ආයාචනසුත්තං
6. 1. 1.
6. 1. 1.
ආයාචනසුත්තං
ආයාචන සූත්‍රය
172. එවං මෙ සුතං: එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්රොධමූලෙ පඨමාභිසම්බුද්ධො.
172. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා ගංතෙර අජපල් නුගරුකමුල වැඩ වසන සේක.
අථ ඛො භගවතො රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි. අධිගතො ඛො ම්යායං ධම්මො ගම්භීරො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො. ආලයරාමා ඛො පනායං පජා ආලයරතා ආලයසම්මුදිතා. ආලයරාමාය ඛො පන පජාය ආලයරතාය ආලයසම්මුදිතාය දුද්දසං ඉදං ඨානං යදිදං ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදො. ඉදම්පි ඛො ඨානං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අහඤ්චෙව ඛො පන ධම්මං දෙසෙය්යං. පරෙ ච මෙ න ආජානෙය්යුං. සො මමස්ස කිලමථො සා මමස්ස විහෙසාති.
එකල්හි එකලාව චිත්තවිවේකයෙන් හුන් භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්තපරිවිතර්කයෙක් පහළ විය. මා විසින් අවබෝධ කළ මේ ධර්මය ගැඹුරුය. දුකසේ දැක්ක යුතු ය, දුකසේ අවබෝධ කටයුතුය. ශාන්ත ය. ප්‍රණීත ය. තර්කයෙන් බැසගත නොහැක්ක. සියුම් ය. පණ්ඩිතයන් විසින් දැක්ක යුතු ය. මේ සත්ව සමූහයා (පඤ්චකාමගුණ නමැති) ආලයෙන් බැඳුනේ ය. ආලයෙහි ඇලුනේ ය. ආලයෙහි සතුටු විය. ආලයෙහි බැඳුනු ආලයෙහි ඇලුනු ආලයෙහි සතුටු වූ මේ සත්ව සමූහයා විසින් ඉදප්පච්චයතා පටිච්චසමුප්පාද නම් වූ යම් මේ දහමෙක් වේ ද, එය දුකසේ දැක්ක යුතු ය. සියලු සංස්කාරයන්ගේ සංසිඳීම වූ සියලු උපධිධර්මයන්ගේ දුරලීම වූ තෘෂ්ණාව ක්ෂය කිරීම වූ විරාගය වූ නිරෝධය වූ යම් මේ නිවණෙක් වේ නම් මේ දහම ද දුකසේ දැක්ක යුතුය. මම ද දහම් දෙසන්නෙම් නම් පරහුදු මාගේ ධර්මය දැන නොගන්නාහු නම් ඒ මට කළකිරෙනු වෙයි. ඒ මට වෙහෙසෙක් වෙයි.
අපිස්සුදං භගවන්තං ඉමා අනච්ඡරියා ගාථායො පටිභංසු. පුබ්බෙ අස්සුතපුබ්බා:
තව ද භාග්‍යවතුන් වහන්සේට අනච්ඡරිය වූ (නැවත නැවත ආශ්චර්ය්යාවහ) පෙර නො ඇසූවිරූ මේ ගාථාවෝ වැටහුනහ.
කිච්ඡෙන මෙ අධිගතං හලන්දානි පකාසිතුං, රාගදොසපරෙතෙහි නායං ධම්මො සුසම්බුධො.
මා විසින් දුකසේ අවබෝධ කරණ ලද ධර්මය දැන් පැවසීම නිෂ්ඵල ය. රාග ද්වේෂයෙන් මැඩුනවුන් විසින් මේ දහම සුවසේ අවබෝධ නො කට හැක්ක.
පටිසොතගාමිං නිපුණං ගම්භීරං දුද්දසං අණුං, රාගරත්තා න දක්ඛින්ති තමොක්ඛන්ධෙන ආවුතාති.
රාගයෙන් රත් වූ මොහඳුරෙන් වැසුනු සත්වයෝ උඩුහොයට යන සියුම් ගැඹුරු දුකසේ දතයුතු ඉතා සියුම් මේ දහම නොදකිත්.
ඉති භගවතො පටිසඤ්චික්ඛතො අප්පොස්සුක්කතාය චිත්තං නමති නො ධම්මදෙසනාය.
මෙසේ සලකන භාග්‍යවතුන් වහන්සේගේ සිත මන්දෝත්සාහයට, දහම් නො දෙසීමට නැමෙයි.
අථ ඛො බ්රහ්මුනො සහම්පතිස්ස භගවතො චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය එතදහොසි: නස්සති වත භො ලොකො. විනස්සති වත භො ලොකො යත්ර හි නාම තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස අප්පොස්සුක්කතාය චිත්තං නමති නො ධම්මදෙසනායාති. අථ ඛො බ්රහ්මා සහම්පති සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය. පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව බ්රහ්මලොකෙ අන්තරහිතො භගවතො පුරතො පාතුරහොසි.
එකල්හි තමසිතින් භාග්‍යවතුන් වහන්සේගේ සිත පිරිසිඳ දත් සහම්පති බඹහට මේ අදහස විය. යම් ලොවෙක තථාගත වූ අර්හත් වූ සම්මාසම්බුදුරජානන් වහන්සේගේ සිත මන්දෝත්සාහයට, දහම් නො දෙසීමට නැමේ ද, පින්වත්නි, ඒ ලොව ඒකාන්තයෙන් නැසේ. පින්වත්නි, ඒ ලොව ඒකාන්තයෙන් වැනසේ යි. ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙමේ යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අත දුගු කරන්නේ හෝ, දිගු කළ අත හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම බඹලොව අතුරුදන් වූයේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ විය.
අථ ඛො බ්රහ්මා සහම්පති එකංසං උත්තරාසඞ්ගං කරිත්වා දක්ඛිණජාණුමණ්ඩලං පඨවියං නිහන්ත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: “දෙසෙතු භන්තෙ භගවා ධම්මං දෙසෙතු සුගතො ධම්මං. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා. අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො”ති. ඉදමවොච බ්රහ්මා සහම්පති. ඉදං වත්වා අථාපරං එතදවොච:
ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ උතුරුසළුව එකස්කොට දකුණු දණමඬල බිම හැන භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්සේ දහම් දෙසන සේක්වා. පැණැසෙහි මඳකෙලෙස් රජස් ඇති සත්වයෝ ඇත. දහම් නො අසනබැවින් ඔහු පිරිහෙත්. දහම් අවබෝධ කරනුවෝ වන්නාහ”යි සහම්පති බ්‍රහ්ම තෙමේ මෙය කී ය. මෙය කියා වැලිදු මෙය කී ය.
පාතුරහොසි මගධෙසු පුබ්බෙ ධම්මො අසුද්ධො සමලෙහි චින්තිතො, අවාපුරෙතං අමතස්ස ද්වාරං සුණන්තු ධම්මං විමලෙනානුබුද්ධං.
පෙර මගදදනව්වෙහි මල සහිතයන් විසින් සිතන ලද අශුද්ධධර්මයෙක් පහළ වි ය. මේ නිවන්දොර අරිණු මැනවි. නිර්මලයන් වහන්සේ විසින් අවබෝධ කරණ ලද ධර්මය අසත්වා!
සෙලෙ යථා පබ්බතමුද්ධනිට්ඨිතො යථාපි පස්සෙ ජනතං සමන්තතො, තථූපමං ධම්මමයං සුමෙධ පාසාදමාරුය්හ සමන්තචක්ඛු, සොකාවතිණ්ණං ජනතමපෙතසොකො අවෙක්ඛස්සු ජාතිජරාභිභූතන්ති.
සෙල්මුවා පවුමුදුනෙක්හි සිටියෙක් හාත්පස ජනසමූහයා යම්සේ දක්නේ ද. ප්‍රාඥයන් වහන්ස, සර්වඥ වූ පහ වූ ශෝක ඇති මුබවහන්සේ ද එබඳු දහම්මුවා පහයට නැග ජාතිජරාදුකෙන් වැඩුනු ශෝකයට බට ජනසමූහයා බලන සේක්වා!
උට්ඨෙහි චීර විජිතසඞ්ගාම සත්ථවාහ අනණ විචර ලොකෙ, දෙසස්සු භගවා ධම්මං අඤ්ඤාතාරො භවිස්සන්තීති.
දුනු ඇති වීරයන් වහන්ස, නැගී සිටිනු මැනව. අනෘණ සැහැවි ඇති සාර්‍ත්‍ථවාහයන් වහන්ස, ලොව හැසිරෙණු මැනව. භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක්වා, අවබෝධ කරන්නෝ වන්නාහ.
අථ ඛො භගවා බ්රහ්මුනො ච අජ්ඣෙසනං විදිත්වා සත්තෙසු ච කාරුඤ්ඤතං පටිච්ච බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙසි. අද්දසා ඛො භගවා බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ [අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ]. සෙය්යථාපි නාම උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකානුග්ගතානි අන්තො නිමුග්ගපොසීනි. අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි සමොදකං ඨිතානි. අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකා අච්චුග්ගම්ම ඨිතානි අනුපලිත්තානි උදකෙන. එවමෙවං භගවා බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො අද්දස සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ [අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ]. දිස්වාන බ්රහ්මානං සහම්පතිං ගාථාය පච්චභාසි:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බඹහුගේ ඇරයුම් ද ලැබ සත්වයන් කෙරෙහි කරුණාවත් බවත් නිසා බුදුඇසින් ලොව බලා වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ බුදුඇසින් ලොව බලන සේක් නුවණැස්හි මඳකෙලෙස් රජස් ඇති සත්වයන්ද බොහෝ කෙලෙස් රජස් ඇති සත්වයන් ද තියුණු (ශ්‍රද්ධා ආදී) ඉඳුරන් ඇති සත්වයන් ද මෘදු ඉඳුරන් ඇති සත්වයන්ද (ශ්‍රද්ධා ආදී) උතුම් ආකාර ඇති සත්වයන් ද නපුරු ආකාර ඇති සත්වයන් ද පහසුවෙන් අවබෝධ කරවිය හැකි සත්වයන් ද පහසුවෙන් අවබෝධ කරවිය නොහැකි සත්වයන් ද පරලොව හා වරද භය විසින් දක්නාසුලු ව වසන ඇතැම් සත්වයන් ද පරලොව හා වරද භය විසින් නො දක්නාසුලු ව වසන ඇතැම් සත්වයන් ද දැක වදාළ සේක. යම්සේ උපුල්බෙනෙක හෝ පියුමිළුයෙක හෝ හෙළපියුමිළුයෙක හෝ ඇතැම් උපුල්හු හෝ පියුම්හු හෝ හෙළපියුම් හෝ දියෙහි හටගත්තාහු දියෙහි වඩුනාහු දියෙන් මතු නොවූවාහු දිය ඇතුළත ගිලී වැඩෙන්නාහු වෙද්ද? ඇතැම් උපුල්හු හෝ පියුම්හු හෝ හෙළපියුම්හු හෝ දියෙහි හටගත්තාහු දියෙහි වඩුනාහු දිය මතුපිට සම ව සිටියාහු වෙද්ද, ඇතැම් උපුල්හු හෝ පියුම්හු හෝ හෙළපියුම්හු හෝ දියෙහි වැඩුනාහු දියෙන් උඩට නැගී දියෙන් නො තැවරුණාහු සිටිද් ද, එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ බුදුඇසින් ලොව බලනසේක් අප්පරජක්ඛ සත්වයන් ද, මහාරජක්ඛ සත්වයන් ද, තික්ඛින්ද්රිය සත්වයන් ද, මුදින්ද්රිය සත්වයන් ද, ස්වාකාර සත්වයන් ද , ද්වාකාර සත්වයන් ද, සුවිඤ්ඤාපය සත්වයන් ද, දුවිඤ්ඤාපය සත්වයන් ද, පරලෝකවජ්ජභයදස්සාවී ව වසන ඇතැම් සත්වයන් ද, පරලෝකවජ්ජභයදස්සාවී නො ව වසන ඇතැම් සත්වයන් ද දැක වදාළ සේක. දැක සහම්පති බඹුහට ගාථායෙන් පෙරළා වදාළ සේක.
අපාරුතා තෙසං අමතස්ස ද්වාරා යෙ සොතවන්තො පමුඤ්චන්තු සද්ධං, විහිංසසඤ්ඤී පගුණං න භාසිං ධම්මං පණීතං මනුජෙසු බ්රහ්මෙති.
ඔවුන්ට අමාදොර නොවැසින. යම් කෙනෙක් කන් ඇත්තාහු නම් ශ්‍රද්ධාව මුදත්වා. බ්‍රහ්මය, මිනිසුන් අතර වෙහෙසීම් පමණකැයි යන හැඟීම් ඇත්තෙම් ප්‍රගුණ වූ ප්‍රණීත ධර්මය නො කීයෙමි.
අථ ඛො බ්රහ්මා සහම්පති කතාවකාසො ඛොම්හි භගවතා ධම්මදෙසනායාති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායීති.
ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මදේශනාව පිණිස කරණ ලද අවකාශ ඇත්තෙම් වෙමි යි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් විය.