උප්පලවණ්ණාසුත්තං
5. 1. 5.
5. 1. 5.
උප්පලවණ්ණාසුත්තං.
උප්පලවණ්ණා සූත්රය
166. සාවත්ථියං–
166. සැවැත්නුවර–
අථ ඛො උප්පලවණ්ණා භික්ඛුනී පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන අන්ධවනං තෙනුපසඞ්කමි දිවාවිහාරාය. අන්ධවනං අජ්ඣොගහෙත්වා අඤ්ඤතරස්මිං සුපුප්ඵිතසාලරුක්ඛමූලෙ අට්ඨාසි.
එකල්හි උප්පලවණ්ණා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසිනී ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්ධවනයට එළඹුන. අන්ධවනයට පිවිස එක්තරා සුපිපි සල්රුකක්මුල සිටියා.
අථ ඛො මාරො පාපිමා උප්පලවණ්ණාය භික්ඛුනියා භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො සමාධිම්හා චාවෙතුකාමො යෙන උප්පලවණ්ණා භික්ඛුනී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා උප්පලවණ්ණං භික්ඛුනිං ගාථාය අජ්ඣභාසි:
ඉක්බිති පවිටු මාර තෙමේ උප්පලවණ්ණා මෙහෙණට බිය තැතිගැනුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ උප්පලවණ්ණා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ උප්පලවණ්ණා මෙහෙණට ගාථායෙන් කීය:
සුපුප්ඵිතග්ගං උපගම්ම භික්ඛුනී එකා ත්වං තිට්ඨසි සාලමූලෙ, න චත්ථි තෙ දුතියා වණ්ණධාතු ඉධාගතා තාදිසිකා භවෙය්යුං බාලෙ න ත්වං භායසි ධුත්තකානන්ති.
මෙහෙණ, තො අග පටන් සුපිපි සල්රුකක් වෙත එළඹ ඒ සල්රුක මුල එකලා ව සිටිහි. තිගේ පැහැසටහන් සා දෙවන පැහැසටහනෙක් ද නැත. මෙහි පැමිණි අන්හු ද තොප වැන්නාහුය. (තොපසෙයින් සසඟ හා සෙනෙහස නැතියහ) බාලාවෙනි. තෝ සලෙලුනට නො බහි ද?
අථ ඛො උප්පලවණ්ණාය භික්ඛුනියා එතදහොසි: ‘කො නු ඛ්වායං මනුස්සො වා අමනුස්සො වා ගාථං භාසතී’ති. අථ ඛො උප්පලවණ්ණාය භික්ඛුනියා එතදහොසි: ‘මාරො ඛො අයං පාපිමා මම භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො සමාධිම්හා චාවෙතුකාමො ගාථං භාසතී’ති. අථ ඛො උප්පලවණ්ණා භික්ඛුනී මාරො අයං පාපිමා ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාහි පච්චභාසි:
ඉක්බිති උප්පලවණ්ණා මෙහෙණට “මේ කවරෙක් දෝ මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ ගාථාව කියා දැ යි” මේ සිත විය. එකල්හි උප්පලවණ්ණා මෙහෙණහට “මේ පවිටු මරු ය. මට බිය තැතිගැනුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා”යි මේ අදහස විය. එකල්හි උප්පලවණ්ණා මෙහෙණ මේ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් පෙරළා කිවු ය:
සතං සහස්සානපි ධුත්තකානං ඉධාගතා තාදිසිකා භවෙය්යුං, ලොමං න ඉඤ්ජාමි න සන්තසාමි න මාර භායාමි තමෙකිකාපි.
තා වැනි ධුර්තයන් සියදහස්හු මෙහි පැමිණියාහු වෙත් ද, ලෝමයකුත් නොසලමි. නො ම තැති ගනිමි. මාරය, එකලා වූ ද මම තට නො බමි.
එසා අන්තරධායාමි කුච්ඡිං වා පවිසාමි තෙ, පඛුමන්තරිකායම්පි තිට්ඨන්තිං මං න දක්ඛසි.
තෙල මම අතුරුදන් වෙමි. තොප කුසට හෝ පිවිසෙමි. දෙඇස අතුරෙහි නැහැවසටෙහි සිටුනා ද මා නො දකිහි.
චිත්තස්මිං වසීභූතාම්හි ඉද්ධිපාදා සුභාවිතා, සබ්බබන්ධනමුත්තාම්හි න තං භායාමි ආවුසොති.
සිතෙහි ලා වශී වෙමි. ඍද්ධිපාදයෝ මැනවින් වඩනා ලදහ. සියලු බැම්මෙන් මිදුනිම් වෙමි ඇවැත, මම තට නො බමි.
අථ ඛො මාරො පාපිමා ජානාති මං උප්පලවණ්ණා භික්ඛුනීති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
එකල්හි පවිටු මාරු තෙමේ උප්පලවණ්ණා මෙහෙණ මා දනී යයි දුකට පත් වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.