යෙදුමෙන් කියවන්න

සොමාසුත‍්තං

5. 1. 2.

5. 1. 2.

සොමාසුත‍්තං.

සෝමා සූත්‍රය

163. සාවත්‍ථියං–

163. සැවැත්නුවර–

අථ ඛො සොමා භික‍්ඛුනී පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය සාවත්‍ථිං පිණ‍්ඩාය පාවිසි. සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තා යෙන අන්‍ධවනං තෙනුපසඞ‍්කමි දිවාවිහාරාය. අන්‍ධවනං අජ‍්ඣොගහෙත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.

එකල්හි සෝමා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසි යා ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹුනී ය. අන්‍ධවනයට පිවිසි එක්තරා ගසක්මුල දිවාවිහරණය පිණිස හුන.

අථ ඛො මාරො පාපිමා සොමාය භික‍්ඛුනියා භයං ඡම‍්භිතත‍්තං ලොමහංසං උප‍්පාදෙතුකාමො සමාධිම‍්හා චාවෙතුකාමො යෙන සොමා භික‍්ඛුනී තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා සොමං භික‍්ඛුනිං ගාථාය අජ‍්ඣභාසි:

ඉක්බිති පවිටු මරු සෝමා මෙහෙණට බිය තැතිගැනුම් ලොමු දහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් තොර කරණු කැමැත්තේ සෝමා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ සෝමා මෙහෙණට ගාථායෙන් කී ය:

යන‍්තං ඉසීහි පත‍්තබ‍්බං ඨානං දුරභිසම‍්භවං, න තං ද‍්වඞ‍්ගුලපඤ‍්ඤාය සක‍්කා පප‍්පොතුමිත්‍ථියාති.

ඉසිවරුන් විසින් ලැබියයුතු දුලබ වූ යම් ඒ පදවියෙක් වේ ද, එය දැඟුල්නුවණ ඇති ස්ත්‍රිය විසින් නොලැබිය හැක්ක.

අථ ඛො සොමාය භික‍්ඛුනියා එතදහොසි: ‘කො නුඛ‍්වායං මනුස‍්සො වා අමනුස‍්සො වා ගාථං භාසතී’ති. අථ ඛො සොමාය භික‍්ඛුනියා එතදහොසි: ‘මාරො ඛො අයං පාපිමා මම භයං ඡම‍්භිතත‍්තං ලොමහංසං උප‍්පාදෙතුකාමො සමාධිම‍්හා චාවෙතුකාමො ගාථං භාසතී’ති. අථ ඛො සොමා භික‍්ඛුනී මාරො අයං පාපිමා ඉති විදිත්‍වා මාරං පාපිමන‍්තං ගාථාහි අජ‍්ඣභාසි:

ඉක්බිති සෝමා මෙහෙණට “මේ කවරෙක් දෝ මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ ගාථාව කියා දැ”යි මේ අදහස විය. එකල්හි සෝමා මෙහෙණහට “මේ පවිටු මරු ය. මට බිය තැතිගැනුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා”යී මේ අදහස විය.

ඉත්‍ථිභාවො කිං කයිරා චිත‍්තම‍්හි සුසමාහිතෙ, ඤාණම‍්හි වත‍්තමානම‍්හි සම‍්මා ධම‍්මං විපස‍්සතො.

සිත මැනවින් සමාධිගත වූ කල්හි නුවණ පවත්නා කල්හි මනා කොට දහම දක්නහුට ඉතිරිබව කුමක් කරන්නේ ද? මම ස්ත්‍රියක් මු යි හෝ පුරුෂයෙක් මියි හෝ අන් කිසිවෙකිම් වෙමි යි හෝ යමකුට මෙසේ අදහස් වන්නේ නම් මාර තෙමේ ඔහුට කියන්නට සුදුසු වෙයි.

යස‍්ස නූන සියා එවං ඉත්‍ථාහං පුරිසොති වා, කිඤ‍්චි වා පන අඤ‍්ඤස‍්මිං තං මාරො වත‍්තුමරහතීති.

අථ ඛො මාරො පාපිමා ජානාති මං සොමා භික‍්ඛුනීති දුක‍්ඛී දුම‍්මනො තත්‍ථෙවන‍්තරධායීති.

ඉක්බිති පවිටු මාර තෙමේ සෝමා මෙහෙණ මා දනිති යි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.