සීසූපචාලාසුත‍්තං
5. 1. 8.
5. 1. 8.
සීසූපචාලාසුත‍්තං
සීසූපචාලා සූත්‍රය
169. සාවත්‍ථියං–
169. සැවැත්නුවර–
අථ ඛො සීසූපචාලා භික‍්ඛුනී පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය සාවත්‍ථිං පිණ‍්ඩාය පාවිසි. සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තා යෙන අන්‍ධවනං තෙනුපසඞ‍්කමි දිවාවිහාරාය. අන්‍ධවනං අජ‍්ඣොගහෙත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.
එකල්හි සීසූපචාලා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙ ව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසුන. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹුන. අන්‍ධවනයට බැසගෙන එක්තරා රුකක්මුල දිවාවිහරණය පිණිස හුන.
අථ ඛො මාරො පාපිමා යෙන සීසූපචාලා භික‍්ඛුනී තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා සීසූපචාලං භික‍්ඛුනිං එතදවොච:
ඉක්බිති පවිටු මරු සීසූපචාලා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ සීසූපචාලා මෙහෙණහට මෙය කීය:
කස‍්ස නු ත්‍වං භික‍්ඛුනී පාසණ‍්ඩං රොචෙසීති?
මෙහෙණ තො කවරකුගේ පාෂාණ්ඩය (දෘෂ්ටිය) ක් රුස්නෙහි ද?
[සීසූපචාලා:]
[සීසූපචාලාවෝ:]
න ඛ‍්වාහං ආවුසො කස‍්සචි පාසණ‍්ඩං රොචෙමීති,
ඇවැත්නි, මම කිසිවකුගේ පාෂාණ්ඩයක් නො ම රුස්නෙමි.
[මාරො:]
[මරු:]
කින‍්නු උද‍්දිස‍්ස මුණ‍්ඩාසි සමණී විය දිස‍්සසි, න ච රොචෙසි පාසණ‍්ඩං කිමිව චරසි මොමූහාති.
මෙහෙණක මෙන් පෙණෙහි. කවරකු උදෙසා මුඩු වූ යෙහි ද? පාෂාණ්ඩයක් නුරුස්නෙහි ද? කුමක් හෙයින් මුළා වූවකු මෙන් හැසිරෙහි ද?
[සීසූපචාලා:]
[සීසූපචාලාවෝ:]
ඉතො බහිද‍්ධා පාසණ‍්ඩා දිට‍්ඨීසු පසීදන‍්ති තෙ, න තෙසං ධම‍්මං රොචෙමි න තෙ ධම‍්මස‍්ස කොවිදා.
පාෂාණ්ඩයෝ මේ සස්නෙන් පිටත්හ. ඔහු මිත්‍ථ්‍යාදෘෂ්ටීන්හි ගැලෙත්. ඔවුන්ගේ දහම නුරුස්නෙමි. ඔහු දහම්හි අදක්‍ෂයයහ.
අත්‍ථි සක්‍යකුලෙ ජාතො බුද‍්ධො අප‍්පටිපුග‍්ගලො, සබ‍්බාභිභූ මාරනුදො සබ‍්බත්‍ථමපරාජිතො, සබ‍්බත්‍ථ මුත‍්තො අසිතො සබ‍්බං පස‍්සති චක‍්ඛුමා. සබ‍්බකම‍්මක‍්ඛයප‍්පත‍්තො විමුත‍්තො උපධිසඞ‍්ඛයෙ, සො මය‍්හං භගවා සත්‍ථා තස‍්ස රොචෙමි සාසනන‍්ති.
ශාක්‍යවංශයෙහි උපන් සමාන පුද්ගලයන් නැති සියලු ස්කන්‍ධාදීන් මැඩ සිටියා වූ මරුන් නෙරැපූ සියලු තන්හි නො පැරදුනු සියලු තන්හි මිදුනු (තෘෂ්ණා දෘෂ්ටීන්) අනිඃශ්‍රිත වූ සර්‍වඥයන් වහන්සේ ඇති සේක. සියලු කර්‍මයන් ක්‍ෂය කිරීමට පැමිණි උපධිසඞ්ඛය සඞ්ඛාත නිර්‍වාණයෙහි ලා මිදුනු පසැස් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ සියල්ල දක්නා සේක. ඒ මාගේ ශාස්තෘන් වහන්සේ ය. උන්වහන්සේගේ සස්න රුස්නෙමි.
අථ ඛො මාරො පාපිමා -පෙ- තත්‍ථෙවන‍්තරධායීති.
ඉක්බිති පවිටු මරු තෙමේ … එහි ම අතුරුදන් වි ය.