඡවිවර්‍ණ ඇති සහම්පති බ්‍රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සහම්පති බ්‍රහ්ම තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, කෝකාලික මහණ තෙමේ කලුරිය කළේ ය. වහන්ස, කලුරිය කළ කෝකාලික මහණ තෙමේ සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ පදුමනිරයට පැමිණියේ යයි. සහම්පති බ්‍රහ්ම තෙමේ මෙය කී ය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් විය.

අථ ඛො භගවා තස‍්සා රත‍්තියා අච‍්චයෙන භික‍්ඛූ ආමන‍්තෙසි: ඉමං භික‍්ඛවෙ රත‍්තිං බ්‍රහ‍්මා සහම‍්පති අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණො කෙවලකප‍්පං ජෙතවනං ඔභාසෙත්‍වා යෙනාහං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා මං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො භික‍්ඛවෙ බ්‍රහ‍්මා සහම‍්පති මං එතදවොච: කොකාලිකො භන‍්තෙ භික‍්ඛු කාලමකාසි. කාලකතො ච භන‍්තෙ කොකාලිකො භික‍්ඛු පදුමනිරයං උපපන‍්නො සාරිපුත‍්තමොග‍්ගල‍්ලානෙසු චිත‍්තං ආඝාතෙත්‍වාති. ඉදමවොච භික‍්ඛවෙ බ්‍රහ‍්මා සහම‍්පති. ඉදං වත්‍වා මං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා තත්‍ථෙවන‍්තරධායීති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඉක්ම යෑමෙන් භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, මේ රැය මනා ඡවිවර්‍ණ ඇති සහම්පති බ්‍රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා මා වෙත එළඹියේ ය. එළඹ මට වැඳ එකත්පසෙක සිටියේ ය. මහණෙනි, එකත්පසෙක සිටි සහම්පති බ්‍රහ්ම තෙමේ මට මෙය කී ය. වහන්ස, කෝකාලික මහණ තෙමේ කලුරිය කළේ ය. වහන්ස, කලුරිය කළ කෝකාලික මහණ තෙමේ සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ පදුමනිරයට පැමිණියේ යයි. මහණෙනි, සහම්පති බ්‍රහ්ම තෙමේ මෙය කී ය. මෙය කියා මට වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් වි ය.

එවං වුත‍්තෙ අඤ‍්ඤතරො භික‍්ඛු භගවන‍්තං එතදවොච: කීවදීඝං නු ඛො භන‍්තෙ පදුමනිරයෙ ආයුප‍්පමාණන‍්ති. දීඝං ඛො භික‍්ඛු පදුමනිරයෙ ආයුප‍්පමාණං, තං න සුකරං සඞ‍්ඛාතුං – එත‍්තකානි වස‍්සානි ඉති වා, එත‍්තකානි වස‍්සසතානි ඉති වා, එත‍්තකානි වස‍්සසහස‍්සානි ඉති වා, එත‍්තකානි වස‍්සසතසහස‍්සානි ඉති වාති. සක‍්කා පන භන‍්තෙ උපමං කාතුන‍්ති සක‍්කාති භික‍්ඛූති භගවා අවොච.

මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, පුදුමනිරයෙහි ආයුඃප්‍රමාණය කොපමණ දිග ද? මහණෙනි, පදුමනිරයෙහි ආයුඃප්‍රමාණය දිග ම ය. එය වර්‍ෂ මෙතෙකැයි කියා හෝ වර්‍ෂ මෙතෙක් සියෙකැයි කියා හෝ වර්‍ෂ මෙතෙක් දහසෙකැයි කියා හෝ වර්‍ෂ මෙතෙක් ලක්‍ෂයෙකැ යි කියා හෝ ගණන් කරන්නට පහසු නො වේ. වහන්ස, උපමාවක් කරන්නට හැක්කේ ද? මහණ හැකි යයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

සෙය්‍යථාපි භික‍්ඛු වීසතිඛාරිකො කොසලකො තිලවාහො, තතො පුරිසො වස‍්සසතස‍්ස වස‍්සසතස‍්ස අච‍්චයෙන එකමෙකං තිලං උද‍්ධරෙය්‍ය. ඛිප‍්පතරං ඛො සො භික‍්ඛු වීසතිඛාරිකො කොසලකො තිලවාහො ඉමිනා උපක‍්කමෙන පරික‍්ඛයං පරියාදානං ගච‍්ඡෙය්‍ය, නත්‍වෙව එකො අබ‍්බුදො නිරයො. සෙය්‍යථාපි භික‍්ඛු වීසති අබ‍්බුදා නිරයා, එවමෙකො නිරබ‍්බුදො නිරයො. සෙය්‍යථාපි භික‍්ඛු වීසති නිරබ‍්බුදා නිරයා, එවමෙකො අබබො නිරයො. සෙය්‍යථාපි භික‍්ඛු වීසති අබබා නිරයා, එවමෙකො අටටො නිරයො. සෙය්‍යථාපි භික‍්ඛු වීසති අටටා නිරයා, එවමෙකො අහහො නිරයො. සෙය්‍යථාපි භික‍්ඛු වීසති අහහා නිරයා, එවමෙකො කුමුදො නිරයො. සෙය්‍යථාපි භික‍්ඛු වීසති කුමුදා නිරයා, එවමෙකො සොගන්‍ධිකො නිරයො. සෙය්‍යථාපි භික‍්ඛු වීසති සොගන්‍ධිකා නිරයා, එවමෙකො උප‍්පලො නිරයො. සෙය්‍යථාපි භික‍්ඛු වීසති උප‍්පලා නිරයා, එවමෙකො පුණ‍්ඩරීකො නිරයො. සෙය්‍යථාපි භික‍්ඛු වීසති පුණ‍්ඩරීකා නිරයා, එවමෙකො පදුමො නිරයො. පදුමං ඛො පන භික‍්ඛු නිරයං කොකාලිකො භික‍්ඛු උපපන‍්නො සාරිපුත‍්තමොග‍්ගල‍්ලානෙසු චිත‍්තං ආඝාතෙත්‍වාති. ඉදමවොච භගවා, ඉදං වත්‍වා සුගතො අථාපරං එතදවොච සත්‍ථා:

මහණ, යම්සේ කොසොල්රට ගණනින් විංශත්ඛාරියක් ගන්නා තලයාළෙක් වේ ද, පුරුෂයෙක් සියවසක් සියවසක් ඇවෑමෙන් එයින් එක් තලඇටය ඉවත දමන්නේ නම්, මහණ, කොසොල්රට ගණනින් විසිඛාරියක් ඇති ඒ තලයාළ මේ උපක්‍රමයෙන් වහා ගෙවීමට අවසන් වීමට යන්නේ ය. (එහෙත්) එක් අබ්බුද නිරයක ආයුෂය නො ගෙවෙන්නේ ම ය. මහණ, අබ්බුද නිරය විස්සෙක ආයුඃප්‍රමාණය යම් බඳු ද, එක් නිරබ්බුද නිරයෙක ආයුඃප්‍රමාණය එබඳු ය. මහණ, නිරබ්බුද නිරය විස්සෙක් යම් බඳු ද, එක් අබබ නිරයෙක් එබඳු වෙයි. මහණ, අබබනිරය විස්සෙක් යම් බඳු ද, එක් අටට නිරයෙක් එබඳු වෙයි. මහණ, අටටනිරය විස්සෙක් යම්සේ ද, එක් අහහ නිරයෙක් එසේ ය. මහණ, අහහ නිරය විස්සෙක් යම් සේ ද, එක් කුමුද නිරයෙක් එසේ ය. මහණ, කුමුද නිරය විස්සෙක් යම්සේ ද එක් සොගන්‍ධික නිරයෙක් එසේ ය. මහණ, සොගන්‍ධික නිරය විස්සෙක් යම්සේ ද, එක් උප්පලනිරයෙක් එසේ ය. මහණ, උප්පලනිරය විස්සෙක් යම්සේ ද, එක් පුණ්ඩරීක නිරයෙක් එසේ ය. මහණ පුණ්ඩරීක නිරය විස්සෙක් යම්සේ ද, එක් පදුම නිරයෙක් එසේ ය. මහණ කෝකාලික මහණ තෙමේ සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ (ඒ) පදුම නිරයට පැමිණියේ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා නැවත ද මෙය වදාළ සේක.

පුරිසස‍්ස හි ජාතස‍්ස කුඨාරී ජායතෙ මුඛෙ, යාය ඡින්‍දති අත‍්තානං බාලො දුබ‍්භාසිතං භණං.

අඥාන තෙමේ දුබැසි බෙණෙමින් යමෙකින් තමා සිඳී ද, උපන් (එබඳු) මිනිසාගේ මුවෙහි (ඒ තමා නසන) කෙටේරිය හටගණී.

යො නින්‍දියං පසංසති තං වා නින්‍දති යො පසංසියො, විචිනාති මුඛෙන සො කලිං කලිනා තෙන සුඛං න වින්‍දති.

යමෙක් නින්‍දා කටයුත්තා පස්සා ද, යමෙක් පැසසිය යුත්තේ නම් ඔහුට නින්‍දා හෝ කෙරේ ද, හෙ තෙමේ මුවෙන් පව් රැස් කෙරෙයි. ඒ පවින් සුවයක් නො විඳී.

අප‍්පමත‍්තො අයං කලි යො අක‍්ඛෙසු ධනපරාජයො, සබ‍්බස‍්සාපි සහාපි අත‍්තනා අයමෙව මහන‍්තරො කලි යො සුගතෙසු මනං පදොසයෙ.

දූකෙළීම් ආදියෙහි යම් වස්තු පරාජයෙක් වේ ද, තමනුත් සමග සියලු දෙය සම්බන්‍ධ (යම් පරිහානියකුත් වේද,) ඒ අපරාධය ඉතා ස්වල්ප ය. යමෙක් සෝභන ගති ඇත්තවුන් කෙරෙහි සිත දුෂ්ට කරන්නේ ද, මෙය ම ඉතා මහත් අපරාධ යයි.

සතං සහස‍්සානං නිරබ‍්බුදානං ඡත‍්තිංසති පඤ‍්ච ච අබ‍්බුදානි, යමරියගරහී නිරයං උපෙති වාචං මනඤ‍්ච පණිධාය පාපකන‍්ති.

ආර්‍ය්‍යයන්ට ගරහන පුද්ගල තෙමේ ලාමක වූ වචන ද, සිත ද පිහිටුවා (ඒ හේතුවෙන්) යම් නිරයකට පැමිණේ ද, එහි ආයුෂය නිරබ්බුද ලක්‍ෂයෙක් ද සතිසෙක් ද අබ්බුද පසෙක් ද වෙත්.

කොකාලිකවග‍්ගො පඨමො.

කෝකාලික වර්‍ගය පළමු වැනියි.

තත්‍රුද‍්දානං:

උද්දානය:

ආයාචනං ගාරවො බ්‍රහ‍්මදෙවො බකො ච බ්‍රහ‍්මා අපරා ච දිට‍්ඨි, පමාද කොකාලිකතිස‍්සකො ච තුදු ච බ්‍රහ‍්මා අපරො ච කොකාලිකොති.

ආයාචන, ගාරව, බ්‍රහ්මදේව, බකබ්‍රහ්ම, අපරාදිට්ඨි, පමාද, කෝකාලික, තිස්සක, තුදුබ්‍රහ්ම, අනෙක් කෝකාලික සූත්‍ර යයි දශයෙකි.