යෙදුමෙන් කියවන්න

සෙලාසුත‍්තං

5. 1. 9.

5. 1. 9.

සෙලාසුත‍්තං.

සේලා සූත්‍රය

170. සාවත්‍ථියං–

170. සැවැත්නුවර–

අථ ඛො සෙලා භික‍්ඛුනී පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය සාවත්‍ථිං පිණ‍්ඩාය පාවිසි. සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තා යෙන අන්‍ධවනං තෙනුපසඞ‍්කමි දිවාවිහාරාය. අන්‍ධවනං අජ‍්ඣොගහෙත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.

එකල්හි සේලා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසුනා හ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹුනා ය. අන්‍ධවනයට පිවිස එක්තරා රුක්මුලෙක දිවාවිහරණය පිණිස හුන.

අථ ඛො මාරො පාපිමා සෙලාය භික‍්ඛුනියා භයං ඡම‍්භිතත‍්තං ලොමහංසං උප‍්පාදෙතුකාමො සමාධිම‍්හා චාවෙතුකාමො යෙන සෙලා භික‍්ඛුනී තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා සෙලං භික‍්ඛුනිං ගාථාය අජ‍්ඣභාසි:

ඉක්බිති පවිටු මරු සේලා මෙහෙණහට බිය තැතිගැනුම් ලොමු දහ ගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ සේලා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ සේලා මෙහෙණට ගාථායෙන් කී ය:

කෙනිදං පකතං බිම‍්බං ක්‍වන‍්නු බිම‍්බස‍්ස කාරකො, ක්‍වන‍්නු බිම‍්බං සමුප‍්පන‍්නං ක්‍වන‍්නු බිම‍්බං නිරුජ‍්ඣතීති.

මේ අත්බව කවරකු විසින් කරණ ලද ද? මේ අත්බැව්හි කාරකයා කවරේ ද? මේ අත්බව කුමක් නිසා උපන්නේ ද? මේ අත්බව කෙසේ නිරුද්ධ වේ ද?

අථ ඛො සෙලාය භික‍්ඛුනියා එතදහොසි: කො නු ඛ‍්වායං මනුස‍්සො වා අමනුස‍්සො වා ගාථං භාසතීති. අථ ඛො සෙලාය භික‍්ඛුනියා එතදහොසි: මාරො ඛො අයං පාපිමා. මම භයං ඡම‍්භිතත‍්තං ලොමහංසං උප‍්පාදෙතුකාමො සමාධිම‍්හා චාවෙතුකාමො ගාථං භාසතීති. අථ ඛො සෙලා භික‍්ඛුනී මාරො අයං පාපිමා ඉති විදිත්‍වා මාරං පාපිමන‍්තං ගාථාහි පච‍්චභාසි:

එකල්හි සේලා මෙහෙණට “මේ කවරෙක් ද” මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ ගාථාව කියා දැ’යි මේ අදහස විය. එකල්හි සේලා මෙහෙණට “මේ පවිටු මරු ය. මට බිය තැති ගැණුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා’යි මේ අදහස විය. ඉක්බිති සෙලා මෙහෙණ මේ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් පෙරළා කිවුය:

නයිදං අත‍්තකතං බිම‍්බං නයිදං පරකතං අඝං, හෙතුං පටිච‍්ච සම‍්භූතං හෙතුභඞ‍්ගා නිරුජ‍්ඣති.

මේ අත්බැව තමා විසින් කරණලද්දෙක් නොවේ. මේ දුකට පිහිට වූ අත්බව මෙරමා විසින් කරණලද්දෙක් ද නොවේ. හේතුව නිසා හට ගත්තේ ය. හේතුව බිඳීමෙන් නිරුද්ධ වේ.

යථා අඤ‍්ඤතරං බීජං ඛෙත‍්තෙ වුත‍්තං විරූහති, පඨවීරසඤ‍්ච ආගම‍්ම සිනෙහඤ‍්ච තදූභයං.

කෙතෙහි වපුළ යම්කිසි බිජුවටෙක් පොළෝරසය ද ජලය ද යන ඒ දෙක ලැබගෙන යම්සේ අකුරු නගා ද?

එවං ඛන්‍ධා ච ධාතුයො ඡ ච ආයතනා ඉමෙ, හෙතුං පටිච‍්ච සම‍්භූතා හෙතුභඞ‍්ගා නිරුජ‍්ඣරෙති.

එසෙයින් ම ස්කන්‍ධයෝ ද, ධාතූහු ද, ෂඩායතනයෝ ද යන මොහු හේතුව නිසා හට ගත්තෝ ය. හේතුභඞ්ගයෙන් නිරුද්ධ වෙත්.

අථ ඛො මාරො පාපිමා -පෙ- තත්‍ථෙවන‍්තරධායීති.

ඉක්බිති පවිටු මරු තෙමේ … එහි ම අතුරුදන් වි ය.