යෙදුමෙන් කියවන්න

1. භික‍්ඛුනීවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. භික්ඛුනී වර්ගය

1. ආළවිකාසුත‍්තවණ‍්ණනා

1. ආළවිකා සූත්‍ර වර්ණනාව

භික‍්ඛුනීසංයුත‍්තස‍්ස පඨමෙ ආළවිකාති ආළවියං ජාතා ආළවිනගරතොයෙව ච නික‍්ඛම‍්ම පබ‍්බජිතා. අන්‍ධවනන‍්ති කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධස‍්ස චෙතියෙ නවකම‍්මත්‍ථාය ධනං සමාදපෙත්‍වා ආගච‍්ඡන‍්තස‍්ස යසොධරස‍්ස නාම ධම‍්මභාණකස‍්ස අරියපුග‍්ගලස‍්ස අක‍්ඛීනි උප‍්පාටෙත්‍වා තත්‍ථෙව අක‍්ඛිභෙදප‍්පත‍්තෙහි පඤ‍්චහි චොරසතෙහි නිවුත්‍ථත‍්තා තතො පට‍්ඨාය “අන්‍ධවන”න‍්ති සඞ‍්ඛං ගතං වනං. තං කිර සාවත්‍ථිතො දක‍්ඛිණපස‍්සෙ ගාවුතමත‍්තෙ හොති රාජාරක‍්ඛාය ගුත‍්තං. තත්‍ථ පවිවෙකකාමා භික‍්ඛූ ච භික‍්ඛුනියො ච ගච‍්ඡන‍්ති. තස‍්මා අයම‍්පි කායවිවෙකත්‍ථිනී යෙන තං වනං, තෙනුපසඞ‍්කමි. නිස‍්සරණන‍්ති නිබ‍්බානං. පඤ‍්ඤායාති පච‍්චවෙක‍්ඛණඤාණෙන. න ත්‍වං ජානාසි තං පදන‍්ති ත්‍වං එතං නිබ‍්බානපදං වා නිබ‍්බානගාමිමග‍්ගපදං වා න ජානාසි. සත‍්තිසූලූපමාති විනිවිජ‍්ඣනත්‍ථෙන සත‍්තිසූලසදිසා. ඛන්‍ධාසං අධිකුට‍්ටනාති ඛන්‍ධා තෙසං අධිකුට‍්ටනභණ‍්ඩිකා.

භික්‍ෂූණී සංයුත්තයේ පළමු වැන්නෙහි - ආළවිකා ආළවියෙහි උපන්නී; ආළවි නගරයෙන් ම නික්ම ගොස් පැවිදිවූවා ය. අන්‍ධවනං කස්සප සම්මා සම්බුදු රජුන්ගේ චෛත්‍යයේ නව කටයුතු අරබයා ධනය සම්මාදන් කොට ආපසු එන යශෝධර නම් ධර්මභාණක ආර්ය පුද්ගලයාගේ ඇස් උගුළුවා එහි ම ඇස් බිඳීමට පත් කළ (අන්ධ වූ) පන්සියයක් සොරුන් සමඟ විසූ බැවින් එතැන් පටන් අන්ධ වනය යි හැඳින්වුණු වනය යි. එය සැවැත් නුවර සිට දකුණුපස ගවුවක් පමණ තැන වෙයි. රාජ්‍ය ආරක්‍ෂාව මඟින් ආරක්‍ෂා කරන ලද එහි මහා විවේකය කැමැති භික්‍ෂූහුන් භික්‍ෂූණියොත් යති. එහෙයින් මැය ද කාය විවේකය අපේක්‍ෂා කරන්නී ඒ වනය යම් තැනක ද එතැනට පැමිණියා ය. නිස්සරණං නිවන පඤ්ඤාය යනු ප්‍රත්‍යවේක්ෂණ ඥානයෙන් න ත්‍වං ජානාසි ති පදං ඔබ ඒ නිවන හෝ නිවන් යන මාවත හෝ නො දනිති. සත්ති සුලුපමා විනිවිද පෙනෙන අර්ථයෙන් අඩයටිහුල් හා සමාන ය. ඛන්‍ධාසං අධිකුට්ටනං යනු ස්කන්ධයෝ මොවුන්ට අළුගෝසු දංගෙඩියේ (මස් ලොඹුවකි).

පඨමං.

පළමුවැනි සූත්‍රය යි.

2. සොමාසුත‍්තවණ‍්ණනා

2. සොමා සූත්‍ර වර්ණනාව

දුතියෙ ඨානන‍්ති අරහත‍්තං. දුරභිසම‍්භවන‍්ති දුප‍්පසහං. ද‍්වඞ‍්ගුලපඤ‍්ඤායාති පරිත‍්තපඤ‍්ඤාය. යස‍්මා වා ද‍්වීහි අඞ‍්ගුලෙහි කප‍්පාසවට‍්ටිං ගහෙත්‍වා සුත‍්තං කන‍්තන‍්ති, තස‍්මා ඉත්‍ථී “ද‍්වඞ‍්ගුලපඤ‍්ඤා”ති වුච‍්චති. ඤාණම‍්හි වත‍්තමානම‍්හීති ඵලසමාපත‍්තිඤාණෙ පවත‍්තමානෙ. ධම‍්මං විපස‍්සතොති චතුසච‍්චධම‍්මං විපස‍්සන‍්තස‍්ස, පුබ‍්බභාගෙ වා විපස‍්සනාය ආරම‍්මණභූතං ඛන්‍ධපඤ‍්චකමෙව. කිඤ‍්චි වා පන අඤ‍්ඤස‍්මීති අඤ‍්ඤං වා කිඤ‍්චි “අහං අස‍්මී”ති තණ‍්හාමානදිට‍්ඨිවසෙන යස‍්ස සියා.

දෙවැන්නේ - ඨානං අර්හත් බව දුරභිසම්බ වං මැඩපැවැත්විය නා හැකි ද්වඞ්ගුපඤ්ඤාය අල්ප ප්‍රඥාවක් ඇත්තියක විසින්, යම් සේ ඇඟලි දෙකකින් කපුවැටිය ගෙන නූල තනත් ද ‘ද්වඞ්ගූල පඤ්ඤ” “දෑඟිල්ලේ නුවණ ඇත්තී” යි කියනු ලැබේ. ඤාණම්හි වත්තමානම්හි ඵල සමාපත්ති ඥානය පවත්නා කල්හි සම්මා ධම්මං විපස්ස තො සත්‍ය ධර්ම සතර මැනවින් දක්නා තැනැත්තාට, විපස්සනාවේ පූර්ව භාගයෙන් ආරම්මණ භූත වූ ස්කන්ධ පඤ්චකය හෝ, කිඤ්චි වා පන අඤ්ඤස්මිස්සං අන්‍ය වූ කිසිවක් හෝ “මම වෙමි” යි තණ්හා දිට්ඨි මාන වශයෙන් යමෙකුට වේ ද?

දුතියං.

දෙ වැනි සූත්‍රය යි.

3. ගොතමීසුත‍්තවණ‍්ණනා

3. ගොතමී සූත්‍ර වර්ණනාව

තතියෙ කිසාගොතමීති අප‍්පමංසලොහිතතාය කිසා, ගොතමීති පනස‍්සා නාමං. පුබ‍්බෙ කිර සාවත්‍ථියං එකස‍්මිං කුලෙ අසීතිකොටිධනං සබ‍්බං අඞ‍්ගාරාව ජාතං. කුටුම‍්බිකො අඞ‍්ගාරජාතානි අනීහරිත්‍වා – “අවස‍්සං කොචි පුඤ‍්ඤවා භවිස‍්සති, තස‍්ස පුඤ‍්ඤෙන පුන පාකතිකං භවිස‍්සතී”ති සුවණ‍්ණහිරඤ‍්ඤස‍්ස චාටියො පූරෙත්‍වා ආපණෙ ඨපෙත්‍වා සමීපෙ නිසීදි. අථෙකා දුග‍්ගතකුලස‍්ස ධීතා – “අඩ‍්ඪමාසකං ගහෙත්‍වා දාරුසාකං ආහරිස‍්සාමී”ති වීථිං ගතා තං දිස‍්වා කුටුම‍්බිකං ආහ – “ආපණෙ තාව ධනං එත‍්තකං, ගෙහෙ කිත‍්තකං භවිස‍්සතී”ති. කිං දිස‍්වා අම‍්ම එවං කථෙසීති? ඉමං හිරඤ‍්ඤසුවණ‍්ණන‍්ති. සො “පුඤ‍්ඤවතී එසා භවිස‍්සතී”ති තස‍්සා වසනට‍්ඨානං පුච‍්ඡිත්‍වා ආපණෙ භණ‍්ඩං පටිසාමෙත්‍වා තස‍්සා මාතාපිතරො උපසඞ‍්කමිත්‍වා එවමාහ – “අම‍්හාකං ගෙහෙ වයප‍්පත‍්තො දාරකො අත්‍ථි, තස‍්සෙතං දාරිකං දෙථා”ති. කිං සාමි දුග‍්ගතෙහි සද‍්ධිං කෙළිං කරොසීති? මිත‍්තසන්‍ථවො නාම දුග‍්ගතෙහිපි සද‍්ධිං හොති, දෙථ නං, කුටුම‍්බසාමිනී භවිස‍්සතීති නං ගහෙත්‍වා ඝරං ආනෙසි. සා සංවාසමන්‍වාය පුත‍්තං විජාතා. පුත‍්තො පදසා ආහිණ‍්ඩනකාලෙ කාලමකාසි. සා දුග‍්ගතකුලෙ උප‍්පජ‍්ජිත්‍වා මහාකුලං ගන‍්ත්‍වාපි “පුත‍්තවිනාසං පත‍්තාම‍්හී”ති උප‍්පන‍්නබලවසොකා පුත‍්තස‍්ස සරීරකිච‍්චං වාරෙත්‍වා තං මතකළෙවරං ආදාය නගරෙ විප‍්පලපන‍්තී චරති.

තෙවැන්නෙහි - කිසා ගොතමි මස් ලේ අල්ප බව හේතුවෙන් කෘශ (කෙට්ටු) වූ ‘ගෝතමි’ යනු ඇගේ නම යි. පෙර සැවැත්නුවර එක් පවුලක අසූ කෝටියක් වූ ධනය සියල්ල අඟුරු බවට පත්විය. ගෙහිමියා අඟුරු බවට පත් වූ ද, ගෙනැවිත් ඒකාන්තයෙන් පුණ්‍යවන්තයෙක් වන්නේ ද ඔහුගේ පිනෙන් යළි ප්‍රකෘති ස්වභාවයට පත් වන්නේ යයි රන්රුවන් සැළි පුරවා කඩපිළෙහි තබා අසළ සිටියේ ය. ඉක්බිති එක් දුප්පත් කුල දැරියක් අඩ මස්සක් ගෙන දර අත්තක් ගෙනෙන්නෙමියි නගර ගියා ය. ඒ දැක ගෙහිමියාගෙන් (මෙසේ) විමසුවා ය. කඩ පිළෙහි ධනය මෙපමණ නම් ගෙදර කොපමණ වන්නේ ද? මෑණියන් කුමක් දැක මෙසේ කියයි ද? මේ රන් රුවන්ය. හේ මැය පින්වතියක් වන්නේ යයි ඇය පදිංචිව සිටින තැන විමසා “කඩ පිළෙහි භාණ්ඩ තැන්පත් කර ඇගේ මව්පියන් වෙත පැමිණ මෙසේ පැවසී ය. අපේ නිවසට වියට පත් දරුවෙක් සිටී. ඔහුට මේ දැරිය දෙනු මැනවි කීය. ස්වාමීනි, දුප්පතුන් සමග සෙල්ලම් කරන්නෙහි ද? “මිත්‍රත්වය දුප්පතුන් සමග ද වේ. ඇය දෙනු මැනවි. ඇය පවුලේ ස්වාමිදුව වන්නී ය” යි ඇය රැගෙන නිවසට පැමිණියේ ය. සංවාසයෙන් පසුව පුතකු වැදුවා ය. පුත්‍රයා පියවරින් පියවර ඇවිදින කාලයේ කළුරිය කළේ ය. ඇය දුප්පත් පවුලක ඉපිද ධනවත් පවුලකට ගොස් වුව ද පුත්‍ර විනාශයට පැමිණියෙමියි උපන් බලවත් ශෝකයෙන් පුතා මිහිදන් කිරීමෙන් වළක්වා ඒ මළ සිරුර ගෙන නගරයෙහි වැළපෙමින් සැරිසරයි.

එකදිවසං මහතියා බුද‍්ධවීථියා දසබලස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා – “පුත‍්තස‍්ස මෙ අරොගභාවත්‍ථාය භෙසජ‍්ජං දෙථ භගවා”ති ආහ. ගච‍්ඡ සාවත්‍ථිං ආහිණ‍්ඩිත්‍වා යස‍්මිං ගෙහෙ මතපුබ‍්බො නත්‍ථි, තතො සිද‍්ධත්‍ථකං ආහර, පුත‍්තස‍්ස තෙ භෙසජ‍්ජං භවිස‍්සතීති. සා නගරං පවිසිත්‍වා ධුරගෙහතො පට‍්ඨාය භගවතා වුත‍්තනයෙන ගන‍්ත්‍වා සිද‍්ධත්‍ථකං යාචන‍්තී ඝරෙ ඝරෙ, “කුතො ත්‍වං එවරූපං ඝරං පස‍්සිස‍්සසී”ති වුත‍්තා කතිපයානි ගෙහානි ආහිණ‍්ඩිත්‍වා – “සබ‍්බෙසම‍්පි කිරායං ධම‍්මතා, න මය‍්හං පුත‍්තස‍්සෙවා”ති සාලායං ඡවං ඡඩ‍්ඩෙත්‍වා පබ‍්බජ‍්ජං යාචි. සත්‍ථා “ඉමං පබ‍්බාජෙතූ”ති භික‍්ඛුනිඋපස‍්සයං පෙසෙසි. සා ඛුරග‍්ගෙයෙව අරහත‍්තං පාපුණි. ඉමං ථෙරිං සන්‍ධාය “අථ ඛො කිසාගොතමී”ති වුත‍්තං.

එක් දිනක් මහත් වූ බුද්ධ බලයෙන් යුක්ත වූ බුදුන් වහන්සේ ළඟට පැමිණ භාග්‍යවතුන් වහන්ස, මගේ පුතාගේ රෝග නොමැති බවට (නිරෝගී වීමට) බෙහෙතක් දෙනු මැනවි යි පැවසුවා ය. “යන්න සැවැත් නුවර ඇවිද යම් ගෙයක පෙර මළ කෙනෙකු නැද්ද? එයින් සුදු අබ ටිකක් ගෙනෙන්න (එය) ඔබගේ පුතාට බෙහෙත් වන්නේ ය” යි (කී සේක.) ඈ නගරයට පිවිස, ප්‍රධාන ගෙදර සිට බුදුන් වහන්සේ විසින් පවසන ලද පරිදි ගොස් සුදු අබ ඉල්ලන්නී ගෙයක් ගෙයක් පාසා ඔබ මෙවැනි දෙයක් කොහෙන් දැක්කෙහි ද? යි පවසන ලද්දී ගෙවල් කිහිපයක ඇවිද සියල්ලන්ට ම මේ ස්වභාවය යි මගේ පුතාට පමණක් නො වේ යි ශාලාවෙහි මළ කඳ දමා පැමිණ පැවිද්ද පැතුවා ය, බුදුන් වහන්සේ මැය පැවිදි කරව යි භික්‍ෂුණී අසපුව වෙත යැවූ සේක, හිස බූ ගාන තැන දී ම අර්හත් භාවයට පැමිණියා ය. මේ තෙරණිය අරබයා අථ ඛො කිසාගොතමි යි කියන ලදි.

එකමාසීති එකා ආසි. රුදම‍්මුඛීති රුදමානමුඛී විය. අච‍්චන‍්තං මතපුත‍්තාම‍්හීති එත්‍ථ අන‍්තං අතීතං අච‍්චන‍්තං, භාවනපුංසකමෙතං. ඉදං වුත‍්තං හොති – යථා පුත‍්තමරණං අන‍්තං අතීතං හොති, එවං මතපුත‍්තා අහං, ඉදානි මම පුන පුත‍්තමරණං නාම නත්‍ථි. පුරිසා එතදන‍්තිකාති පුරිසාපි මෙ එතදන‍්තිකාව. යො මෙ පුත‍්තමරණස‍්ස අන‍්තො, පුරිසානම‍්පි මෙ එසෙවන‍්තො, අභබ‍්බා අහං ඉදානි පුරිසං ගවෙසිතුන‍්ති. සබ‍්බත්‍ථ විහතා නන්‍දීති සබ‍්බෙසු ඛන්‍ධායතනධාතුභවයොනිගතිඨිතිනිවාසෙසු මම තණ‍්හානන්‍දී විහතා. තමොක‍්ඛන්‍ධොති අවිජ‍්ජාක‍්ඛන්‍ධො. පදාලිතොති ඤාණෙන භින‍්නො.

එකමාසි ‘එකා ආසි’ (හුදෙකලා ව සිටියා ය.) රුදම්මුඛී යනු හඬන මුවක් ඇත්තී මෙන් අච්චන්තං මත පුත්තාමහි යන මෙහි ‘අන්තරං අතීතං’ අච්චන්තං, මෙය භාවනපුංශක යි. කියන ලද්දේ මෙය යි. යම් සේ පුත්‍ර මරණයෙන් වන අවසානයක් අතීත වී ද, එසේ මම මළ පුතෙකු ඇත්තියකි. දැන් මට යළි පුත්‍ර මරණයක් නම් නැත. පුරිසා එතදන්තිකාං මට පුරුෂයෝ ද ඒ අවසානය ම ඇත්තාහු වෙත් මට පුත්‍ර මරණයේ යම් අන්තයක් (කෙළවරක්) වී ද මට පුරුෂයන්ගේ කෙළවර ද එය ම ය. මට දැන් පුරුෂයන් සෙවීම අභව්‍යය (නො සිදුවේ ය). සබ්බත්‍ථ විහතා නන්‍දි සියලු ස්කන්ධ, ආයතන, ධාතු, භව, යෝනි ගති, ස්ථිති නිවාස ආදි සියලු තන්හි මගේ තෘෂ්ණාව නසන ලදි. තමොක්‍ඛන්‍ධො අවිද්‍යා ස්කන්ධය පදාලිතො ඥානයෙන් බිඳින ලදි.

තතියං.

තුන් වැනි සූත්‍රය යි.

4. විජයාසුත‍්තවණ‍්ණනා

4. විජයා සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ පඤ‍්චඞ‍්ගිකෙනාති ආතතං විතතං ආතතවිතතං ඝනං සුසිරන‍්ති එවං පඤ‍්චඞ‍්ගසමන‍්නාගතෙන. නිය්‍යාතයාමි තුය‍්හෙවාති සබ‍්බෙ තුය‍්හංයෙව දෙමි. නාහං තෙනත්‍ථිකාති නාහං තෙන අත්‍ථිකා. පූතිකායෙනාති සුවණ‍්ණවණ‍්ණොපි කායො නිච‍්චං උග‍්ඝරිතපග‍්ඝරිතට‍්ඨෙන පූතිකායොව, තස‍්මා එවමාහ. භින්‍දනෙනාති භිජ‍්ජනසභාවෙන. පභඞ‍්ගුනාති චුණ‍්ණවිචුණ‍්ණං ආපජ‍්ජනධම‍්මෙන. අට‍්ටීයාමීති අට‍්ටා පීළිතා හොමි. හරායාමීති ලජ‍්ජාමි. සන‍්තා සමාපත‍්තීති අට‍්ඨවිධා ලොකියසමාපත‍්ති ආරම‍්මණසන‍්තතාය අඞ‍්ගසන‍්තතාය ච සන‍්තාති වුත‍්තා. සබ‍්බත්‍ථාති සබ‍්බෙසු රූපාරූපභවෙසු, තෙසං ද‍්වින‍්නං භවානං ගහිතත‍්තා ගහිතෙ කාමභවෙ අට‍්ඨසු ච සමාපත‍්තීසූති එතෙසු සබ‍්බෙසු ඨානෙසු මය‍්හං අවිජ‍්ජාතමො විහතොති වදති.

සිවු වැන්නේ - පඤ්චඞ්ගිකෙන යනු ආතන, චිතත, විතත, ආතත විතත, ඝන, සුසිර යන අංග පසකින් සමන්විත, නිය්‍යාතයාමි තුය්හෙවා යනු සියල්ල ඔබට ම දෙමි නානං තෙනත්‍ථිකා මම එයින් වැඩක් ඇති තැනැත්තියක් නො වෙමි (=මට අන් වැඩක් නැත) පුතිකායෙන ස්වර්ණ වර්ණ වුව ද, සිරුර, නිතර වැගිරෙන වෑස්සෙන අර්ථයෙන් කුණු ගඳ ගසන සිරුරක් මය, එහෙයින් මෙසේ කී ය. භින්‍දනෙන බිඳෙන ස්වභාවය හේතුවෙන් පහඞ්ගුණ සුණු විසිණු බවට පත්වන ස්වභාවය හේතුවෙන් අට්ඨියාමි ‘අට්ඨා’ පීඩාවට පත් වූයේ වෙමි. හරායාමි ලජ්ජා වෙමි. සන්තා සමාපන්තී අෂ්ට විධ ලෞකික සමාපත්ති. ආරම්මණ ශාන්තත්වයෝ හා අංග ශාන්තත්වයෙන් ‘ශාන්ත වූ’ යි කියන ලදි. සබ්බත්‍ථ සියලු රූප අරූපභවවල, මේ භවදෙක ගන්නා ලද බැවින් කාම භවය ද ගත්කල සමාපත්ති අටෙහි යි ඒ සියලු තැන්වල මගේ අවිද්‍යා අඳුර නසන ලද්දේ ය කියයි.

චතුත්‍ථං.

සිවු වැනි සූත්‍රය යි.

5. උප‍්පලවණ‍්ණාසුත‍්තවණ‍්ණනා

5. උප්පලවණ්ණා සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ සුපුප‍්ඵිතග‍්ගන‍්ති අග‍්ගතො පට‍්ඨාය සුට‍්ඨු පුප‍්ඵිතං සාලරුක‍්ඛං. න චත්‍ථි තෙ දුතියා වණ‍්ණධාතූති තව වණ‍්ණධාතුසදිසා දුතියා වණ‍්ණධාතු නත්‍ථි, තයා සදිසා අඤ‍්ඤා භික‍්ඛුනී නත්‍ථීති වදති. ඉධාගතා තාදිසිකා භවෙය්‍යුන‍්ති යථා ත්‍වං ඉධාගතා කිඤ‍්චි සන්‍ථවං වා සිනෙහං වා න ලභසි, එවමෙවං තෙපි තයාව සදිසා භවෙය්‍යුං. පඛුමන‍්තරිකායන‍්ති ද‍්වින‍්නං අක‍්ඛීනං මජ‍්ඣෙ නාසවංසෙපි තිට‍්ඨන‍්තිං මං න පස‍්සසි. වසීභූතම‍්හීති වසීභූතා අස‍්මි.

පස් වැන්නේ - සුපුප්ථිතග්ගං අග පටන් මනා සේ මල් පිපි සල් රුක න වත්‍ථි තෙ දුතියා වණ්ණධාතු ඔබගේ වර්ණ ධාතුව හා සමාන දෙ වැනි වර්ණ ධාතුවක් නැත. ඔබ හා සමාන වෙනත් භික්‍ෂූණියක් නැත” යි කියයි. ඉධාගතා තාදිසකා භවෙයසුං යම් සේ ඔබ මෙහි පැමිණියා කිසියම් සත්‍ථවයක් හෝ සෙනෙහසක් හෝ නො ලබන්නෙහි ද එසේ ම ඔවුහූ ද ඔබ හා සමාන වන්නාහු ය. පඛුමත්තරිකායං ඇස් දෙක මැද නැහැ වසමෙහි සිටින මා නොදක්නෙහි වසීභූතමහි වසී වූවා වෙමි.

පඤ‍්චමං.

පස් වැනි සූත්‍රය යි.

6. චාලාසුත‍්තවණ‍්ණනා

6. චාලා සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ කො නු තං ඉදමාදපයීති කො නු මන්‍දබුද‍්ධි බාලො තං එවං ගාහාපෙසි? පරික‍්ලෙසන‍්ති අඤ‍්ඤම‍්පි නානප‍්පකාරං උපද‍්දවං. ඉදානි යං මාරො ආහ – “කො නු තං ඉදමාදපයී”ති, තං මද‍්දන‍්තී – “න මං අන්‍ධබාලො ආදපෙසි, ලොකෙ පන අග‍්ගපුග‍්ගලො සත්‍ථා ධම‍්මං දෙසෙසී”ති දස‍්සෙතුං, බුද‍්ධොතිආදිමාහ. තත්‍ථ සච‍්චෙ නිවෙසයීති පරමත්‍ථසච‍්චෙ නිබ‍්බානෙ නිවෙසෙසි. නිරොධං අප‍්පජානන‍්තාති නිරොධසච‍්චං අජානන‍්තා.

සය වැන්නේ - කොනුතං ඉදමාදපයි ජාතිං මාරොචෙසි යනු මන්ද බුද්ධිකකවර බාලයෙක් ඔබට මෙසේ (අදහස්) ගැන්වූයේ ද? පරිකෙලසං යනු අන්‍ය වූ නානා ප්‍රකාර උපද්‍රව ද, දැන් මාරයා මෙය කී ය. කවරෙක් නම් මේ (දෘෂ්ටිය) ගැන් වී ද? එය කියන්නී මට අන්ධබාලයෙක් නො පැවසී ය. ලෝකයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා වන බුදුන් වහන්සේ ධර්මය දෙසතියි දක්වනු පිණිස ‘බුද්ධො’ ආදිය පැවසී ය. එහි සචෙච නිවෙසයී පරමාර්ථ සත්‍යය වූ නිර්වාණයෙහි පිහිටු වී ද? නිරොධං අප්පජානන්තා යනු නිරෝධ සත්‍යය නො දන්නා,

ඡට‍්ඨං.

සය වැනි සූත්‍රය යි.

7. උපචාලාසුත‍්තවණ‍්ණනා

7. උපචාලා සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ එන‍්ති මාරවසං පුනාති පුනප‍්පුනං මරණමාරකිලෙසමාරදෙවපුත‍්තමාරානං වසං ආගච‍්ඡන‍්ති. පධූපිතොති සන‍්තාපිතො. අගති යත්‍ථ මාරස‍්සාති යත්‍ථ තුය‍්හං මාරස‍්ස අගති. තත්‍ථාති තස‍්මිං නිබ‍්බානෙ.

සත් වැන්නේ - එන්ති මාරවසං පුනා යනු යළි යළිත් මෘත්‍ය මාර, ක්ලේශ මාර, දේවපුත්‍රමාරයන්ගේ වසඟයට පැමිණෙත්. පධුපිතො සන්තාපිත වූ අගති යත්‍ථ මාරස්ස යම් තැනක ඔබට මාරයාගේ ප්‍රවේශය නැද්ද තත්‍ථ - ඒ නිවනෙහි ය.

සත‍්තමං.

සත් වැනි සූත්‍රය යි.

8. සීසූපචාලාසුත‍්තවණ‍්ණනා

8. සීසූපචාලා සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ සමණී විය දිස‍්සසීති සමණිසදිසා දිස‍්සසි. කිමිව චරසි මොමූහාති කිං කාරණා මොමූහා විය චරසි? ඉතො බහිද‍්ධාති ඉමම‍්හා සාසනා බහි. පාසං ඩෙන‍්තීති පාසණ‍්ඩා, සත‍්තානං චිත‍්තෙසු දිට‍්ඨිපාසං ඛිපන‍්තීති අත්‍ථො. සාසනං පන පාසෙ මොචෙති, තස‍්මා පාසණ‍්ඩොති න වුච‍්චති, ඉතො බහිද‍්ධායෙව පාසණ‍්ඩා හොන‍්ති. පසීදන‍්තීති සංසීදන‍්ති ලග‍්ගන‍්ති.

අට වැන්නේ - සමණි විය දිස්සසි යනු ශ්‍රමණ තැනැත්තියක (මෙහෙණක) මෙන් පෙනෙන්නෙහි කිමිව චරසි මොමූහා කුමන කරුණක් නිසා මුළා වූ තැනැත්තියක ලෙස සැරිසරන්නෙහි ද? ඉතො බහිද්ධා මේ ශාසනයෙන් බැහැර පාසං (තොණ්ඩුව) ඔඩ්ඩෙන්ති (අටවති) යි පාසණ්ඩා සත්ත්වයන්ගේ සිත්වල දිට්ඨිපාසය (දෘෂ්ටි තොණ්ඩුව) හෙළන්නී යන අරුත යි. ශාසනය වනාහි තොණ්ඩුව මුදා හරි. එහෙයින් පාසණ්ඩ යි නො කියනු ලැබේ. මෙයින් බැහැර ව ම පාසණ්ඩයෝ වෙත්. පසීදන්ති - ගිලෙත් ලැගෙත්,

ඉදානි “කං නු උද‍්දිස‍්ස මුණ‍්ඩාසී”ති පඤ‍්හං කථෙන‍්තී අත්‍ථි සක්‍යකුලෙ ජාතොතිආදිමාහ. තත්‍ථ සබ‍්බාභිභූති සබ‍්බානි ඛන්‍ධායතනධාතුභවයොනිගතිආදීනි අභිභවිත්‍වා ඨිතො. මරණමාරාදයො නුදි නීහරීති මාරනුදො. සබ‍්බත්‍ථමපරාජිතොති සබ‍්බෙසු රාගාදීසු වා මාරයුද‍්ධෙ වා අජිතො. සබ‍්බත්‍ථ මුත‍්තොති සබ‍්බෙසු ඛන්‍ධාදීසු මුත‍්තො. අසිතොති තණ‍්හාදිට‍්ඨිනිස‍්සයෙන අනිස‍්සිතො. සබ‍්බකම‍්මක‍්ඛයං පත‍්තොති සබ‍්බකම‍්මක‍්ඛයසඞ‍්ඛාතං අරහත‍්තං පත‍්තො. උපධිසඞ‍්ඛයෙති උපධිසඞ‍්ඛයසඞ‍්ඛාතෙ නිබ‍්බානෙ ආරම‍්මණතො විමුත‍්තො.

දැන් කවුරුන් උදෙසා හිස මුඩු කර ගනිත් දැයි ප්‍රශ්න විචාරන්නී අත්‍ථි සාක්‍යකුලෙ ජාතො ආදිය කීවා ය. එහි සබ්බාභිභුසාද්‍රෙ ස්කන්ධ ආයතන ධාතු භව යෝනි ගති ආදී සියල්ල අභිබවා සිටී. මරණ මාර ආදීන් ‘නුදි’ වෙතැයි බැහැර ලයි. මාර නුඳෙ සබ්බත්‍ථමපරාජිතො සියලු රාගාදියෙහි හෝ මාර යුද්ධයෙහි අපරාජිත වූ සබ්බත්‍ථමුත්තො ස්කන්ධ ආදී සියලු දෙයින් මිදුණු, අසිකො තෘෂ්ණා අෂ්ටි ඇසුරක් නො කළ සබ්බකම්මක්‍ඛ සප්පත්තො උපධි සංඛ්‍ය සංඛ්‍යාත වූ නිර්වාණයෙහි ආරම්මණයෙන් මිදුණි.

අට‍්ඨමං.

අට වැනි සූත්‍රය යි.

9. සෙලාසුත‍්තවණ‍්ණනා

9. සේලා සූත්‍ර වර්ණනාව

නවමෙ කෙනිදං පකතන‍්ති කෙන ඉදං කතං. බිම‍්බන‍්ති අත‍්තභාවං සන්‍ධාය වදති. අඝන‍්ති දුක‍්ඛපතිට‍්ඨානත‍්තා අත‍්තභාවමෙව වදති. හෙතුභඞ‍්ගාති හෙතුනිරොධෙන පච‍්චයවෙකල‍්ලෙන.

නව වැන්නෙ - කෙනිදං පකතං යනු කවුරුන් විසින් මෙය කරන ලද ද? බිම්බං ආත්මභාවය අරබයා කියයි. අසං යන දුකෙහි පිහිට බැවින් ආත්මභාවය ම කියති. හෙතුභඞ්ගා හේතුනිරෝධයෙන් ප්‍රත්‍යය චෛකල්‍යයෙන් (වෙනස් බැවිනි).

නවමං.

නව වැනි සූත්‍රය යි.

10. වජිරාසුත‍්තවණ‍්ණනා

10. වජිරා සූත්‍ර වර්ණනාව

දසමෙ නයිධ සත‍්තුපලබ‍්භතීති ඉමස‍්මිං සුද‍්ධසඞ‍්ඛාරපුඤ‍්ජෙ පරමත්‍ථතො සත‍්තො නාම න උපලබ‍්භති. ඛන්‍ධෙසු සන‍්තෙසූති පඤ‍්චසු ඛන්‍ධෙසු විජ‍්ජමානෙසු තෙන තෙනාකාරෙන වවත්‍ථිතෙසු. සම‍්මුතීති සත‍්තොති සමඤ‍්ඤාමත‍්තමෙව හොති. දුක‍්ඛන‍්ති පඤ‍්චක‍්ඛන්‍ධදුක‍්ඛං. නාඤ‍්ඤත්‍ර දුක‍්ඛාති ඨපෙත්‍වා දුක‍්ඛං අඤ‍්ඤො නෙව සම‍්භොති න නිරුජ‍්ඣතීති.

දස වැන්නේ - නයිධසත්තුපලබ්භති යනු මේ ශුද්ධ සංස්කාර ලොව තුළ පරමාර්ථ වශයෙන් සත්ත්වයෙක් නම් නො ලැබේ. ඛන්‍ධෙසු සන්තෙසු ස්කන්ධ පහ ඒ ඒ ආකාරයට ව්‍යවස්ථාපිත ලෙස විද්‍යාමාන වූ කල්හි. සම්මුති සත්ත්වයා යන හැඳින්වීම් මාත්‍රය ම වේ. දුක්‍ඛං පඤ්චස්කන්ධය දුකය. නාඤ්ඤත්‍ර දුක්‍ඛා දුක හැර අනිකක් නො හට ගන්නේ ම ය. නිරුද්ධ නො වන්නේ ය.

දසමං.

දස වැනි සූත්‍රය යි.

ඉති සාරත්‍ථප‍්පකාසිනියා සංයුත‍්තනිකාය-අට‍්ඨකථාය භික‍්ඛුනීසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

මෙසේ භික්ෂුණී සංයුක්ත වර්ණනාව නිමියේ ය.