ගාරවසුත්තං
6. 1. 2.
6. 1. 2.
ගාරවසුත්තං.
ගාරව සූත්‍රය
173. එවං මෙ සුතං: එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්රොධමූලෙ පඨමාභිසම්බුද්ධො.
173. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදුව පළමු කොට උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා ගංතෙර අජපල් නුගරුකමුල වැඩ වසන සේක.
අථ ඛො භගවතො රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: දුක්ඛං ඛො අගාරවො විහරති අප්පතිස්සො. කන්නු ඛ්වාහං සමණං වා බ්රාහ්මණං වා සක්කත්වා ගරු කත්වා උපනිස්සාය විහරෙය්යන්ති.
එකල්හි එකලා ව චිත්තවිවේකයෙන් හුන් භාග්‍යවතුන් වහන්සේට කිසිවකු ගුරුතන්හි නො තබා කිසිවකු දෙටු තන්හි නො තබා වසන්නේ දුකසේ වෙසෙයි. මම කවර මහණෙකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් දැ යි මෙබඳු චිත්තවිතර්කයෙක් පහළ විය.
අථ ඛො භගවතො එතදහොසි: අපරිපුණ්ණස්ස ඛො සීලක්ඛන්ධස්ස පාරිපූරියා අඤ්ඤං සමණං වා බ්රාහ්මණං වා සක්කත්වා ගරු කත්වා උපනිස්සාය විහරෙය්යං, න ඛො පනාහං පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අත්තනා සීලසම්පන්නතරං අඤ්ඤං සමණං වා බ්රාහ්මණං වා යමහං සක්කත්වා ගරු කත්වා උපනිස්සාය විහරෙය්යන්ති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මේ අදහස විය. නොපිරිපුන් සීලක්ඛන්ධය පිරීම පිණිස අන් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් ද, (එසේ) මම යමකු සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් නම් තමහට වැඩිතරම් සීලසම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි මම නො දකිමි.
අපරිපුණ්ණස්ස ඛො සමාධික්ඛන්ධස්ස පාරිපූරියා -පෙ- අත්තනා සමාධිසම්පන්නතරං අඤ්ඤං සමණං වා බ්රාහ්මණං වා, යමහං සක්කත්වා ගරු කත්වා උපනිස්සාය විහරෙය්යන්ති.
නො පිරිපුන් සමාධික්ඛන්ධය පිරීම පිණිස … මම යමකු සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් නම් තමහට වැඩි තරම් සමාධි සම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ …
අපරිපුණ්ණස්ස ඛො පඤ්ඤාක්ඛන්ධස්ස පාරිපූරියා -පෙ- අත්තනා පඤ්ඤාසම්පන්නතරං අඤ්ඤං සමණං වා බ්රාහ්මණං වා, යමහං සක්කත්වා ගරු කත්වා උපනිස්සාය විහරෙය්යන්ති.
නො පිරිපුන් පඤ්ඤාක්ඛන්ධය පිරීම පිණිස ... මම යමකු සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් තමහට වැඩි තරම් ප්‍රඥා සම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ …
අපරිපුණ්ණස්ස ඛො විමුත්තික්ඛන්ධස්ස පාරිපූරියා -පෙ- අත්තනා විමුත්තිසම්පන්නතරං අඤ්ඤං සමණං වා බ්රාහ්මණං වා, යමහං සක්කත්වා ගරු කත්වා උපනිස්සාය විහරෙය්යන්ති.
නොපිරිපුන් විමුක්තිස්කන්ධය පුරාලීම පිණිස ... මම යමකු සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් නම් තමහට වැඩිතරම් විමුක්තිසම්පන්න වූ අන් මහණකු හෝ බමුණකු හෝ …
අපරිපුණ්ණස්ස ඛො විමුත්තිඤාණදස්සනක්ඛන්ධස්ස පාරිපූරියා අඤ්ඤං සමණං වා බ්රාහ්මණං වා සක්කත්වා ගරු කත්වා උපනිස්සාය විහරෙය්යං, න ඛො පනාහං පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අත්තනා විමුත්තිඤාණදස්සනසම්පන්නතරං අඤ්ඤං සමණං වා බ්රාහ්මණං වා යමහං සක්කත්වා ගරු කත්වා උපනිස්සාය විහරෙය්යං. යන්නූනාහං ය්වායං ධම්මො මයා අභිසම්බුද්ධො තමෙව ධම්මං සක්කත්වා ගරු කත්වා උපනිස්සාය විහරෙය්යන්ති.
නොපිරිපුන් විමුත්තිඤාණදස්සනක්ඛන්ධය පුරාලීම පිණිස අන් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වෙසෙන්නෙම් (එසේ) මම යමකු සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් නම් තමහට වැඩිතරම් විමුත්තිඤාණදස්සන සම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවියන් සහිත ප්‍රජායෙහි මම නොදකිමි. යම් ඒ ධර්මයක් මා විසින් මනාකොට අවබෝධ කරණ ලද්දේ ද, ඒ ධර්මය ම සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වෙසෙන්නෙම් නම් මැනවැ යි.
අථ ඛො බ්රහ්මා සහම්පති භගවතො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙවං බ්රහ්මලොකෙ අන්තරහිතො භගවතො පුරතො පාතුරහොසි.
ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ තමසිතින් භාග්‍යවතුන් වහන්සේ චිත්තපරිවිතර්කය දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අත දිගු කරන්නේ හෝ, දිගු කළ ඇත හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම බඹලොව අතුරුදහන් වූසේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ විය.
අථ ඛො බ්රහ්මා සහම්පති එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: එවමෙතං භගවා, එවමෙතං සුගත. යෙපි තෙ භන්තෙ අහෙසුං අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා තෙපි භගවන්තො ධම්මඤ්ඤෙව සක්කත්වා ගරු කත්වා උපනිස්සාය විහරිංසු. යෙපි තෙ භන්තෙ භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා තෙපි භගවන්තො ධම්මඤ්ඤෙව සක්කත්වා ගරු කත්වා උපනිස්සාය විහරිස්සන්ති. භගවාපි භන්තෙ එතරහි අරහං සම්මාසම්බුද්ධො ධම්මඤ්ඤෙව සක්කත්වා ගරු කත්වා උපනිස්සාය විහරතූති. ඉදමවොච බ්රහ්මා සහම්පතී. ඉදං වත්වා අථාපරං එතදවොච:
ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ උතුරුසළුව එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භාග්‍යවතුන් වහන්ස, තෙල එසේ ම ය. සුගතයන් වහන්ස, තෙල එසේ ම ය. වහන්ස, අතීත කාලයෙහි යම් ඒ අර්හත් සම්මාසම්බුදු කෙනෙක් වූ සේක නම් ඒ භාග්‍යවතුන් වහන්සේත් ධර්මය ම සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට විසූ සේක. වහන්ස, අනාගත කාලයෙහි යම් ඒ අර්හත් සම්මාසම්බුදු කෙනෙක් වන සේක් නම් ඒ භාග්‍යවතුන් වහන්සේත් ධර්මය ම සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වෙසෙන සේක්වායි. සහම්පති බ්‍රහ්ම තෙමේ මෙය සැළ කළේ ය. මෙය සැළ කොට යලිත් මෙය ද කීය:
යෙ චබ්භතීතා සම්බුද්ධා යෙ ච බුද්ධා අනාගතා, යො චෙතරහි සම්බුද්ධො බහුන්නං සොකනාසනො.
අතීතකාලික වූ යම් සම්බුදු කෙනෙක් වූ සේක් ද, අනාගතකාලික වූ යම් සම්බුදු කෙනෙක් වන සේක් ද, බොහෝ දෙනාගේ ශෝකය නසන යම් සම්බුදු කෙනෙකුත් දැන් ඇත් ද,
සබ්බෙ සද්ධම්මගරුනො විහංසු විහරන්ති ච, අථොපි විහරිස්සන්ති එසා බුද්ධාන ධම්මතා.
ඒ සියලු බුදුරජානන් වහන්සේ ම සද්ධර්මය ම ගරු කොට ගත්තාහු විසූ සේක. දැන් වසන සේක. වැලිත් (මතු ද) වසන සේක. මේ බුදුවරුන්ගේ ස්වභාව යි.
තස්මා හි අත්ථකාමෙන මහත්තමභිකඞ්ඛතා, සද්ධම්මො ගරුකාතබ්බො සරං බුද්ධානසාසනං.
එහෙයින් වැඩ කැමති මහත්බව පතන්නහු විසින් බුදුසසුන සිහි කරමින් සදහම ගුරු කටයුත්තේ ය.