යෙදුමෙන් කියවන්න

1. ආයාචනසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

1. ආයාචනසුත‍්තවණ‍්ණනා

1. ආයාචන සූත්‍ර වර්ණනාව

බ්‍රහ‍්මසංයුත‍්තස‍්ස පඨමෙ පරිවිතක‍්කො උදපාදීති සබ‍්බබුද‍්ධානං ආචිණ‍්ණසමාචිණ‍්ණො අයං චෙතසො විතක‍්කො උදපාදි. කදා උදපාදීති? බුද‍්ධභූතස‍්ස අට‍්ඨමෙ සත‍්තාහෙ රාජායතනමූලෙ සක‍්කෙන දෙවානමින්‍දෙන ආභතං දන‍්තකට‍්ඨඤ‍්ච ඔසධහරීතකඤ‍්ච ඛාදිත්‍වා මුඛං ධොවිත්‍වා චතූහි ලොකපාලෙහි උපනීතෙ පච‍්චග‍්ඝෙ සෙලමයපත‍්තෙ තපුස‍්සභල‍්ලිකානං පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජිත්‍වා පුන පච‍්චාගන‍්ත්‍වා අජපාලනිග්‍රොධෙ නිසින‍්නමත‍්තස‍්ස.

බ්‍රහ්මසංයුත්තයෙහි පළමු වැන්නෙහි - පරිවිතක්කො උදපාදී සියලු බුදුන් වහන්සේලාට ආචිණ්ණ සමාචිණ්ණ වූ (පුහුණු කල නිතර මනා ලෙස පුහුණු කළ) සිතෙහි වූ මේ සිතිවිල්ල පහළවිය. කෙදිනක පහළ වී ද යත්: බුදු බවට පත් ව අට වැනි සතියෙහි රාජායතන මුලෙහි දෙවියන්ගේ රජු වූ ශක්‍රයා විසින් ගෙනෙන ලද දැහැටි ඔසු අරළු ද විකා මුව දොවා ලෝකපාලකයන් සිවු දෙනා විසින් ගෙනෙන ලද අගනා සෙල්මුවා පාත්‍රයෙහි තපස්සු භල්ලිකයන්ගේ පිණ්ඩපාතය වළඳා, යළිත් ආපසු පැමිණ අජපාල නිග්‍රෝධයෙහි සිටි මොහොතේ ය.

අධිගතොති පටිවිද‍්ධො. ධම‍්මොති චතුසච‍්චධම‍්මො. ගම‍්භීරොති උත‍්තානපටික‍්ඛෙපවචනමෙතං. දුද‍්දසොති ගම‍්භීරත‍්තාව දුද‍්දසො දුක‍්ඛෙන දට‍්ඨබ‍්බො, න සක‍්කා සුඛෙන දට‍්ඨුං. දුද‍්දසත‍්තාව දුරනුබොධො දුක‍්ඛෙන අවබුජ‍්ඣිතබ‍්බො, න සක‍්කා සුඛෙන අවබුජ‍්ඣිතුං. සන‍්තොති නිබ‍්බුතො. පණීතොති අතප‍්පකො. ඉදං ද‍්වයං ලොකුත‍්තරමෙව සන්‍ධාය වුත‍්තං. අතක‍්කාවචරොති තක‍්කෙන අවචරිතබ‍්බො ඔගාහිතබ‍්බො න හොති, ඤාණෙනෙව අවචරිතබ‍්බො. නිපුණොති සණ‍්හො. පණ‍්ඩිතවෙදනීයොති සම‍්මාපටිපදං පටිපන‍්නෙහි පණ‍්ඩිතෙහි වෙදිතබ‍්බො. ආලයරාමාති සත‍්තා පඤ‍්චසු කාමගුණෙසු අල‍්ලීයන‍්ති, තස‍්මා තෙ ආලයාති වුච‍්චන‍්ති. අට‍්ඨසතතණ‍්හාවිචරිතානි වා අල‍්ලීයන‍්ති, තස‍්මාපි ආලයාති වුච‍්චන‍්ති. තෙහි ආලයෙහි රමන‍්තීති ආලයරාමා. ආලයෙසු රතාති ආලයරතා. ආලයෙසු සුට‍්ඨු මුදිතාති ආලයසම‍්මුදිතා. යථෙව හි සුසජ‍්ජිතං පුප‍්ඵඵලභරිතරුක‍්ඛාදිසම‍්පන‍්නං උය්‍යානං පවිට‍්ඨො රාජා තාය තාය සම‍්පත‍්තියා රමති, සම‍්මුදිතො ආමොදිතපමොදිතො හොති, න උක‍්කණ‍්ඨති, සායම‍්පි නික‍්ඛමිතුං න ඉච‍්ඡති, එවමිමෙහිපි කාමාලයතණ‍්හාලයෙහි සත‍්තා රමන‍්ති, සංසාරවට‍්ටෙ සම‍්මුදිතා අනුක‍්කණ‍්ඨිතා වසන‍්ති. තෙන තෙසං භගවා දුවිධං ආලයං උය්‍යානභූමිං විය දස‍්සෙන‍්තො “ආලයරාමා”තිආදිමාහ.

අධිගතො අවබෝධ කරන ලද ධම්මො චතුරාර්ය සත්‍ය ධර්මය ගම්භීරො නො ගැඹුර ප්‍රතික්ෂේප කරන වචනයකි මෙය. දුද්දසො ගැඹුරු බව නිසා ම දැකීමට අපහසු, දුරනුබොධො දුකෙන් (අමාරුවෙන්) අවබෝධ කළ යුතු, පහසුවෙන් අවබෝධ කර ගැනීමට නො හැක්කේ සන්තො නිවුණු පණීතො ප්‍රණීත වූ මේ දෙක ම ලෝකෝත්තර බැව් අරභයා කියන ලදි. අතක්කාවචරො තර්කයෙන් විමසිය යුතු, (නිගමනයට) බැසිය යුතු නො වේ. ඥානයෙන් ම විමසිය යුත්තේ වේ. නිපුණා දක්ෂ පණ්ඩිතවෙදනීයා සම්මා පටිපදාවට පිළිපන් පණ්ඩිතයන් විසින් දත යුතු, ආලයරාමා සත්ත්වයෝ පඤ්චකාම ගුණවල ඇලෙති. එහෙයින් ඔවුහු ‘ආලයා’ යි කියත්. එකසිය අටක් වූ තෘෂ්ණා හැසිරීම්හි හෝ ඇළෙන; එහෙයින් ද ‘ආලයා’ යි කියත්. ඒ ආලයන් මගින් විනෝද වෙති යි ආලයරාමා; ආලයන්හි අනුරාග වූයේ ආලයරතා; ආලයන්හි පිනවන ලදැයි ආලයසම්මුදිතා. යම් සේ මැනවින් සකස් කළ මල් පලවලින් බරවුණු රුක් (ආදියෙන් යුතු) උයනකට පිවිස රජතුමා ඒ සම්පතින් විනෝද වෙයි ද, පිනවීමට පත් ව ආමෝදිත ප්‍රමෝදිත බවට පත් වූයේ වෙයි ද උකටලී නො වී සවස් වී පවා නික්මීමට නො කැමති වෙයි ද, එසේ ම මේ කාමාලය තණ්හාලය සමගින් සත්ත්වයා විනෝද වෙත්. සංසාර වෘත්තයෙහි පිනවූවෝ උකටලී නො වූවෝ ම වසත් ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඔවුනට ආලය දෙයාකාරයකට උයන් බිමක් ලෙස දක්වන්නාහු ‘ආලයරාමා’ යි වදාළ සේක.

තත්‍ථ යදිදන‍්ති නිපාතො, තස‍්ස ඨානං සන්‍ධාය “යං ඉද”න‍්ති, පටිච‍්චසමුප‍්පාදං සන්‍ධාය “යො අය”න‍්ති එවමත්‍ථො දට‍්ඨබ‍්බො. ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පාදොති ඉමෙසං පච‍්චයා ඉදප‍්පච‍්චයා, ඉදප‍්පච‍්චයා එව ඉදප‍්පච‍්චයතා, ඉදප‍්පච‍්චයතා ච සා පටිච‍්චසමුප‍්පාදො චාති ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පාදො. සඞ‍්ඛාරාදිපච‍්චයානං එතං අධිවචනං. සබ‍්බසඞ‍්ඛාරසමථොතිආදි සබ‍්බං නිබ‍්බානමෙව. යස‍්මා හි තං ආගම‍්ම සබ‍්බසඞ‍්ඛාරවිප‍්ඵන්‍දිතානි සමන‍්ති, වූපසම‍්මන‍්ති, තස‍්මා සබ‍්බසඞ‍්ඛාරසමථොති වුච‍්චති. යස‍්මා ච තං ආගම‍්ම සබ‍්බෙ උපධයො පටිනිස‍්සට‍්ඨා හොන‍්ති, සබ‍්බා තණ‍්හා ඛීයන‍්ති, සබ‍්බෙ කිලෙසරාගා විරජ‍්ජන‍්ති, සබ‍්බං දුක‍්ඛං නිරුජ‍්ඣති, තස‍්මා සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හාක‍්ඛයො විරාගො නිරොධොති වුච‍්චති. යා පනෙසා තණ‍්හා භවෙන භවං, ඵලෙන වා සද‍්ධිං කම‍්මං විනති සංසිබ‍්බතීති කත්‍වා වානන‍්ති වුච‍්චති, තතො නික‍්ඛන‍්තං වානතොති නිබ‍්බානං. සො මමස‍්ස කිලමථොති යා අජානන‍්තානං දෙසනා නාම, සො මම කිලමථො අස‍්ස, සා මම විහෙසා අස‍්සාති අත්‍ථො. කායකිලමථො චෙව කායවිහෙසා ච අස‍්සාති වුත‍්තං හොති. චිත‍්තෙ පන උභයම‍්පෙතං බුද‍්ධානං නත්‍ථි. අපිස‍්සූති අනුබ්‍රූහනත්‍ථෙ නිපාතො. සො “න කෙවලං අයං පරිවිතක‍්කො උදපාදි, ඉමාපි ගාථා පටිභංසූ”ති දීපෙති. අනච‍්ඡරියාති අනුඅච‍්ඡරියා. පටිභංසූති පටිභානසඞ‍්ඛාතස‍්ස ඤාණස‍්ස ගොචරා අහෙසුං, පරිවිතක‍්කයිතබ‍්බතං පාපුණිංසු.

එහි යදිදං යනු නිපාතයකි. එහි තැන අරභයා ‘යං ඉදං’ යි ද, පටිච්චසමුප්පාදය අරභයා ‘සො අයං’ යි ද මෙසේ අර්ථ දත යුත්තේ ය. ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදො ‘ඉමෙසං පච්චයා’ (මේවා හේතුවෙන්) = ‘ඉදප්පච්චයා’, ‘ඉදප්පච්චයා’ ම ‘ඉදප්පච්චයතා’, ඒ ‘ඉදප්පච්චයතා’ හා ‘පටිච්චසමුප්පාදො’ = ‘ඉදප්පච්චයතාපටිච්චසමුප්පාදො’, සංස්කාරාදී ප්‍රත්‍යයන්ට මෙය සමාන වචනයකි. සබ්බසංඛාරසමථො ආදී සියල්ල නිවන ය. යම් සේ එහි පැමිණ සියලු සංස්කාරයන්ගේ ගැස්ම (ඇඹරීම්) සමනය වෙත් ද, වූපසමනය වෙත් ද, එහෙයින් සියලු සංස්කාරයන්ගේ සමථය යි කියනු ලැබේ. යම් හෙයකින් ඊට පැමිණි සියලු උපධීහු හැර දැමුවෝ වෙත් ද, සියලු තණ්හා ක්ෂය වේ ද, සියලු කෙළෙස් කහට පහ ව යයි ද, සියලු දුක් නිරුද්ධ වෙයි ද එහෙයින් සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්‍ඛයො විරාගො නිරොධො යි කියනු ලැබේ. යම් ඒ තණ්හාවක් භවයෙන් භවය හෝ ඵලයෙන් ඵලය සමග කර්මයට නැවෙයි (කර්මය) වැළඳ ගනියි (වෙළෙයි) යනුවෙන් “වාණ” යි කියනු ලැබේ. ඒ වාණයෙන් බැහැරවී ය (වෙන් වූයේ ය) යි නිබ්බාණ නමි. සො මමස්ස කිලමථො නො දන්නවුන්ට (කරන) යම් දේශනාවක් වේ ද, එය මගේ ක්ලමථය (තෙහෙට්ටුව) (පිණිස) වන්නේ ය; එය මාගේ වෙහෙස (පිණිස) වන්නේ ය යන අරුත යි. ‘කායක්ලමථය’ (කායික තෙහෙට්ටුව) කාය වෙහෙස ද වන්නේ යයි කියන ලද්දේ වෙයි. බුදුන් වහන්සේලාගේ සිතෙහි මේ දෙක ම නැත. අපිස්සු අනුග්‍රහ කිරීම් අර්ථයේ නිපාතයකි. මේ පරිවිතර්කය උපන්නා පමණක් නොව, මේ ගාථා ප්‍රකාශ කළහ යි ද දක්වා ලයි. අනච්ඡරියා = ‘අනු අච්ඡරියා’ යළි යළිත් ආශ්චර්යවත් වන, පටිභංසු ප්‍රතිභාන (අවබෝධ) සංඛයාත ඥානයට ගෝචර විය. පරිවිතර්ක කළ යුතු (සිතිය යුතු) බවට පත් විය.

කිච‍්ඡෙනාති දුක‍්ඛෙන, න දුක‍්ඛාය පටිපදාය. බුද‍්ධානං හි චත‍්තාරොපි මග‍්ගා සුඛපටිපදාව හොන‍්ති. පාරමීපූරණකාලෙ පන සරාගසදොසසමොහස‍්සෙව සතො ආගතාගතානං යාචකානං අලඞ‍්කතපටියත‍්තං සීසං කන‍්තිත්‍වා ගලලොහිතං නීහරිත්‍වා සුඅඤ‍්ජිතානි අක‍්ඛීනි උප‍්පාටෙත්‍වා කුලවංසප‍්පදීපං පුත‍්තං මනාපචාරිනිං භරියන‍්ති එවමාදීනි දෙන‍්තස‍්ස අඤ‍්ඤානි ච ඛන‍්තිවාදිසදිසෙසු අත‍්තභාවෙසු ඡෙජ‍්ජභෙජ‍්ජාදීනි පාපුණන‍්තස‍්ස ආගමනීයපටිපදං සන්‍ධායෙතං වුත‍්තං. හලන‍්ති එත්‍ථ හ-කාරො නිපාතමත‍්තො, අලන‍්ති අත්‍ථො. පකාසිතුන‍්ති දෙසිතුං, එවං කිච‍්ඡෙන අධිගතස‍්ස අලං දෙසිතුං පරියත‍්තං දෙසිතුං. කො අත්‍ථො දෙසිතෙනාති වුත‍්තං හොති? රාගදොසපරෙතෙහීති රාගදොසඵුට‍්ඨෙහි රාගදොසානුගතෙහි වා.

කිච්ඡෙන දුෂ්කර ප්‍රතිපදාවෙන් බුදුවරුන්ට මාර්ග සතර ම සුවසේ කළ හැකි ප්‍රතිපදාවක් ම වන්නේ ය. පාරමී දහම් පුරන කාලයෙහි සරාග සදෝස, සමෝහ වන හෙයින් පැමිණි පැමිණි යාචකයනට අලංකාර ලෙස සකසන ලද හිස කපා ගෙලෙහි ලේ යවා, මැනවින් අඳුන් තැවරූ ඇස් උගුළුවා, කුලවංශයට පහනක් වූ පුතු, හිතවාදී ව හැසිරෙන බිරිය යන මේ ආදීන් දෙන, තවත් ක්‍ෂාන්තිවාදී හා සමාන ආත්මභාවවලදී කැපීම් බිඳීම් ආදියට පමුණුවන්නහුගේ ආ යුතු ප්‍රතිපදාව අරභයා මෙය කියන ලදි. ‘හලං’ මෙහි ‘හ’ කාරය නිපාත මාත්‍රයකි. ‘අලං’ යන අරුත යි. පකාසිතුං දේශනා කිරීමට, මෙසේ දුක සේ අවබෝධ කර ගත් දේ දේශනා කිරීම පර්යාප්තිය දෙසීම නිෂ්ඵල ය, දේශනා කිරීමෙන් ඇති ඵලය කිම? යි කියන ලදි. රාගදොසපරෙතෙහි රාග ද්වේෂයෙන් මැඩුණු රාග ද්වේෂ අනුගත වූ හෝ

පටිසොතගාමින‍්ති නිච‍්චාදීනං පටිසොතං, “අනිච‍්චං දුක‍්ඛමනත‍්තා අසුභ”න‍්ති එවං ගතං චතුසච‍්චධම‍්මං. රාගරත‍්තාති කාමරාගෙන භවරාගෙන දිට‍්ඨිරාගෙන ච රත‍්තා. න දක‍්ඛන‍්තීති අනිච‍්චං දුක‍්ඛමනත‍්තා අසුභන‍්ති ඉමිනා සභාවෙන න පස‍්සිස‍්සන‍්ති, තෙ අපස‍්සන‍්තෙ කො සක‍්ඛිස‍්සති එවං ගාහාපෙතුං. තමොඛන්‍ධෙන ආවුටාති අවිජ‍්ජාරාසිනා අජ‍්ඣොත්‍ථටා.

පටිසොතගාමිං ‘නිත්‍ය’ ආදියට ප්‍රතිවිරුද්ධ වූ අනිත්‍ය, දුක්‍ඛ, අනාත්ම අසුභ යි මෙසේ ගිය චතුරාර්ය සත්‍ය ධර්මය, රාගරත්තා කාමරාගයෙන් හා භවරාගයෙන් රත් වූ න දක්‍ඛින්ති අනිත්‍ය, දුක්‍ඛ, අනාත්ම, අසුභ යන මේ ස්වභාවයෙන් නො දනිත්; නො දන්නා කල්හි මෙසේ ග්‍රහණය කරවීමට කවරෙක් සමත් වන්නේ ද? තමොක්‍ඛන්‍ධෙන ආවුතා අවිද්‍යා රැසින් වැසුණු

අප‍්පොස‍්සුක‍්කතායාති නිරුස‍්සුක‍්කභාවෙන, අදෙසෙතුකාමතායාති අත්‍ථො. කස‍්මා පනස‍්ස එවං චිත‍්තං නමි? නනු එස මුත‍්තො මොචෙස‍්සාමි, තිණ‍්ණො තාරෙස‍්සාමි –

අප්පොස්සුක්කතාය නිරුත්සුක භාවයෙන්, දේශනා කිරීමට නො කැමති බැවින් යන අරුත යි. කුමක් නිසා උන් වහන්සේගේ සිත මෙලෙස නැමිණි ද? උන් වහන්සේ “මිදුනේ, මුදවන්නෙමි, තරණය කළෙමි, තරණය කරවන්නෙමි” නො වේද?

“කිං මෙ අඤ‍්ඤාතවෙසෙන, ධම‍්මං සච‍්ඡිකතෙනිධ; සබ‍්බඤ‍්ඤුතං පාපුණිත්‍වා, තාරයිස‍්සං සදෙවක”න‍්ති. (බු· වං· 2.56) –

“කිං මෙ අඤ්ඤාතවෙසෙන ධම්මං සච්ඡිකතෙනිධ? සබ්බඤ්ඤුතං පාපුණිත්‍වා තාරයිස්සං සදෙවකෙ”.

(ධර්මය සාක්ෂාත් කරන ලද මා විසින් නො දත් ලෙසට මෙහි සිටීමෙහි තේරුම කිම? සර්වඥතාවට පැමිණ සදෙවක (ලෝකයා) එතෙර කරන්නෙමි.)

පත්‍ථනං කත්‍වා පාරමියො පූරෙත්‍වා සබ‍්බඤ‍්ඤුතං පත‍්තොති? සච‍්චමෙතං, තදෙවං පච‍්චවෙක‍්ඛණානුභාවෙන පනස‍්ස එවං චිත‍්තං නමි. තස‍්ස හි සබ‍්බඤ‍්ඤුතං පත්‍වා සත‍්තානං කිලෙසගහනතං, ධම‍්මස‍්ස ච ගම‍්භීරතං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස සත‍්තානං කිලෙසගහනතා ච ධම‍්මගම‍්භීරතා ච සබ‍්බාකාරෙන පාකටා ජාතා. අථස‍්ස – “ඉමෙ සත‍්තා කඤ‍්ජියපුණ‍්ණා ලාබු විය, තක‍්කභරිතා චාටි විය, වසාතෙලපීතපිලොතිකා විය, අඤ‍්ජනමක‍්ඛිතහත්‍ථො විය ච කිලෙසභරිතා අතිසංකිලිට‍්ඨා රාගරත‍්තා දොසදුට‍්ඨා මොහමූළ‍්හා, තෙ කිං නාම පටිවිජ‍්ඣිස‍්සන‍්තී”ති? චින‍්තයතො කිලෙසගහනපච‍්චවෙක‍්ඛණානුභාවෙනාපි එවං චිත‍්තං නමි.

යන පැතුම කොට පාරමී පුරා සර්වඥතාඥානයට උන්වහන්සේ පත් වී ද? එය සත්‍ය ය. එය ම ප්‍රත්‍යවේක්ෂණය කිරීමේ අනුහසින් උන් වහන්සේගේ සිත මේ ලෙස නැමිණි. සර්වඥතා බවට පත් ව, සත්ත්වයන්ගේ කෙළෙස් ගහණ බව, ධර්මයේ ගැඹුරු බව ද ප්‍රත්‍යවේක්ෂණය කරන උන්වහන්සේට සත්ත්වයන්ගේ ක්ලේශ ග්‍රහණතාවත් ධර්මයේ ගම්භීරතාවත් සර්වාකාරයෙන් ප්‍රකට විය. ඉක්බිති මේ සත්ත්වයෝ කැඳ පිරුණු ලබු ගෙඩියක් මෙන්, මෝරු පිරුණු සැළියක් මෙන් වසා තෙල් පිරුණු රෙදි කැබැල්ලක් මෙන් ද, අඳුන් තැවරූ අතක් මෙන් ද, කෙළෙස්වලින් බර බෙහෙවින් කිළිටි වූ රාගයෙන් රත් වූ ද්වේෂයෙන් දුෂ්ට වූ මෝහයෙන් මුළා වූ ඔවුහු කුමක් නම් ප්‍රතිවේධ කරන්නෝ දැයි සිතන උන්වහන්සේට ක්ලේශ ගහණතාව ප්‍රත්‍යවේක්ෂණ අනුභාවයෙන් ද මෙසේ සිත නැමිණි.

“අයඤ‍්ච ධම‍්මො පථවීසන්‍ධාරකඋදකක‍්ඛන්‍ධො විය ගම‍්භීරො, පබ‍්බතෙන පටිච‍්ඡාදෙත්‍වා ඨපිතො සාසපො විය දුද‍්දසො, සතධා භින‍්නස‍්ස වාලස‍්ස කොටියා කොටිපටිපාදනං විය දුරනුබොධො. නනු මයා හි ඉමං ධම‍්මං පටිවිජ‍්ඣිතුං වායමන‍්තෙන අදින‍්නං දානං නාම නත්‍ථි, අරක‍්ඛිතං සීලං නාම නත්‍ථි, අපරිපූරිතා කාචි පාරමී නාම නත්‍ථි, තස‍්ස මෙ නිරුස‍්සාහං විය මාරබලං විධමන‍්තස‍්සාපි පථවී න කම‍්පිත්‍ථ, පඨමයාමෙ පුබ‍්බෙනිවාසං අනුස‍්සරන‍්තස‍්සාපි න කම‍්පිත්‍ථ, මජ‍්ඣිමයාමෙ දිබ‍්බචක‍්ඛුං විසොධෙන‍්තස‍්සාපි න කම‍්පිත්‍ථ, පච‍්ඡිමයාමෙ පන පටිච‍්චසමුප‍්පාදං පටිවිජ‍්ඣන‍්තස‍්සෙව මෙ දසසහස‍්සිලොකධාතු කම‍්පිත්‍ථ. ඉති මාදිසෙනාපි තික‍්ඛඤාණෙන කිච‍්ඡෙනෙවායං ධම‍්මො පටිවිද‍්ධො. තං ලොකියමහාජනා කථං පටිවිජ‍්ඣිස‍්සන‍්තී”ති? ධම‍්මගම‍්භීරපච‍්චවෙක‍්ඛණානුභාවෙනාපි එවං චිත‍්තං නමීති වෙදිතබ‍්බං.

මේ ධර්මය පෘථිවිය දරා සිටින ජලස්කන්ධය මෙන් ගම්භීරො ගැඹුරු ය. පර්වතයකින් වසා තැබුවක් මෙන් දුද්දසො සියයකට බෙදුණු ලොම් තුඩක් බඳු වූයේ අණු, මේ ධර්මය ප්‍රතිවේධ කිරීම පිණිස වෑයම් කරන මා විසින් නො දුන් දානයක් නම් නැත; නො රැකි ශීලයක් නම් නැත; නො පිරූ කිසිදු පාරමී (ධර්මයක්) නම් නැත. ඒ මාර බලය විනාශ කරමින් සිටියේ වුව ද ආශ්වාස නො කරනු මෙන් පෘථිවිය කම්පා නො වී ය. ප්‍රථම යාමයෙහි පූර්වේනිවාස අනුස්මරණය කරන විට ද කම්පා නො වී ය. මධ්‍යම යාමයෙහි දිව්‍ය චක්ෂුසය විශෝධනය කරන විට ද කම්පා නො වී ය. පශ්චිම යාමයෙහි පටිච්චසමුප්පාදය මා ප්‍රතිවේධය කරත් ම දස සහස්සී ලෝක ධාතුව කම්පා වී ය. මෙසේ මා වැන්නකුගේ තීක්ෂණ ඥානයෙන් මහත් දුෂ්කර ලෙස මේ ධර්මය ප්‍රතිවේධ කරන ලද්දේ වුව ද එය ලෞකික මහජනයා කෙසේ අවබෝධ කරන්නාහු දැයි ධර්ම ගම්භීරතා ප්‍රත්‍යවේක්ෂණ අනුභාවයෙන් ද මෙසේ සිත නැමිනැයි දත යුතු ය.

අපිච බ්‍රහ‍්මුනා යාචිතෙ දෙසෙතුකාමතායපිස‍්ස එවං චිත‍්තං නමි. ජානාති හි භගවා – “මම අප‍්පොස‍්සුක‍්කතාය චිත‍්තෙ නමමානෙ මං මහාබ්‍රහ‍්මා ධම‍්මදෙසනං යාචිස‍්සති, ඉමෙ ච සත‍්තා බ්‍රහ‍්මගරුකා. තෙ ‘සත්‍ථා කිර ධම‍්මං න දෙසෙතුකාමො අහොසි. අථ නං මහාබ්‍රහ‍්මා යාචිත්‍වා දෙසාපෙසි. සන‍්තො වත භො ධම‍්මො, පණීතො වත භො ධම‍්මො’ති මඤ‍්ඤමානා සුස‍්සූසිස‍්සන‍්තී”ති. ඉදම‍්පිස‍්ස කාරණං පටිච‍්ච අප‍්පොස‍්සුක‍්කතාය චිත‍්තං නමි, නො ධම‍්මදෙසනායාති වෙදිතබ‍්බං.

තව ද බ්‍රහ්මයා විසින් ආරාධනය කරන ලද කල්හි ධර්ම දේශනා කරනු කැමති බව නිසා ද මෙසේ සිත නැමිණි. භාග්‍යවතුන් වහන්සේ, අල්පෝත්සාහී බවට මගේ සිත නැමෙන කල්හි මහා බ්‍රහ්මයා ධර්ම දේශනයට ආරාධනය කරන්නේ ය. මේ සත්ත්වයෝ ද බ්‍රහ්මයාට ගරු කරන්නෝ ය. ඔවුහු ‘ශාස්තෲන් වහන්සේ ධර්මය දේශනා කිරීමට අකැමැති වූහ, පසුව මහා බ්‍රහ්මයා උන්වහන්සේට ආයාචනය කොට ධර්මය දේශනා කරවූයේ ය. පින්වත්නි, ධර්මය ශාන්ත ය ප්‍රණීත ය’ යි සිතමින් අසන්නාහු ය’ යි දන්නා සේක. මේ කරුණ හේතු කොට ගෙන ද අල්පෝත්සුක භාවයට උන්වහන්සේගේ සිත නැමිණි. ධර්ම දේශනාවට නො වේ යි දත යුත්තේ ය.

සහම‍්පතිස‍්සාති සො කිර කස‍්සපස‍්ස භගවතො සාසනෙ සහකො නාම ථෙරො පඨමජ‍්ඣානං නිබ‍්බත‍්තෙත්‍වා පඨමජ‍්ඣානභූමියං කප‍්පායුකබ්‍රහ‍්මා හුත්‍වා නිබ‍්බත‍්තො. තත්‍ර නං “සහම‍්පතිබ්‍රහ‍්මා”ති පටිසඤ‍්ජානන‍්ති. තං සන්‍ධායාහ “බ්‍රහ‍්මුනො සහම‍්පතිස‍්සා”ති. නස‍්සති වත භොති සො කිර ඉමං සද‍්දං තථා නිච‍්ඡාරෙසි, යථා දසසහස‍්සිලොකධාතුබ්‍රහ‍්මානො සුත්‍වා සබ‍්බෙ සන‍්නිපතිංසු. යත්‍ර හි නාමාති යස‍්මිං නාම ලොකෙ. පුරතො පාතුරහොසීති තෙහි දසහි බ්‍රහ‍්මසහස‍්සෙහි සද‍්ධිං පාතුරහොසි.

සහම්පතිස්ස හේ කාශ්‍යප බුදුන්ගේ සසුනෙහි සහක නම් තෙර වී ප්‍රථමධ්‍යාන උපදවා ප්‍රථම ධ්‍යානයෙන් ම කල්පායුෂ්ක බ්‍රහ්මයකු වී උපන්නේ ය. එහි දී ඔහු “සහම්පති බ්‍රහ්ම” යි හඳුන්වති. ඔහු අරභයා “බ්‍රහ්මුනො සහම්පතිස්ස” යි කී ය. නස්සති වත භො (පින්වත්නි, නැසෙන්නේ ය) හේ යම් සේ ලක්ෂ ගණන් ලෝක ධාතුවල සියලු බ්‍රහ්මයෝ අසා රැස්වූවෝ ද, එසේ මේ ශබ්දය පිට කළේ ය. යත්‍ර හි නාම යම් ලෝකයක, පුරතො පාතුරහොසි ඒ ලක්‍ෂයක් බ්‍රහ්මයන් සමඟ (ඉදිරියේ) පහළ විය.

අප‍්පරජක‍්ඛජාතිකාති පඤ‍්ඤාමයෙ අක‍්ඛිම‍්හි අප‍්පං පරිත‍්තං රාගදොසමොහරජං එතෙසං එවංසභාවාති අප‍්පරජක‍්ඛජාතිකා. අස‍්සවනතාති අස‍්සවනතාය. භවිස‍්සන‍්තීති පුරිමබුද‍්ධෙසු දසපුඤ‍්ඤකිරියවසෙන කතාධිකාරා පරිපාකගතා පදුමානි විය සූරියරස‍්මිසම‍්ඵස‍්සං, ධම‍්මදෙසනංයෙව ආකඞ‍්ඛමානා චතුප‍්පදිකගාථාවසානෙ අරියභූමිං ඔක‍්කමනාරහා න එකො, න ද‍්වෙ, අනෙකසතසහස‍්සා ධම‍්මස‍්ස අඤ‍්ඤාතාරො භවිස‍්සන‍්තීති දස‍්සෙති.

අප්පරජක්‍ඛජාතිකා ප්‍රඥාමය චක්ෂුසයෙහි අල්ප වූ සීමිත වූ රාග ද්වේෂ මෝහ දූවිලි මොවුන්ගේ ස්වභාවය යි. ‘අප්පරජක්‍ඛජාතිකා;’ අස්සවණතා ‘අස්සවණතාය’ නො ඇසීම නිසා, භවිස්සන්ති පෙර බුදුවරුන් කල දශපුණ්‍ය ක්‍රියා වශයෙන් අධික ව කරන ලද ක්‍රියා ඇති, පරිපාකයට ගිය, සූර්ය රශ්මි ස්පර්ශය (පතන) පද්මයන් මෙන් ධර්ම දේශනාව ම පතන්නා වූ, සතර පද ගාථාවක අවසානයේ ආර්ය භූමියට ඇතුළු වීමට සුදුසු, එක් කෙනකු නොව දෙදෙනකු නොව ධර්මය දැන ගන්නා වූ අනේක සහස්‍රයන් සිටින්නාහු යයි දක්වයි.

පාතුරහොසීති පාතුභවි. සමලෙහි චින‍්තිතොති සමලෙහි ඡහි සත්‍ථාරෙහි චින‍්තිතො. තෙ හි පුරෙතරං උප‍්පජ‍්ජිත්‍වා සකලජම‍්බුදීපෙ කණ‍්ටකෙ පත්‍ථරමානා විය, විසං සිඤ‍්චමානා විය ච සමලං මිච‍්ඡාදිට‍්ඨිධම‍්මං දෙසයිංසු. අපාපුරෙතන‍්ති විවරං එතං. අමතස‍්ස ද‍්වාරන‍්ති අමතස‍්ස නිබ‍්බානස‍්ස ද‍්වාරභූතං අරියමග‍්ගං. සුණන‍්තු ධම‍්මං විමලෙනානුබුද‍්ධන‍්ති ඉමෙ සත‍්තා රාගාදිමලානං අභාවතො විමලෙන සම‍්මාසම‍්බුද‍්ධෙන අනුබුද‍්ධං චතුසච‍්චධම‍්මං සුණන‍්තු තාව භගවාති යාචති.

පාතුරහොසි පහළ විය. සමලෙහි චින්තිතො කිළිටි බව සහිත ශාස්තෲන් සය දෙනකු විසින් සිතන ලද; ඔවුහු පූර්වයෙහි ම ඉපිද සකල ජම්බුද්වීපයෙහි කටු පතුරුවන්නාක් මෙන් ද, විසක් ඉසින්නාක් මෙන් ද කෙළෙස් සහිත මිථ්‍යා දෘෂ්ටි ධර්ම දේශනා කළහ. අවාපුරෙතං මෙය විවෘත කරනු මැනවි. අමතස්ස ද්වාරං අමෘත වූ නිර්වාණ දොර වූ ආර්ය මාර්ගය සුණන්තු ධම්මං විමලෙනානුබුද්ධං භාග්‍යවතුන් වහන්ස, රාගාදී කෙසෙල් නොමැති බව හේතුවෙන් විමල වූ සම්මාසම්බුද්ධයන් වහන්සේ විසින් අවබෝධ කරනු ලැබූ සතර සත්‍ය ධර්මය මේ සත්ත්වයා අසත්වා යි අයදියි.

සෙලෙ යථා පබ‍්බතමුද‍්ධනිට‍්ඨිතොති සෙලමයෙ එකග‍්ඝනෙ පබ‍්බතමුද‍්ධනි යථාඨිතොව. න හි තස‍්ස ඨිතස‍්ස දස‍්සනත්‍ථං ගීවුක‍්ඛිපනපසාරණාදිකිච‍්චං අත්‍ථි. තථූපමන‍්ති තප‍්පටිභාගං සෙලපබ‍්බතූපමං. අයං පනෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො – යථා සෙලපබ‍්බතමුද‍්ධනි ඨිතොව චක‍්ඛුමා පුරිසො සමන‍්තතො ජනතං පස‍්සෙය්‍ය, තථා ත්‍වම‍්පි සුමෙධ සුන්‍දරපඤ‍්ඤ සබ‍්බඤ‍්ඤුතඤාණෙන සමන‍්තචක‍්ඛු භගවා ධම‍්මමයං පාසාදමාරුය‍්හ සයං අපෙතසොකො සොකාවතිණ‍්ණං ජාතිජරාභිභූතං ජනතං අවෙක‍්ඛස‍්සු උපධාරය උපපරික‍්ඛ. අයං පනෙත්‍ථ අධිප‍්පායො – යථා හි පබ‍්බතපාදෙ සමන‍්තා මහන‍්තං ඛෙත‍්තං කත්‍වා, තත්‍ථ කෙදාරපාළීසු කුටිකායො කත්‍වා රත‍්තිං අග‍්ගිං ජාලෙය්‍යුං, චතුරඞ‍්ගසමන‍්නාගතඤ‍්ච අන්‍ධකාරං අස‍්ස, අථ තස‍්ස පබ‍්බතස‍්ස මත්‍ථකෙ ඨත්‍වා චක‍්ඛුමතො පුරිසස‍්ස භූමිං ඔලොකයතො නෙව ඛෙත‍්තං න කෙදාරපාළියො න කුටියො න තත්‍ථ සයිතමනුස‍්සා පඤ‍්ඤායෙය්‍යුං. කුටිකාසු පන අග‍්ගිජාලාමත‍්තකමෙව පඤ‍්ඤායෙය්‍ය, එවං ධම‍්මපාසාදං ආරුය‍්හ සත‍්තනිකායං ඔලොකයතො තථාගතස‍්ස යෙ තෙ අකතකල්‍යාණා සත‍්තා, තෙ එකවිහාරෙ දක‍්ඛිණජාණුපස‍්සෙ නිසින‍්නාපි බුද‍්ධචක‍්ඛුස‍්ස ආපාථං නාගච‍්ඡන‍්ති, රත‍්තිං ඛිත‍්තා සරා විය හොන‍්ති. යෙ පන කතකල්‍යාණා වෙනෙය්‍යපුග‍්ගලා, තෙ එවස‍්ස දූරෙපි ඨිතා ආපාථං ආගච‍්ඡන‍්ති සො අග‍්ගි විය හිමවන‍්තපබ‍්බතො විය ච. වුත‍්තම‍්පි චෙතං –

සෙලෙ යථා පබ්බතමුද්ධනිට්ඨිතො ශිලාමය ඒකඝන වූ පර්වත මුදුනෙහි එලෙසින් ම සිටිමින්, එහි සිටින්නහුට දැකීම පිණිස ගෙල එසවීම දිගු කිරීම ආදී ක්‍රියාවක් (අවශ්‍ය) නැත. තථූපමං ඊට සමාන ගල් පර්වත සමාන; එහි සංක්‍ෂෙපාර්ථය මෙය යි: යම් සේ ගල්පර්වතයක් මුදුනෙහි ඒ අයුරින් ම සිටිමින් ඇස් ඇති පුරුෂයෙක් හාත්පස ජනතාව බලයි ද, ඔබ වහන්සේ ද සුමේධ සුන්දර වූ ප්‍රඥාව ඇත්තාණනි. සර්වඥතාඥානයෙන් සමන්තචක්‍ඛු; භාග්‍යවතුන් වහන්ස, ධම්මමයං ප්‍රඥාමය වූ, පාසාදමාරුය්හ (ප්‍රාසාදය නැග) තමා ම අපෙතසොකො සොකාවතිණ්ණං ජාතිජරාභි භූතඤ්ච ජනතං අවෙක්‍ඛස්සු (පහවුණු ශෝකය ඇත්තේ ජාති ජරා දුකෙන් මැඩුණු ශෝකයට වැටුණු ජනතාව බලන සේක්වා) සිතා බලනු මැනවි, පරීක්‍ෂා කරනු මැනවි. අදහස් කරන ලද්දේ මෙය යි: යම් සේ කඳු පාමුල හාත්පස කෙතක් සාදා ඉහත්තාවේ (උස් කෙත් කෙළවර) කුටු (පැල්) තනවා අංග සතරකින් සමන්විත අන්ධකාරය ඇති රාත්‍රියෙහි ගිනි දල්වත් ද, ඉක්බිති ඒ පර්වතය මුදුනේ සිට බිම බලන ඇත් ඇති පුරුෂයකු හට කෙත හෝ ලියැදි, කුටි හෝ එහි නිදන මිනිසුන් හෝ නො පෙනේ ද, කුටිවල ගිනිදැල් මාත්‍රය ම පෙනෙන්නේ ද, එසේ ම ධර්ම ප්‍රසාදයට නැග සත්ත්ව සමූහයා බලන තථාගතයන් වහන්සේගේ බුද්ධචක්‍ෂුසයට කල්‍යාණ වූ දේ නොකළ යම් සත්ත්ව කෙනේක වෙත් ද ඔවුහු එක ම විහාරයෙහි දකුණු දණහිස පැත්තේ සිටිය ද එල්ලයට (අවධානයට) නො පැමිණෙත්. ඔවුහු රෑ විදින ලද ඊතල මෙන් වෙත්; කල්‍යාන දේ කළ යම් වෙනෙය්‍ය පුද්ගල කෙනෙක් වෙත් ද, ඔවුහු ම දුර තැනක සිටියෝ වුව ද උන්වහන්සේගේ ඇස් හමුවට පැමිණෙති හේ ගින්න මෙන් ද හිමවත් පව්ව මෙන් ද (වේ). ඒ බැව් කියන ලද්දේ ම ය.

“දූරෙ සන‍්තො පකාසෙන‍්ති, හිමවන‍්තොව පබ‍්බතො; අසන‍්තෙත්‍ථ න දිස‍්සන‍්ති, රත‍්තිං ඛිත‍්තා යථා සරා”ති. (ධ· ප· 304);

“දූරෙ සන්තො පකාසෙන්ති හිමවන්තොව පබ්බතො අසන්තෙත්‍ථ න දිස්සන්ති රත්ති ඛිත්තා යථා සරා”

(ශාන්ත සත් පුරුෂයෝ කෙතරම් දුර සිටියත් හිමාලය පර්වතය මෙන් ප්‍රකට ව පෙනෙත්. අශාන්ත ඒ අසත් පුරුෂයෝ ළඟ සිටියත් රෑ විදින ලද ඊතල මෙන් නො පෙනෙත්.)

අජ‍්ඣෙසනන‍්ති යාචනං. බුද‍්ධචක‍්ඛුනාති ඉන්‍ද්‍රියපරොපරියත‍්තඤාණෙන ච ආසයානුසයඤාණෙන ච. ඉමෙසං හි ද‍්වින‍්නං ඤාණානං “බුද‍්ධචක‍්ඛූ”ති නාමං, සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණස‍්ස “සමන‍්තචක‍්ඛූ”ති, තිණ‍්ණං මග‍්ගඤාණානං “ධම‍්මචක‍්ඛූ”ති. අප‍්පරජක‍්ඛෙතිආදීසු යෙසං වුත‍්තනයෙනෙව පඤ‍්ඤාචක‍්ඛුම‍්හි රාගාදිරජං අප‍්පං, තෙ අප‍්පරජක‍්ඛා. යෙසං තං මහන‍්තං, තෙ මහාරජක‍්ඛා. යෙසං සද‍්ධාදීනි ඉන්‍ද්‍රියානි තික‍්ඛානි, තෙ තික‍්ඛින්‍ද්‍රියා. යෙසං තානි මුදූනි, තෙ මුදින්‍ද්‍රියා. යෙසං තෙයෙව සද‍්ධාදයො ආකාරා සුන්‍දරා, තෙ ස‍්වාකාරා. යෙ කථිතකාරණං සල‍්ලක‍්ඛෙන‍්ති, සුඛෙන සක‍්කා හොන‍්ති විඤ‍්ඤාපෙතුං, තෙ සුවිඤ‍්ඤාපයා. යෙ පරලොකඤ‍්චෙව වජ‍්ජඤ‍්ච භයතො පස‍්සන‍්ති, තෙ පරලොකවජ‍්ජභයදස‍්සාවිනො නාම.

අජ්ඣෙසනං ආරාධනය බුද්ධචක්‍ඛුනා ඉන්‍ද්‍රිය පරොපරියත්ත ඥානයෙන් ද ආසයානුසය ඥානයෙන් ද; මේ ඤාණ දෙකට ‘බුද්ධ චක්‍ඛු’ යනු නමකි. සබ්බඤ්ඤුත ඥානයට ‘සමන්ත චක්‍ඛු’ යි මාර්ගත්‍රය ඥානයට “ධම්මචක්‍ඛු” යි ද (වේ). අප්පරජක්‍ඛෙ ආදී තැන්වල යම් කෙනෙකුන්ගේ කියන ලද පරිදි ම ප්‍රඥාචක්ෂුසයෙහි රාගාදී කෙළෙස් (දූවිලි) අල්ප ද ඔවුහු අප්පරජක්‍ඛා (අල්පරජස්ක); යම් කෙනෙකුන්ගේ (කෙළෙස්) ඉමහත් ද ඔවුහු මහා රජක්‍ඛා; යම් කෙනෙකුන්ගේ ශ්‍රද්ධා ආදි ඉන්‍ද්‍රියයෝ තියුණු ද, ඔවුහු තික්‍ඛින්‍ද්‍රියා; යම් කෙනෙකුගේ ඒවා මෘදු ද? ඔවුහු මුදින්‍ද්‍රියා; යම් කෙනකුන්ගේ ඒ ශ්‍රද්ධා ආදිය ම ආකාරද - සුන්දර ද ඔවුහු ස්වාකාරා ය. යම් කෙනෙක් කියන ලද කාරණය ගැන සිතත් ද (කල්පනා කරත් ද), පහසුවෙන් අවබෝධ කරවීමට හැකිවෙත් ද ඔවුහු සුවිඤ්ඤාපායා; යම් කෙනෙක් පරලොවත් වැරදි දේත් භයෙන් යුතු ව දකිත් ද, ඔවුහු පරලොකවජ්ජභයදස්සාවිනො නමි.

අයං පනෙත්‍ථ පාළි – “සද‍්ධො පුග‍්ගලො අප‍්පරජක‍්ඛො, අස‍්සද‍්ධො පුග‍්ගලො මහාරජක‍්ඛො. ආරද‍්ධවීරියො, කුසීතො. උපට‍්ඨිතස‍්සති, මුට‍්ඨස‍්සති. සමාහිතො, අසමාහිතො. පඤ‍්ඤවා, දුප‍්පඤ‍්ඤො පුග‍්ගලො මහාරජක‍්ඛො. තථා සද‍්ධො පුග‍්ගලො තික‍්ඛින්‍ද්‍රියො…පෙ… පඤ‍්ඤවා පුග‍්ගලො පරලොකවජ‍්ජභයදස‍්සාවී, දුප‍්පඤ‍්ඤො පුග‍්ගලො න පරලොකවජ‍්ජභයදස‍්සාවී.

එහි පාළි මෙසේ ය. “සද්ධො පුග්ගලො අප්පරජක්‍ඛො, අස්සද්ධො පුග්ගලො මහාරජක්‍ඛො, ආරද්ධවිරියො, කුසීතො, උපට්ඨිතසති, මුට්ඨසති, සමාහිතො, අසමාහිතො, පඤ්ඤවා, දුප්පඤ්ඤො පුග්ගලො මහාරජක්‍ඛො, තථා සද්ධො පුග්ගලො, තික්‍ඛින්‍ද්‍රියො -පෙ- පඤ්ඤවා පුග්ගලො පරලොකවජ්ජ භයදස්සාවි, දුප්පඤ්ඤො පුග්ගලො න පරලොකවජ්ජභයදස්සාවි”

ලොකොති ඛන්‍ධලොකො, ආයතනලොකො, ධාතුලොකො, සම‍්පත‍්තිභවලොකො, සම‍්පත‍්තිසම‍්භවලොකො, විපත‍්තිභවලොකො, විපත‍්තිසම‍්භවලොකො. එකො ලොකො සබ‍්බෙ සත‍්තා ආහාරට‍්ඨිතිකා. ද‍්වෙ ලොකා නාමඤ‍්ච රූපඤ‍්ච. තයො ලොකා තිස‍්සො වෙදනා. චත‍්තාරො ලොකා චත‍්තාරො ආහාරා. පඤ‍්ච ලොකා පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා. ඡ ලොකා ඡ අජ‍්ඣත‍්තිකානි ආයතනානි. සත‍්ත ලොකා සත‍්ත විඤ‍්ඤාණට‍්ඨිතියො. අට‍්ඨ ලොකා අට‍්ඨ ලොකධම‍්මා. නව ලොකා නව සත‍්තාවාසා. දස ලොකා දසායතනානි. ද‍්වාදස ලොකා ද‍්වාදසායතනානි. අට‍්ඨාරස ලොකා අට‍්ඨාරස ධාතුයො.

ලොකො ස්කන්ධ ලෝකය, ධාතු ලෝකය, ආයතන ලෝකය, සම්පත්ති භව ලෝකය, විපත්ති භව ලෝකය; ලෝක එක-සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා (සියලු සත්ත්වයෝ ආහාරයෙහි පිහිටියෝ ය); ලෝක දෙක - නාම රූපා; ලෝක තුන - වේදනා තුන, ලෝක සතර - ආහාර සතර, ලෝක පහ - පඤ්ච උපාදානස්කන්ධ, ලෝක සය - අභ්‍යන්තර ආයතන සය, ලෝක හත - විඤ්ඤාණ ස්ථිති හත, ලෝක අට - අටලෝ දහම, ලෝක නවය - සත්ත්වාස නවය - ලෝක දහය - ආයතන දහය, ලෝක දොළහ - ආයතන දොළහ, ලෝක දහ අට - ධාතු දහ අට.

වජ‍්ජන‍්ති සබ‍්බෙ කිලෙසා වජ‍්ජා, සබ‍්බෙ දුච‍්චරිතා වජ‍්ජා, සබ‍්බෙ අභිසඞ‍්ඛාරා වජ‍්ජා, සබ‍්බෙ භවගාමිකම‍්මා වජ‍්ජා, ඉති ඉමස‍්මිඤ‍්ච ලොකෙ ඉමස‍්මිඤ‍්ච වජ‍්ජෙ තිබ‍්බා භයසඤ‍්ඤා පච‍්චුපට‍්ඨිතා හොති, සෙය්‍යථාපි උක‍්ඛිත‍්තාසිකෙ වධකෙ. ඉමෙහි පඤ‍්ඤාසාය ආකාරෙහි ඉමානි පඤ‍්චින්‍ද්‍රියානි ජානාති පස‍්සති අඤ‍්ඤාසි පටිවිජ‍්ඣි. ඉදං තථාගතස‍්ස ඉන්‍ද්‍රියපරොපරියත‍්තෙ ඤාණ”න‍්ති (පටි· ම· 1.112).

වජ්ජං සියලු කෙලෙස් ‘වජ්ජා’ සියලු, දුශ්චරිත ‘වජ්ජා’, සියලු අභිසංස්කාරයෝ සියලු භවගාමි කර්ම ‘වජ්ජා’ - මෙසේ මේ “ලෝකය” කෙරෙහිත් මේ ‘වජ්ජ’ කෙරෙහිත් තීව්‍ර වූ (තියුණු) භය සඤ්ඤාව එළඹියේ වෙයි; ඔසවා ගත් කඩුවක් සහිත වධකයකු ඇති කල්හි මෙනි. මේ පනස් ආකාරයෙන් මේ ඉන්ද්‍රිය පහ දකී, දැන ගනී, ප්‍රතිවේධ කරයි. මෙසේ තථාගතයන් වහන්සේගේ “ඉන්‍ද්‍රිය පරොපරියත්ත ඥානය” වේ.

උප‍්පලිනියන‍්ති උප‍්පලවනෙ. ඉතරෙසුපි එසෙව නයො. අන‍්තොනිමුග‍්ගපොසීනීති යානි අන‍්තො නිමුග‍්ගානෙව පොසියන‍්ති. උදකං අච‍්චුග‍්ගම‍්ම ඨිතානී ති උදකං අතික‍්කමිත්‍වා ඨිතානි. තත්‍ථ යානි අච‍්චුග‍්ගම‍්ම ඨිතානි, තානි සූරියරස‍්මිසම‍්ඵස‍්සං ආගමයමානානි ඨිතානි අජ‍්ජ පුප‍්ඵනකානි. යානි පන සමොදකං ඨිතානි, තානි ස‍්වෙ පුප‍්ඵනකානි. යානි උදකානුග‍්ගතානි අන‍්තොනිමුග‍්ගපොසීනි, තානි තතියදිවසෙ පුප‍්ඵනකානි. උදකා පන අනුග‍්ගතානි අඤ‍්ඤානිපි සරොගඋප‍්පලාදීනි නාම අත්‍ථි, යානි නෙව පුප‍්ඵිස‍්සන‍්ති, මච‍්ඡකච‍්ඡපභක‍්ඛානෙව භවිස‍්සන‍්ති, තානි පාළිං නාරුළ‍්හානි. ආහරිත්‍වා පන දීපෙතබ‍්බානීති දීපිතානි. යථෙව හි තානි චතුබ‍්බිධානි පුප‍්ඵානි, එවමෙවං උග‍්ඝටිතඤ‍්ඤූ විපඤ‍්චිතඤ‍්ඤූ නෙය්‍යො පදපරමොති චත‍්තාරො පුග‍්ගලා.

උප්පලිනියං උපුල් වනයක, අනෙක් ඒවා පිළිබඳව ද මේ න්‍යාය ම ය. අන්තොනිමුග්ගපොසිනී යම් මලක් ඇතුළත ගිලී ම වැඩෙයි ද උදකං අච්චුග්ගම්ම තිට්ඨන්ති ජලය ඉක්මවා සිටිත් ද, එහි (ජලය) ඉක්මවා ආ කිසියම් මලක් වේ ද ඒවා සූර්ය රශ්මි ස්පර්ශය එනවාත් සමග අද පිපෙන ඒවා ය. යම් මලක් ජලය හා සම ව සිටී ද ඒවා හෙට පිපෙන ඒවා ය. යම් මලක් ජලයෙන් උඩට නො පැමිණ ඇතුළත ගිලී වැඩෙන්නේ ද ඒ තෙවැනි දවසේ පිපෙන ඒවා ය. ජලයෙන් උඩට නො එන ලෙඩ සහිත උපුල් ආදි අන් ඒවා ද ඇත. යම් මලක් නො පිපෙන්නේ ද මාළුන් කැසුබුවන් බුදින ඒවා වන්නේ ද ඒවා පාලියෙහි නො නැඟී (නො යෙදී) ඇත. (ඒවා) ගෙන හැර දැක්විය යුතු ය යි දක්වන ලදි.

තත්‍ථ “යස‍්ස පුග‍්ගලස‍්ස සහ උදාහටවෙලාය ධම‍්මාභිසමයො හොති, අයං වුච‍්චති පුග‍්ගලො උග‍්ඝටිතඤ‍්ඤූ. යස‍්ස පුග‍්ගලස‍්ස සංඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථෙ විභජියමානෙ ධම‍්මාභිසමයො හොති, අයං වුච‍්චති පුග‍්ගලො විපඤ‍්චිතඤ‍්ඤූ. යස‍්ස පුග‍්ගලස‍්ස උද‍්දෙසතො පරිපුච‍්ඡතො යොනිසො මනසිකරොතො කල්‍යාණමිත‍්තෙ සෙවතො භජතො පයිරුපාසතො අනුපුබ‍්බෙන ධම‍්මාභිසමයො හොති, අයං වුච‍්චති පුග‍්ගලො නෙය්‍යො. යස‍්ස පුග‍්ගලස‍්ස බහුම‍්පි සුණතො බහුම‍්පි භණතො බහුම‍්පි ධාරයතො බහුම‍්පි වාචයතො න තාය ජාතියා ධම‍්මාභිසමයො හොති, අයං වුච‍්චති පුග‍්ගලො පදපරමො (පු· ප· 148-151). තත්‍ථ භගවා උප‍්පලවනාදිසදිසං දසසහස‍්සිලොකධාතුං ඔලොකෙන‍්තො – “අජ‍්ජ පුප‍්ඵනකානි විය උග‍්ඝටිතඤ‍්ඤූ, ස‍්වෙ පුප‍්ඵනකානි විය විපඤ‍්චිතඤ‍්ඤූ, තතියදිවසෙ පුප‍්ඵනකානි විය නෙය්‍යො, මච‍්ඡකච‍්ඡපභක‍්ඛානි පුප‍්ඵානි විය පදපරමො”ති අද‍්දස‍්ස. පස‍්සන‍්තො ච “එත‍්තකා අප‍්පරජක‍්ඛා, එත‍්තකා මහාරජක‍්ඛා, තත්‍රාපි එත‍්තකා උග‍්ඝටිතඤ‍්ඤූ”ති එවං සබ‍්බාකාරතොව අද‍්දස.

ඒ චතුර්විධ වූ පුෂ්පයෝ යම් සේ වෙත් ද, එසේ ම අද්ඝටිතඥැ, විඤ්චිතඥැ, නෙය්‍ය, පදපරම යි පුද්ගලයෝ සතර දෙනෙකි. එහි යම් පුද්ගලයකුට නිදසුන් දැක්වූ මොහොතත් සමග ධර්මාභිසමය වේ. ඒ පුද්ගලයා “උග්ඝටිතඤ්ඤැ” යි කියනු ලැබේ. යම් පුද්ගලයෙකුට ලුහුඬින් පවසන ලද්ද විස්තර වශයෙන් අර්ථය බෙදා වෙන් කරන ලද කල්හි ධර්මාභිසමය වේ ද ඒ පුද්ගලයා “විපඤ්චිතඤ්ඤැ” යි කියනු ලැබේ. යම් පුද්ගලයෙකුට උද්දේස කරන ලදුව, ප්‍රශ්න කරන ලදුව, යෝනිසෝ මනසිකාර කරන ලදුව, කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන ලදුව, භජනය කරන ලදුව, පයිරුපාසනය කරන ලදුව අනුපිළිවෙලින් ධර්මාභිසමය ඇති වේ. ඒ පුද්ගලයා “නෙය්‍ය” යි කියනු ලැබේ. යම් පුද්ගලයෙකුට බොහෝ ඇසුව ද, බොහෝ (සිත්හි) දැරුව ද, බොහෝ කියවුව ද, ඒ ජාතියෙහි ධර්මාභිසමයක් නො වේ. ඒ පුද්ගලයා ‘පදපරම’ යි කියනු ලැබේ. එහි භාග්‍යවතුන් වහන්සේ උපුල් වනය සමාන වූ දසසහස්‍රයක් ලෝක ධාතුව බලන සේක් අද පිපෙන මල් පෙන් ‘උග්ඝටිතඤ්ඤැ’ ද හෙට පිපෙන මල් මෙන් “විපඤ්චිතඤ්ඤැ” ද, තෙවැනි දවසේ පිපෙන මල් මෙන් “නෙය්‍ය” ද, මසුන් කැසුබුවන් භක්ෂණය කරන මල් මෙන් “පදපරම” ද දුටු සේක. දකිමින් ම අල්ප රජස්වූවන් මෙපමණ ය. මහා රජස්වූවන් මෙපමණ යයි ද දුටු සේක. එහි ද උද්ඝටිතඤ්ඤැ මෙපමණ ය යි ද මෙසේ සියලු ආකාරයෙන් දුටු සේක.

තත්‍ථ තිණ‍්ණං පුග‍්ගලානං ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ භගවතො ධම‍්මදෙසනා අත්‍ථං සාධෙති. පදපරමානං අනාගතත්‍ථාය වාසනා හොති. අථ භගවා ඉමෙසං චතුන‍්නං පුග‍්ගලානං අත්‍ථාවහං ධම‍්මදෙසනං විදිත්‍වා දෙසෙතුකම්‍යතං උප‍්පාදෙත්‍වා පුන සබ‍්බෙපි තීසු භවෙසු සත‍්තෙ භබ‍්බාභබ‍්බවසෙන ද‍්වෙ කොට‍්ඨාසෙ අකාසි. යෙ සන්‍ධාය වුත‍්තං – “කතමෙ සත‍්තා අභබ‍්බා? යෙ තෙ සත‍්තා කම‍්මාවරණෙන සමන‍්නාගතා කිලෙසාවරණෙන සමන‍්නාගතා විපාකාවරණෙන සමන‍්නාගතා අස‍්සද‍්ධා අච‍්ඡන්‍දිකා දුප‍්පඤ‍්ඤා අභබ‍්බා නියාමං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තං, ඉමෙ තෙ සත‍්තා අභබ‍්බා. කතමෙ සත‍්තා භබ‍්බා? යෙ තෙ සත‍්තා න කම‍්මාවරණෙන…පෙ… ඉමෙ තෙ සත‍්තා භබ‍්බා”ති (විභ· 827; පටි· ම· 1.115). තත්‍ථ සබ‍්බෙපි අභබ‍්බපුග‍්ගලෙ පහාය භබ‍්බපුග‍්ගලෙයෙව ඤාණෙන පරිග‍්ගහෙත්‍වා, “එත‍්තකා රාගචරිතා එත‍්තකා දොස-මොහචරිතා විතක‍්ක-සද‍්ධා-බුද‍්ධිචරිතා”ති ඡ කොට‍්ඨාසෙ අකාසි. එවං කත්‍වා ධම‍්මං දෙසෙස‍්සාමීති චින‍්තෙසි.

එහි පුද්ගලයන් තිදෙනාට මේ ආත්ම භවයේ දී ම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනාව අර්ථය සාදා ලයි. පදපරම වූවනට අනාගත අර්ථය පිණිස වාසනාව වේ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ සිවු වැදෑරුම් පුද්ගලයනට ධර්ම දේශනාව අර්ථය සලසන බව දැන දේශනා කරනු කැමැත්ත උපදවා යළිත් තුන් භවයෙහි සියලු සත්ත්වයන් භව්‍ය අභව්‍ය වශයෙන් දෙකොටසකට (වෙන්) කළ සේක. ඒ අරභයා කියන ලදි: අභව්‍ය සත්ත්වයෝ කවරහු ද? යම් ඒ සත්ත්ව කෙනෙක් කර්මාවරණයෙන් යුක්ත වූවාහු විපාකාවරණයෙන් යුක්ත වූවාහු ක්ලේශාවරණයෙන් යුක්ත වූවාහු අශ්‍රද්ධාවත් වූ කැමැත්ත නැත්තා වූ, නුවණ නැත්තා වූ අය ය. (ආර්ය) මාර්ගයට ප්‍රවේශවීම අභව්‍ය ය. කුසල් දහම්වල සම්‍යක් බවට ප්‍රවේශ වීම අභව්‍ය ය. මේ සත්ත්වයෝ අභව්‍ය (වෙති); භව්‍ය සත්ත්වයෝ කවරහු ද? යම් ඒ කෙනෙක් කර්මාවරණයෙන් යුක්ත නො වූවාහු ..... මේ සත්ත්වයෝ භව්‍ය වූවෝ වෙත්. එහි දී සියලු ම අභව්‍ය පුද්ගලයන් හැර ඥානයෙන් භව්‍ය පුද්ගලයන් ම ගෙන රාග චරිත මෙපමණ ය, ද්වේෂ, මෝහ, විතර්ක, ශ්‍රද්ධා, බුද්ධි චරිත (මෙ පමණ) යයි කොටස් හයක් කළ සේක. මෙසේ කොට දහම් දෙන්නෙමි යි සිතූ සේක.

පච‍්චභාසීති පතිඅභාසි. අපාරුතාති විවටා. අමතස‍්ස ද‍්වාරාති අරියමග‍්ගො. සො හි අමතසඞ‍්ඛාතස‍්ස නිබ‍්බානස‍්ස ද‍්වාරං, සො මයා විවරිත්‍වා ඨපිතොති දස‍්සෙති. පමුඤ‍්චන‍්තු සද‍්ධන‍්ති සබ‍්බෙ අත‍්තනො සද‍්ධං පමුඤ‍්චන‍්තු විස‍්සජ‍්ජෙන‍්තු. පච‍්ඡිමපදද‍්වයෙ අයමත්‍ථො – අහඤ‍්හි අත‍්තනො පගුණං සුප‍්පවත‍්තිතම‍්පි ඉමං පණීතං උත‍්තමං ධම‍්මං කායවාචාකිලමථසඤ‍්ඤී හුත්‍වා න භාසිං. ඉදානි පන සබ‍්බො ජනො සද‍්ධාභාජනං උපනෙතු, පූරෙස‍්සාමි තෙසං සඞ‍්කප‍්පන‍්ති.

පච්චභාසි ‘පති අභාසි’ (පෙරළා වදාළ සේක.) අපාරුතා විවෘත කරන ලදි. අමතස්ස ද්වාරා ආර්ය මාර්ගය, එය අමෘත සංඛ්‍යාත වූ නිර්වාණයට දොරටුව යි. එය මා විසින් විවර කොට තබන ලද්දේ යයි පෙන්වයි. පමුඤ්චන්තු සද්ධං සියලු දෙනා තමන්ගේ ශ්‍රද්ධාව මුදාහරිත්වා, විසර්ජනය කරත්වා, අවසන් පද දෙකේ අර්ථය මෙසේ ය. මා ප්‍රගුණ කරන මනා ප්‍රවර්තන සහිත මේ ප්‍රණීත වූ උත්තම ධර්මය කාය වාක් ක්ලමථ සංඥාව (වෙහෙස ගැන හැඟීම) ඇත්තෙකු වී නො කීවෙමි. දැන් සියලු ජනයා ශ්‍රද්ධා භාජනය ගෙන එත්වා, ඔවුන්ගේ අදහස් සපුරා ලන්නෙමි.

අන‍්තරධායීති සත්‍ථාරං ගන්‍ධමාලාදීහි පූජෙත්‍වා අන‍්තරහිතො, සකට‍්ඨානමෙව ගතොති අත්‍ථො. ගතෙ ච පන තස‍්මිං භගවා “කස‍්ස නු ඛො අහං පඨමං ධම‍්මං දෙසෙය්‍ය”න‍්ති? ආළාරුදකානං කාලඞ‍්කතභාවං, පඤ‍්චවග‍්ගියානඤ‍්ච බහූපකාරභාවං ඤත්‍වා තෙසං ධම‍්මං දෙසෙතුකාමො බාරාණසියං ඉසිපතනං ගන‍්ත්‍වා ධම‍්මචක‍්කං පවත‍්තෙසීති.

අන්තරධායි බුදුන් වහන්සේට සුගන්ධ පුෂ්ප ආදියෙන් පූජා කොට අතුරුදහන් වූයේ සිය ස්ථානයට ම ගියේ ය යන අරුත යි. ඔහු ගිය කල්හි භාග්‍යවතුන් වහන්සේ “මම පළමු කොට ම කවරෙකුට දහම් දෙසන්නෙම්දැයි (විමසන සේක්) ආළාර උද්දක යන අය මළ බවත්, පඤ්චවග්ගියන් බොහෝ උපකාරී වූ බවත් දැන ඔවුන්ට ධර්මය දේශනා කරනු කැමැත්තාහු බරණැස ඉසිපතනයට වැඩ ධර්ම චක්‍රය පැවැත්වූ සේක.

පඨමං.

පළමු වැනි සූත්‍රය යි.