2. ගාරවසුත්තවණ්ණනා අට්ඨකථා
2. ගාරවසුත්තවණ්ණනා
2. ගාරව සූත්‍ර වර්ණනාව
දුතියෙ උදපාදීති අයං විතක්කො පඤ්චමෙ සත්තාහෙ උදපාදි. අගාරවොති අඤ්ඤස්මිං ගාරවරහිතො, කඤ්චි ගරුට්ඨානෙ අට්ඨපෙත්වාති අත්ථො. අප්පතිස්සොති පතිස්සයරහිතො, කඤ්චි ජෙට්ඨකට්ඨානෙ අට්ඨපෙත්වාති අත්ථො.
දෙවැන්නෙහි - උදපාදි මේ විතර්කය පස් වැනි සතියෙහි දී ඇති විය. අගාරවො අනිකෙකුට ගෞරව රහිත ව, කිසිවකු ගුරු ස්ථානයෙහි නො තබා යන අර්ථයි යි. අප්පතිස්සො - ගෙය රහිත, කිසිවකු - ජ්‍යෙෂ්ඨ ස්ථානයෙහි නො තබා යන අර්ථය යි.
සදෙවකෙතිආදීසු සද්ධිං දෙවෙහි සදෙවකෙ. දෙවග්ගහණෙන චෙත්ථ මාරබ්රහ්මෙසු ගහිතෙසුපි මාරො නාම වසවත්තී සබ්බෙසං උපරි වසං වත්තෙති, බ්රහ්මා නාම මහානුභාවො එකඞ්ගුලියා එකස්මිං චක්කවාළසහස්සෙ ආලොකං ඵරති. ද්වීහි ද්වීසු…පෙ… දසහි අඞ්ගුලීහි දසසුපි චක්කවාළසහස්සෙසු ආලොකං ඵරති, සො ඉමිනා සීලසම්පන්නතරොති වත්තුං මා ලභතූති සමාරකෙ සබ්රහ්මකෙති විසුං වුත්තං. තථා සමණා නාම එකනිකායාදිවසෙන බහුස්සුතා සීලවන්තො පණ්ඩිතා, බ්රාහ්මණාපි වත්ථුවිජ්ජාදිවසෙන බහුස්සුතා පණ්ඩිතා, තෙ ඉමිනා සීලසම්පන්නතරාති වත්තුං මා ලභන්තූති සස්සමණබ්රාහ්මණියා පජායාති වුත්තං. සදෙවමනුස්සායාති ඉදං පන නිප්පදෙසතො දස්සනත්ථං ගහිතමෙව ගහෙත්වා වුත්තං. අපිචෙත්ථ පුරිමානි තීණි පදානි ලොකවසෙන වුත්තානි, පච්ඡිමානි ද්වෙ පජාවසෙන. සීලසම්පන්නතරන්ති සීලෙන සම්පන්නතරං, අධිකතරන්ති අත්ථො. සෙසෙසුපි එසෙව නයො. එත්ථ ච සීලාදයො චත්තාරො ධම්මා ලොකියලොකුත්තරා කථිතා, විමුත්තිඤාණදස්සනං ලොකියමෙව. පච්චවෙක්ඛණඤාණං හෙතං.
සදෙවකෙ යනාදියෙහි දෙවියන් සහිත ‘සදෙවක’ දෙවියන් ගැනීමෙන් මාරබ්රහ්මයෝ ද ගන්නා ලදහ. ‘මාර’ නම් වසවර්තී - සියල්ලන් මත අණසක පවත්වයි. බ්රහ්මා නම් මහාප්රභාව සම්පන්න ය. එක් ඇඟිල්ලකින් සක්වළ එක් දහසක ආලෝකය පතුරුවයි. දෙකකින් (සක්වල) දෙදහසක..... ඇඟිලි දහයකින් සක්වළ දසදහසක ආලෝකය පතුරුවයි. හේ මෙයින් වඩාත් ශීලසම්පන්න යයි කීමට නො ලබත්වායි සමාරකෙ සබ්රහ්මකෙ යි වෙන් වෙන් ව කියන ලදි. එසේ ම ශ්‍රමණයෝ නම් ඒක නිකාය ආදි වශයෙන් බහුශ්‍රැත වූවෝ පණ්ඩිත වූවෝ ය. බ්‍රාහ්මණයෝ ද වාස්තු විද්‍යා ආදියෙන් බහුශ්‍රැතයෝ ය; පණ්ඩිතයෝ ය. ඔවුහු මෙයින් වඩාත් ශීලසම්පන්න යයි කීමට නො ලබත්වා යි (පත් නො වෙත්වා යි) සස්සමණබ්රාහ්මණියා පජාය යි කියන ලදි. සදෙවමනුස්සාය මෙය වෙන් වශයෙන් දැක්වීම පිණිස ගන්නා ලද්දේ ම යි ගෙන කියන ලදි. තව ද මෙහි මුල් පද තුන ‘ලෝක’ වශයෙන් කියන ලදි. අවසන් (පද) දෙක ප්‍රජා වශයෙනි. සීලසම්පන්නතරං ශීලයෙන් සම්පන්නතර, අධිකතර යන අරුත යි. අනෙක් ඒවා ගැන ද මේ න්‍යාය ම ය. මෙහි ද “ශීල” ආදි ලෞකික ලෝකෝත්තර ධර්ම සතර පවසන ලදි. විමුක්ති ඤාණදස්සනය ලෞකික ම ය. එය ප්රත්යවේක්ෂණ ඥානය යි.
පාතුරහොසීති – “අයං සත්ථා අවීචිතො යාව භවග්ගා සීලාදීහි අත්තනා අධිකතරං අපස්සන්තො ‘මයා පටිවිද්ධං නවලොකුත්තරධම්මමෙව සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරිස්සාමී’ති චින්තෙති, කාරණං භගවා චින්තෙති, අත්ථං වුඩ්ඪිවිසෙසං චින්තෙති, ගච්ඡාමිස්ස උස්සාහං ජනෙස්සාමී”ති චින්තෙත්වා පුරතො පාකටො අහොසි, අභිමුඛෙ අට්ඨාසීති අත්ථො.
පාතුරහොසි මේ ශාස්තෲන් වහන්සේ අවීචියේ පටන් භවාග්‍රය දක්වා ශීලාදියෙන් තමාට අධිකතර බවක් නො දක්නාහු මා විසින් ප්‍රතිවේධ කරන ලද නව ලෝකෝත්තර ධර්මය ම ගරු කොට එය නිශ්‍රය කොට හැසිරෙන්නෙමැයි සිතන සේක. භාග්‍යවතුන් වහන්සේ කාරණය සිතන සේක. අර්ථ වෘද්ධි විශේෂය සිතන සේක. යමි, උන් වහන්සේට උත්සාහය ඇති කරවන්නෙමි යි සිතා ඉදිරියේ පහළ විය, අභිමුවෙහි සිටියේ ය යන අරුත යි.
විහරන්ති චාති එත්ථ යො වදෙය්ය “විහරන්තීති වචනතො පච්චුප්පන්නෙපි බහූ බුද්ධා”ති, සො “භගවාපි, භන්තෙ, එතරහි අරහං සම්මාසම්බුද්ධො”ති ඉමිනා වචනෙන පටිබාහිතබ්බො.
විහංසු විහරන්ති ච (විසූ සේක, වසන සේක.) මෙහි යමෙක් “විහරන්ති” (වසත්) යන වචනයෙන් වර්තමානයෙහි ද බොහෝ බුදුවරු (සිටිති) යි පවසයි. භගවාපි භන්තෙ එතරහි අරහං සම්මා සම්බුද්ධො (ස්වාමීනි, භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ) දැන් මේ වචනයෙන් වැළැක්විය යුත්තේ ය. (ප්‍රතික්ෂේප කළ යුත්තේ ය.)
“න මෙ ආචරියො අත්ථි, සදිසො මෙ න විජ්ජති; සදෙවකස්මිං ලොකස්මිං, නත්ථි මෙ පටිපුග්ගලො”ති. (මහාව· 11; ම· නි· 1.285) –
“න මෙ ආචරියො අත්ථි සදිසො මෙ න විජ්ජති සදෙවකස්මිං ලොකස්මිං නත්ථි මෙ පටිපුග්ගලො”
(මා හට ආචාර්යවරයකු නැත. මා හා සමාන වූවකු නොමැත්තේ ය. සදේවක ලෝකයෙහි මට ප්රතිපුද්ගලයකු (සමානයකු) නොමැත.”)
ආදීහි චස්ස සුත්තෙහි අඤ්ඤෙසං බුද්ධානං අභාවො දීපෙතබ්බො. තස්මාති යස්මා සබ්බෙපි බුද්ධා සද්ධම්මගරුනො, තස්මා. මහත්තමභිකඞ්ඛතාති මහන්තභාවං පත්ථයමානෙන. සරං බුද්ධාන-සාසනන්ති බුද්ධානං සාසනං සරන්තෙන.
ආදි සූත්‍ර මගින් තවත් බුදුවරුන් නො මැති බව දැක්විය යුතු ය. තස්මා යම් හෙයකින් සියලු බුදුවරුන් සද්ධර්මය ගුරු කොට ඇත්තාහු ද එහෙයිනි; මහත්තමභිකංඛතා මහත් බව ප්‍රාර්ථනය කරන්නහු විසින්; සරං බුද්ධානං සාසනං බුදුවරුන්ගේ ශාසනය (උවදෙස) සිහි කරන්නා විසින්.
දුතියං.
දෙවැනි සූත්‍රය යි.
3. බ්රහ්මදෙවසුත්තවණ්ණනා
3. බ්‍රහ්මදේව සූත්‍ර වර්ණනාව
තතියෙ එකොති ඨානාදීසු ඉරියාපථෙසු එකකො, එකවිහාරීති අත්ථො. වූපකට්ඨොති කායෙන වූපකට්ඨො නිස්සටො. අප්පමත්තොති සතියා අවිප්පවාසෙ ඨිතො. ආතාපීති වීරියාතාපෙන සමන්නාගතො. පහිතත්තොති පෙසිතත්තො. කුලපුත්තාති ආචාරකුලපුත්තා. සම්මදෙවාති න ඉණට්ටා න භයට්ටා න ජීවිතපකතා හුත්වා, යථා වා තථා වා පබ්බජිතාපි යෙ අනුලොමපටිපදං පූරෙන්ති, තෙ සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති නාම. බ්රහ්මචරියපරියොසානන්ති මග්ගබ්රහ්මචරියස්ස පරියොසානභූතං අරියඵලං. දිට්ඨෙව ධම්මෙති ඉමස්මිංයෙව අත්තභාවෙ. සයං අභිඤ්ඤා සච්ඡිකත්වාති සාමං ජානිත්වා පච්චක්ඛං කත්වා. උපසම්පජ්ජාති පටිලභිත්වා සම්පාදෙත්වා විහාසි. එවං විහරන්තො ච ඛීණා ජාති…පෙ… අබ්භඤ්ඤාසීති. එතෙනස්ස පච්චවෙක්ඛණභූමි දස්සිතා.
තෙවැන්නෙහි - එකො සිටීම ආදි ඉරියව්වල හුදෙකලා ව, තනි ව වසන්නා වූ යන අර්ථය යි. වූපකට්ඨො කයෙන් වෙන් ව, නිදහස් ව; අප්පමත්තො සිහියෙන් වෙන් නො වී සිටියේ ආතාපි වීර්යයෙන් යුතු ව තැවීමෙන් සමන්විත වූයේ පහිතත්තො මෙහෙයවූ සිත් ඇත්තේ, කුලපුත්තා ආචාරවත් කුලපුත්‍රයෝ සම්මදෙව ණය ගැනීමෙන් පීඩිත වූයේ නොව, භයෙන් ඇළලී නොව, ජීවිත ප්‍රකෘති නො වී යම් යම් ආකාරයට පැවිදි වූයේ වුව ද අනුලෝම ප්‍රතිපදාව පුරත් ද ඔවුහු මැනවින් ම ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙත් නමි. බ්රහ්මචරියපරියොසානං මාර්ග බ්රහ්මචර්යයේ අවසානය වූ ආර්ය ඵලය, දිට්ඨෙව ධම්මෙ මේ ආත්ම භවයේ දී ම සයං අභිඤ්ඤා සච්ඡිකත්වා තමා ම දැන ප්රත්යක්ෂ කොට, උපසම්පජ්ජ ලැබ, සම්පාදනය කොට විහාසි (විසී ය.) මෙසේ වාසය කරන්නේ -පෙ- අබ්භඤ්ඤාසි (දැන ගත්තේ ය). මෙයින් උන්වහන්සේගේ ප්රත්යවේක්ෂණ භූමිය දක්වන ලදි.
කතමා පනස්ස ජාති ඛීණා, කථඤ්ච නං අබ්භඤ්ඤාසීති? වුච්චතෙ, න තාවස්ස අතීතා ජාති ඛීණා පුබ්බෙව ඛීණත්තා, න අනාගතා තත්ථ වායාමාභාවතො, න පච්චුප්පන්නා විජ්ජමානත්තා. මග්ගස්ස පන අභාවිතත්තා යා උප්පජ්ජෙය්ය එකචතුපඤ්චවොකාරභවෙසු එකචතුපඤ්චක්ඛන්ධප්පභෙදා ජාති. සා මග්ගස්ස භාවිතත්තා අනුප්පාදධම්මතං ආපජ්ජනෙන ඛීණා. තං සො මග්ගභාවනාය පහීනකිලෙසෙ පච්චවෙක්ඛිත්වා – “කිලෙසාභාවෙ විජ්ජමානම්පි කම්මං ආයතිං අප්පටිසන්ධිකං හොතී”ති ජානන්තො ජානාති.
ක්ෂීණ වූ ජාතිය කුමක් ද? එය දැන ගත්තේ කෙසේ ද? කියනු ලැබේ. ක්ෂීණ වූ අතීත ජාතියක් නො මැත; පෙරදී ම ක්ෂීණ වූ හෙයිනි. අනාගත (ජාති) ද නැ. එහි උත්සාහයක් නැති හෙයිනි. වර්තමානයෙහි ද නැත. විද්‍යමාන වන හෙයිනි. (ආර්ය) මාර්ගය භාවිත නො කළ හෙයින්, ඒක - චතුර් - පඤ්ච වෝකාර භවයන්හි ඒක - චතුර් - පඤ්ච - ස්කන්ධ ප්‍රභේද වූ යම් ජාතියක් වේ ද, ඒ ජාතිය, මාර්ග භාවිත කිරීම හේතුවෙන් නො ඉපදීම් ධර්මතාවට පැමිණීම මගින් ක්ෂීණ විය; හෙතෙම එය මාර්ග වැඩීම මගින් පහවූ කෙළෙසුන් විමසා බලා, කෙළෙසුන් නොමැති වීමේ හේතුවෙන්, විද්‍යමාන වුව ද කර්මය අනාගතයෙහි අප්‍රතිසන්‍ධික වෙතියි දකිමින් දනී.
වුසිතන්ති වුත්ථං පරිවුත්ථං, කතං චරිතං නිට්ඨාපිතන්ති අත්ථො. බ්රහ්මචරියන්ති මග්ගබ්රහ්මචරියං. කතං කරණීයන්ති චතූසු සච්චෙසු චතූහි මග්ගෙහි පරිඤ්ඤාපහානසච්ඡිකිරියභාවනාවසෙන සොළසවිධම්පි කිච්චං නිට්ඨාපිතන්ති අත්ථො. නාපරං ඉත්ථත්තායාති ඉදානි පුන ඉත්ථභාවාය, එවං සොළසකිච්චභාවාය, කිලෙසක්ඛයාය වා කතමග්ගභාවනා නත්ථීති. අථ වා ඉත්ථත්තායාති ඉත්ථත්තභාවතො, ඉමස්මා එවංපකාරා ඉදානි වත්තමානක්ඛන්ධසන්තානා අපරං ඛන්ධසන්තානං නත්ථි, ඉමෙ පන පඤ්චක්ඛන්ධා පරිඤ්ඤාතා තිට්ඨන්ති ඡින්නමූලකො රුක්ඛො වියාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරොති එකො. අරහතන්ති අරහන්තානං, භගවතො සාවකානං අරහතං අබ්භන්තරො අහොසි.
වුසිතං වාසය කරන ලදි. මැනවින් වාසය කරන ලදි, හැසිරීම් කරන ලදි, නිෂ්ටාවට පත් කරන ලදි යන අර්ථ යි. බ්රහ්මචරියං මාර්ග බ්‍රහ්මචරියාව කතං කරණීයං සත්‍ය සතරෙහි මාර්ග සතරින් පරිඤ්ඤා, පහාණ, සච්ඡිකිරියා, භාවනා වශයෙන් සොළොස් වැදෑරුම් වූ කාර්යයෝ අවසන් කරන ලදහ යන අර්ථ යි. නාපරං ඉත්ථත්තාය දැන් යලිත් ‘ඉත්ථංභාවය’ පිණිස මෙ බඳු සොළොස් වැදෑරුම් වූ කාර්යය පිණිස හෝ කෙළෙස් ප්‍රහීණ කිරීම පිණිස හෝ කරන ලද මාර්ග භාවනා නැත. නැතහොත් ඉත්ථත්තාය, ‘ඉත්ථත්තභාවතො’ මේ ආත්මභාවයෙන් මෙබඳු ආකාර වූ දැනට පවත්නා මේ ස්කන්ධ සන්තානයෙන් වෙනත් ස්කන්ධ සන්තානයක් නැත. මේ පඤ්චස්කන්ධය අවබෝධ කරන ලදුව තිබේ. මුල් සිඳූ ගසක් මෙනි යි. අබ්භඤ්ඤාසි (දත්තේ ය). අඤ්ඤතරො එක් කෙනෙක්; අරහතං රහතුන් වහන්සේලා අතුරින්, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ රහතුන් වහන්සේලා අතුරින් (එක තැනැත්තෙක්) අහොසි (විය).
සපදානන්ති සපදානචාරං, සම්පත්තඝරං අනුක්කම්ම පටිපාටියා චරන්තො. උපසඞ්කමීති උපසඞ්කමන්තො. මාතා පනස්ස පුත්තං දිස්වාව ඝරා නික්ඛම්ම පත්තං ගහෙත්වා අන්තොනිවෙසනං පවෙසෙත්වා පඤ්ඤත්තාසනෙ නිසීදාපෙසි.
සපදානං පිළිවෙල නො කඩා යාම, පැමිණි ගේ මග නො හැර පිළිවෙලින් යන්නේ, උපසඞ්කමි ළඟට පැමිණෙමින්, උන්වහන්සේගේ මව පුතා දැකලා ම ගෙයින් පිටතට අවුත් පාත්‍රය ගෙන නිවස ඇතුළට කැඳවා ගෙන ගොස් පනවන ලද අසුනෙහි වඩා හිඳවූවා ය.
ආහුතිං නිච්චං පග්ගණ්හාතීති නිච්චකාලෙ ආහුතිපිණ්ඩං පග්ගණ්හාති. තං දිවසං පන තස්මිං ඝරෙ භූතබලිකම්මං හොති. සබ්බගෙහං හරිතුපලිත්තං විප්පකිණ්ණලාජං වනමාලපරික්ඛිත්තං උස්සිතද්ධජපටාකං තත්ථ තත්ථ පුණ්ණඝරෙ ඨපෙත්වා දණ්ඩදීපිකා ජාලෙත්වා ගන්ධචුණ්ණමාලාදීහි අලඞ්කතං, සමන්තතො සඤ්ඡාදියමානා ධූමකටච්ඡු අහොසි. සාපි බ්රාහ්මණී කාලස්සෙව වුට්ඨාය සොළසහි ගන්ධොදකඝටෙහි න්හායිත්වා සබ්බාලඞ්කාරෙන අත්තභාවං අලඞ්කරි. සා තස්මිං සමයෙ මහාඛීණාසවං නිසීදාපෙත්වා, යාගුඋළුඞ්කමත්තම්පි අදත්වා, “මහාබ්රහ්මං භොජෙස්සාමී”ති සුවණ්ණපාතියං පායාසං පූරෙත්වා සප්පිමධුසක්ඛරාදීහි යොජෙත්වා නිවෙසනස්ස පච්ඡාභාගෙ හරිතුපලිත්තභාවාදීහි අලඞ්කතා භූතපීඨිකා අත්ථි. සා තං පාතිං ආදාය, තත්ථ ගන්ත්වා, චතූසු කොණෙසු මජ්ඣෙ ච එකෙකං පායාසපිණ්ඩං ඨපෙත්වා, එකං පිණ්ඩං හත්ථෙන ගහෙත්වා, යාව කප්පරා සප්පිනා පග්ඝරන්තෙන පථවියං ජාණුමණ්ඩලං පතිට්ඨාපෙත්වා “භුඤ්ජතු භවං මහාබ්රහ්මා, සායතු භවං මහාබ්රහ්මා, තප්පෙතු භවං මහාබ්රහ්මා”ති වදමානා බ්රහ්මානං භොජෙති.
ආහුතිං නිච්චං පග්ගණ්හාති නිතිපතා ගිනි දෙවි පිදීම් පිළිගන්වයි. එම දිනයේ ඒ නිවසෙහි භූත බලි කර්මයක් වේ. මුළු නිවස ම පළාවන් පැහැයෙන් ආලේප කොට, විසුරුවන ලද විළඳ ඇති ව, වන මාලාවලින් වට කරන ලදුව, ඔසවන ලද ධජ පතාක ඇති ව, ඒ ඒ තැන පිරුණු කළ තබා, පන්දම් දල්වා, සුවඳ කුඩු මාලා ආදියෙන් අලංකාර කරන ලදුව හාත්පසින් මැනවින් සිත් පිනවන දුම්කබල් ඇත්තේ විය. ඒ බැමිණිය ද උදයෙන් ම නැඟිට සොළොස් සුවඳ පැන් කළ ස්නානය කොට සර්වාලංකාරයෙන් ශරීරය අලංකාර කළා ය. ඕ තොමේ මහා ක්ෂීණාශ්රවයන් වහන්සේ වඩා හිඳුවා කැඳ හැන්දක් (උලක්) පමණකුදු නො දී මහා බ්‍රහ්මයාට කවන්නෙමි යි රන් පාත්‍රයක් ගිතෙල් මී සකුරු ආදිය යොදා පායාසය පුරවා, නිවසේ පිටුපස පළාවන් ආලේපයකින් අලංකාර කරන ලද භූත පීඨිකාවක් ඇත, ඒ පාත්‍රය රැගෙන එතැනට ගොස් කොන් සතරෙහිත් මැදත් එක එක කිරිබත් පිඬක් තබා, එක් පිඬක් අතින් ගෙන, වැළමිට තෙක් ගිතෙල් වැගිරෙමින් දණ මඬල පොළොවෙහි පිහිටුවා පින්වත් මහා බ්‍රහ්මයාණෙනි, වළඳනු මැනවි, මහා බ්රහ්මයාණනි, රස විඳිනු මැනවි, මහා බ්රහ්මයාණනි සන්තර්පණය වනු මැනවි යි පවසමින් මහාබ්‍රහ්මයාට වළඳවයි.
එතදහොසීති මහාඛීණාසවස්ස සීලගන්ධං ඡදෙවලොකෙ අජ්ඣොත්ථරිත්වා බ්රහ්මලොකං උපගතං ඝායමානස්ස එතං අහොසි. සංවෙජෙය්යන්ති චොදෙය්යං, සම්මාපටිපත්තියං යොජෙය්යං. ‘අයං හි එවරූපං අග්ගදක්ඛිණෙය්යං මහාඛීණාසවං නිසීදාපෙත්වා යාගුඋළුඞ්කමත්තම්පි අදත්වා, “මහාබ්රහ්මං භොජෙස්සාමී”ති තුලං පහාය හත්ථෙන තුලයන්තී විය, භෙරිං පහාය කුච්ඡිං වාදෙන්තී විය, අග්ගිං පහාය ඛජ්ජොපනකං ධමමානා විය භූතබලිං කුරුමානා ආහිණ්ඩති. ගච්ඡාමිස්සා මිච්ඡාදස්සනං භින්දිත්වා අපායමග්ගතො උද්ධරිත්වා යථා අසීතිකොටිධනං බුද්ධසාසනෙ විප්පකිරිත්වා සග්ගමග්ගං ආරොහති, තථා කරොමීති වුත්තං හොති.
එතදහොසි මහා ක්ෂීණාශ්රවයන්ගේ ශීලගන්ධය සදෙව් ලොව පැතිරී බ්‍රහ්ම ලෝකයට පැමිණියේ එය ආඝ්‍රාණය කරමින් සිටින්නහුට මෙසේ සිතිණි. සංවෙජෙය්යං උනන්දු කරවන්නෙම්, (සංවේග දනවන්නෙම්) සම්‍යක් ප්රතිපත්තියෙහි යොදවන්නෙම්; මැය මහා ක්ෂීණාශ්රවයන් මෙ බඳු අග්රදක්ෂිණාවක වඩා හිඳුවා කැඳ හැන්දක් පමණවත් නො දී මහා බ්‍රහ්මයාට වළඳවමි යි, තරාදිය හැර දමා අතින් කිරන්නියක මෙන්, බෙරය හැර දමා බඩේ බෙර ගසන්නියක මෙන්, ගින්න හැර දමා කදෝපැණියකුට පිඹින්නාක් මෙන් භූතබලා පවත්වමින් ඇවිදියි, යමි, ඇගේ මිථ්‍යා දර්ශනය බිඳ අපා මගින් ඔසවා අසූ කෙළක් ධනය යම් සේ බුදු සසුනෙහි විසුරුවා ස්වර්ග මාර්ගයට නගියි ද එසේ කරමි” යි කියන ලද්දේ වේ.
දූරෙ ඉතොති ඉමම්හා ඨානා දූරෙ බ්රහ්මලොකො. තතො හි කූටාගාරමත්තා සිලා පාතිතා එකෙන අහොරත්තෙන අට්ඨචත්තාලීසයොජනසහස්සානි ඛෙපයමානා චතූහි මාසෙහි පථවියං පතිට්ඨහෙය්ය, සබ්බහෙට්ඨිමොපි බ්රහ්මලොකො එවං දූරෙ. යස්සාහුතින්ති යස්ස බ්රහ්මුනො ආහුතිං පග්ගණ්හාසි, තස්ස බ්රහ්මලොකො දූරෙති අත්ථො. බ්රහ්මපථන්ති එත්ථ බ්රහ්මපථො නාම චත්තාරි කුසලජ්ඣානානි, විපාකජ්ඣානානි පන නෙසං ජීවිතපථො නාම, තං බ්රහ්මපථං අජානන්තී ත්වං කිං ජප්පසි විප්පලපසි? බ්රහ්මානො හි සප්පීතිකජ්ඣානෙන යාපෙන්ති, න එතං තිණබීජානි පක්ඛිපිත්වා රන්ධං ගොයූසං ඛාදන්ති, මා අකාරණා කිලමසීති.
දුරෙ ඉතො මෙතැනින් ඈත බ්රහ්මලොකො. බ්‍රහ්මලෝකයේ සිට මහල් නිවසක් පමණ වූ වැටුණු ගලක් එක් රෑ දාවලක යොදුන් හතළිස් දහසක් වැටෙන්නේ සිවු මසකින් පොළෙවාට වැටෙයිා ද සියල්ලට ම පහළින් ඇති බ්‍රහ්ම ලෝකය එපමණ දුරෙහි ය. යස්සාහුතිං යම් බ්රහ්මයෙකුට යාගය පිළිගැන්වී ද ඔහුගේ බ්‍රහ්මලෝකය දුර පිහිටියේ ය යන අරුත යි. බ්රහ්මපථං මෙහි ‘බ්රහ්මපථය’ නම් කුශලධ්යාන සතර ය, විපාකධ්යාන ඔවුන්ගේ ‘ජීවිතපථ’ නමි. ඒ බ්රහ්මපථය අජානන්තී (නො දන්නී) ඔබ කිං ජප්පසි නන් දොඩවන්නෙහි ද? බ්‍රහ්මයෝ සප්‍රීතික ධ්‍යානයෙන් යැපෙත්. මේ තණ බිජු දමා පිසූ හිස් ගව යුෂ නො බුදිත්, අකාරණයෙහි වෙහෙස නො වෙව යි
එවං වත්වා පුන සො මහාබ්රහ්මා අඤ්ජලිං පග්ගය්හ අවකුජ්ජො හුත්වා ථෙරං උපදිසන්තො එසො හි තෙ බ්‍රාහ්මණි බ්රහ්මදෙවොතිආදිමාහ. තත්ථ නිරූපධිකොති කිලෙසාභිසඞ්ඛාරකාමගුණොපධීහි විරහිතො. අතිදෙවපත්තොති දෙවානං අතිදෙවභාවං බ්රහ්මානං අතිබ්රහ්මභාවං පත්තො. අනඤ්ඤපොසීති ඨපෙත්වා ඉමං අත්තභාවං අඤ්ඤස්ස අත්තභාවස්ස වා පුත්තදාරස්ස වා අපොසනතාය අනඤ්ඤපොසී.
මෙසේ කියා ඒ මහාබ්‍රහ්මයා ඇඳිලි බැඳ පහතට නැමී තෙරුන් දක්වමින් එසො හි තෙ බ්‍රාහ්මණි බ්රහ්මදෙවො (බැමිණිය, ඔබගේ (පුත්) මේ බ්‍රහ්මදේව)” යනාදිය කී ය. එහි නිරුපධිකො ක්ලේශ, අභිසංස්කාර, කාමගුණ උපධීන්ගෙන් තොර වූයේ අතිදෙව පත්තො දෙවියන් අතර අතිදේව බවට, බ්‍රහ්මයන් අතර අතිබ්‍රහ්ම බවට පත් වූයේ අනඤ්ඤපොසි තම ආත්මභාවය හැර අන්‍ය ආත්මභාවයක් හෝ අඹු දරුවන් හෝ පෝෂණය නො කරන හෙයින් = ‘අනඤ්ඤපොසි’;
ආහුනෙය්යොති ආහුනපිණ්ඩං පටිග්ගහෙතුං යුත්තො. වෙදගූති චතුමග්ගසඞ්ඛාතෙහි වෙදෙහි දුක්ඛස්සන්තං ගතො. භාවිතත්තොති අත්තානං භාවෙත්වා වඩ්ඪෙත්වා ඨිතො. අනූපලිත්තොති තණ්හාදීහි ලෙපෙහි ආලිත්තො. ඝාසෙසනං ඉරියතීති ආහාරපරියෙසනං චරති.
ආහුණෙය්‍යො ඈත සිට ගෙනවුත් දිය යුතු පිඬු පිළිගැනීමට සුදුසු, වෙදගු සතර මග සංඛ්‍යාත වේදයෙන් දුකෙහි අන්තයට ගිය; භාවිතත්තො සිත බාවනා කොට වඩා සිටි, අනුපලිත්තො තණ්හා ආදි කෙළෙස්වලින් නො තැවරුණු; ඝාසෙසනං ඉරීයති ආහාර සොයා යාමෙහි යෙදෙයි.
න තස්ස පච්ඡා න පුරත්ථමත්ථීති පච්ඡා වුච්චති අතීතං, පුරත්ථං වුච්චති අනාගතං, අතීතානාගතෙසු ඛන්ධෙසු ඡන්දරාගවිරහිතස්ස පච්ඡා වා පුරත්ථං වා නත්ථීති වදති. සන්තොතිආදීසු රාගාදිසන්තතාය සන්තො. කොධධූමවිගමා විධූමො, දුක්ඛාභාවා අනීඝො, කත්තරදණ්ඩාදීනි ගහෙත්වා විචරන්තොපි වධකචෙතනාය අභාවා නික්ඛිත්තදණ්ඩො. තසථාවරෙසූති එත්ථ පන පුථුජ්ජනා තසා නාම, ඛීණාසවා ථාවරා නාම. සත්ත පන සෙඛා තසාති වත්තුං න සක්කා, ථාවරා න හොන්ති, භජමානා පන ථාවරපක්ඛමෙව භජන්ති. සො ත්යාහුතින්ති සො තෙ ආහුතිං.
න තස්ස පච්ඡා න පුරත්ථමත්ථි ‘පච්ඡා’ යනු අතීතය යි. ‘පුරත්ථං’ යනු අනාගතය යි. අතීත අනාගත ස්කන්ධවල ඡන්දරාග විරහිත වූවකු හට පච්ඡා (අතීතයක්) හෝ පුරත්ථ (අනාගතයක්) නැතැයි කියයි. සන්තො ආදියෙහි රාග ආදිය සංසුන් බව ඇති හෙයින් සන්තො; ක්‍රොධ දුම පහ ව ගිය හෙයින් විධුමො; දුක නොමැති බැවින් අනීඝො; සැරයටි දඬු ආදියක් ගෙන සැරිසරන්නේ නමුදු හිංසා කිරීමේ චේතනාව නො මැති බැවින් නික්ඛිත්ත දණ්ඩො; තස්ථාවරෙසු මෙහි පෘථග්ජනයා ‘තසා’ නමි. ක්ෂීණාශ්රවයෝ ‘ථාවරා’ නමි. සප්ත සේඛයෝ ‘තසා’ යි කීමට නො පුළුවන. ‘ථාවර’ හෝ නො වෙත්. ඇසුරු කරන්නෝ ‘ථාවර’ පක්ෂය ම භජනය කරත්. සො ත්යුහිතං ‘සො තව ආහුතිං’ (ඔහු ඔබගේ යාගය),
විසෙනිභූතොති කිලෙසසෙනාය විසෙනො ජාතො. අනෙජොති නිත්තණ්හො. සුසීලොති ඛීණාසවසීලෙන සුසීලො. සුවිමුත්තචිත්තොති ඵලවිමුත්තියා සුට්ඨු විමුත්තචිත්තො. ඔඝතිණ්ණන්ති චත්තාරො ඔඝෙ තිණ්ණං. එත්තකෙන කථාමග්ගෙන බ්රහ්මා ථෙරස්ස වණ්ණං කථෙන්තො ආයතනෙ බ්රාහ්මණිං නියොජෙසි. අවසානගාථා පන සඞ්ගීතිකාරෙහි ඨපිතා. පතිට්ඨපෙසි දක්ඛිණන්ති චතුපච්චයදක්ඛිණං පතිට්ඨපෙසි. සුඛමායතිකන්ති සුඛායතිකං ආයතිං සුඛවිපාකං, සුඛාවහන්ති අත්ථො.
විසෙනිභූතො ක්ලේශ සේනාවෙන් තොර බවට පත්, අනෙජො තෘෂ්ණා රහිත වූ, සුසීලො ක්ෂීණාශ්රව ශීලයෙන් ‘සුසීල’ වූ සුවිමුත්තචිත්තො ඵල විමුක්තියෙන් මැනවින් විමුක්ත වූ සිත් ඇත්තේ, ඔඝතිණ්ණං ඔඝ (සැඩ පහර) සතරක් තරණය කළ; මෙ පමණ කථා මගකින් බ්‍රහ්මයා තෙරුන්ගේ ගුණ වර්ණනා කරන්නේ බැමිණිය අරමුණෙහි යෙදවී ය. අවසන් ගාථාව සංගීති කරුවන් විසින් තබන ලදි. පතිට්ඨපෙසි දක්ඛිණං සිව් පස දක්ෂිණාව පිහිටුවා ලී ය. සුඛමායතිකං ‘සුඛායතිකං’ මත්තෙහි සැප විපාක; සැප ගෙන දෙන යන අර්ථ යි.
තතියං.
තුන් වැනි සූත්‍රය යි.
4. බකබ්රහ්මසුත්තවණ්ණනා
4. බකබ්‍රහ්ම සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ පාපකං දිට්ඨිගතන්ති ලාමිකා සස්සතදිට්ඨි. ඉදං නිච්චන්ති ඉදං සහ කායෙන බ්රහ්මට්ඨානං අනිච්චං “නිච්ච”න්ති වදති. ධුවාදීනි තස්සෙව වෙවචනානි. තත්ථ ධුවන්ති ථිරං. සස්සතන්ති සදා විජ්ජමානං. කෙවලන්ති අඛණ්ඩං සකලං. අචවනධම්මන්ති අචවනසභාවං. ඉදං හි න ජායතීතිආදීසු ඉමස්මිං ඨානෙ කොචි ජායනකො වා ජීයනකො වා මීයනකො වා චවනකො වා උපපජ්ජනකො වා නත්ථි, තං සන්ධාය වදති. ඉතො ච පනඤ්ඤන්ති ඉතො සහකායා බ්රහ්මට්ඨානා උත්තරි අඤ්ඤං නිස්සරණං නාම නත්ථීති. එවමස්ස ථාමගතා සස්සතදිට්ඨි උප්පන්නා හොති. එවංවාදී ච පන සො උපරි තිස්සො ඣානභූමියො චත්තාරො මග්ගෙ චත්තාරි ඵලානි නිබ්බානන්ති සබ්බං පටිබාහති. කදා පනස්ස සා දිට්ඨි උප්පන්නාති? පඨමජ්ඣානභූමියං නිබ්බත්තකාලෙ. දුතියජ්ඣානභූමියන්ති එකෙ.
සිවු වැන්නේ - පාපකං දිට්ඨගතං පහත් වූ ශාස්වත දෘෂ්ටිය, ඉදං නිච්චං කය සමග අනිත්‍ය බ්‍රහ්ම තත්ත්වය අනිත්‍ය (වුව ද) නිත්‍ය ය යි කියයි. ‘ධුවා’ ආදිය ඊට සමාන වචන යි. එහි ධුවං ස්ථිර, සස්සතං සදාකල්හි විද්‍යමාන වන කෙවලං නො කැඩුණු සියල්ල අචවනධම්මං චුත නො වන ස්වභාවය ඉදං හි න ජායති ආදියෙහි මෙ තැන්හි හට ගන්වන්නෙකු හෝ දිරවන්නෙකු හෝ මරවන්නෙකු හෝ චුත කරවන්නෙකු හෝ උපදවන්නෙකු හෝ නැතැයි යන්න අරභයා පවසයි. ඉතො ච පනඤ්ඤං මේ බ්‍රහ්ම ස්ථාන අවස්ථාවට ඉහලින් අන් නිස්සරණයක් නම් නැතැයි මෙසේ ඔහුට බලවත් ශාස්වත දෘෂ්ටියක් උපන්නේ වේ. එබඳු වාදයක් දරන ඔහු ඉහළ ධ්‍යාන භූමි තුන, සතර මග, සතර ඵල, නිර්වාණය යන සියල්ල වළක්වයි. මේ දෘෂ්ටිය උපන්නේ කවදා ද? ප්‍රථම ධ්‍යාන භූමිය ඉපදවූ කල්හි ය, ද්විතීය ධ්‍යාන භූමියෙහි ය සමහරු (කියති) එහි අනුපූර්ව කථාව මෙසේ ය:
තත්රායං අනුපුබ්බිකථා – හෙට්ඨුපපත්තිකො කිරෙස බ්රහ්මා අනුප්පන්නෙ බුද්ධුප්පාදෙ ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා කසිණපරිකම්මං කත්වා සමාපත්තියො නිබ්බත්තෙත්වා අපරිහීනජ්ඣානො කාලං කත්වා චතුත්ථජ්ඣානභූමියං වෙහප්ඵලබ්රහ්මලොකෙ පඤ්චකප්පසතිකං ආයුං ගහෙත්වා නිබ්බත්ති. තත්ථ යාවතායුකං ඨත්වා හෙට්ඨුපපත්තිකං කත්වා තතියජ්ඣානං පණීතං භාවෙත්වා සුභකිණ්හබ්රහ්මලොකෙ චතුසට්ඨිකප්පං ආයුං ගහෙත්වා නිබ්බත්ති. තත්ථ දුතියජ්ඣානං භාවෙත්වා ආභස්සරෙ අට්ඨ කප්පෙ ආයුං ගහෙත්වා නිබ්බත්ති. තත්ථ පඨමජ්ඣානං භාවෙත්වා, පඨමජ්ඣානභූමියං කප්පායුකො හුත්වා නිබ්බත්ති. සො පඨමකාලෙ අත්තනා කතකම්මඤ්ච නිබ්බත්තට්ඨානඤ්ච අඤ්ඤාසි, කාලෙ පන ගච්ඡන්තෙ ගච්ඡන්තෙ උභයං පමුස්සිත්වා සස්සතදිට්ඨිං උප්පාදෙසි.
පහළ භූමියක උපන්නෙකි මේ බ්‍රහ්මයා. බුදුන් වහන්සේ නො උපන් කල්හි පැවිදි බවට පත් ව කසිණ පරිකර්මය කොට සමාපත්තිය උපදවා නො පිරිහුණු ධ්‍යානයෙන් කාලක්‍රියා කොට චතුර්ථ ධ්‍යාන භූමියෙහි - වෙහප්ඵල බ්‍රහ්ම ලෝකයෙහි කල්ප පන්සියයක් ආයු ගෙන උපන්නේ ය. එහි යම් තාක් ආයු වී ද ඒ තාක් සිට, පහළ (තලයක) උපත ලබා ප්‍රණීත වූ තෘතීය ධ්‍යානය වඩා සුභකිණ්හ බ්‍රහ්ම ලෝකයෙහි හැට හතර කපක් ආයු ගෙන උපන්නේ ය. එහි දුතිය ධ්‍යානය වඩා ආභස්සරයෙහි අට කපක් ආයු ගෙන උපන්නේ ය. එහි ප්‍රථම ධ්‍යානය වඩා ප්‍රථම ධ්‍යාන භූමියෙහි කල්පයක් ආයු ඇති ව උපන්නේ ය. හේ ප්‍රථම කාලයෙහි තමා විසින් කරන ලද කර්මය ද උපන් තැන් ද දන්නේ ය. කාලය ගතවත් ගතවත් ම දෙකෙහි ම මුළා වී ශාස්වත දෘෂ්ටිය ඉපද වී ය.
අවිජ්ජාගතොති අවිජ්ජාය ගතො සමන්නාගතො අඤ්ඤාණී අන්ධීභූතො. යත්ර හි නාමාති යො නාම. වක්ඛතීති භණති. “යත්‍රා”ති නිපාතයොගෙන පන අනාගතවචනං කතං.
අවිජ්ජාගතො ‘අවිජ්ජාය ගතො’ අවිද්‍යාවෙන් සමන්විත වූයේ, අඥාන වූයේ අන්ධ වූයේ යත්ර හි නාම යො නාම, යමෙක් නම් වක්ඛති කියයි ද, යත්ර යන නිපාත යෝගයෙන් අනාගත වචනය යෙදිණි.
එවං වුත්තෙ සො බ්රහ්මා යථා නාම මග්ගචොරො ද්වෙ තයො පහාරෙ අධිවාසෙන්තො සහායෙ අනාචික්ඛිත්වාපි උත්තරිං පහාරං පහරියමානො “අසුකො ච අසුකො ච මය්හං සහායො”ති ආචික්ඛති, එවමෙව භගවතා සන්තජ්ජියමානො සතිං ලභිත්වා, “භගවා මය්හං පදානුපදං පෙක්ඛන්තො මං නිප්පීළිතුකාමො”ති භීතො අත්තනො සහායෙ ආචික්ඛන්තො ද්වාසත්තතීතිආදිමාහ. තස්සත්ථො – භො ගොතම, මයං ද්වාසත්තති ජනා පුඤ්ඤකම්මා තෙන පුඤ්ඤකම්මෙන ඉධ නිබ්බත්තා. වසවත්තිනො සයං අඤ්ඤෙසං වසෙ අවත්තිත්වා පරෙ අත්තනො වසෙ වත්තෙම, ජාතිඤ්ච ජරඤ්ච අතීතා, අයං නො වෙදෙහි ගතත්තා “වෙදගූ”ති සඞ්ඛං ගතා භගවා අන්තිමා බ්රහ්මුපපත්ති. අස්මාභිජප්පන්ති ජනා අනෙකාති අනෙකජනා අම්හෙ අභිජප්පන්ති. “අයං ඛො භවං බ්රහ්මා, මහාබ්රහ්මා, අභිභූ, අනභිභූතො, අඤ්ඤදත්ථුදසො, වසවත්තී, ඉස්සරො, කත්තා, නිම්මාතා, සෙට්ඨො, සජිතා, වසී, පිතා භූතභබ්යාන”න්ති එවං පත්ථෙන්ති පිහෙන්තීති.
මෙසේ කී කල්හි ඒ බ්‍රහ්මයා, යම් සේ මාර්ගයෙහි සොරෙක් පහර දෙක තුනක් ඉවසා (සිය) සගයන් ගැන නො කියා සිටියි ද, තවදුරටත් පහර දෙනු ලබන්නේ අසුවලා ද අසුවලා ද මට සහාය වන්නේ යි පවසයි ද එසේ ම භාග්‍යවතුන් වහන්සේ විසින් තර්ජනය කරනු ලබන්නේ සිහිය ලැබ. භාග්‍යවතුන් වහන්සේ මගේ පියවරින් පියවර ආ පිළිවෙල අපේක්ෂා කරමින් මා පෙළන්නට කැමැත්තේ යයි භීතියට පත් වයේ තම සහායකයන් අනාවරණය කරන්නේ ද්වාසත්තති ආදිය පැවසී ය. එහි අර්ථය: භවත් ගෞතමයනි, අපි හැත්තෑ දෙදෙනෙක් පින් කම් කළ අය (වම්හ), ඒ පින්කමෙන් මෙහි උපන්නෙමු, වසවර්තී වූයෙම් තමන් අනුන්ගේ වසඟයට පත් නො වී අනුන් තමන්ගේ වසඟයට පත් කරවමු; ජාතිය ද, ජරාව ද ඉක්මවූවාහු (වෙමු). මෙය අප වේදයෙන් ගත් බැවින් ‘වෙදගු’ යි සැළකීමට පත් වූවාහු, භාග්‍යවතුන් වහන්ස, (මෙය) අවසාන බ්‍රහ්ම උත්පත්තිය යි. අස්මාභිජප්පන්ති ජනා අනෙකා නොයෙක් මිනිස්සු අප ප්‍රාර්ථනා කරත්. මේ භවත් බ්‍රහ්මයා, මහා බ්‍රහ්මයා, අභිභූ, අනභිභූතො, අඤ්ඤදත්ථු දසො, වසවත්තී, ඉස්සරො (ඊශ්වර) කත්තා (කර්තා), නිම්මාතා (නිර්මාතෘ), සෙට්ඨො (ශ්‍රේෂ්ඨයා), සඤ්ජිතා (උපදවන්නා), වසී (අනුන්) වසඟයට ගන්නා), භූත භව්‍යානං පිතා (උපන් හා ඉපදීමට සිටින්නන්ගේ පියා) යි මෙසේ ප්‍රාර්ථනා කරති. කැමති වෙති.
අථ නං භගවා අප්පං හි එතන්තිආදිමාහ. තත්ථ එතන්ති යං ත්වං ඉධ තව ආයුං “දීඝ”න්ති මඤ්ඤසි, එතං අප්පං පරිත්තකං. සතං සහස්සානං නිරබ්බුදානන්ති නිරබ්බුදගණනාය සතසහස්සනිරබ්බුදානං. ආයුං පජානාමීති, “ඉදානි තව අවසිට්ඨං එත්තකං ආයූ”ති අහං ජානාමි. අනන්තදස්සී භගවා හමස්මීති, භගවා, තුම්හෙ “අහං අනන්තදස්සී ජාතිආදීනි උපාතිවත්තො”ති වදථ. කිං මෙ පුරාණන්ති, යදි ත්වං අනන්තදස්සී, එවං සන්තෙ ඉදං මෙ ආචික්ඛ, කිං මය්හං පුරාණං? වතසීලවත්තන්ති සීලමෙව වුච්චති. යමහං විජඤ්ඤාති යං අහං තයා කථිතං ජානෙය්යං, තං මෙ ආචික්ඛාති වදති.
එවිට බුදුන් වහන්සේ අප්පඤ්හි එතං ආදිය කී සේක. එහි එතං මෙහි ඔබගේ යම් ආයුෂයක් දිග යයි ඔබ සිතයි ද එය අල්ප ය, සීමිත ය. සතං සහස්සානං නිරබ්බුදානං නිරබ්බුද ගණනින් නිරබ්බුද ලක්ෂයකි. ආයුං පජානාමි දැන් ඔබගේ ඉතිරි වුණු ආයුෂය මෙපමණකැයි මම දනිමි, අනන්තදස්සී භගවාහමස්මි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “මම අනන්තදස්සී වෙමි, ජාති දක්වා ඉක්මවා සිටියෙම් වෙමි’යි කියන සේක. කිං මෙ පුරාණං ඉදින් ඔබ අනන්තදස්සී නම්, එවන් කල මෙය මට කියනු මැනවි: මගේ අතීතය, ව්‍රතය හා ශීලය කුමක් ද? සීලවත්තං ශීලය ම කියනු ලැබේ. යමහං විජඤ්ඤා ඔබ විසින් පවසන ලද යමක් මම දන්නෙම් නම් එය මට කියනු මැනවි යි කියයි.
ඉදානිස්ස ආචික්ඛන්තො භගවා යං ත්වං අපායෙසීතිආදිමාහ. තත්රායං අධිප්පායො –
දැන් ඔහුට පවසමින් භාග්‍යවතුන් වහන්සේ යං ත්වං අපායෙසී ආදිය පැවසූ සේක. එහි අදහස මෙය යි:
පුබ්බෙ කිරෙස කුලඝරෙ නිබ්බත්තිත්වා කාමෙසු ආදීනවං දිස්වා – “ජාතිජරාමරණස්ස අන්තං කරිස්සාමී”ති නික්ඛම්ම ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා සමාපත්තියො නිබ්බත්තෙත්වා අභිඤ්ඤාපාදකජ්ඣානස්ස ලාභී හුත්වා ගඞ්ගාතීරෙ පණ්ණසාලං කාරෙත්වා ඣානරතියා වීතිනාමෙති. තදා ච කාලෙනකාලං සත්ථවාහා පඤ්චහි සකටසතෙහි මරුකන්තාරං පටිපජ්ජන්ති. මරුකන්තාරෙ පන දිවා න සක්කා ගන්තුං, රත්තිං ගමනං හොති. අථ පුරිමසකටස්ස අග්ගයුගෙ යුත්තබලිබද්දා ගච්ඡන්තා ගච්ඡන්තා නිවත්තිත්වා ආගතමග්ගාභිමුඛා අහෙසුං, සබ්බසකටානි තථෙව නිවත්තිත්වා අරුණෙ උග්ගතෙ නිවත්තිතභාවං ජානිංසු. තෙසඤ්ච තදා කන්තාරං අතික්කමනදිවසො අහොසි. සබ්බං දාරුදකං පරික්ඛීණං – තස්මා “නත්ථි දානි අම්හාකං ජීවිත”න්ති චින්තෙත්වා, ගොණෙ චක්කෙසු බන්ධිත්වා, මනුස්සා සකටච්ඡායං පවිසිත්වා නිපජ්ජිංසු.
පෙර මෙතෙමේ කුල නිවසක ඉපදී කාමයන්හි ආදීනව දැක ජාති ජරාමරණයන් කෙළවර කරන්නෙමැයි නික්ම ගොස් සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි ව සමාපත්ති උපදවා අභිඥා පාදක ධ්‍යාන ලාභියකු වී ගංගා තෙර පන්සලක් කරවා ධ්‍යාන රතියෙන් කල් ගෙවී ය. එකල්හි කලින් කලට ගැල් වෙළෙන්දෝ පන්සියයක් ගැලින් මරුකතරට පිවිසෙත් මරු කතරෙහි දහවල් යාමට නො හැක; රාත්‍රියට ගමන් වේ. ඉක්බිති මුල් කරත්තයෙහි මුල් වියගසෙහි බඳිනා ලද ගොන්නු යන්නාහු යන්නාහු නැවත පැමිණි මඟට ම මුහුණ ලා සිටියහ. සියලු කරත්ත එසේ ම නවත්වා අරුණ නැඟුණු විට නැවතුණු බැව් දත්හ. ඔවුන්ට එකල්හි කාන්තාරය ඉක්ම යන (අවසන්) දවස ද විය. සියලු දර දිය අවසන් විය. දැන් අපට ජීවිතයක් නැතැයි සිතා ගොනුන් කරත්ත රෝදවල බැඳ මිනිස්සු රිය සෙවනැල්ලට පිවිස හිඳ ගත්හ.
තාපසොපි කාලස්සෙව පණ්ණසාලතො නික්ඛමිත්වා පණ්ණසාලද්වාරෙ නිසින්නො ගඞ්ගං ඔලොකයමානො අද්දස ගඞ්ගං මහතා උදකොඝෙන පූරියමානං පවත්තිතමණික්ඛන්ධං විය ආගච්ඡන්තං, දිස්වා චින්තෙසි – “අත්ථි නු ඛො ඉමස්මිං ලොකෙ එවරූපස්ස මධුරොදකස්ස අලාභෙන කිලිස්සමානා සත්තා”ති? සො එවං ආවජ්ජෙන්තො මරුකන්තාරෙ තං සත්ථං දිස්වා ‘ඉමෙ සත්තා මා නස්සන්තූ’ති “ඉතො චිතො ච මහාඋදකක්ඛන්ධො ඡිජ්ජිත්වා මරුකන්තාරෙ සත්ථාභිමුඛො ගච්ඡතූ”ති අභිඤ්ඤාචිත්තෙන අධිට්ඨාසි. සහ චිත්තුප්පාදෙන මාතිකාරුළ්හං විය උදකං තත්ථ අගමාසි. මනුස්සා උදකසද්දෙන වුට්ඨාය උදකං දිස්වා හට්ඨතුට්ඨා න්හායිත්වා පිවිත්වා ගොණෙපි පායෙත්‍වා සොත්ථිනා ඉච්ඡිතට්ඨානං අගමංසු.
තාපසතුමා ද උදෑසනින් ම පන්සලෙන් නික්ම පන්සල් දොරටුවේ සිටිමින් ගංගාව දෙස බලන්නේ මහත් ජල කඳකින් පිරෙමින් පෙරළෙන මැණික් කඳක් මෙන් එන ගඟ දුටුවේ ය. දැක මේ ලෝකයෙහි මේ ආකාරයේ මිහිරි ජලය නො ලැබීමෙන් පෙළෙන සත්ත්වයෝ සිටිත් දැයි සිතී ය. එතුමා එසේ ආවර්ජනය කරන්නේ මරුකතර ඒ ගැල් සමූහය දැක, මේ ගැල්කරුවෝ නො නැසෙත්වායි ඒ මේ ඈතින් මහා ජලකඳ බෙදී මරුකතරෙහි ගැල් සමූහය දෙසට යේවා යි අභිඥා චිත්තයෙන් අධිෂ්ඨාන කළේ ය. ඒ සිතුවිල්ල පහළ වීමත් සමග ඇළකින් දිය ගෙන යන්නාක් මෙන් ජලය එහි ගියේ ය. මනුෂ්‍යයෝ ජලහඬින් නැගිට ජලය දැක තුටුපහටු ව නා බී ගොනුන්ට ද පොවා යහතින් පැතූ තැනට ගියහ.
සත්ථා තං බ්රහ්මුනො පුබ්බකම්මං දස්සෙන්තො පඨමං ගාථමාහ. තත්ථ අපායෙසීති පායෙසි. අ-කාරො නිපාතමත්තං. ගම්මනීති ගිම්හෙ. සම්පරෙතෙති ගිම්හාතපෙන ඵුට්ඨෙ අනුගතෙ.
බුදුන් වහන්සේ බ්‍රහ්මයාගේ ඒ පූර්ව කර්මය දක්වන සේක් පළමු ගාථාව පැවසූහ. එහි අපායෙසි පෙවූයෙහි; ‘අ’ කාරය නිපාත මාත්‍රයකි. ඝම්මනි ග්‍රීෂ්මයෙහි, සම්පරෙතෙ ග්‍රීෂ්ම හිරු රැස්වලින් ස්පර්ශ වුණු කල්හි. අනුගත වූ කල්හි.
අපරස්මිම්පි සමයෙ තාපසො ගඞ්ගාතීරෙ පණ්ණසාලං මාපෙත්වා අරඤ්ඤගාමකං නිස්සාය වසති. තෙන ච සමයෙන චොරා තං ගාමං පහරිත්වා හත්ථසාරං ගහෙත්වා ගාවියො ච කරමරෙ ච ගහෙත්වා ගච්ඡන්ති. ගාවොපි සුනඛාපි මනුස්සාපි මහාවිරවං විරවන්ති. තාපසො තං සද්දං සුත්වා “කින්නු ඛො එත”න්ති? ආවජ්ජෙන්තො “මනුස්සානං භයං උප්පන්න”න්ති ඤත්වා “මයි පස්සන්තෙ ඉමෙ සත්තා මා නස්සන්තූ”ති අභිඤ්ඤාපාදකජ්ඣානං සමාපජ්ජිත්වා වුට්ඨාය අභිඤ්ඤාචිත්තෙන චොරානං පටිපථෙ චතුරඞ්ගිනිං සෙනං මාපෙසි. කම්මසජ්ජා ආගච්ඡන්තා චොරා දිස්වා, “රාජා මඤ්ඤෙ ආගතො”ති විලොපං ඡඩ්ඩෙත්වා පක්කමිංසු. තාපසො “යං යස්ස සන්තකං, තං තස්සෙව හොතූ”ති අධිට්ඨාසි, තං තථෙව අහොසි. මහාජනො සොත්ථිභාවං පාපුණි.
තවත් අවස්ථාවක දී ද තවුසා ගං ඉවුරේ පන්සලක් මවා වන පෙත අසළ වූ ගමක් ඇසුරු කොට වසයි. එකල්හි සොරු ඒ ගම පැහැර ගෙන අතට ගත හැකි භාණ්ඩ ද, එළදෙනුන් (හා) දාසයන් ලෙස අල්ලා ගත් මිනිසුන් ද රැගෙන යති. ගවයෝත් සුනඛයෝත් මිනිස්සුත් මහ හඬ නඟති. තවුසා ඒ ශබ්දය අසා ඒ කිම දැයි විමසන්නේ මිනිසුන්ට බියක් උපනැයි දැන මා දැක දැකත් මේ සත්ත්වයෝ නො නැසෙත්වායි අභිඥාචිත්තයෙන් සොරුන්ගේ මාවතේ චතුරංගිනී සේනාවක් මැවී ය. වැඩෙහි (සොරකමෙහි) නියුතු වූ සොරු (මෙය) දැක රජතුමා පැමිණියේ වනැයි සිතා පැහැර ගත් දෑ අත හැර පළා ගියහ. තවුසා යමකට යමක් අයිති ද එය ඔහුට ම (අත්) වේවා යි අධිෂ්ඨාන කළේ ය. එය එසේ ම විය. මහජනයා සුවපත් බවට පත් වූහ.
සත්ථා ඉදම්පි තස්ස පුබ්බකම්මං දස්සෙන්තො දුතියං ගාථමාහ. තත්ථ එණිකූලස්මින්ති ගඞ්ගාතීරෙ. ගය්හකං නීයමානන්ති ගහෙත්වා නීයමානං, කරමරං නීයමානන්තිපි අත්ථො.
බුදුන් වහන්සේ මෙය ද ඔහුගේ පූර්ව කර්මය යි දක්වන සේක්, දෙවන ගාථාව වදාළ සේක. එහි එණිකූලස්මිං ගං ඉවුරෙහි ම; ගය්හකං නීයමානං අල්ලා ගෙන යන, අත් පා බැඳ ගෙන යනු ලබන යන අරුත යි.
පුන එකස්මිං සමයෙ උපරිගඞ්ගාවාසිකං එකං කුලං හෙට්ඨාගඞ්ගාවාසිකෙන කුලෙන සද්ධිං මිත්තසන්ථවං කත්වා, නාවාසඞ්ඝාටං බන්ධිත්වා, බහුං ඛාදනීයඤ්චෙව භොජනීයඤ්ච ගන්ධමාලාදීනි ච ආරොපෙත්වා ගඞ්ගාසොතෙන ආගච්ඡති. මනුස්සා ඛාදමානා භුඤ්ජමානා නච්චන්තා ගායන්තා දෙවවිමානෙන ගච්ඡන්තා විය බලවසොමනස්සා අහෙසුං. ගඞ්ගෙය්යකො නාගො දිස්වා කුපිතො “ඉමෙ මයි සඤ්ඤම්පි න කරොන්ති. ඉදානි නෙ සමුද්දමෙව පාපෙස්සාමී”ති මහන්තං අත්තභාවං මාපෙත්වා උදකං ද්විධා භින්දිත්වා උට්ඨාය ඵණං කත්වා, සුසුකාරං කරොන්තො අට්ඨාසි. මහාජනො දිස්වා භීතො විස්සරමකාසි. තාපසො පණ්ණසාලායං නිසින්නො සුත්වා, “ඉමෙ ගායන්තා නච්චන්තා සොමනස්සජාතා ආගච්ඡන්ති. ඉදානි පන භයරවං රවිංසු, කින්නු ඛො”ති? ආවජ්ජෙන්තො නාගරාජං දිස්වා, “මයි පස්සන්තෙ සත්තා මා නස්සන්තූ”ති අභිඤ්ඤාපාදකජ්ඣානං සමාපජ්ජිත්වා අත්තභාවං පජහිත්වා සුපණ්ණවණ්ණං මාපෙත්වා නාගරාජස්ස දස්සෙසි. නාගරාජා භීතො ඵණං සංහරිත්වා උදකං පවිට්ඨො, මහාජනො සොත්ථිභාවං පාපුණි.
යළිත් අවස්ථාවක ගඟ ඉහළ වැසි එක් පවුලක් ගඟ පහළ වැසි පවුලක් සමග මිතුරුකමක් ඇති කොට ගෙන දැවවලින් ඔරුවක් බැඳ බොහෝ කෑම් බීම් ද, සුවඳ මල් ආදිය ද පටවා ගෙන ගඟෙහි රළ පහර ඔස්සේ පැමිණෙයි. මිනිස්සු කමින් විකමින් නටමින් ගයමින් දෙව් විමනකින් යන්නන් මෙන් බලවත් ලෙස සොම්නස් වූහ. ගංගෙය්‍ය කුලයේ නයෙක් (මෙය) දැක කුපිත ව මොවුහු මට සංඥාවකුදු නො කරත්. දැන් ඔවුන් සමුද්‍රයට ම යවන්නෙමැයි මහත් ශරීරයක් මවා ජල කඳ දෙකට බෙදා නැගිට පෙණය විදහා “සූසූ” ශබ්දය කරමින් සිටියේ ය. මහජනයා (ඒ බැව්) දැක බියට පත් ව හඬ තැලූහ. තවුසා පන්සලෙහි සිටින්නේ (ඒ) දැක මොවුහු ගයමින් නටමින් සොම්නස් සහිත ව එති. දැන් බිය හඬක් නැඟූහ. කිම් දැයි විමසා බලන්නේ නා රජු දැක මා දැක දැකත් සත්ත්වයෝ විනාහ නො වෙත්වා යි අභිඥාපාදක ධ්‍යානයට සම වැද තම සිරුර හැර ගුරුළු වෙසක් මවා නා රජුට පෙන්වී ය. නා රජ බියට පත් ව පෙණය හකුළා ගෙන දියට ඇතුළු විය. මහජනයා සුව පත් බවට පත් වූහ.
සත්ථා ඉදම්පි තස්ස පුබ්බකම්මං දස්සෙන්තො තතියං ගාථමාහ. තත්ථ ලුද්දෙනාති දාරුණෙන. මනුස්සකම්යාති මනුස්සකාමතාය, මනුස්සෙ විහෙඨෙතුකාමතායාති අත්ථො.
බුදුන් වහන්සේ මෙයත් ඔහුගේ පූර්ව කර්මයකැයි පෙන්වන සේක්, තෙවන ගාථාව වදාළසේක. එහි ලුද්දෙන දරුණු වූ, මනුස්සකම්යා ‘මනුස්ස කාමතාය’ මිනිසුන් පීඩාවට (මැරීමට) කැමති බැවින් යන
අපරස්මිම්පි සමයෙ එස ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා කෙසවො නාම තාපසො අහොසි. තෙන සමයෙන අම්හාකං බොධිසත්තො කප්පො නාම මාණවො කෙසවස්ස බද්ධචරො අන්තෙවාසිකො හුත්වා ආචරියස්ස කිංකාරපටිස්සාවී මනාපචාරී බුද්ධිසම්පන්නො අත්ථචරො අහොසි. කෙසවො තෙන විනා වසිතුං න සක්කොති, තං නිස්සායෙව ජීවිකං කප්පෙසි. සත්ථා ඉදම්පි තස්ස පුබ්බකම්මං දස්සෙන්තො චතුත්ථං ගාථමාහ.
අරුත තවත් අවස්ථාවක දී මෙතුමා සෘෂිප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි වී ‘කේසව’ නම් තවුසෙක් වී ය. ඒ සමයෙහි අප බෝසත්හු ‘කප්ප’ නම් තරුණයෙකු වී කේසවගේ සහචරයකු - අතවැස්සකු - වී ආචාර්යයනට කුමක් කළ යුතු දැයි විමසන සිත් සතුටු වන සේ හැසිරෙන, බුද්ධි සම්පන්න, අභිවෘද්ධියෙහි හැසිරෙන තැනැත්තෙක් විය. කේසව තවුසාට ඔහු නො මැති ව වසන්නට නො හැකි වෙයි. ඔහු නිසා ම ජීවිතය ගෙන යයි. බුදුන් වහන්සේ ඔහුගේ මේ පූර්ව කර්මය ද දක්වන සේක් සිවු වැනි ගාථාව වදාළසේක.
තත්ථ බද්ධචරොති අන්තෙවාසිකො, සො පන ජෙට්ඨන්තෙවාසිකො අහොසි. සම්බුද්ධිමන්තං වතිනං අමඤ්ඤීති, “සම්මා බුද්ධිමා වතසම්පන්නො අය”න්ති එවං මඤ්ඤමානො කප්පො තව අන්තෙවාසිකො අහොසිං අහං සො තෙන සමයෙනාති දස්සෙති. අඤ්ඤෙපි ජානාසීති න කෙවලං මය්හං ආයුමෙව, අඤ්ඤෙපි ත්වං ජානාසියෙව. තථා හි බුද්ධොති තථා හි ත්වං බුද්ධො, යස්මා බුද්ධො, තස්මා ජානාසීති අත්ථො. තථා හි ත්යායං ජලිතානුභාවොති යස්මා ච ත්වං බුද්ධො, තස්මා තෙ අයං ජලිතො ආනුභාවො. ඔභාසයං තිට්ඨතීති සබ්බං බ්රහ්මලොකං ඔභාසයන්තො තිට්ඨති.
එහි බද්ධචරො අන්තේවාසිකයා, හේ ජ්‍යෙෂ්ඨ අන්තේවාසිකයා විය. සම්බුද්ධිවන්තං වතිනං අමඤ්ඤිං මෙතෙමේ මනා බුද්ධි සම්පන්නයෙකියි ඔහු ගැන සිතූහ. කප්ප (නමැත්තා) ඔබගේ අන්තේවාසිකයා වීමි. එසමයෙහි ඔහු මම වෙමි යි දක්වයි. අඤ්ඤම්පි ජානාසි හුදෙක් මගේ ආයුෂ පමණක් නොව ඔබ සෙස්ස ද දන්නෙහි ය. තථා හි බුද්ධො එසේ ම ය, ඔබ වහන්සේ ‘බුද්ධ’ වන්නහු ය. යම් හෙයකින් ‘බුද්ධ’ වන සේක් ද එහෙයින් දන්නා සේක යන අරුත යි. තථා හි ත්යායං ජලිතානුභාවො යම් හෙයකින් ඔබ වහන්සේ ‘බුද්ධ’ ද එහෙයින් මෙය ඔබ වහන්සේගේ දිළිසෙන ආනුභාවය යි. ඔභාසයං තිට්ඨති මුළු බඹලොව බබුළුවමින් පවතී.
චතුත්ථං.
සිවු වැනි සූත්‍රය යි.
5. අපරාදිට්ඨිසුත්තවණ්ණනා
5. අපරාදිට්ඨි සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ තෙජොධාතුං සමාපජ්ජිත්වාති තෙජොකසිණපරිකම්මං කත්වා පාදකජ්ඣානතො වුට්ඨාය, “සරීරතො ජාලා නික්ඛමන්තූ”ති අධිට්ඨහන්තො අධිට්ඨානචිත්තානුභාවෙන සකලසරීරතො ජාලා නික්ඛමන්ති, එවං තෙජොධාතුං සමාපන්නො නාම හොති, තථා සමාපජ්ජිත්වා. තස්මිං බ්රහ්මලොකෙති කස්මා ථෙරො තත්ථ අගමාසි? ථෙරස්ස කිර තෙජොධාතුං සමාපජ්ජිත්වා තස්ස බ්රහ්මුනො උපරි නිසින්නං තථාගතං දිස්වා “අට්ඨිවෙධී අයං පුග්ගලො, මයාපෙත්ථ ගන්තබ්බ”න්ති අහොසි, තස්මා අගමාසි. සෙසානං ගමනෙපි එසෙව නයො. සො හි බ්රහ්මා තථාගතස්ස චෙව තථාගතසාවකානඤ්ච ආනුභාවං අදිස්වා අභබ්බො විනයං උපගන්තුං, තෙන සො සන්නිපාතො අහොසි. තත්ථ තථාගතස්ස සරීරතො උග්ගතජාලා සකලබ්රහ්මලොකං අතික්කමිත්වා අජටාකාසෙ පක්ඛන්දා, තා ච පන ඡබ්බණ්ණා අහෙසුං, තථාගතස්ස සාවකානං ආභා පකතිවණ්ණාව.
පස් වැන්නේ - තෙජො ධාතුං සමාපජ්ජිත්වා යනු තේජෝ කසිණ පරිකර්මය කොට පාදක ධ්‍යානයෙන් නැගී සිට සිරුරෙන් ගිනි දැල් නිකුත් වේවා යි අධිෂ්ඨාන කළ කල්හි අධිෂ්ඨාන චිත්ත ආනුභාවයෙන් සකල ශරීරයෙන් ගිනි දැල් නික්මෙයි. මෙලෙස තේජෝ ධාතුවට සම වැදුනේ නම් වේ. එසේ සම වැදී. තස්මිං බ්රහ්මලොකෙ කුමක් නිසා තෙරුන් වහන්සේ එහි ගියෝ ද? තේජෝ ධාතුවට සම වැදී ඒ බ්‍රහ්මයාටත් ඉහළින් සිටි බුදුන් වහන්සේ දැක මේ පුද්ගලයා අස්ථිවේධියෙකි. මා ද එහි යා යුතු ය යි සිතක් පහළ විය. එහෙයින් ගියෝ ය. සෙසු තෙරවරුන්ගේ ගමන් ගැන ද මේ න්‍යාය ම ය. ඒ බ්‍රහ්මයා තථාගතයන් වහන්සේගේත්, තථාගත ශ්‍රාවකයන්ගේත් ආනුභාවය නො දැක විනයට පැමිණීමට අයෝග්‍ය වූයේ ය; එහෙයින් ඒ සන්නිපාතය විය. එහිදී තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් උද්ගත වූ ගිනි දැල් සකල බ්‍රහ්ම ලෝකය ඉක්මවා අජටාකාශයේ පතිත විය. ඒවා (ගිනි දැල්) ෂඩ්වර්ණ විය. තථාගත ශ්‍රාවකයන්ගේ ප්‍රභාව ප්‍රකෘති වර්ණ ම විය.
පස්සසි වීතිවත්තන්තන්ති ඉමස්මිං බ්රහ්මලොකෙ අඤ්ඤබ්රහ්මසරීරවිමානාලඞ්කාරාදීනං පභා අතික්කමමානං බුද්ධස්ස භගවතො පභස්සරං පභං පස්සසීති පුච්ඡති. න මෙ, මාරිස, සා දිට්ඨීති යා මෙසා, “ඉධාගන්තුං සමත්ථො අඤ්ඤො සමණො වා බ්රාහ්මණො වා නත්ථී”ති පුරෙ දිට්ඨි, නත්ථි මෙ සා. කථං වජ්ජන්ති කෙන කාරණෙන වදෙය්යං. නිච්චොම්හි සස්සතොති ඉමස්ස කිර බ්රහ්මුනො ලද්ධිදිට්ඨි සස්සතදිට්ඨි චාති ද්වෙ දිට්ඨියො. තත්රාස්ස තථාගතඤ්චෙව තථාගතසාවකෙ ච පස්සතො ලද්ධිදිට්ඨි පහීනා. භගවා පනෙත්ථ මහන්තං ධම්මදෙසනං දෙසෙසි. බ්රහ්මා දෙසනාපරියොසානෙ සොතාපත්තිඵලෙ පතිට්ඨහි. ඉතිස්ස මග්ගෙන සස්සතදිට්ඨි පහීනා, තස්මා එවමාහ.
පස්සසි වීතිවත්තන්තං මේ බ්‍රහ්ම ලෝකයෙහි අනික් බ්‍රහ්ම ශරීර - බ්‍රහ්මවිමාන - අලංකාර ආදියෙහි ප්‍රභාව (දීප්තිය) ඉක්මවා යන භාග්‍යවත් භාග්‍යවත් බුදුන් වහන්සේගේ ප්‍රභාස්වර වූ දිප්තිය දකිහි දැයි විමසයි. න මෙ මාරිස සා දිට්ඨි මෙහි පැමිණීමට සමන් අන් ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු නැතැයි යම් දෘෂ්ටියක් මට පෙර තිබිණ ද? (දැන්) එය මට නැත. කථං වජ්ජං කුමන කරුණකින් පවසම් ද? නිච්චොම්හි සස්සතො මේ බ්‍රහ්මයාට ලබ්ධි දෘෂ්ටිය ශාස්වත දෘෂ්ටිය ය දෘෂ්ටි දෙකකි. ලබ්ධි දෘෂ්ටිය තථාගතයන් වහන්සේත් තථාගත ශ්‍රාවකයනුත් දැක්මෙන් ප්‍රහීණ විය. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහත් ධර්ම දේශනයක් පැවැත් වූ සේක. බ්‍රහ්මයා දේශනාවසානයෙහි දී සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. මෙසේ මේ (ආර්ය) මාර්ගයෙන් ශාස්වත දෘෂ්ටිය ප්‍රහීණ විය. එහෙයින් එසේ කී ය.
බ්රහ්මපාරිසජ්ජන්ති බ්රහ්මපාරිචාරිකං. ථෙරානඤ්හි භණ්ඩගාහකදහරා විය බ්රහ්මානම්පි පාරිසජ්ජා බ්රහ්මානො නාම හොන්ති. තෙනුපසඞ්කමාති කස්මා ථෙරස්සෙව සන්තිකං පෙසෙසි? ථෙරෙ කිරස්ස තත්තකෙනෙව කථාසල්ලාපෙන විස්සාසො උදපාදි, තස්මා තස්සෙව සන්තිකං පෙසෙසි අඤ්ඤෙපීති යථා තුම්හෙ චත්තාරො ජනා, කින්නු ඛො එවරූපා අඤ්ඤෙපි අත්ථි, උදාහු තුම්හෙ චත්තාරො එව මහිද්ධිකාති? තෙවිජ්ජාති පුබ්බෙනිවාසදිබ්බචක්ඛුආසවක්ඛයසඞ්ඛාතාහි තීහි විජ්ජාහි සමන්නාගතා. ඉද්ධිපත්තාති ඉද්ධිවිධඤාණං පත්තා. චෙතොපරියායකොවිදාති පරෙසං චිත්තාචාරෙ කුසලා. එවමෙත්ථ පඤ්ච අභිඤ්ඤාපි සරූපෙන වුත්තා. දිබ්බසොතං පන තාසං වසෙන ආගතමෙව හොති. බහූති එවරූපා ඡළභිඤ්ඤා බුද්ධසාවකා බහූ ගණනපථං අතික්කන්තා, සකලං ජම්බුදීපං කාසාවපජ්ජොතං කත්වා විචරන්තීති.
බ්රහ්මපාරිසජ්ජං බ්‍රහ්ම අතවැසියකු, තෙරුන් වහන්සේලාට බඩු ගෙන යන ඇබිත්තයන් මෙන්, බ්‍රහ්මයනට ද ‘අතවැසි බ්‍රහ්ම’ නම් වූවෝ වෙති. තෙනුපසංකමි කුමක් නිසා තෙරුන්ගේ ම අසළට යැවී ද? ඔහුට එපමණ කථා සල්ලාපයකින් ම තෙරුන් කෙරෙහි විශ්වාසයක් හට ගැනිණි. එහෙයින් උන්වහන්සේ සමීපයට යැවී ය. අඤ්ඤෙපි ඔබ වහන්සේලා සතර දෙන යම් සේ ද, ඒ ආකාරයේ තවත් අය වෙත් ද? නැතහොත් ඔබ වහන්සේලා සතර දෙනා පමණක් මහා සෘද්ධිමත් වූවාහු වෙත් ද? තෙවිජ්ජා පුබ්බෙනිවාස - දිබ්බචක්ඛු - ආසවක්ඛය සංඛ්‍යාත වූ විද්‍යා තුනෙන් සමන්විත වූ, ඉද්ධිප්පත්තා ඉද්ධිවිධ ඥානයට පැමිණි, චෙතොපරියායකොවිදා අන්‍යයන්ගේ සිත් හැසිරෙන ආකාරය පිළිබඳ වූ දක්ෂ වූ මෙසේ මෙහි අභිඥා පහ ස්වරූපයෙන් ම කියන ලදි. ‘දිබ්බසෝතය’ ඒවා දැක්වීම වශයෙන් ම ආයේ වෙයි. බහු මේ ආකාරයේ අභිඥා සය ලැබූ බුද්ධශ්‍රාවකයෝ බොහෝ ය. ගණන් ප්‍රමාණය ඉක්මවා යන හෙයින් සකල ජම්බුද්වීපය ම කසාවතින් බබළවමින් සැරිසරත්.
පඤ්චමං.
පස් වැනි සූත්‍රය යි.
6. පමාදසුත්තවණ්ණනා
6. පමාද සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ පච්චෙකං ද්වාරබාහන්ති එකෙකො එකෙකං ද්වාරබාහං නිස්සාය ද්වාරපාලා විය අට්ඨංසු. ඉද්ධොති ඣානසුඛෙන සමිද්ධො. ඵීතොති අභිඤ්ඤාපුප්ඵෙහි සුපුප්ඵිතො. අනධිවාසෙන්තොති අසහන්තො. එතදවොචාති එතෙසං නිම්මිතබ්රහ්මානං මජ්ඣෙ නිසින්නො එතං “පස්සසි මෙ”තිආදිවචනං අවොච.
සය වැන්නේ - පච්චෙකං ද්වාරං බාහං එක් එක් කෙනෙක් එක් එක් දොර පියනක් ඇසුරු කොට දොරටු පාලයන් මෙන් සිටියහ. ඉද්ධො ධ්‍යාන සුඛයෙන් සමෘද්ධිමත් වූයේ ඵිතො අභිඥාපුෂ්පයෙන් මැනවින් පිපුනේ අනධිවාසෙන්තො නො ඉවසමින්, එතදවොච නිර්මාණය කරන ලද (මවන ලද) ඒ බ්‍රහ්මයන් මැද සිටිමින් පස්සසි මෙ ආදි වචන පැවසී ය.
තයො සුපණ්ණාති ගාථාය පඤ්චසතාති සතපදං රූපවසෙන වා පන්තිවසෙන වා යොජෙතබ්බං. රූපවසෙන තාව තයො සුපණ්ණාති තීණි සුපණ්ණරූපසතානි. චතුරො ච හංසාති චත්තාරිහංසරූපසතානි. බුග්ඝීනිසා පඤ්චසතාති බ්යග්ඝසදිසා එකච්චෙ මිගා බ්යග්ඝීනිසා නාම, තෙසං බ්යග්ඝීනිසාරූපකානං පඤ්චසතානි, පන්තිවසෙන තයො සුපණ්ණාති තීණි සුපණ්ණපන්තිසතානි, චතුරො හංසාති චත්තාරි හංසපන්තිසතානි. බ්යග්ඝීනිසා පඤ්චසතාති පඤ්ච බ්යග්ඝීනිසා පන්තිසතානි. ඣායිනොති ඣායිස්ස මය්හං විමානෙ අයං විභූතීති දස්සෙති. ඔභාසයන්ති ඔභාසයමානං. උත්තරස්සං දිසායන්ති තං කිර කනකවිමානං තෙසං මහාබ්රහ්මානං ඨිතට්ඨානතො උත්තරදිසායං හොති. තස්මා එවමාහ. අයං පනස්ස අධිප්පායො – එවරූපෙ කනකවිමානෙ වසන්තො අහං කස්ස අඤ්ඤස්ස උපට්ඨානං ගමිස්සාමීති. රූපෙ රණං දිස්වාති රූපම්හි ජාතිජරාභඞ්ගසඞ්ඛාතං දොසං දිස්වා. සදා පවෙධිතන්ති සීතාදීහි ච නිච්චං පවෙධිතං චලිතං ඝට්ටිතං රූපං දිස්වා. තස්මා න රූපෙ රමති සුමෙධොති යස්මා රූපෙ රණං පස්සති, සදා පවෙධිතඤ්ච රූපං පස්සති, තස්මා සුමෙධො සුන්දරපඤ්ඤො සො සත්ථා රූපෙ න රමතීති.
තයො සුපණ්ණා යන ගාථාවේ පඤ්චසතා රූප රූප වශයෙන් හෝ පන්ති (පේළි) වහයෙන් සියක් පා ඇත්තවුන් යෙදිය යුතු ය. රූප වශයෙන් තයො සුපණ්ණා ගුරුළු රූප තුන් සියයකි. චතුරො ච හංසා හංස රූප හාර සියයක්, ව්‍යග්ඝිනියා පඤ්චසතා ව්‍යාඝ්‍රයන් හා සමාන ඇතැම් මෘගයෝ ‘ව්යග්ඝනියා’ නමි. ඒ ‘ව්‍යග්ඝිනියා’ රූප පන්සියයක් පන්ති වශයෙන් තයො සුපණ්ණා ගුරුළු පන්ති තුන්සියයක්, චතුරො ච හංසා හංස පන්ති හාර සියයක් ව්‍යග්ඝිනියා පඤ්චසතා ව්‍යග්ඝිනියා පන්ති පන්සියයක් ඣායිනො ධ්‍යාන වඩන මගේ විමානයෙහි මේ විභූතිය ද දක්වයි. ඔහාසයං ආලෝක කරමින් උත්තරස්සං දිසායං ඒ කනක විමානය (රන් විමන) ඒ මහා බ්‍රහ්මයන් සිටි තැන සිට උතුරු දිසාවෙහි වේ. එහෙයින් මෙසේ කී ය. එහි අදහස මෙය යි. මෙ බඳු රන් විමනක වසන මම අන් කවරකුගේ උපස්ථානයට යන්නෙම් ද? රූපෙ රණං දිස්වා රූපයෙහි ජාති ජරා භංග සංඛ්‍යාත වූ දෝෂය දැක සදාපවෙධිතං ශීත ආදියෙන් නිතර වේවලන චලනය වන - ගැටෙන රූපය දැක තස්මා න රූපෙ රමති සුමෙධො යම් සෙයකින් රූපයෙහි දෝෂය දකියි ද සෑම දා සෙළවෙන (කම්පිත වන) රූපය දකී ද එහෙයින් ‘සුමෙධො’ සුන්දර වූ ප්‍රඥාවක් ඇති ඒ බුදුන් වහන්සේ රූපයෙහි නො ඇළෙති.
ඡට්ඨං.
සය වැනි සූත්‍රය යි.
7. කොකාලිකසුත්තවණ්ණනා
7. කොකාලික සූත්‍ර වර්ණනාව
සත්තමෙ අප්පමෙය්යං පමිනන්තොති අප්පමෙය්යං ඛීණාසවපුග්ගලං “එත්තකං සීලං, එත්තකො සමාධි, එත්තකා පඤ්ඤා”ති එවං මිනන්තො. කොධවිද්වා විකප්පයෙති කො ඉධ විද්වා මෙධාවී විකප්පෙය්ය, ඛීණාසවොව ඛීණාසවං මිනන්තො කප්පෙය්යාති දීපෙති. නිවුතං තං මඤ්ඤෙති යො පන පුථුජ්ජනො තං පමෙතුං ආරභති, තං නිවුතං අවකුජ්ජපඤ්ඤං මඤ්ඤාමීති.
සත් වැන්නෙහි - අප්පමෙය්යං පමිණන්තො අප්‍රමෙය්‍ය වූ (මිණිය නො හැකි) ක්ෂීණාශ්රව පුද්ගලයා; මෙපමණ සිල් ය මෙපමණ සමාධි ය, මෙපමණ ප්‍රඥාව යි මෙසේ ප්‍රමාණ කරමින්, කොධ විද්වා විකප්පයෙ කො (කවර) ඉධ (මෙහි) විද්ධා (නුවණැත්තෙක්) ලෝකයෙහි කවර නම් නුවණැත්තෙක් කල්පනා කරයි ද? ක්ෂීණාහ්රවයෙක් ම ක්ෂීණාශ්රවයෙකු ප්‍රමාණ කරමින් කල්පනා කරයි යනු හඟවයි. නිවුතං තං මඤ්ඤෙ යම් පෘථග්ජනයෙක් ඔහු මැණීමට පටන් ගනී ද ඔහු ‘නිවුතං’ (අවකුජ්ජපඤ්ඤ) පහතට හැර වූ බුද්ධිය ඇති කෙනෙකු යි හඟිමි.
සත්තමං.
සත් වැනි සූත්‍රය යි.
8. කතමොරකතිස්සසුත්තවණ්ණනා
8. කතමොරකතිස්ස සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ අකිස්සවන්ති කිස්සවා වුච්චති පඤ්ඤා, නිප්පඤ්ඤොති අත්ථො.
අට වැන්නේ - අකිස්සවං යනු ‘කිස්සවා’ ප්‍රඥාව යි කියනු ලැබේ. ‘ප්‍රඥාව නැත්තේ’ යන අරුත යි.
අට්ඨමං.
අට වැනි සූත්‍රය යි.
9. තුදුබ්රහ්මසුත්තවණ්ණනා
9. තුදුබ්‍රහ්ම සූත්‍ර වර්ණනාව
නවමෙ ආබාධිකොති “සාසපමත්තීහි පීළකාහී”තිආදිනා නයෙන අනන්තරසුත්තෙ ආගතෙන ආබාධෙන ආබාධිකො. බාළ්හගිලානොති අධිමත්තගිලානො. තුරූති කොකාලිකස්ස උපජ්ඣායො තුරුත්ථෙරො නාම අනාගාමිඵලං පත්වා බ්රහ්මලොකෙ නිබ්බත්තො. සො භූමට්ඨකදෙවතා ආදිං කත්වා, “අයුත්තං කොකාලිකෙන කතං අග්ගසාවකෙ අන්තිමවත්ථුනා අබ්භාචික්ඛන්තෙනා”ති පරම්පරාය බ්රහ්මලොකසම්පත්තං කොකාලිකස්ස පාපකම්මං සුත්වා – “මා මය්හං පස්සන්තස්සෙව වරාකො නස්සි, ඔවදිස්සාමි නං ථෙරෙසු චිත්තපසාදත්ථායා”ති ආගන්ත්වා තස්ස පුරතො අට්ඨාසි. තං සන්ධාය වුත්තං “තුරූ පච්චෙකබ්රහ්මා”ති. පෙසලාති පියසීලා. කොසි ත්වං, ආවුසොති නිපන්නකොව කබරක්ඛීනි උම්මීලෙත්වා එවමාහ. පස්ස යාවඤ්ච තෙති පස්ස යත්තකං තයා අපරද්ධං, අත්තනො නලාටෙ මහාගණ්ඩං අපස්සන්තො සාසපමත්තාය පීළකාය මං චොදෙතබ්බං මඤ්ඤසීති ආහ.
නව වැන්නේ - ආබාධිකො “සංසපමත්තීහි පිළකාහි” ‘අබ ඇට පමණ ගඩුවලින්’ (බිබිළිවලින්) ආදී ක්‍රමයට මී ළඟ සූත්‍රයෙහි එන ආබාධයෙන් රෝගාතුර වූයේ. බාළ්හගිලානො දැඩි ලෙස ගිලන් වූයේ, තුදු කෝකාලිකගේ උපාධ්‍යාය තුදු තෙරුන් වහන්සේ අනාගාමි ඵලයට පත් ව බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේ ය. හේ බූමාටු දේවතාවන් ආදීන් කොට, කෝකාලික විසින් අග්‍රශ්‍රාවකයන් හට හි අන්තිම වස්තුවෙන් (පාරාජිකාපත්තියෙන්) දොස් පැවරීමෙන් නුසුදුසු දෙයක් කරන ලදැයි පිළිවෙලින් බ්‍රහ්ම ලෝකය දක්වා පැතුරුණු කෝකාලිකගේ පාප කර්මය අසා, නිවටයා මා බලා සිටියදී ම නො නැසේවා, තෙරුන් කෙරෙහි පැහැදීම් වස් ඔහුට අවවාද කරන්නෙමි යි පැමිණ ඔහු ඉදිරියේ සිටියේ ය. ඒ අරභයා ‘තුදු පච්චෙක බ්රහ්මා’ යි කියන ලදි. පෙසලො ප්‍රියශීලී, කොසි ත්වං ආවුසො වැතිර සිටිමින් ම කබර ඇස් දල්වා මෙසේ කී ය. පස්ස යාචඤ්ච තෙ බලව, ඔබ විසින් යම් පමණ අපරද්ධං (අපරාධයක් කරන ලද ද) තමාගේ නළලෙහි මහා ගඩුව නො දකිමින් අබ ඇට පමණ වූ ගඩු හේතුවෙන් මට දොස් පැවරිය යුතු ය යි සිතහි දැයි කී ය.
අථ නං “අදිට්ඨිප්පත්තො අයං වරාකො, ගිලවිසො විය කස්සචි වචනං න කරිස්සතී”ති ඤත්වා පුරිසස්ස හීතිආදිමාහ.
ඉක්බිති සාවද්‍ය දෘෂ්ටියට පිළිපන් මේ නිවටයා විෂ ගිල්ලකු මෙන් කිසිවකුගේ වචන නො කරන්නේය යි දැන පුරිසස්ස හි යනාදිය කී ය.
තත්ථ කුඨාරීති කුඨාරිසදිසා ඵරුසා වාචා. ඡින්දතීති කුසලමූලසඞ්ඛාතෙ මූලෙයෙව නිකන්තති. නින්දියන්ති නින්දිතබ්බං දුස්සීලපුග්ගලං. පසංසතීති උත්තමත්ථෙ සම්භාවෙත්වා ඛීණාසවොති වදති.
එහි කුඨාරි කෙටේරිය බඳු පරුෂ වචන; ඡින්දති කුශල මූල සංඛ්‍යාත මුල් ම සිඳින්නේ ය. නින්දියං නින්දා කටයුතු දුශ්ශීල පුද්ගලයා, පසංසති උත්තමාර්ථයෙහි සම්භාවනා කොට (ගරු කොට) ක්ෂීණාශ්රව යි කියයි.
තං වා නින්දති යො පසංසියොති, යො වා පසංසිතබ්බො ඛීණාසවො, තං අන්තිමවත්ථුනා චොදෙන්තො “දුස්සීලො අය”න්ති වදති. වචිනාති මුඛෙන සො කලින්ති, සො තං අපරාධං මුඛෙන විචිනාති නාම. කලිනා තෙනාති තෙන අපරාධෙන සුඛං න වින්දති. නින්දියපසංසාය හි පසංසියනින්දාය ච සමකොව විපාකො.
තං වා නින්දති යො පසංසියො යම් ක්ෂීණාශ්රවයෙක් ප්‍රශංසා කටයුත්තේ ද උන්වහන්සේට පාරාජිකාපත්තියෙන් චෝදනා කරමින් මොහු දුශ්ශීලයෙකි යි කියයි ද, විචිනාති මුඛෙන සො කලිං හේ ඒ අපරාධය මුවෙන් රැස් කරයි නමි. කලිනා තෙන ඒ අපරාධයෙන්, සුඛං න වින්දති නින්දා කළ යුත්තහුට ප්‍රශංසා කිරීමෙනුත් ප්‍රශංසා කළයුත්තහුට නින්දා කිරීමෙනුත් විපාකය සමාන ම ය.
සබ්බස්සාපි සහාපි අත්තනාති සබ්බෙන සකෙනපි අත්තනාපි සද්ධිං යො අක්ඛෙසු ධනපරාජයො නාම, අයං අප්පමත්තකො අපරාධො. යො සුගතෙසූති යො පන සම්මග්ගතෙසු පුග්ගලෙසු චිත්තං පදුස්සෙය්ය, අයං චිත්තපදොසොව තතො කලිතො මහන්තතරො කලි.
සබ්බස්සාපි සහාපි අත්තනා තමනුත් සමඟ තමාට අයත් සියල්ල ඇතුළු ව දූ කෙළියෙහි දී (ලබන) ධන පරාජය නම් වූ මෙය අල්පමාත්‍ර අපරාධයකි. යො සුගතෙසු යමෙක් නිවැරදි මාවතෙහි ගිය පුද්ගලයන් කෙරෙහි සිත දූෂණය කර ගන්නේ ද එය සිත දූෂ්‍ය කිරීමක් ම ය. එයින් කරන ලද අපරාධ මහත් ම අපරාධයකි.
ඉදානි තස්ස මහන්තතරභාවං දස්සෙන්තො සතං සහස්සානන්තිආදිමාහ. තත්ථ සතං සහස්සානන්ති නිරබ්බුදගණනාය සතසහස්සං. ඡත්තිංසතීති අපරානි ඡත්තිංසති නිරබ්බුදානි. පඤ්ච චාති අබ්බුදගණනාය පඤ්ච අබ්බුදානි. යමරියගරහීති යං අරියෙ ගරහන්තො නිරයං උපපජ්ජති, තත්ථ එත්තකං ආයුප්පමාණන්ති.
දැන් එහි වඩාත් මහත් බැව් දක්වමින් ‘සතං සහස්සානං’ ආදිය පැවසී ය. එහි සතං සහස්සානං නිරබ්බුද ගණනින් ලක්ෂයකි. ඡත්තිංසති තවත් නිරබ්බුද තිස් හයකි. පඤ්ච ච අබ්බුද ගණනින් අබ්බුදාති අර්බුද පහකි. යමරියගරහී ආර්යයන් හට ගරහන්නේ යම් නිරයක උපදී ද එහි මෙපමණ ආයු ප්රමාණයකි.
නවමං.
නව වැනි සූත්‍රය යි.
10. දුතියකොකාලිකසුත්තවණ්ණනා
10. දුතියකොකාලික සූත්‍ර වර්ණනාව
දසමෙ කොකාලිකො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමීති, කො අයං කොකාලිකො, කස්මා ච උපසඞ්කමි? අයං කිර කොකාලිකරට්ඨෙ කොකාලිකනගරෙ කොකාලිකසෙට්ඨිස්ස පුත්තො පබ්බජිත්වා පිතරා කාරාපිතෙ විහාරෙ පටිවසති චූළකොකාලිකොති නාමෙන, න දෙවදත්තස්ස සිස්සො. සො හි බ්රාහ්මණපුත්තො මහාකොකාලිකො නාම. භගවති පන සාවත්ථියං විහරන්තෙ ද්වෙ අග්ගසාවකා පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සද්ධිං ජනපදචාරිකං චරමානා උපකට්ඨාය වස්සූපනායිකාය විවෙකාවාසං වසිතුකාමා තෙ භික්ඛූ උය්යොජෙත්වා අත්තනො පත්තචීවරමාදාය තස්මිං ජනපදෙ තං නගරං පත්වා තං විහාරං අගමංසු. තත්ථ නෙසං කොකාලිකො වත්තං දස්සෙසි. තෙ තෙන සද්ධිං සම්මොදිත්වා, “ආවුසො, මයං ඉධ තෙමාසං වසිස්සාම, මා කස්සචි ආරොචෙහී”ති පටිඤ්ඤං ගහෙත්වා වසිංසු. වසිත්වා පවාරණාදිවසෙ පවාරෙත්වා, “ගච්ඡාම මයං, ආවුසො”ති කොකාලිකං ආපුච්ඡිංසු. කොකාලිකො “අජ්ජෙකදිවසං, ආවුසො, වසිත්වා ස්වෙ ගමිස්සථා”ති වත්වා දුතියදිවසෙ නගරං පවිසිත්වා මනුස්සෙ ආමන්තෙසි – “ආවුසො, තුම්හෙ අග්ගසාවකෙ ඉධාගන්ත්වා වසමානෙපි න ජානාථ, න නෙ කොචි පච්චයෙනාපි නිමන්තෙතී”ති. නගරවාසිනො, “කහං, භන්තෙ, ථෙරා, කස්මා නො න ආරොචයිත්ථා”ති? කිං ආවුසො ආරොචිතෙන, කිං න පස්සථ ද්වෙ භික්ඛූ ථෙරාසනෙ නිසීදන්තෙ, එතෙ අග්ගසාවකාති. තෙ ඛිප්පං සන්නිපතිත්වා සප්පිඵාණිතාදීනි චෙව චීවරදුස්සානි ච සංහරිංසු.
දස වැන්නේ - කොකාලිකො භික්ඛූ යෙන භගවා තෙනුපසංකමි මේ කෝකාලික කවු ද? කුමක් නිසා පැමිණියේ ද? මෙතෙමේ කෝකාලික රටේ කෝකාලික නගරයෙහි කෝකාලික සිටුගේ පුතා ය. පැවිදි ව පියා විසින් කරවන ලද විහාරයෙහි නමින් වසයි. චුල්ලකෝකාලික දේවදත්තගේ ශිෂ්‍යයා නො වේ. ඔහු බ්‍රාහ්මණ පුත්‍ර වූ මහාකෝකාලික නමි. භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි දෑගසවුවෝ පන්සියයක් පමණ භික්ෂූන් සමග ජනපදචාරිකාවේ යෙදෙන සේක් වස්කාලය ළංවුණු හෙයින් විවේක සුවයෙන් විසීමට කැමැත්තේ ඒ භික්ෂූන් පිටත් කර යවා තම පාත්‍ර සිවුරු ගෙන ඒ ජනපදයෙහි ඒ නගරයට පිවිස ඒ විහාරයට වැඩියහ. එහි දී උන්වහන්සේලාට කෝකාලික තෙමේ ආචාර දැක්වී ය. උන්වහන්සේලා ඔහු සමග සතුටු සිත් ඇති ව ඇවැත්නිහ, අපි මෙහි තෙමසක් වසන්නෙමු. කිසිවෙකුට නො දන්වනු මැනවි යි පොරොන්දුවක් ගෙන විසූහ. වැස, පවාරණ දිනයෙහි පවාරණය කොට, ඇවැත්නි, අපි යමු’ යි කෝකාලික විමසූහ. කෝකාලික තෙම, ඇවැත්නි අද (මෙහි) එක දවසක් වැස හෙට යනු මැනවි’ කියා කියා දෙවන දවසේ නගරයට පිවිස මිනිසුන් ආමන්ත්‍රණය කළේ ය. ‘පින්වත්නි ඔබලා අගසව්වන් මෙහි පැමිණ වසන බැව් නො දන්නහු, කිසිවෙක් උන්වහන්සේලාට ප්‍රත්‍යයෙන් වත් ආරාධනය නො කරයි.” නගර වාසීහු “තෙරුන් වහන්සේලා කොහි ද? කුමක් නිසා අපට නොදැන්වූයෙහි ද?” “පින්වත්නි, දැන්වීමක් කුමට ද? භික්ෂූන් වහන්සේලා දෙනම තෙරුන්ගේ ආසනවල සිටිනු නො පෙනේ ද? මේ අග්‍රශ්‍රාවකයෝ ය” ඔවුහු වහා රැස් ව ගිතෙල් පැණි ආදියත් සිවුරු වස්ත්‍රත් ගෙනාහ.
කොකාලිකො චින්තෙසි – “පරමප්පිච්ඡා අග්ගසාවකා පයුත්තවාචාය උප්පන්නං ලාභං න සාදියිස්සන්ති, අසාදියන්තා ‘ආවාසිකස්ස දෙථා’ති වක්ඛන්තී”ති. තං තං ලාභං ගාහාපෙත්වා ථෙරානං සන්තිකං අගමාසි. ථෙරා දිස්වාව “ඉමෙ පච්චයා නෙව අම්හාකං, න කොකාලිකස්ස කප්පන්තී”ති පටික්ඛිපිත්වා පක්කමිංසු.
කෝකාලික තෙම (මෙසේ) සිතී ය: අග්‍රශ්‍රාවකයෝ බෙහෙවිාන් ම අල්පේච්ඡ වූවෝ ය. (වැරදි ලෙස) පාවිච්චි කළ වචන මගින් ලබාගත් ලාභය භුක්ති නො විඳිති. භුක්ති නො විඳිමින් ආවාසයෙහි වසන්නාට දෙනු මැනවියි කියත් යයි ඒ ලාභය (තමන්ට) අත් කරවා ගෙන තෙරවරුන් සමීපයට ගියේ ය. තෙරුන් වහන්සේලා මේ ප්‍රත්‍යය අපට වත් කෝකාලිකට වත් කැප නැතැයි ප්‍රතික්ෂේප කොට වැඩියහ.
කොකාලිකො “කථං හි නාම අත්තනා අගණ්හන්තා මය්හම්පි අදාපෙත්වා පක්කමිස්සන්තී”ති? ආඝාතං උප්පාදෙසි. තෙපි භගවතො සන්තිකං ගන්ත්වා භගවන්තං වන්දිත්වා පුන අත්තනො පරිසං ආදාය ජනපදචාරිකං චරන්තා අනුපුබ්බෙන තස්මිං රට්ඨෙ තමෙව නගරං පච්චාගමිංසු. නාගරා ථෙරෙ සඤ්ජානිත්වා සහ පරික්ඛාරෙහි දානං සජ්ජිත්වා නගරමජ්ඣෙ මණ්ඩපං කත්වා දානං අදංසු, ථෙරානඤ්ච පරික්ඛාරෙ උපනාමෙසුං. ථෙරා භික්ඛුසඞ්ඝස්ස නිය්යාදයිංසු.
කෝකාලික තෙම කෙසේ නම් තමනුත් නො ගෙන අපටත් නො දෙවා යත් දැයි වෛරයක් ඇති කර ගත්තේ ය. උන්වහන්සේලා ද භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ යළි තම පිරිස රැගෙන ජනපද චාරිකාවෙහි යෙදෙන්නාහු අනුපිළිවෙලින් ඒ රටේ ඒ නගරයට ම පෙරළා පැමිණියහ. නගර වැසියෝ තෙරුන් හැඳින ගෙන පිරිකරත් සමග දන් සාදා නගරය මැද මණ්ඩපයක් කොට දන් දුන්හ. තෙරවරුන්ට පිරිකර ද පිරිනැමූහ. තෙරවරු භික්ෂුසංඝයාට පවරා දුන්හ.
තං දිස්වා කොකාලිකො චින්තෙසි – “ඉමෙ පුබ්බෙ අප්පිච්ඡා අහෙසුං, ඉදානි පාපිච්ඡා ජාතා, පුබ්බෙපි අප්පිච්ඡසන්තුට්ඨපවිවිත්තසදිසා මඤ්ඤෙ”ති ථෙරෙ උපසඞ්කමිත්වා, “ආවුසො, තුම්හෙ පුබ්බෙ අප්පිච්ඡා විය, ඉදානි පන පාපභික්ඛූ ජාතා”ති වත්වා “මූලට්ඨානෙයෙව නෙසං පතිට්ඨං භින්දිස්සාමී”ති තරමානරූපො නික්ඛමිත්වා සාවත්ථිං ගන්ත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. අයමෙව කොකාලිකො ඉමිනා ච කාරණෙන උපසඞ්කමීති වෙදිතබ්බො.
ඒ දැක කෝකාලික මෙසේ සිතී ය: මේ අය පෙර අල්පේච්ඡ වූහ. දැන් පාපී අදහස් ඇත්තාහු ය. පෙර දීත් අල්පේච්ඡ සන්තෝෂයෙන් වෙන්වූවා හා සමාන යයි සිතමි යි තෙරුන් වෙත පැමිණ, ඇවැත්නි, ඔබ වහන්සේලා පෙර අල්පේච්ඡ වගේ (සිට) දැන් පාපි භික්ෂූන් වී ඇතැයි කියා ඔවුන්ගේ ප්‍රතිෂ්ඨාව මුලින් ම බිඳින්නෙමි යි වහ වහා නික්මී සැවැත් නුවරට ගොස් බුදුන් වහන්සේ යම් තැනක ද එතැනට පැමිණියේ ය. මේ කෝකාලික තෙමේ මේ කරුණින් ද ළඟට පැමිණිායේ යි දත යුතු ය.
භගවා තං තුරිතතුරිතං ආගච්ඡන්තං දිස්වාව ආවජ්ජෙන්තො අඤ්ඤාසි – “අයං අග්ගසාවකෙ අක්කොසිතුකාමො ආගතො”ති. “සක්කා නු ඛො පටිසෙධෙතු”න්ති ච ආවජ්ජෙන්තො, “න සක්කා පටිසෙධෙතුං, ථෙරෙසු අපරජ්ඣිත්වා කාලඞ්කතො එකංසෙන පදුමනිරයෙ නිබ්බත්තිස්සතී”ති දිස්වා, “සාරිපුත්තමොග්ගල්ලානෙපි නාම ගරහන්තං සුත්වා න නිසෙධෙතී”ති වාදමොචනත්ථං අරියූපවාදස්ස ච මහාසාවජ්ජභාවදස්සනත්ථං මා හෙවන්ති තික්ඛත්තුං පටිසෙධෙසි. තත්ථ මා හෙවන්ති මා එවං අභණි. සද්ධායිකොති සද්ධාය ආකරො පසාදාවහො සද්ධාතබ්බවචනො වා. පච්චයිකොති පත්තියායිතබ්බවචනො.
භාග්‍යවතුන් වහන්සේ වහ වහා එන ඔහු දැකීමෙන් ම මොහු අග්රශ්රාවකයනට ආක්‍රෝශ කිරීමට කැමැත්තෙන් පැමිණියේ ය යි දැන ගත්හ. වැළැක්වීමට හැක්කේ වේ දැයි විමසන සේක්, වැළැක්වීමට නො හැකි ය, තෙරුන් හට අපරාධයක් කොට පැමිණියේ ඒකාන්තයෙන් ම පද්ම නිරයෙහි උපදින්නේ යැයි දැක සැරියුත්මුගලන් හට පවා අනෙකෙකු ගරහනු අසා නො වළක්වතියි (යන) චෝදනාවෙන් මිදෙනු පිණිස ආර්ය උපවාදයේ මහත් සාවද්‍ය බව දක්වනු පිණිස මා හෙවං යි තෙවරක් වැළැක්වූ සේක. එහි මාහෙවං එසේ නො කියනු සද්ධායිකො ශ්‍රද්ධාව පමුණුවන, ප්‍රසාදය ගෙන එන, ඇදහිය යුතු වචන ඇත්තේ හෝ;
පක්කාමීති කම්මානුභාවෙන චොදියමානො පක්කාමි. ඔකාසකතං හි කම්මං න සක්කා පටිබාහිතුං, තං තස්ස තත්ථ ඨාතුං න අදාසි. අචිරපක්කන්තස්සාති පක්කන්තස්ස සතො න චිරෙනෙව. සබ්බො කායො ඵුටො අහොසීති කෙසග්ගමත්තම්පි ඔකාසං ආවජ්ජෙත්වා සකලසරීරං අට්ඨීනි භින්දිත්වා උග්ගතාහි පීළකාහි අජ්ඣොත්ථටං අහොසි. යස්මා පන බුද්ධානුභාවෙන තථාරූපං කම්මං බුද්ධානං සම්මුඛීභාවෙ විපාකං න දෙති, දස්සනූපචාරෙ විජහිතමත්තෙ දෙති, තස්මා තස්ස අචිරපක්කන්තස්ස පීළකා උට්ඨහිංසු. කලායමත්තියොති චණකමත්තියො. බෙලුවසලාටුකමත්තියොති තරුණබෙලුවමත්තියො. (බිල්ලමත්තියොති මහාබෙලුවමත්තියො.) පභිජ්ජිංසූති භිජ්ජිංසු. තාසු භින්නාසු සකලසරීරං පනසපක්කං විය අහොසි. සො පක්කෙන ගත්තෙන ජෙතවනද්වාරකොට්ඨකෙ විසගිලිතො මච්ඡො විය කදලිපත්තෙසු සයි. අථ ධම්මසවනත්ථං ආගතාගතා මනුස්සා – “ධි කොකාලික, ධි කොකාලික, අයුත්තමකාසි, අත්තනොයෙව මුඛං නිස්සාය අනයබ්යසනං පත්තො”ති ආහංසු. තෙසං සුත්වා ආරක්ඛදෙවතා ධි-කාරං අකංසු. ආරක්ඛකදෙවතානං ආකාසදෙවතාති ඉමිනා උපායෙන යාව අකනිට්ඨභවනා එකධිකාරො උදපාදි. අථස්ස උපජ්ඣායො ආගන්ත්වා ඔවාදං අගණ්හන්තං ඤත්වා ගරහිත්වා පක්කාමි.
පච්චයිකො විශ්වාස කටයුතු වචන ඇත්තේ අචිරපක්කන්තස්ස බැහැර ගිය නොබෝ වේලාවකින් ම සබ්බොකායො ඵුටො අහොසි කෙසග මාත්‍රයක පවා ඉඩක් නො තබා සකල ශරීරය ම ඇට බිඳී උද්ගත වූ බිබිලිවලින් පැතිරී ගියේ ය. යම් හෙයකින් බුද්ධානුභාවයෙන් එම ආකාරයේ කර්මයක් බුදුවරුන්ගේ ඉදිරියේ විපාක නො දෙයි ද, දර්ශන උපචාරය (පෙනීම) පහවුණු පමණින් (විපාක) දෙයි. එහෙයින් බැහැර ගිය නො බෝ වේලාවකින් ඔහුට පිළිකා (බිබිලි) හට ගත්තේ ය. කුමක් නිසා පිටත් ව ගියේ ද? කර්මානුභාවයෙන් චෝදනා කරනු ලබන්නේ ගියේ ය. අවස්ථාව ලද කර්මය වැළැක්වීමට නො හැක්කේ ම ය. එය ඔහුට එහි සිටීමට (ඉඩ) නො දුන්නේ ය. කලායමත්තියො කඩල පමණ වූ; බෙලුවසලාටුකමත්තියො ළපටි බෙලි පමණ වූ, පභිජ්ජිංසු - භිජ්ජිංසු (බිඳුනහ) ඒවා බිඳණු විට (පිපිරුණු විට) සකල ශරීරය කොස් ගෙඩියක් මෙන් විය. හේ කුණු වූ ශරීරයෙන් යුතු ව ජේතවන දොරටුවෙහි විෂ ගිලින ලද මත්ස්‍යයකු මෙන් කෙසෙල් කොළවල නිදා ගත්තේ ය. ඉක්බිති ධර්මශ්රවණය සඳහා පැමිණි පැමිණි මිනිස්සු ‘චී කෝකාලිය, චී කෝකාලිය, නුසුදුස්සක් කළෙහි ය. තමන්ගේ කට නිසා බොහෝ විපතට පත් වූයේ ය යි කීහ. ඔවුන්ගේ (ප්‍රකාශය) අසා ආරක්ෂක දේවතාවෝ ‘ධික්කාරය’ (චී හඬ) නගා ලූහ. ආරක්ෂක දේවතාවන්ගේ (හඬ අසා) අහසේ සිටින දෙවියෝ ය යන මේ ආකාරයට අකනිටා භවන දක්වා එක ම ධික්කාරය හට ගත්තේ ය. ඉක්බිති ඔහුගේ උපාධ්‍යාය තැන පැමිණ අවවාද නො (පිළි) ගන්නා බැව් දැන ගරහා පිට ව ගියේ ය.
කාලමකාසීති උපජ්ඣායෙ පක්කන්තෙ කාලමකාසි. පදුමං නිරයන්ති පාටියෙක්කො පදුමනිරයො නාම නත්ථි, අවීචිමහානිරයම්හියෙව පන පදුමගණනාය පච්චිතබ්බෙ එකස්මිං ඨානෙ නිබ්බත්ති.
කාලමකාසි උපාධ්‍යායන් පිට ගිය කල කාලක්‍රියා කළේ ය. පදුම නිරයං වෙන් වූ (වෙන ම) පද්ම නිරයක් නම් නැත. අවීචි මහා නිරයෙහි ම පද්ම ගණනට පැසිය යුතු එක් ස්ථානයක උපන්නේ ය.
වීසතිඛාරිකොති මාගධකෙන පත්ථෙන චත්තාරො පත්ථා කොසලරට්ඨෙ එකපත්ථො හොති, තෙන පත්ථෙන චත්තාරො පත්ථා ආළ්හකං, චත්තාරි ආළ්හකානි දොණං, චතුදොණා මානිකා, චතුමානිකා ඛාරී, තාය ඛාරියා වීසතිඛාරිකො. තිලවාහොති මාගධකානං සුඛුමතිලානං තිලසකටං. අබ්බුදො නිරයොති අබ්බුදො නාම පාටියෙක්කො නිරයො නත්ථි. අවීචිම්හියෙව පන අබ්බුදගණනාය පච්චිතබ්බට්ඨානස්සෙතං නාමං. නිරබ්බුදාදීසුපි එසෙව නයො.
වීසතිඛාරිකො මගධ නැළියෙන් නැළිසතරක් කොසොල් රටේ එක නැළියක් වේ. ඒ නැළියෙන් නැළිසතරක් “ආළ්හක” (ලාභ) වේ. ලාභ සතරක් දෝණයක් වේ. දෝණ සතරක් ‘මාණිකා’ එකකි. මාණිකා සතරක් ‘ඛාරි’ ය. ඒ ඛාරියෙන් ඛාරි විස්සක්; තිලවාහො මගධ රටේ සියුම් තලවලින් තල කරත්තයක්, අබ්බුදො නිරයො අබ්බුද නම් වෙන ම නිරයක් නම් නැත. අවීචියෙහි ම අබ්බුද ගණනින් පැසිය යුතු ස්ථානයට මේ නම් වේ. නිරබ්බුද ආදියෙහි ද මේ පිළිවෙළ ම ය.
වස්සගණනාපි පනෙත්ථ එවං වෙදිතබ්බා – යථෙව හි සතං සතසහස්සානි කොටි හොති, එවං සතං සතසහස්සකොටියො පකොටි නාම හොති, සතං සතසහස්සපකොටියො කොටිපකොටි නාම, සතං සතසහස්සකොටිපකොටියො නහුතං, සතං සතසහස්සනහුතානි නින්නහුතං, සතං සතසහස්සනින්නහුතානි එකං අබ්බුදං, තතො වීසතිගුණං නිරබ්බුදං. එසෙව නයො සබ්බත්ථාති.
එහි වර්ෂ ගණනින් මෙසේ දත යුතු ය. යම් සේ ශත සහස්ර (ලක්ෂ) සියයක් කෝටියක් වේ ද, ශත සහස්ර කෝටි සියයක් ප්‍රකෝටි නම් වේ. ප්‍රකෝටි ශත සහස්ර සියයක් කෝටි ප්‍රකෝටි නම් වේ. ශත සහස්ර ප්‍රකෝටි සියයක් නහුතයක් වේ. ශත සහස්ර නහුත සියයක් නින්නහුතයකි. ශත සහස්ර නින්නහුත සියයක් එක් අර්බුදයයකි. එයින් විසි ගුණයක් නිරබ්බුද ය. සෑම තන්හි ම මේ පිළිවෙල ය.
දසමං.
දස වැනි සූත්‍රය යි.
පඨමො වග්ගො.
ප්‍රථම වර්ගය නිමියේ ය.