සත්තවස්සසුත්තං
4. 3. 4.
4. 3. 4.
සත්තවස්සසුත්තං.
සත්තවස්ස සූත්‍රය
160. එවං මෙ සුතං: එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්රොධෙ. තෙන ඛො පන සමයෙන මාරො පාපිමා සත්තවස්සානි භගවන්තං අනුබන්ධො හොති ඔතාරාපෙක්ඛො ඔතාරං අලභමානො. අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
160. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා ගංතෙර අජපල් නුගරුකමුල වැඩවසන සේක. එකල්හි පවිටු මරු සිදුරු සොයන්නේ සිදුරු නො විඳුමින් සත්වසක් මුළුල්ලෙහි භාග්‍යවතුන් වහන්සේ ලුහුබැන්දේ වේ. ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
සොකාවතිණ්ණො නු වනම්හි ඣායසි විත්තං නු ජිතො උද පත්ථයානො, ආගුං නු ගාමස්මිමකාසි කිඤ්චි කස්මා ජනෙන න කරොසි සක්ඛිං සක්ඛි න සම්පජ්ජති කෙන චි තෙති.
වෙනෙහි සිතිවිලි සිතයි ද? ශෝකයට බටුයෙහි ද? ධනයක් පැරදුනෙහි ද? වැලි, පතමින් (හිඳිහි ද?) ගමෙහි කිසියම් අපරාධයක් කෙළෙහි ද? කුමක්හෙයින් මහජනයා සමග මිත්රභාවය නො කෙරෙහි ද? කිසිවකු හා මුබගේ මිත්‍රභාවයෙක් නො සැපයේ ද,
[භගවා:]
[භගවත්හු:]
සොකස්ස මූලං පලිඛාය සබ්බං අනාගු ඣායාමි අසොචමානො, ඡෙත්වාන සබ්බං භවලොභජප්පං අනාසවො ඣායාමි පමත්තබන්ධු.
මාරය, ශෝකමූල හැම සාරා දමා ශෝක නොකරමින් නිරපරාධ ව සිට ධ්‍යාන කරමි. සියලු භවලෝභසංඛ්යාත තෘෂ්ණාව සිඳ ආස්‍රවරහිත වූයෙම් ධ්‍යාන කරමි.
[මාරො:]
[මරු:]
යං වදන්ති මමෙදන්ති යෙ වදන්ති මමන්ති ච, එත්ථ චෙ තෙ මනො අත්ථි න මෙ සමණ මොක්ඛසීති.
මේ මාගේ යයි යමක් කියද් ද, යම් කෙනෙකුත් මා ගැත්තේ යයි කියද් ද, ඉදින් මෙහි මුබගේ සිතෙක් ඇත් නම් ශ්‍රමණය, මාගෙන් නො මිදෙන්නෙහි ය.
[භගවා:]
[භගවත්හු:]
යං වදන්ති න තං මය්හං යෙ වදන්ති න තෙ අහං, එවං පාපිම ජානාහි න මෙ මග්ගම්පි දක්ඛසීති.
මාගේ යයි යමක් කියද් ද, එය මාගේ නො වේ. යම් කෙනෙක් (මාගේ යයි) කියද් ද මම හේ නො වෙමි. පවිට, මෙසේ දනුව. මා ගිය මග ද තෝ නොදක්නෙහි ය.
[මාරො:]
[මරු:]
සචෙ මග්ගං අනුබුද්ධං ඛෙමං අමතගාමිනං, අපෙහි ගච්ඡ ත්වමෙවෙකො කිමඤ්ඤමනුසාසසීති.
ඉදින් නිර්භය වූ නිවණට යන මග අවබෝධ කරණ ලද්දේ නම් (මාගේ විෂයයෙන්) පහවනු මැනවි. මුබ ම එකලා ව (ඒ මග) යනු මැනව, කුමක් හෙයින් මෙරමාහට අනුශාසනා කෙරෙහිදැයි.
[භගවා:]
[භගවත්හු:]
අමච්චුධෙය්යං පුච්ඡන්ති යෙ ජනා පාරගාමිනො, තෙසාහං පුට්ඨො අක්ඛාමි යං සච්චං තං නිරූපධින්ති.
පරතෙරට යන සුලු යම් ජන කෙනෙක් මරුහට විෂය නො වූ නිවණ විචාරද් ද, ඔවුන් විසින් විචාරණ ලද්දෙම් මම යමෙක් සත්‍ය වේ ද, උපධි රහිත ද, එය කියමි.
සෙය්යථාපි භන්තෙ ගාමස්ස වා නිගමස්ස වා අවිදූරෙ පොක්ඛරණී. තත්ර’ස්ස කක්කටකො. අථ ඛො භන්තෙ සම්බහුලා කුමාරකා වා කුමාරිකායො වා තම්හා ගාමා වා නිගමා වා නික්ඛමිත්වා යෙන සා පොක්ඛරණී තෙනුපසඞ්කමෙය්යුං. උපසඞ්කමිත්වා තං කක්කටකං උදකා උද්ධරිත්වා ථලෙ පතිට්ඨාපෙය්යුං. යං යදෙව හි සො භන්තෙ කක්කටකො අළං අභිනින්නාමෙය්ය, තං තදෙව තෙ කුමාරකා වා කුමාරිකායො වා කට්ඨෙන වා කඨලාය වා සඤ්ඡින්දෙය්යුං සම්භඤ්ජෙය්යුං. එවං හි සො භන්තෙ කක්කටකො සබ්බෙහි අළෙහි සඤ්ඡින්නෙහි සම්භග්ගෙහි සම්පළිභග්ගෙහි අභබ්බො තං පොක්ඛරණිං පුන ඔතරිතුං සෙය්යථාපි පුබ්බෙ.
[මරු:] වහන්ස, ගමකට හෝ නියම්ගමකට නුදුරෙහි පොකුණෙක් වේ. එහි කකුළුවෙක් වන්නේ ය. වහන්ස, එකල්හි බොහෝ කුමරුවෝ හෝ කුමරියෝ හෝ ඒ ගමින් හෝ නියම්ගමින් නික්ම ඒ පොකුණ වෙත එළඹෙන්නාහු ය. එළඹ ඒ කකුළුවා ජලයෙන් නඟා ගොඩ තබන්නාහු ය. වහන්ස, ඒ කකුළුවා යම් යම් අළක් ඉදිරියට නමන්නේ ය. ඒ කුමරුවෝ හෝ කුමරියෝ හෝ ඒ ඒ අළ ම ලීයෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ සිඳින්නාහු ය. බිඳින්නාහු ය.. වහන්ස, මෙසේ ඒ කකුළුවා සිඳින ලද බිඳින ලද කැබැලි කැබැලි කොට බිඳින ලද සියලු අළ කරණ කොට ගෙණ පෙර මෙන් නැවත ඒ පොකුණට බස්නට අභව්‍ය වන්නේ ය.
එවමෙව ඛො භන්තෙ යානි විසූකායිකානි විසෙවිතානි විප්ඵන්දිතානි කානිචි කානිචි සබ්බානි තානි භගවතා සඤ්ඡින්නානි, සම්භග්ගානි සම්පළිභග්ගානි. අභබ්බො දානාහං භන්තෙ පුන භගවන්තං උපසඞ්කමිතුං යදිදං ඔතාරාපෙක්ඛොති. අථ ඛො මාරො පාපිමා භගවතො සන්තිකෙ ඉමා නිබ්බෙජනීයා ගාථායො අභාසි:
වහන්ස, එසෙයින් ම කිසියම් විසූකයෝ (මරවිසුළු) ඇද්ද, කිසියම් විලෝම දැ ඇද්ද, කිසියම් කිසියම් සලන සුලු දැකුම් ඇද්ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ විසින් සිඳින ලදී. බිඳින ලදී. කැබැලි කැබැලි කරණ ලදී. වහන්ස, දන් මම සිදුරු සොයන්නෙම් භාග්‍යවතුන් වහන්සේ වෙත නැවත එළඹෙන්නට නුසුදුස්සෙම් වෙමි යි. ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි උකටලියට කරුණු වූ මේ ගාථා කී ය:
මෙදවණ්ණඤ්ච පාසාණං වායසො අනුපරියගා, අපෙත්ථ මුදු වින්දෙම අපි අස්සාදනා සියා.
කවුඩෙක් මේද තෙල්පැහැ ඇති ගලක් (දැක) එහි මොළොක් බව විඳීම් නම් මැනව, රස විඳ ගැණීමෙක් වන්නේ නම් මැනැව යි ඒ සිසාරන්නේ වේ ද,
අලද්ධා තත්ථ අස්සාදං වායසෙත්තො අපක්කමෙ, කාකොව සෙලමාසජ්ජ නිබ්බිජ්ජාපෙම ගොතමාති.
ඒ කවුඩු තෙමේ එහි ආස්වාදයක් නො ලැබ (යම්සේ) එයින් පහවන්නේ ද, (මේද තෙල් පැහැ ඇති) ගල වෙත පැමිණ (ආශ්වාදයක් නො ලත් මේ) කවුඩා මෙන් කළකිරී ගෞතමයන් වහන්සේ කෙරෙන් පහව යම්හ.
අථ ඛො මාරො පාපිමා භගවතො සන්තිකෙ ඉමා නිබ්බෙජනීයා ගාථායො අභාසිත්වා තම්හා ඨානා අපක්කම්ම භගවතො අවිදූරෙ පඨවියං පල්ලඞ්කෙන නිසීදි තුණ්හීභූතො මඞ්කුභූතො පත්තක්ඛන්ධො අධොමුඛො පජ්ඣායන්තො. අප්පටිභානො කට්ඨෙන භූමිං විලිඛන්තොති.
ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි උකටලියට කරුණු වූ මේ ගාථාවන් කියා එතැනින් පහ ව භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි නිහඬ වූයේ තෙද නැති වූයේ බහාලූ කර ඇතියේ යටිකුරු මුහුණු ඇතියේ සිතිවිලි සිතමින් කිසිත් වටහා ගත නො හැකි වූයේ ලී කැබැල්ලෙකින් බිම ඉරි අඳිමින් බිම පලක් බැඳ ගෙණ හුන්නේ ය.