චාලාසුත්තං
5. 1. 6.
5. 1. 6.
චාලාසුත්තං.
චාලා සූත්‍රය
167. සාවත්ථියං–
167. සැවැත්නුවර–
අථ ඛො චාලා භික්ඛුනී පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන අන්ධවනං තෙනුපසඞ්කමි දිවාවිහාරාය. අන්ධවනං අජ්ඣොගහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.
එකල්හි චාලා මෙහෙණ පෙරවරු හැඳ පෙර ව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසිනී ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්ධවනය වෙත එළඹුන. අන්ධවනයට පිවිස එක්තරා රුක්මුලෙක දිවාවිහරණය පිණිස හුන.
අථ ඛො මාරො පාපිමා යෙන චාලා භික්ඛුනී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා චාලං භික්ඛුනිං එතදවොච:
ඉක්බිති පවිටු මරු චාලා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ චාලා මෙහෙණහට මෙය කී ය.
කින්නු ත්වං භික්ඛුනී න රොචෙසීති.
මෙහෙණ, තෝ කුමක් නොරුස්නෙහි ද?
[චාලාභික්ඛුනී:]
[චාලා මෙහෙණ:]
ජාතිං ඛ්වාහං ආවුසො න රොචෙමීති.
ඇවැත්නි, මම ජාතිය නො රුස්නෙමි.
[මාරො:]
[මරු;]
කින්නු ජාතිං න රොචෙසි ජාතො කාමානි භුඤ්ජති, කො නු තං ඉදමාදපයි ජාතිං මාරොච භික්ඛුනීති.
කුමක් හෙයින් ජාතිය නො රුස්නෙහි ද? උපන් තැනැත්තේ කම්සැප විඳී. මෙහෙණ, ජාතිය නුරුස්ව යන මේ දෘෂ්ටිය කවර අඳබලෙක් තිට ගැන්වි ද?
[චාලාභික්ඛුනී:]
[චාලා මෙහෙණ:]
ජාතස්ස මරණං හොති ජාතො දුක්ඛානි ඵුස්සති, බන්ධං වධං පරික්ලෙසං තස්මා ජාතිං න රොචයෙ.
උපන්නහුට මරණය වෙයි. උපන් තැනැත්තේ බැඳුම් වද උවදුරු යන දුක් විඳී, එහෙයින් ජාතිය නො රුස්නෙමි.
බුද්ධො ධම්මමදෙසෙසි ජාතියා සමතික්කමං, සබ්බදුක්ඛප්පහාණාය යො මං සච්චෙ නිවෙසයි.
යමෙක් මා සත්‍යයෙහි පිහිට වී ද, ඒ සර්වඥයන් වහන්සේ ජාතිය ඉක්මවන දහම සියලු දුක් නැසීම පිණිස දෙසූ සේක.
යෙ ච රූපූපගා සත්තා යෙ ච ආරුප්පඨායිනො, නිරොධං අප්පජානන්තා ආගන්තාරො පුනබ්භවන්ති.
රූපභවයට පැමිණි යම් සත්ව කෙනෙක් වෙද් ද, අරූපභවයෙහි සිටින යම් සත්ව කෙනෙකුත් වෙද්ද, නිවණ නො දන්නා ඔහු පුනර්භවයට පැමිණෙන සුලු වෙති.
අථ ඛො මාරො පාපිමා -පෙ- තත්ථෙවන්තරධායීති.
ඉක්බිති පවිටු මරු තෙමේ … එහි ම අතුරුදන් වි ය.