විජයාසුත‍්තං
5. 1. 4.
5. 1. 4.
විජයාසුත‍්තං
විජයා සූත්‍රය
165. සාවත්‍ථියං–
165. සැවැත්නුවර–
අථ ඛො විජයා භික‍්ඛුනී පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය සාවත්‍ථිං පිණ‍්ඩාය පාවිසි. සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තා යෙන අන්‍ධවනං තෙනුපසඞ‍්කමි දිවාවිහාරාය. අන්‍ධවනං අජ‍්ඣොගහෙත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.
එකල්හි විජයා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙ ව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසිනී ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹුනු. අන්‍ධවනයට පිවිස එක්තරා රුකක්මුල දිවාවිහරණය පිණිස හුන.
අථ ඛො මාරො පාපිමා විජයාය භික‍්ඛුනියා භයං ඡම‍්භිතත‍්තං ලොමහංසං උප‍්පාදෙතුකාමො සමාධිම‍්හා චාවෙතුකාමො යෙන විජයා භික‍්ඛුනී තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා විජයං භික‍්ඛුනිං ගාථාය අජ‍්ඣභාසි:
ඉක්බිති පවිටු මරු විජයා මෙහෙණට බිය තැතිගැනුම් ලොමු දහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ විජයා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ විජයා මෙහෙණට ගාථායෙන් කී ය:
දහරා ත්‍වං රූපවතී අහඤ‍්ච දහරො සුසු, පඤ‍්චඞ‍්ගිකෙන තුරියෙන එහය්‍යෙභිරමාමසෙති
අරිදුවනියෙනි, තෙපි සුරූපී ලදැරියහු. මම ද යොව්නෙහි සිටුනා ලදරුයෙමි. එව පසඟතුරුයෙන් අභිරමණය කරමු.
අථ ඛො විජයාය භික‍්ඛුනියා එතදහොසි: ‘කො නු ඛ‍්වායං මනුස‍්සො වා අමනුස‍්සො වා ගාථං භාසතී’ති. අථ ඛො විජයාය භික‍්ඛුනියා එතදහොසි: ‘මාරො ඛො අයං පාපිමා මම භයං ඡම‍්භිතත‍්තං ලොමහංසං උප‍්පාදෙතුකාමො සමාධිම‍්හා චාවෙතුකාමො ගාථං භාසතී’ති. අථ ඛො විජයා භික‍්ඛුනී මාරො අයං පාපිමා ඉති විදිත්‍වා මාරං පාපිමන‍්තං ගාථාහි පච‍්චභාසි:
එකල විජයා මෙහෙණට “මේ කවරෙක් දෝ මිනිසෙක් හෝ නො මිනිසෙක් හෝ ගාථාව කියා දැ යි” මේ අදහස විය. ඉක්බිති විජයා මෙහෙණහට “මේ පවිටු මරු ය. මට බිය තැතිගැනුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා”යි මේ සිත විය. එකල විජයා මෙහෙණ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් පෙරළා කිවු ය:
රූපා සද‍්දා රසා ගන්‍ධා ඵොට‍්ඨබ‍්බා ච මනොරමා, නිය්‍යාතයාමි තුය‍්හෙව මාර නාහං තෙනත්‍ථිකා.
මරුව, සිත්කලු රූපයෝ ද ශබ්දයෝ ද, ගන්‍ධයෝ ද රසයෝ ද ස්ප්‍රෂ්ටව්‍යයෝ ද (වෙත් නම් ඒ සියල්ල) තට ම දක්වා දෙමි. මම එයින් වැඩ ඇතියකිම් නො වෙමි.
ඉමිනා පූතිකායෙන භින්‍දනෙන පභඞ‍්ගුනා, අට‍්ටීයාමි හරායාමි කාමතණ‍්හා සමූහතා.
බිඳෙනසුලු වැනසෙනසුලු මේ කුණුකයින් පීඩිත වෙමි. ලජ්ජිතයෙමි. කාමතෘෂ්ණාව (මා විසින්) නසන ලද්දී ය.
යෙ ච රූපූපගා සත‍්තා යෙ ච ආරුප‍්පඨායිනො, යා ච සන‍්තා සමාපත‍්ති සබ‍්බත්‍ථ විහතො තමොති.
රූපභවයට (උත්පත්ති වශයෙන්) එළඹ යම් සත්‍ව කෙනෙක් වෙද් ද, අරූපභවයෙහි සිටුනා යම් සත්‍ව කෙනෙකුත් වෙද් ද, යම් ශාන්ත වූ ලෞකික සමාපත්තියෙකුත් වේ ද, ඒ සියල්ලෙහි (මුළාබව නමැති) අඳුර (මා විසින්) නසන ලදී.
අථ ඛො මාරො පාපිමා ජානාති මං විජයා භික‍්ඛුනීති දුක‍්ඛී දුම‍්මනො තත්‍ථෙවන‍්තරධායීති.
එකල්හි පවිටු මාරු විජයා මෙහෙණ මා දනිති යි දුකට පත් වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.