ගොතමීසුත‍්තං
5. 1. 3.
5. 1. 3.
ගොතමීසුත‍්තං.
ගෝතමී සූත්‍රය
164. සාවත්‍ථියං–
164. සැවැත්නුවර–
අථ ඛො කිසාගොතමී භික‍්ඛුනී පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය සාවත්‍ථිං පිණ‍්ඩාය පාවිසි. සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තා යෙන අන්‍ධවනං තෙනුපසඞ‍්කමි දිවාවිහාරාය. අන්‍ධවනං අජ‍්ඣොගහෙත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.
එකල කිසාගෝතමී මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසිනී ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹිනී ය. අන්‍ධවනයට වැද එක්තරා ගසක්මුල දිවාවිහරණය පිණිස හුන.
අථ ඛො මාරො පාපිමා කිසාගොතමියා භික‍්ඛුනියා භයං ඡම‍්භිතත‍්තං ලොමහංසං උප‍්පාදෙතුකාමො සමාධිම‍්හා චාවෙතුකාමො යෙන කිසාගොතමී භික‍්ඛුනී තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා කිසාගොතමිං භික‍්ඛුනිං ගාථාය අජ‍්ඣභාසි:
එකල්හි පවිටු මාර තෙමේ කිසාගෝතමී මෙහෙණට බිය තැතිගැනුම් ලොමුදහගැණුම උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ කිසාගෝතමී මෙහෙණ වෙත එළඹින. එළඹ කිසාගෝතමී මෙහෙණට ගාථායෙන් කීය:
කින‍්නු ත්‍වං හතපුත‍්තාව එකමාසි රුදම‍්මුඛී, වනමජ‍්ඣගතා එකා පුරිසං නු ගවෙසසීති.
කිම, තෝ මළපුතුන් ඇති කඳුළු මුසු මුහුණැතියක සෙයින් එකලා ව හිඳිහි ද? කිම, එකලා ව වනමැදට පැමිණි තෝ පුරුෂයකු සොයයි ද?
අථ ඛො කිසාගොතමියා භික‍්ඛුනියා එතදහොසි: කො නුඛ‍්වායං මනුස‍්සො වා අමනුස‍්සා වා ගාථං භාසතී ති. අථ ඛො කිසාගොතමියා භික‍්ඛුනියා එතදහොසි: මාරො ඛො අයං පාපිමා මම භයං ඡම‍්භිතත‍්තං ලොමහංසං උප‍්පාදෙතුකාමො සමාධිම‍්හා චාවෙතුකාමො ගාථං භාසතීති. අථ ඛො කිසාගොතමී භික‍්ඛුනී මාරො අයං පාපිමා ඉති විදිත්‍වා මාරං පාපිමන‍්තං ගාථාහි පච‍්චභාසි:
එකල කිසාගෝතමී මෙහෙණට “මේ කවරෙක් දෝ, මිනිසෙක් හෝ නො මිනිසෙක් හෝ ගාථාව කියා දැ”යි මේ අදහස විය. ඉක්බිති කිසාගෝතමී මෙහෙණහට “මේ පවිටු මරු ය. මට බිය තැතිගැනුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා”යි මේ සිත විය. ඉක්බිති කිසාගෝතමී මෙහෙණ මේ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් පෙරළා කිවු ය.
අච‍්චන‍්තං මතපුත‍්තා’ම‍්හි පුරිසා එතදන‍්තිකා, න සොචාමි න රොදාමි න තං භායාමි ආවුසො.
අත්‍යන්ත කොට මළපුතුන් ඇත්තියකිම් වෙමි. ස්වාමිපුරුෂයෝ ද එත දන්තයහ. (පුත්‍රාන්තය සේ ම තෙලෙකින් පුරුෂයන්ගේ අන්තය ද ඇත.) ශෝක නොකරමි. නො හඬමි. ඇවැත්නි, තට නො බමි.
සබ‍්බත්‍ථ විහතා නන්‍දී තමොක‍්ඛන්‍ධො පදාලිතො, ජෙත්‍වාන මච‍්චුනො සෙනං විහරාමි අනාසවාති.
හැමතන්හි තෘෂ්ණාව නසන ලදු. අඳුරුකඳ බිඳින ලදී. මරසෙන් දිනා නිකෙලෙස් ව වෙසෙමි.
අථ ඛො මාරො පාපිමා ජානාති මං කිසාගොතමී භික‍්ඛුනීති දුක‍්ඛී දුම‍්මනො තත්‍ථෙවන‍්තරධායීති.
ඉක්බිති පවිටු මාරු කිසාගෝතමී මෙහෙණ මා දනිතියි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.