යෙදුමෙන් කියවන්න

මාරධීතුසුත‍්තං

4. 3. 5.

4. 3. 5.

මාරධීතුසුත‍්තං

මාරධීතු සූත්‍රය

161. උරුවෙලායං –

161. උරුවේලාවෙහි –

අථ ඛො තණ‍්හා ච අරති රගා ච මාරධීතරො යෙන මාරො පාපිමා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා මාරං පාපිමන‍්තං ගාථාය අජ‍්ඣභාසිංසු:

ඉක්බිති තණ්හා අරති රගා ද යන මාරකන්‍යාවෝ පවිටු මරු වෙත එළඹියහ. එළඹ පවිටු මරුහට ගාථායෙන් කියුහු:

කෙනාසි දුම‍්මනො තාත පුරිසං කන‍්නු සොචසි? මයං තං රාගපාසෙන ආරඤ‍්ඤමිව කුඤ‍්ජරං, බන්‍ධිත්‍වා ආනයිස‍්සාම වසගො තෙ භවිස‍්සතීති.

පියාණෙනි, කවරහෙයින් නොසතුටු සිත් ඇත්තෙහි ද? කිනම් පුරුෂයකු සිතයි ද? අපි ඔහු වනඇතකු මෙන් රාගපාශයෙන් බැඳ ගෙණ එන්නමු. එවිට තොපට වසඟ වන්නේ යයි.

[මාරො:]

[මරු:]

අරහං සුගතො ලොකෙ න රාගෙන සුවානයො, මාරධෙය්‍යමතික‍්කන‍්තො තස‍්මා සොචාමහං භුසන‍්ති.

සුගත තෙමේ ලෝකයෙහි අර්‍හත් ය. රාගයෙන් (බැඳ) සුවසේ ගෙණ ඉය නොහැක්කේ ය. මාරවිෂය ඉක්ම වූයේ ය. එහෙයින් මම අතිශයින් සිතිවිලි සිතමි.

අථ ඛො තණ‍්හා ච අරතිරගා ච මාරධීතරො යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං එතදවොචුං: පාදෙ තෙ සමණ පරිචාරෙමාති. අථ ඛො භගවා න මනසාකාසි යථා තං අනුත‍්තරෙ උපධිසඞ‍්ඛයෙ විමුත‍්තො.

ඉක්බිති තණ්හා අරති රගා ද යන මාරකන්‍යාවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට “මහණ, මුබ පා හමුයෙහි මෙහෙවර කරමෝව”යි මෙය කියුහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නොකෙරේ ද එසෙයින් එද නොමෙනෙහි කළ සේක.

අථ ඛො තණ‍්හා ච අරතිරගා ච මාරධීතරො එකමන‍්තං අපක‍්කම‍්ම එවං සමචින‍්තෙසුං: උච‍්චාවචා ඛො පුරිසානං අධිප‍්පායා. යන‍්නූන මයං එකසතං එකසතං කුමාරිවණ‍්ණසතං අභිනිම‍්මිනෙය්‍යාමාති.

ඉක්බිති තණ්හා අරති රගා ද යන මරදූහු එකත්පසෙකට ඉවත් ව පුරුෂයන්ගේ අදහස් විසිතුරු ය. (එහෙයින්) අපි සියක් සියක් කොට කුමරිවෙස් සියක් මවා ගන්නමෝ නම් යෙහෙකැයි මෙසේ සිතූහ.

අථ ඛො තණ‍්හා ච අරතිරගා ච මාරධීතරො එකසතං එකසතං කුමාරිවණ‍්ණසතං අනිභිම‍්මිනිත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං එතදවොචුං: පාදෙ තෙ සමණ පරිචාරෙමාති. තම‍්පි භගවා න මනසාකාසි යථා තං අනුත‍්තරෙ උපධිසඞ‍්ඛයෙ විමුත‍්තො.

ඉක්බිති තණ්හා අරති රගා ද යන මාරකන්‍යාවෝ (එකක් එකක්) සියක් සියක් කොට කුමරිවෙස් සියක් (තුන්සියක් විලස්) මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට “මහණ, මුබ පා හමුයෙහි මෙහෙ කරමෝ ව”යි මෙය කියුහ. භාග්‍යවතුන් වහන්සේ යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නොමෙනෙහි කළ සේක.

අථ ඛො තණ‍්හා ච අරතිරගා ච මාරධීතරො එකමන‍්තං අපක‍්කම‍්ම එවං සමචින‍්තෙසුං: උච‍්චාවචා ඛො පුරිසානං අධිප‍්පායා. යන‍්නූන මයං එකසතං එකසතං අවිජාතවණ‍්ණසතං අභිනිම‍්මිනෙය්‍යාමාති.

ඉක්බිති තණ්හා අරති රගා ද යන මරදූහු එකත්පසෙකට ඉවත් ව පුරුෂයන් අදහස් විසිතුරුය. අපි සියක් සියක් නොවැදූ ඉතිරින් වෙස් සීයක් මවා ගන්නමෝ නම් මැනවැයි මෙසේ සිතූහ.

අථ ඛො තණ‍්හා ච අරතිරගා ච මාරධීතරො එකසතං එකසතං අවිජාතවණ‍්ණසතං අභිනිම‍්මිනිත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං එතදවොචුං: පාදෙ තෙ සමණ පරිචාරෙමාති. තම‍්පි භගවා න මනසාකාසි යථා තං අනුත‍්තරෙ උපධිසඞ‍්ඛයෙ විමුත‍්තො.

ඉක්බිති තණ්හා අරති රගාද යන මරදූහු එක්සිය එක්සිය නොවැදූ ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට “මහණ, මුබගේ පා හමුයෙහි මෙහෙවර කරමෝ ව”යි මෙය කියාහු. භාග්‍යවතුන් වහන්සේ යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නො මෙනෙහි කළ සේක.

අථ ඛො තණ‍්හා ච -පෙ- සමචින‍්තෙසුං: යන‍්නූන මයං එකසතං එකසතං සකිං විජාතවණ‍්ණසතං අභිනිම‍්මිනෙය්‍යාමාති.

ඉක්බිති තණ්හා … අපි සියක් සියක් කොට එක්වර වැදූ ඉතිරින්වෙස් සියක් මවා ගන්නමෝ නම් මැනවැයි සිතූහ.

අථ ඛො තණ‍්හා ච -පෙ- සකිං විජාතවණ‍්ණසතං අභිනිම‍්මිනිත්‍වා යෙන භගවා -පෙ- අනුත‍්තරෙ උපධිසඞ‍්ඛයෙ විමුත‍්තො.

ඉක්බිති තණ්හා … එක්වර වැදූ ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත … යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නොමෙනෙහි කළ සේක.

අථ ඛො තණ‍්හා ච -පෙ- යන‍්නූන මයං -පෙ- දුවිජාතවණ‍්ණසතං අභිනිම‍්මිනෙය්‍යාමාති.

ඉක්බිති තණ්හා … අපි … දෙවර වැදූ ඉතිරින්වෙස් සියක් මවා ගන්නමෝ නම් මනාමැනුයි.

අථ ඛො තණ‍්හා ච -පෙ- දුවිජාතවණ‍්ණසතං අභිනිම‍්මිනිත්‍වා යෙන භගවා -පෙ- අනුත‍්තරෙ උපධිසඞ‍්ඛයෙ විමුත‍්තො.

ඉක්බිති තණ්හා … දෙවර වැදූ ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත … යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නොමෙනෙහි කළ සේක.

අථ ඛො තණ‍්හා ච -පෙ- යන‍්නූන මයං -පෙ- මජ‍්ඣිමිත්‍ථිවණ‍්ණසතං අභිනිම‍්මිනෙය්‍යාමාති.

ඉක්බිති තණ්හා … අපි … මැඳුම්විය ඉතිරින්වෙස් සියක් මවා ගන්නමෝ නම් මනාමැනුයි.

අථ ඛො තණ‍්හා ච -පෙ- මජ‍්ඣිමිත්‍ථිවණ‍්ණසතං අභිනිම‍්මිනිත්‍වා යෙන භගවා -පෙ- අනුත‍්තරෙ උපධිසඞ‍්ඛයෙ විමුත‍්තො.

ඉක්බිති තණ්හා … මැඳුම්විය ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත … යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නො මෙනෙහි කළ සේක.

අථ ඛො තණ‍්හා ච -පෙ- යන‍්නූන මයං -පෙ- මහිත්‍ථිවණ‍්ණසතං අභිනිම‍්මිනෙය්‍යාමාති.

ඉක්බිති තණ්හා … අපි … වයසින් වැඩුනු ඉතිරින්වෙස් සියක් මවා ගන්නමෝ නම් මැනවැයි.

අථ ඛො තණ‍්හා ච -පෙ- මහිත්‍ථිවණ‍්ණසතං අභිනිම‍්මිනිත්‍වා යෙන භගවා -පෙ- අනුත‍්තරෙ උපධිසඞ‍්ඛයෙ විමුත‍්තො.

ඉක්බිති තණ්හා … වයසින් වැඩුනු ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත … යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එද නොමෙනෙහි කළ සේක.

අථ ඛො තණ‍්හා ච අරතිරගා ච මාරධීතරො එකමන‍්තං අපක‍්කම‍්ම එතදවොචුං: සච‍්චං කිර නො පිතා අවොච:

ඉක්බිති තණ්හා අරති රගා ද යන මාරදූහු එකත්පසකට ඉවත්ව මෙසේ කියුහ. අපගේ පිය තෙමේ සැබැවක් කීයේ ම ය.

“අරහං සුගතො ලොකෙ න රාගෙන සුවානයො මාරධෙය්‍යං අතික‍්කන‍්තො තස‍්මා සොචාමහං භුස”න‍්ති.

“සුගත තෙමේ ලෝකයෙහි අර්‍හත් ය. රාගයෙන් බැඳ නොගෙණිය හැක්කේ ය. මාර විෂය ඉක්ම වූයේ ය. එහෙයින් මම අතිශයින් සිතිවිලි සිතමි” යි.

යං හි මයං සමණං වා බ්‍රාහ‍්මණං වා අවීතරාගං ඉමිනා උපක‍්කමෙන උපක‍්කමෙය්‍යාම හදයං වාස‍්ස ඵලෙය්‍ය. උණ‍්හං වා ලොහිතං මුඛතො උග‍්ගච‍්ඡෙය්‍ය. උම‍්මාදං වා පාපුණෙය්‍ය චිත‍්තවික‍්ඛෙපං වා. සෙය්‍යථා වා පන නළො හරිතො ලුතො උස‍්සුස‍්සති විසුස‍්සති මිලායති. එවමෙව උස‍්සුස‍්සෙය්‍ය විසුස‍්සෙය්‍ය මිලායෙය්‍යාති.

අපි පහ නොවූ රාග ඇති යම් මහණකු හෝ බමුණකු හෝ වෙත මේ උපක්‍රමයෙන් එළඹෙන්නමෝ නම් ඔහුගේ ලය හෝ පැළෙන්නේ ය. මුවෙන් උණුලේ හෝ නැඟෙන්නේය. උමතුවට හෝ සිත් පෙරැළියට හෝ පැමිණෙන්නේ ය. සිඳින ලද නිල්වන් බටගසෙක යම්සේ වියළේ ද, වෙසෙසින් වියළේ ද, මැලවේ ද, එසෙයින් ම වියළෙන්නේය වෙසෙසින් වියළෙන්නේය මැලවෙන්නේය යි.

අථ ඛො තණ‍්හා ච අරතිරගා ච මාරධීතරො යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා එකමන‍්තං අට‍්ඨංසු. එකමන‍්තං ඨිතා ඛො තණ‍්හා මාරධීතා භගවන‍්තං ගාථාය අජ‍්ඣභාසි:

ඉක්බිති තණ්හා අරති රගා ද යන මරදූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ එකත්පසෙක සිටියහ. එකත් පසෙක සිටි තණ්හා මර දූ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කිවුය:

සොකාවතිණ‍්ණො නු වනම‍්හි ඣායසි විත‍්තං නු ජිතො උද පත්‍ථයානො ආගුං නු ගාමස‍්මිමකාසි කිඤ‍්චි කස‍්මා ජනෙන න කරොසි සක‍්ඛිං සක‍්ඛී න සම‍්පජ‍්ජති කෙනචි තෙති.

ශෝකයට බටුයෙහි ද? වෙනෙහි සිතිවිලි සිත්හි ද? වස්තුවක් පැරදුනේහි ද? වැලි පතමින් (හිඳිහි ද?) ගම්හි කිසියම් අපරාධයක් කෙළෙහි ද? කුමක් හෙයින් මහජනයා සමග මිත්‍රභාවය නොකෙරෙහි ද? කිසිවකු හා මුබගේ මිත්‍රභාවයෙක් නොසැපයේ ද?

[භගවා:]

[භගවත්හු:]

අත්‍ථස‍්ස පත‍්තිං හදයස‍්ස සන‍්තිං ජෙත්‍වාන සෙනං පියසාතරූපං එකාහං ඣායං සුඛමන්‍වබොධිං තස‍්මා ජනෙන න කරොමි සක‍්ඛිං සක‍්ඛී න සම‍්පජ‍්ජති කෙනචි මෙති.

මම ප්‍රියස්වරූප සාතස්වරූප ඇති ක්ලේශසේනාව දිනා හුදෙකලාව ධ්‍යාන කෙරෙමින් අභිමතාර්‍ත්‍ථයාගේ පැමිණීම වූ ද, හෘදයශාන්තිය වූ ද රහත්ඵල සුවය අවබෝධ කෙළෙමි. එබැවින් මහජනයා සමග මිත්‍රත්‍වය නො කරමි. කිසිවකු හා මාගේ මිත්‍රත්‍වයෙක් නො සැපයේ.

අථ ඛො අරති මාරධීතා භගවන‍්තං ගාථාය අජ‍්ඣභාසි:

ඉක්බිති අරති මරදූ භාග්‍යවතුන් වහන්සේ ගාථායෙන් කිවුය.

කථං විහාරීබහුලොධ භික‍්ඛු පඤ‍්චොඝතිණ‍්ණො අතරී ධ ඡට‍්ඨං, කථං ඣායිං බහුලං කාමසඤ‍්ඤා පරිබාහිරා හොන‍්ති අලද‍්ධ යො තන‍්ති.

මෙසස්නෙහි කෙබඳු විහරණයක් බහුල කොට ඇති මහණ තෙම තරණය කළ පඤ්චද්වාරික ක්ලේශඕඝ ඇත්තේ (මනෝද්වාරික වූ) සවන ක්ලේශඕඝය තරණය කළේ ද? කාමසංඥාවෝ කෙබඳු ධ්‍යානයක් බහුල කොට ඇත්තා වූ ඔහු නොලබා හාත්පසින් බැහැර වෙද් ද?

[භගවා:]

[භගවත්හු:]

පස‍්සද‍්ධකායො සුවිමුත‍්තචිත‍්තො අසඞ‍්ඛරානො සතිමා අනොකො, අඤ‍්ඤාය ධම‍්මං අවිතක‍්කඣායී න කුප‍්පති න සරති න ථිනො.

සන්හුන් කය ඇති මොනවට මිදුනු සිත් ඇති කර්‍ම රැස් නොකරණ සිහි ඇති ආලය නැති (රහත් තෙමේ) දහම් දැන විතර්‍ක රහිත ධ්‍යානයෙහි යෙදුනේ නො කිපෙයි. (රාග වශයෙන්) සිහි නොකෙරෙයි. (මෝහ වශයෙන්) හැකුලුනේ නොවෙයි.

එවංවිහාරී බහුලොධ භික‍්ඛු පඤ‍්චොඝතිණ‍්ණො අතරීධ ඡට‍්ඨං, එවං ඣායිං බහුලං කාමසඤ‍්ඤා පරිබාහිරා හොන‍්ති අලද‍්ධ යො තන‍්ති.

මෙහි එබඳු විහරණ බහුල කොට ඇති මහණ තෙමේ තරණය කළ පඤ්චද්වාරික ක්ලේශඕඝ ඇත්තේ මේ ලෝකයෙහි (මනෝද්වාරික වූ) සවන ක්ලේශඕඝය තරණය කළේ ය. කාම සංඥාවෝ මෙසේ ධ්‍යාන බහුල කොට ඇති ඔහු නොලැබ හාත්පසින් බැහැර වෙත්.

අථ ඛො රගා මාරධීතා භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

ඉක්බිති රගා මර දූ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කිවුය.

අච‍්ඡෙචි තණ‍්හං ගණසඞ‍්ඝචාරී අද‍්ධා චරිස‍්සන‍්ති බහූ ච සත‍්තා, බහුං වතායං ජනතං අනොකො අච‍්ඡෙජ‍්ජ නෙස‍්සති මච‍්චුරාජස‍්ස පාරන‍්ති.

ගණයා කෙරෙහිත් සමූහයා කෙරෙහිත් හැසිරෙණ මේ ශාස්තෘ තෙමේ තෘෂ්ණාව සින්දේ ය. බොහෝ සත්‍වයෝ ද එකතින් තෘෂ්ණාව සිඳින්නාහ. ආලය නැති මේ ශාස්තෘ තෙමේ බොහෝ ජන සමූහයක් මාරයා අතින් පැහැර ගෙණ පරතෙරට පමුණුවන්නේ ය.

[භගවා:]

[භගවත්හු:]

නයන‍්ති වෙ මහාවීරා සද‍්ධම‍්මෙන තථාගතා ධම‍්මෙන නයමානානං කා උසූයා විජානතන‍්ති.

මහාවීර වූ තථාගතවරයෝ සද්ධර්‍මයෙන් සත්‍වයන් එතෙර කෙරෙත්. නුවණැතියන් ධර්‍මයෙන් එතෙර කරණ කල්හි කවර ඊෂ්‍යායෙක් ද?

අථ ඛො තණ‍්හා ච අරතිරගා ච මාරධීතරො යෙන මාරො පාපිමා තෙනුපසඞ‍්කමිංසු. අද‍්දසා ඛො මාරො පාපිමා තණ‍්හඤ‍්ච අරතිඤ‍්ච රගඤ‍්ච මාරධීතරො දූරතොව ආගච‍්ඡන‍්තියො දිස‍්වාන ගාථාහි අජ‍්ඣභාසි:

ඉක්බිති තණ්හා අරති රගා ද යන මරදූහු කෘෂ්ණ මාරයා වෙත එළඹියහ. කෘෂ්ණ මාර තෙමේ දුරදී ම එන්නා වූ තණ්හාව හා අරතිය හා රගා ද යන මරදූන් දැක්කේ ය. දැක ගාථාවන්ගෙන් කී ය.

බාලා කුමුදනාළෙහි පබ‍්බතං අභිමන්‍ථථ ගිරිං නඛෙන ඛණථ අයො දන‍්තෙහි ඛාදථ.

බල්දරුයෙනි, හෙළඋපුල්දඬුයෙන් පර්‍වතයක් අළලවු ද? මහගලක් නියෙන් කණිවු ද? දතින් යකඩ කවු ද?

සෙලංව සිරසූහච‍්ච පාතාලෙ ගාධමෙසථ ඛාණුංව උරසාසජ‍්ජ නිබ‍්බිජ‍්ජාපෙථ ගොතමාති.

මහගලක් හිසමතුයෙහි තබා ගෙණ ගැඹුරෙහි පිහිටක් සොයවු ද? ලයෙහි හුලක් හැනගෙන මෙන් ගෞතමයන් කෙරෙන් කළකිරී පහ ව අවු ය?

[ථෙරා]

[තෙරහු:]

දද‍්දල‍්ලමානා ආගඤ‍්ඡුං තණ‍්හා ච අරතීරගා තා තත්‍ථ පනුදී සත්‍ථා තූලං භට‍්ඨංව මාලුතොති.

තණ්හා අරති රගා ද යන මරදූහු අතිශයින් දිලිසෙමින් ආවාහු ය. එහි දී ශාස්තෘන් වහන්සේ ඔවුන් නෙරූ සේක. කෙසේ ද යත්: වාතය තෙමේ ගිලුහුණු පිලිනක් නෙරන්නාක් සෙයිනි.

මාරවග‍්ගො තතියො.

මාර වර්‍ගය තෙවෙනි යි.

තත්‍රුද‍්දානං:

එහි උද්දානය:

සම‍්බහුලා සමිද‍්ධී ච ගොධිකං සත‍්තවස‍්සානි ධීතරං දෙසිතං බුද‍්ධසෙට‍්ඨෙන ඉමං මාරපඤ‍්චකන‍්ති.

සම්බහුල, සමිද්ධි, ගෝධික, සත්තවස්ස, ධීතර ය යි මේ මාර පඤ්චකය ශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරණ ලදී.

මාරසංයුත‍්තං සමත‍්තං.

මාරසංයුත්තය නිමියේ ය.