යෙදුමෙන් කියවන්න

ආළවිකාසුත‍්තං

5. 1. 1.

5. 1. 1.

ආළවිකාසුත‍්තං.

ආළවිකා සූත්‍රය

162. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ.

162. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.

අථ ඛො ආළවිකා භික‍්ඛුනී පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය සාවත්‍ථිං පිණ‍්ඩාය පාවිසි. සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තා යෙන අන්‍ධවනං තෙනුපසඞ‍්කමි විවෙකත්‍ථිනී.

එකල්හි ආළවිකා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසි යා ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත් පිණ්ඩපාතයෙන් වැළකුණී විවේකය කැමැත්තී අන්‍ධවනය වෙත එළඹියා ය.

අථ ඛො මාරො පාපිමා ආළවිකාය භික‍්ඛුනියා භයං ඡම‍්භිතත‍්තං ලොමහංසං උප‍්පාදෙතුකාමො විවෙකම‍්හා චාවෙතුකාමො යෙන ආළවිකා භික‍්ඛුනී තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආළවිකං භික‍්ඛුනිං ගාථාය අජ‍්ඣභාසි:

එකල පවිටු මරු ආළවිකා මෙහෙණට බිය තැති ගැණුම් ලොමු දහගැණුම් උපදවනු කැමැත්තේ විවේකයෙන් පහ කරණු කැමැත්තේ ආළවිකා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ ආළවිකා මෙහෙණට ගාථායෙන් කී ය:

නත්‍ථි නිස‍්සරණං ලොකෙ කිං විවෙකෙන කාහසි, භුඤ‍්ජස‍්සු කාමරතියො මාහු පච‍්ඡානුතාපිනීති.

ලොව නිවණෙක් නැත. විවේකයෙන් කුමක් කරන්නෙහි ද, කාමරතීන් විඳුව, නහමක් පසුතැවිලි වව.

අථ ඛො ආළවිකාය භික‍්ඛුනියා එතදහොසි: ‘කො නුඛ‍්වායං මනුස‍්සො වා අමනුස‍්සො වා ගාථං භාසතී’ති? අථ ඛො ආළවිකාය භික‍්ඛුනියා එතදහොසි: ‘මාරො ඛො අයං පාපිමා මම භයං ඡම‍්භිතත‍්තං ලොමහංසං උප‍්පාදෙතුකාමො විවෙකම‍්හා චාවෙතුකාමො ගාථං භාසතී’ති. අථ ඛො ආළවිකා භික‍්ඛුනී මාරො අයං පාපිමා ඉති විදිත්‍වා මාරං පාපිමන‍්තං ගාථාහි පච‍්චභාසි:

ඉක්බිති ආළවිකා මෙහෙණහට “මේ කවරෙක් දෝ මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ ගාථාව කියා දැ”යි මේ අදහස විය. ඉක්බිති ආළවිකා මෙහෙණහට “මේ පවිටු මාර තෙමේ මට බිය තැති ගැණුම් ලොමුදහ ගැණුම් උපදවනු කැමැත්තේ විවේකයෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා”යි මේ අදහස විය. එකල්හි ආළවිකා මෙහෙණ මෙ පවිටු මරු යයි දැන පවිටු මරුට ගාථාවන්ගෙන් පෙරළා කිවු ය:

අත්‍ථි නිස‍්සරණං ලොකෙ පඤ‍්ඤාය මෙ සුඵස‍්සිතං, පමත‍්තබන්‍ධු පාපිම න ත්‍වං ජානාසි තං පදං.

ලොව නිවණෙක් ඇත. මා විසින් (පස්විකන) නුවණින් දන්නා ලදී. පවිටු මරුව, තෝ ඒ නිවන්පදය නොදනිහි.

සත‍්තිසූලූපමා කාමා ඛන්‍ධාසං අධිකුට‍්ටනා, යං ත්‍වං කාමරතිං බ්‍රූසි අරති මය‍්හං සා අහූති.

කාමයෝ අඩයටි හුල් වැන්නහ. ස්කන්‍ධයෝ මොවුන්ට මස්ලොඹු වැන්නහ. තෝ යම් කාමරතියක් කියහි ද, එය මට අරතියෙක් වි ය.

අථ ඛො මාරො පාපිමා ජානාති මං ආළවිකා භික‍්ඛුනීති දුක‍්ඛී දුම‍්මනො තත්‍ථෙවන‍්තරධායීති.

ඉක්බිති පවිටු මරු ආළවිකා මෙහෙණ මා දනිති යි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.