යෙදුමෙන් කියවන්න

උපචාලාසුත‍්තං

5. 1. 7.

5. 1. 7.

උපචාලාසුත‍්තං.

උපචාලා සූත්‍රය

168. සාවත්‍ථියං–

168. සැවැත්නුවර–

අථ ඛො උපචාලා භික‍්ඛුනී පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය සාවත්‍ථිං පිණ‍්ඩාය පාවිසි. සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තා යෙන අන්‍ධවනං තෙනුපසඞ‍්කමි දිවාවිහාරාය. අන්‍ධවනං අජ‍්ඣොගහෙත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.

එකල්හි උපචාලා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසුන. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී අන්‍ධවනය වෙත දිවාවිහරණය පිණිස එළඹිනී ය. අන්‍ධවනයට පිවිස එක්තරා රුක්මුලෙක දිවාවිහරණය පිණිස හුන.

අථ ඛො මාරො පාපිමා යෙන උපචාලා භික‍්ඛුනී තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා උපචාලං භික‍්ඛුනිං එතදවොච:

ඉක්බිති පවිටු මරු උපචාලා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ උපචාලා මෙහෙණහට -

කත්‍ථ නු ත්‍වං භික‍්ඛුනී උප‍්පජ‍්ජිතුකාමාති?

මෙහෙණ, තො කොහි උපදිනු කැමැත්තිහි දැ යි මෙය කී ය.

[උපචාලා:]

[උපචාලාවෝ:]

න ඛ‍්වාහං ආවුසො කත්‍ථචි උප‍්පජ‍්ජිතුකාමාති.

ඇවැත්නි, මම කොහිදු උපදිනු නො කැමැත්තෙමි යි.

[මාරො:]

[මරු:]

තාවතිංසා ච යාමා ච තුසිතා චාපි දෙවතා, නිම‍්මාණරතිනො දෙවා යෙ දෙවා වසවත‍්තිනො, තත්‍ථ චිත‍්තං පණිධෙහි රතිං පච‍්චනුභොස‍්සසීති.

තව්තිසා දෙවියෝ ය, යාම දෙවියෝ ය, තුෂිත දෙවියෝ ය, නිර්‍මාණරතී දෙවියෝ ය, යම් වශවර්තිති දෙවි කෙනෙක් වෙත් නම් ඔහු ය යන මොවුන් කෙරෙහි සිත පිහිටුව, පඤ්චකාමරතිය විඳුනෙහි ය.

[උපචාලා:]

[උපචාලාවෝ:]

තාවතිංසා ච යාමා ච තුසිතා චාපි දෙවතා, නිම‍්මාණරතිනො දෙවා යෙ දෙවා වසවත‍්තිනො, කාමබන්‍ධනබද‍්ධා තෙ එන‍්ති මාරවසං පුන.

තව්තිසා දෙවියෝ ය, යාම දෙවියෝ ය, තුෂිත දෙවියෝ ය, නිර්‍මාණරතී දෙවියෝ ය, යම් වශවර්තිති දෙවි කෙනෙක් වෙත් නම් ඔහු ය යන ඒ සියල්ලෝ පඤ්චකාමබන්‍ධනයෙන් බැඳුනාහු නැවත මාර වශයට පැමිණෙත්.

සබ‍්බො ආදීපිතො ලොකො සබ‍්බො ලොකො පධූපිතො, සබ‍්බො පජ‍්ජලිතො ලොකො සබ‍්බො ලොකො පකම‍්පිතො.

මුළුලොව ඇවිළින මුළුලොව නැවීන. මුළුලොව දිලිසින, මුළුලොව වෙසෙසින් සැලින.

අකම‍්පිතං අජලිතං අපුථුජ‍්ජනසෙවිතං, අගති යත්‍ථ මාරස‍්ස තත්‍ථ මෙ නිරතො මනොති.

යමෙක් අකම්පිතව ද, අචලිත ද, පුහුදුන් විසින් නො සෙවුනා ලද ද, යම් තැනෙක මරුට පිහිටෙක් නැද්ද, එහි (නිවණෙහි) මාගේ සිත ඇලුනේ ය.

අථ ඛො මාරො පාපිමා -පෙ- තත්‍ථෙවන‍්තරධායීති.

ඉක්බිති පවිටු මාර තෙමේ … එහි ම අතුරුදන් වි ය.