යෙදුමෙන් කියවන්න

3. මාරවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

3. මාර වර්ගය

1. සම‍්බහුලසුත‍්තවණ‍්ණනා

1. සම්බහුල සූත්‍ර වර්ණනාව

තතියවග‍්ගස‍්ස පඨමෙ ජටණ‍්ඩුවෙනාති ජටාචුම‍්බටකෙන. අජිනක‍්ඛිපනිවත්‍ථොති සඛුරං අජිනචම‍්මං එකං නිවත්‍ථො එකං පාරුතො. උදුම‍්බරදණ‍්ඩන‍්ති අප‍්පිච‍්ඡභාවප‍්පකාසනත්‍ථං ඊසකං වඞ‍්කං උදුම‍්බරදණ‍්ඩං ගහෙත්‍වා. එතදවොචාති ලොකෙ බ්‍රාහ‍්මණස‍්ස වචනං නාම සුස‍්සූසන‍්ති, බ්‍රාහ‍්මණෙසුපි පබ‍්බජිතස‍්ස, පබ‍්බජිතෙසුපි මහල‍්ලකස‍්සාති මහල‍්ලකබ්‍රාහ‍්මණස‍්ස පබ‍්බජිතවෙසං ගහෙත්‍වා පධානභූමියං කම‍්මං කරොන‍්තෙ තෙ භික‍්ඛූ උපසඞ‍්කමිත්‍වා හත්‍ථං උක‍්ඛිපිත්‍වා එතං “දහරා භවන‍්තො”තිආදිවචනං අවොච. ඔකම‍්පෙත්‍වාති හනුකෙන උරං පහරන‍්තො අධොනතං කත්‍වා. ජිව‍්හං නිල‍්ලාලෙත්‍වාති කබරමහාජිව‍්හං නීහරිත්‍වා උද‍්ධමධො උභයපස‍්සෙසු ච ලාලෙත්‍වා. තිවිසාඛන‍්ති තිසාඛං. නලාටිකන‍්ති භකුටිං, නලාටෙ උට‍්ඨිතං වලිත‍්තයන‍්ති අත්‍ථො. පක‍්කාමීති තුම‍්හෙ ජානන‍්තානං වචනං අකත්‍වා අත‍්තනොව තෙලෙ පච‍්චිස‍්සථාති වත්‍වා එකං මග‍්ගං ගහෙත්‍වා ගතො.

තෙවැනි වර්ගයේ පළමු වැන්නේ - ජටණ්ඩුවෙන ජටා දරණුවකින් අජිනක්‍ඛිපනිවත්‍ථො කුර සහිත අඳුන් දිවි සමක් එකක් හැඳ එකක් පෙරවා ගෙන, උදුම්බරදණ්ඩං අල්පේච්ඡ භාවය ප්‍රකාශ කිරීම් වස් මඳක් නැමුණු දිඹුල් දණ්ඩක් ගෙන, එතදවොච ලෝකයෙහි බ්‍රාහ්මණයාගේ වචනය නම් අසත්, බ්‍රාහ්මණයන් අතර ද පැවිද්දාගේ, පැවිද්දන් අතර ද මහල්ලාගේ යි මහලු බ්‍රාහ්මණ පැවිදි වෙසක් ගෙන දැහැන් බිමෙහි කටයුතු කරන ඒ භික්‍ෂූන් වෙත ළං වී අත ඔසවා දහරා භවන්තො (ඔබලා තරුණයහ) යනාදී වචන පැවසී ය. ඔකම්පෙත්‍වා හක්කෙන් උරයට ගසමින්, හිස පහත් කර ජීව්හං නිල්ලාලෙත්‍වා ලප සහිත මහත් දිව (එළියට) ගෙන ඉහළ පහළත් උභය පාර්ශ්වයෙහිමත් ලෙළවා, තිචිසාඛං රැළි තුනක් ඇති නළාටිකං ‘භකුටි’ නළලෙහි නැගුණු රැළි තුන යන අරුත යි. පක්කාමි ඔබලා දන්නවුන්ගේ කීම නො කොට (ක්‍රියාවට නො නංවා) ඔබලා ම තෙලෙහි පැසවවු’යි කියා එක් මගක් ගෙන ගියේ ය.

පඨමං.

පළමු වැනි සූත්‍රය යි.

2. සමිද‍්ධිසුත‍්තවණ‍්ණනා

2. සමිද්ධි සූත්‍ර වර්ණනාව

දුතියෙ ලාභා වත මෙ, සුලද‍්ධං වත මෙති එවරූපස‍්ස සත්‍ථු චෙව ධම‍්මස‍්ස ච සබ්‍රහ‍්මචාරීනඤ‍්ච ලද‍්ධත‍්තා මය‍්හං ලාභා මය‍්හං සුලද‍්ධන‍්ති. සො කිරායස‍්මා පච‍්ඡා මූලකම‍්මට‍්ඨානං සම‍්මසිත්‍වා “අරහත‍්තං ගහෙස‍්සාමී”ති පාසාදිකං තාව කම‍්මට‍්ඨානං ගහෙත්‍වා බුද‍්ධධම‍්මසඞ‍්ඝගුණෙ ආවජ‍්ජෙත්‍වා චිත‍්තකල‍්ලතං උප‍්පාදෙත්‍වා චිත‍්තං හාසෙත්‍වා තොසෙත්‍වා නිසින‍්නො. තෙනස‍්ස එවමහොසි. උපසඞ‍්කමීති “අයං සමිද‍්ධි භික‍්ඛු පාසාදිකං කම‍්මට‍්ඨානං ගහෙත්‍වා නිසින‍්නසදිසො, යාව මූලකම‍්මට‍්ඨානං ගහෙත්‍වා අරහත‍්තං න ගණ‍්හාති, තාවස‍්ස අන‍්තරායං කරිස‍්සාමී”ති උපසඞ‍්කමි. ගච‍්ඡ ත්‍වන‍්ති සත්‍ථා සකලජම‍්බුදීපං ඔලොකෙන‍්තො “තස‍්මිංයෙව ඨානෙ තස‍්ස කම‍්මට‍්ඨානං සප‍්පායං භවිස‍්සතී”ති අද‍්දස, තස‍්මා එවමාහ. සතිපඤ‍්ඤා ච මෙ බුද‍්ධාති මයා සති ච පඤ‍්ඤා ච ඤාතා. කරස‍්සු රූපානීති බහූනිපි විභිංසකාරහානි රූපානි කරස‍්සු. නෙව මං බ්‍යාධයිස‍්සසීති මං නෙව වෙධයිස‍්සසි න කම‍්පස‍්සෙසි.

දෙවැන්නෙහි - ලාභා වත මෙ සුලද්ධං වත මෙ මේ ආකාර වූ ශෘස්තෲන් වහන්සේත් ධර්මයත් සබ්‍රහ්මචාරීනුත් ලද බැවින් මට ලාභයකි. මට මැනවින් ලැබුණකි. ඒ ආයුෂ්මත් තෙමේ පසු ව මූලකම්මට්ඨානය සම්මර්ෂණය කොට අරහත් බව (ලබා) ගන්නෙමි යි එතෙක් පාසාදික කමටහන් ගෙන බුද්ධ - ධම්ම - සංඝ ගණය ආවර්ජනය කොට සිතේ ප්‍රසන්නතාව උපදවා සිත සිනහ ගන්වා, සතුට කරවා සිටින්නේ, එවිට එතුමාට මෙසේ සිතිණි. උපසංකමි මේ සමිද්ධි භික්ෂුව පාසාදික කමටහන ගෙන සිටියා සේ ය. යම් තාක් මූලකම්මට්ඨානය ගෙන අරහත් බව නො ලබා ද එතෙක් ඔහුට අනතුරක් කරන්නෙමැ යි පැමිණියේ ය. ගච්ඡ ත්‍වං බුදුන් වහන්සේ සකල ජම්බුද්වීපය අවලෝකනය කරන සේක්, ඒ ස්ථානයේ දී ම එහුට කමටහන සැප ඇත්තක් වන්නේ යයි දුටු සේක. එහෙයින් මෙසේ කී සේක. සතිපඤ්ඤා ච මෙ බුද්ධා මා විසින් - මට - සිහියත් ප්‍රඥාවත් දන්නා ලදි. කරස්සු රූපානි බොහෝ බිය ජනක රූප කරව. නෙව මං ව්‍යාධයිස්සසි මා “වෙධයිස්සසි” නො පෙළව, කම්පා නො කරව”

දුතියං.

3. ගොධිකසුත‍්තවණ‍්ණනා

3. ගොධික සූත්‍ර වර්ණනාව

තතියෙ ඉසිගිලිපස‍්සෙති ඉසිගිලිස‍්ස නාම පබ‍්බතස‍්ස පස‍්සෙ. කාළසිලායන‍්ති කාළවණ‍්ණාය සිලායං. සාමයිකං චෙතොවිමුත‍්තින‍්ති අප‍්පිතප‍්පිතක‍්ඛණෙ පච‍්චනීකධම‍්මෙහි විමුච‍්චති, ආරම‍්මණෙ ච අධිමුච‍්චතීති ලොකියසමාපත‍්ති සාමයිකා චෙතොවිමුත‍්ති නාම. ඵුසීති පටිලභි. පරිහායීති කස‍්මා යාව ඡට‍්ඨං පරිහායි? සාබාධත‍්තා. ථෙරස‍්ස කිර වාතපිත‍්තසෙම‍්හවසෙන අනුසායිකො ආබාධො අත්‍ථි, තෙන සමාධිස‍්ස සප‍්පායෙ උපකාරකධම‍්මෙ පූරෙතුං න සක‍්කොති, අප‍්පිතප‍්පිතාය සමාපත‍්තියා පරිහායති.

තෙවැන්නෙහි - ඉසිගිලිපස්සෙ ඉසිගිලි නම් පර්වතයේ පැත්තක, කාළසිලායං කළුවන් ගල්තලාවෙහි. සාමයිකං චෙතො විමුත්තිං අර්පණය කරන කරන මොහොතෙහි ප්‍රත්‍යනීක (සතුරු) ධර්මවලින් මිදෙයි. ආරම්මණයෙහි ද මැනවින් අලවති යි ලෞකික සමාපත්තිය “සාමයික චෙතො විමුත්ති” නමි. ඵුසී ලැබී ය. පරිහායී (පිරිහුනේ ය.) කුමක් නිසා සය වැන්න දක්වා පිරිහුනේ ද? ආබාධ සහිත බැවිනි. තෙරුන්ට වා-පිත්-සෙම් වශයෙන් අනුසායික ආබාධයක් ඇත. එය සමාධියට හිතකර උපකාරක ධර්ම පිරීමට නො සමත් වෙයි. අර්පණය කරන කරන සමාපත්තියෙන් පිරිහෙයි.

යංනූනාහං සත්‍ථං ආහරෙය්‍යන‍්ති සො කිර චින‍්තෙසි, යස‍්මා පරිහීනජ‍්ඣානස‍්ස කාලඞ‍්කරොතො අනිබද‍්ධා ගති හොති, අපරිහීනජ‍්ඣානස‍්ස නිබද‍්ධා ගති හොති, බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තති, තස‍්මා සත්‍ථං ආහරිතුකාමො අහොසි. උපසඞ‍්කමීති – “අයං සමණො සත්‍ථං ආහරිතුකාමො, සත්‍ථාහරණඤ‍්ච නාමෙතං කායෙ ච ජීවිතෙ ච අනපෙක‍්ඛස‍්ස හොති. යො එවං කායෙ ච ජීවිතෙ ච අනපෙක‍්ඛො හොති, සො මූලකම‍්මට‍්ඨානං සම‍්මසිත්‍වා අරහත‍්තම‍්පි ගහෙතුං සමත්‍ථො හොති, මයා පන පටිබාහිතොපි එස න ඔරමිස‍්සති, සත්‍ථාරා පටිබාහිතො ඔරමිස‍්සතී”ති ථෙරස‍්ස අත්‍ථකාමො විය හුත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි.

යන්නූනාහං සත්‍ථං ආහරෙය්‍යං හෙතෙමේ මෙසේ සිතී ය: යම් හෙයකින් පිරිහුණු ධ්‍යාන සහිත ව කාලක්‍රියා කරන්නා හට නිශ්චිත නො වූ (භව) ගමන් වේ ද, නො පිරිහුණු ධ්‍යාන ඇත්තා හට නිසැක නිශ්චිත (භව) ගමන් වේ ද, බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නේ ද, එහෙයින් ආයුධයක් (අතට) ගැනීමට කැමති විය. උපසඞ්කමි මේ ශ්‍රමණ තෙම ආයුධයක් ගැනීමට කැමැත්තේ (වේ), ආයුධ ගැනීම යන මෙය ද සිරුර ගැනත් ජීවිතය ගැනත් අපේක්‍ෂාවක් නැත්තේ වේ ද හේ මූලකම්මට්ඨානය සම්මර්ෂණය කොට අරහත් බව ලැබීමට පවා සමත් වේ. මා විසින් වළක්වන ලද්දේ වුව ද මොහු නො නවතින්නේ යයි ද ශාස්තෲන් වහන්සේ විසින් වළක්වන ලදහොත් නවතින්නේ යයි ද තෙරුන්ට හිතවත් කෙනෙකු මෙන් වී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද එහි පැමිණියේ ය.

ජලාති ජලමානා. පාදෙ වන්‍දාමි චක‍්ඛුමාති පඤ‍්චහි චක‍්ඛූහි චක‍්ඛුමා තව පාදෙ වන්‍දාමි. ජුතින්‍ධරාති ආනුභාවධරා. අප‍්පත‍්තමානසොති අප‍්පත‍්තඅරහත‍්තො. සෙඛොති සීලාදීනි සික‍්ඛමානො සකරණීයො. ජනෙ සුතාති ජනෙ විස‍්සුතා. සත්‍ථං ආහරිතං හොතීති ථෙරො කිර “කිං මය‍්හං ඉමිනා ජීවිතෙනා”ති? උත‍්තානො නිපජ‍්ජිත්‍වා සත්‍ථෙන ගලනාළිං ඡින්‍දි, දුක‍්ඛා වෙදනා උප‍්පජ‍්ජිංසු. ථෙරො වෙදනං වික‍්ඛම‍්භෙත්‍වා තංයෙව වෙදනං පරිග‍්ගහෙත්‍වා සතිං උපට‍්ඨපෙත්‍වා මූලකම‍්මට‍්ඨානං සම‍්මසන‍්තො අරහත‍්තං පත්‍වා සමසීසී හුත්‍වා පරිනිබ‍්බායි. සමසීසී නාම තිවිධො හොති ඉරියාපථසමසීසී, රොගසමසීසී, ජීවිතසමසීසීති.

ජලං බැබළෙන, පාදෙ වන්‍දාමි චක්‍ඛුමා පසැස් ඇත්තා වූ බුදුන් වහන්ස, ඔබගේ පා වඳිමි. ජුතින්‍ධරා ආනුභාව දරන්නාණෙනි, අප්පත්තමානසො අරහත් බවට නො පැමිණි තැනැත්තේ සෙඛො ශීලාදිය හදාරමින් හික්මෙන්නේ (අරහත් බවට) තවත් කළ යුතු දේ ඇත්තේ ජනෙසුතා ජනයා අතර ප්‍රසිද්ධ වූවනි. සත්‍ථං ආහරිතං හොති තෙරණුවෝ මේ ජීවිතයෙන් මට කිම? යි උඩුකුරු ව හිඳ ආයුධයෙන් ගලනාළය (ගෙළ) සින්දේ ය. දුක් වේදනා හට ගැනිණි. තෙරණුවෝ වේදනාව යටපත් කොට ඒ වේදනාව ම අල්ලා ගෙන සිහිය උපදවා මූලකම්මට්ඨානය සම්මර්ෂණය කරන්නාහු අර්හත් බවට පැමිණ සමසීසී වී පිරිනිවන් පෑහ. “සමසීසී” නම් ත්‍රිවිධ ය: ඉරියාපථසමසීසී, රෝග සමසීසි, ජීවිතසමසීසි යනුවෙනි.

තත්‍ථ යො ඨානාදීසු ඉරියාපථෙසු අඤ‍්ඤතරං අධිට‍්ඨාය – “ඉමං අකොපෙත්‍වාව අරහත‍්තං පාපුණිස‍්සාමී”ති විපස‍්සනං පට‍්ඨපෙති, අථස‍්ස අරහත‍්තප‍්පත‍්ති ච ඉරියාපථකොපනඤ‍්ච එකප‍්පහාරෙනෙව හොති. අයං ඉරියාපථසමසීසී නාම. යො පන චක‍්ඛුරොගාදීසු අඤ‍්ඤතරස‍්මිං සති – “ඉතො අනුට‍්ඨිතොව අරහත‍්තං පාපුණිස‍්සාමී”ති විපස‍්සනං පට‍්ඨපෙති, අථස‍්ස අරහත‍්තප‍්පත‍්ති ච රොගතො වුට‍්ඨානඤ‍්ච එකප‍්පහාරෙනෙව හොති. අයං රොගසමසීසී නාම. කෙචි පන තස‍්මිංයෙව ඉරියාපථෙ තස‍්මිඤ‍්ච රොගෙ පරිනිබ‍්බානවසෙනෙත්‍ථ සමසීසිතං පඤ‍්ඤාපෙන‍්ති. යස‍්ස පන ආසවක‍්ඛයො ච ජීවිතක‍්ඛයො ච එකප‍්පහාරෙනෙව හොති. අයං ජීවිතසමසීසී නාම. වුත‍්තම‍්පි චෙතං – “යස‍්ස පුග‍්ගලස‍්ස අපුබ‍්බං අචරිමං ආසවපරියාදානඤ‍්ච හොති ජීවිතපරියාදානඤ‍්ච, අයං වුච‍්චති පුග‍්ගලො සමසීසී”ති (පු· ප· 16).

එහි යමෙක් සිටීම් ආදී ඉරියව්වලින් එකක් අධිෂ්ඨාන කොට මෙය අවුල් නො කොට ම අර්හත් බවට පැමිණෙන්නෙමි යි විදර්ශනාව පිහිටුවයි. එවිට ඔහුට අර්හත් භාවයට පත්වීමත් ඉරියව් වෙනස් කිරීමත් එක පැහැර සිදු වේ. මෙය ‘ඉරියාපථ සමසීසී’ නමි. යමෙක් චක්‍ෂු රෝග ආදියෙහි එකක් ඇති කල්හි මෙයින් නො නැගිට ම අර්හත් බවට පත්වන්නෙමි යි විදර්ශනාව පිහිටුවයි. ඉක්බිති ඔහු අර්හත් බවට පත්වීමත් රෝගයෙන් නැගී සිටීමත් එක පැහැර සිදු වේ. මෙය ‘රෝගසමසීසී’ නමි. සමහරු ඒ ඉරියව්වෙහි ම ඒ රෝගයෙහි ම සිටියදී (වන) පරිනිර්වාණය වශයෙන් සමසීසී භාවය දක්වා ලති. යමෙකුට ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමත් ජීවිතක්‍ෂයත් එක පැහැර සිදු වේ ද මෙය ‘ජීවිත සමසීසී’ නමි. එය කියන ලද්දේ ම ය. “යස්ස පුග්ගලස්ස අපුබ්බං අචරිමං ආසවපරියාදානඤ්ච හොති ජීවිත පරියාදානඤ්ච අයං වුච්චති පුග්ගලො සමසීසී (යම් පුද්ගලයෙකුට පෙර නො වීත් පසු නො වීත් ආශ්‍රව අවසානයත් ජීවිත අවසානයත් වේ ද, ඔහු සමසීසී පුද්ගලයා’යි කියනු ලැබේ.)

එත්‍ථ ච පවත‍්තිසීසං කිලෙසසීසන‍්ති ද‍්වෙ සීසානි. තත්‍ථ පවත‍්තිසීසං නාම ජීවිතින්‍ද්‍රියං, කිලෙසසීසං නාම අවිජ‍්ජා. තෙසු ජීවිතින්‍ද්‍රියං චුතිචිත‍්තං ඛෙපෙති, අවිජ‍්ජා මග‍්ගචිත‍්තං. ද‍්වින‍්නං චිත‍්තානං එකතො උප‍්පාදො නත්‍ථි. මග‍්ගානන‍්තරං පන ඵලං, ඵලානන‍්තරං භවඞ‍්ගං, භවඞ‍්ගතො වුට‍්ඨාය පච‍්චවෙක‍්ඛණං, තං පරිපුණ‍්ණං වා හොති අපරිපුණ‍්ණං වා. තිඛිණෙන අසිනා සීසෙ ඡිජ‍්ජන‍්තෙපි හි එකො වා ද‍්වෙ වා පච‍්චවෙක‍්ඛණවාරා අවස‍්සං උප‍්පජ‍්ජන‍්තියෙව, චිත‍්තානං පන ලහුපරිවත‍්තිතාය ආසවක‍්ඛයො ච ජීවිතපරියාදානඤ‍්ච එකක‍්ඛණෙ විය පඤ‍්ඤායති.

මෙහි ද “පවත්තීසීස” “කිලෙසසීස” යි ‘සීස’ දෙකකි, එහි ‘පවත්තිසීස’ නම් ජීවිතින්ද්‍රිය යි; ‘කිලෙසසීස’ නම් අවිද්‍යාව යි. ඒවායින් ජීවිතින්ද්‍රිය චුති චිත්තය බැහැර කරයි. අවිද්‍යාව මාර්ග චිත්තය (බැහැර කරයි). සිත් දෙකේ ම එක විට හට ගැන්මක් නො මැත. මාර්ගානන්තර වූයේ ඵලය යි. ඵලානන්තර වූයේ භවාංගය යි. භවාංගයෙන් නැගී සිට ප්‍රත්‍යවේක්‍ෂණය යි. එය පරිපූර්ණ වූයේ හෝ වේ; අපරිපූර්ණ වූයේ හෝ (වේ). තියුණු කඩුවකින් හිස සිඳින විට වුව ද ප්‍රත්‍යවේක්‍ෂණවාර එකක් හෝ දෙකක් අවශ්‍යයෙන් ම හට ගනී ම ය. සිත්වල ක්‍ෂණික පරිවර්තනය හේතුවෙන් ආශ්‍රවයන්ගේ ක්‍ෂය වීමත් ජීවිතය අවසන් වීමත් එක් ක්‍ෂණයෙහි ම සිදුවනු පෙනේ.

සමූලං තණ‍්හමබ‍්බුය‍්හාති අවිජ‍්ජාමූලෙන සමූලකං තණ‍්හං අරහත‍්තමග‍්ගෙන උප‍්පාටෙත්‍වා. පරිනිබ‍්බුතොති අනුපාදිසෙසනිබ‍්බානෙන පරිනිබ‍්බුතො.

සමූලං තණ්හං අබ්බුය්හ අවිද්‍යා මූලයෙන් මුල් සහිත වූ තණ්හාව අරහත් මාර්ගයෙන් උපුටා දමා, පරිනිබ්බුතො අනුපාදිසේස පරිනිර්වාණයෙන් පිරිනිවියේ ය.

විවත‍්තක‍්ඛන්‍ධන‍්ති පරිවත‍්තක‍්ඛන්‍ධං. සෙමානන‍්ති උත‍්තානං හුත්‍වා සයිතං හොති. ථෙරො පන කිඤ‍්චාපි උත‍්තානකො සයිතො, තථාපිස‍්ස දක‍්ඛිණෙන පස‍්සෙන පරිචිතසයනත‍්තා සීසං දක‍්ඛිණතොව පරිවත‍්තිත්‍වා ඨිතං. ධූමායිතත‍්තන‍්ති ධූමායිතභාවං. තස‍්මිං හි ඛණෙ ධූමවලාහකා විය තිමිරවලාහකා විය ච උට‍්ඨහිංසු. විඤ‍්ඤාණං සමන්‍වෙසතීති පටිසන්‍ධිචිත‍්තං පරියෙසති. අප‍්පතිට‍්ඨිතෙනාති පටිසන්‍ධිවිඤ‍්ඤාණෙන අප‍්පතිට‍්ඨිතෙන, අප‍්පතිට‍්ඨිතකාරණාති අත්‍ථො. බෙලුවපණ‍්ඩුවීණන‍්ති බෙලුවපක‍්කං විය පණ‍්ඩුවණ‍්ණං සුවණ‍්ණමහාවීණං. ආදායාති කච‍්ඡෙ ඨපෙත්‍වා. උපසඞ‍්කමීති “ගොධිකත්‍ථෙරස‍්ස නිබ‍්බත‍්තට‍්ඨානං න ජානාමි, සමණං ගොතමං පුච‍්ඡිත්‍වා නික‍්කඞ‍්ඛො භවිස‍්සාමී”ති ඛුද‍්දකදාරකවණ‍්ණී හුත්‍වා උපසඞ‍්කමි. නාධිගච‍්ඡාමීති න පස‍්සාමි. සොකපරෙතස‍්සාති සොකෙන ඵුට‍්ඨස‍්ස. අභස‍්සථාති පාදපිට‍්ඨියං පතිතා.

විවත්තක්‍ඛන්‍ධං පෙරළුණු කඳ (ඇති) සොප්පමානං උඩුකුරු වී නිදන්නේ වේ. තෙරුන් වහන්සේ උඩුකුරු ව වැදහොත්තේ වුව ද දකුණු ඇළයෙන් සැතපීම හුරු කළ බැවින් හිස දකුණු පැත්තට ම පෙරළී සිටියේ ය. ධුමායිතත්තං දුම් දමන බව, ඒ ක්ෂණයෙහි දුම් වළාකුලු මෙන් ද, කළු වලාකුළු මෙන් ද පහළ විය. විඤ්ඤාණං සමන්නෙසති ප්‍රතිසන්ධි චිත්තය සොයයි. අප්පතිට්ඨිතෙන නො පිහිටි ප්‍රතිසන්‍ධි විඤ්ඤාණයෙන් නො පිහිටි හේතුවෙන් යනු අර්ථයි. බෙලුව පණ්ඩුවීණං බෙලිගෙඩියක් මෙන් පඬුවන් වූ ස්වර්ණ මහා වීණාව ආදාය කිහිල්ලේ තබා උපසඞ්කමි ගොධික තෙරුන් උපන් තැන නො දනිමි. ශ්‍රමණ භවත් ගෞතමයන් විමසා නිසැක වන්නෙමි යි කුඩා දරුවකුගේ ස්වරූපය ගෙන ළඟට පැමිණියේ ය. නාධිගච්ඡාමි නො දකිමි. සොකපරෙතස්ස ශෝකයෙන් ඇළලී ගිය ඔහු ගෙ අභස්සථ පා මතට වැටුනේ ය.

තතියං.

තෙවැනි සූත්‍රය යි.

4. සත‍්තවස‍්සසුත‍්තවණ‍්ණනා

4. සත්තවස්ස සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ සත‍්ත වස‍්සානීති පුරෙ බොධියා ඡබ‍්බස‍්සානි, බොධිතො පච‍්ඡා එකං වස‍්සං. ඔතාරාපෙක‍්ඛොති “සචෙ සමණස‍්ස ගොතමස‍්ස කායද‍්වාරාදීසු කිඤ‍්චිදෙව අනනුච‍්ඡවිකං පස‍්සාමි, චොදෙස‍්සාමි න”න‍්ති එවං විවරං අපෙක‍්ඛමානො. අලභමානොති රථරෙණුමත‍්තම‍්පි අවක‍්ඛලිතං අපස‍්සන‍්තො. තෙනාහ –

සිවු වැන්නේ - සත්තවස්සාති බුද්ධත්වයට පෙර වසර හයක් (හා) බුද්ධත්වයෙන් පසු එක් වසරක්, ඔතාරාපෙක්‍ඛො ඉදින් ගෞතම ශ්‍රමණයන්ගේ කාය වචී ද්වාරවල කිසියම් ම හෝ නුසුදුසු දෙයක් දකින්නෙම් ද ඔහුට චෝදනා කරන්නෙමැයි මෙසේ සිදුරක් (පළුද්දක්) අපේක්‍ෂා කරන්නේ අලභමානො රිය දූවිල්ලක් පමණවත් දෝෂයක් නො දක්නේ; එහෙයින් කී ය.

“සත‍්ත වස‍්සානි භගවන‍්තං, අනුබන්‍ධිං පදාපදං; ඔතාරං නාධිගච‍්ඡිස‍්සං, සම‍්බුද‍්ධස‍්ස සතීමතො”ති. (සු· නි· 448);

“සත්තවස්සානි භගවන්තං අනුබන්‍ධිං පදාපදං ඔතාරං නාධිගච්ඡිස්සං සම්බුද්ධස්ස සතීමතො”

(සත් වසරක් භාග්‍යවතුන් වහන්සේ අඩියෙන් අඩිය ලුහු බැන්දෙමි. සිහියෙන් යුක්ත වූ සම්බුදුරජුන්ගේ ප්‍රවෙශයක් (සිදුරක්) නො ලද්දෙමි.)

උපසඞ‍්කමීති “අජ‍්ජ සමණං ගොතමං අතිගහෙත්‍වා ගමිස‍්සාමී”ති උපසඞ‍්කමි.

උපසඞ්කමි අද ගෞතම ශ්‍රමණයන් ග්‍රහණයට ගෙන පැමිණෙන්නෙමි යි ළඟට පැමිණියේ ය.

ඣායසීති ඣායන‍්තො අවජ‍්ඣායන‍්තො නිසින‍්නොසීති වදති. විත‍්තං නු ජීනොති සතං වා සහස‍්සං වා ජිතොසි නු. ආගුං නු ගාමස‍්මින‍්ති, කිං නු අන‍්තොගාමෙ පමාණාතික‍්කන‍්තං පාපකම‍්මං අකාසි, යෙන අඤ‍්ඤෙසං මුඛං ඔලොකෙතුං අවිසහන‍්තො අරඤ‍්ඤෙ විචරසි? සක‍්ඛින‍්ති මිත‍්තභාවං.

ඣායසි සිත සිතා සිටිනේනේ සිතෙන් මෙනෙහි කරමින් සිටින්නෙහි ද අසයි. විත්තං නු ජිතො සියයක් හෝ දහසක් පැරදුනෙහි ද? ආගුං න ගාමස්මිං කිම ඇතුළු ගමෙහි පමන ඉක්මවා ගිය පාපකර්මයක් (අපරාධයක්) කළෙහි ද? එමගින් අන් අයගේ මුහුණ බැලීම නො ඉවසන්නේ කැලයෙහි වසන්නෙහි ද? සක්‍ඛිං මිත්‍ර භාවය;

පලිඛායාති ඛණිත්‍වා. භවලොභජප‍්පන‍්ති භවලොභසඞ‍්ඛාතං තණ‍්හං. අනාසවො ඣායාමීති නිත‍්තණ‍්හො හුත්‍වා ද‍්වීහි ඣානෙහි ඣායාමි. පමත‍්තබන්‍ධූති මාරං ආලපති. සො හි යෙකෙචි ලොකෙ පමත‍්තා, තෙසං බන්‍ධු.

පලිඛාය හාරා, භවලොභජප්පං භව ලෝභ සංඛ්‍යාත වූ තෘෂ්ණාව, අනාසවො ඣායාමි තෘෂ්ණා රහිත වී දැහැන් දෙකෙන් ධ්‍යාන වඩමි. පමත්තබන්‍ධු මාරයාට ආමන්ත්‍රණය කරයි. ලොවෙහි යම් කිසි කෙනෙක් ප්‍රමාද වූවෝ වෙත් ද හේ ඔවුන්ගේ නෑයෙකි.

සචෙ මග‍්ගං අනුබුද‍්ධන‍්ති යදි තයා මග‍්ගො අනුබුද‍්ධො. අපෙහීති අපයාහි. අමච‍්චුධෙය්‍යන‍්ති මච‍්චුනො අනොකාසභූතං නිබ‍්බානං. පාරගාමිනොති යෙපි පාරං ගතා, තෙපි පාරගාමිනො. යෙපි පාරං ගච‍්ඡිස‍්සන‍්ති, යෙපි පාරං ගන‍්තුකාමා, තෙපි පාරගාමිනො.

සචෙ මග්ගං අනුබුද්ධං ඉදින් ඒ මාර්ගය අවබෝධ කරන ලද්දේ නම්, අපෙහි ඉවත් ව යනු, අමච්චුධෙය්‍යං මරු හට අවකාශ නො තබන නිවන පාරගාමිනො යම් කෙනෙක් පර තෙරට ගියාහු ද ඔවුහු ද “පාරගාමිනො” (පරතෙරට යන), යම් කෙනෙක් පර තෙරට යත් ද ඔවුහුත් යම් කෙනෙක් පර තෙර යනු කැමැත්තෝ ද ඔවුහුත් “පාරගාමිනො” වෙති.

විසූකායිකානීති මාරවිසූකානි. විසෙවිතානීති විරුද‍්ධසෙවිතානි, “අප‍්පමායු මනුස‍්සානං, අච‍්චයන‍්ති අහොරත‍්තා”ති වුත‍්තෙ. “දීඝමායු මනුස‍්සානං, නාච‍්චයන‍්ති අහොරත‍්තා”තිආදීනි පටිලොමකාරණානි. විප‍්ඵන්‍දිතානීති, තම‍්හි තම‍්හි කාලෙ හත්‍ථිරාජවණ‍්ණසප‍්පවණ‍්ණාදිදස‍්සනානි. නිබ‍්බෙජනීයාති උක‍්කණ‍්ඨනීයා.

විසූකායිකානි මාරයාගේ විහිලු විසෙවිතානි විරුද්ධ ලෙස භාවිත කළ “මනුෂ්‍යයන්ගේ ආයුෂ අල්ප ය”, “දවල් රෑ ඉක්ම යයි’ කී කල “මනුෂ්‍යයන්ගේ ආයුෂය දිග ය, දවල් රෑ ඉක්ම නො යයි” ආදිය ප්‍රතිලෝම කරුණු යි (විරුද්ධ අතට කරුණු ය). විප්ඵන්‍දිතාති කානිචි කානිචි ඒ ඒ වේලාවේ හස්තිරාජ හැඩය; සර්ප හැඩය ආදි දර්ශන නිබ්බෙජනීයා උකටලී බවට කරුණු වූ;

අනුපරියගාතිආදීසු කිඤ‍්චාපි අතීතවචනං කතං, අත්‍ථො පන විකප‍්පවසෙන වෙදිතබ‍්බො. ඉදං වුත‍්තං හොති – යථා මෙදවණ‍්ණං පාසාණං වායසො දිස‍්වා – “අපි නාමෙත්‍ථ මුදුං වින්‍දෙය්‍යාම, අපි අස‍්සාදො සියා”ති අනුපරිගච‍්ඡෙය්‍ය, අථ සො තත්‍ථ අස‍්සාදං අලභිත්‍වාව වායසො එත‍්තො අපක‍්කමෙය්‍ය, තතො පාසාණා අපගච‍්ඡෙය්‍ය, එවං මයම‍්පි සො කාකො විය සෙලං ගොතමං ආසජ‍්ජ අස‍්සාදං වා සන්‍ථවං වා අලභන‍්තා ගොතමා නිබ‍්බින්‍දිත්‍වා අපගච‍්ඡාම.

අනුපරියගා ආදියෙහි අතීත වචනය වුව ද, අර්ථය විකල්ප වශයෙන් දත යුතුය. කියන ලද්දේ මෙය යි: යම් සේ කපුටෙක් මේද තෙල් පැහැති ගලක් දැක මෙහි මොළොක් බව අත් විඳිමු. ආස්වාදයක් වන්නේ දැයි ඒ වටා සිසාරන්නේ ද, ඒ කවුඩා එහි ආස්වාදයක් නො ලබා ම එයින් ඉවත්ව යයි ද, ඒ පාෂාණයෙන් බැහැර යයි ද, එසේ ම අපි ද ඒ කවුඩා මෙන් පර්වතයක් වැනි වූ ගෞතමයන් වෙත පැමිණ ආස්වාදයක් හෝ එක් ව විසීමක් නො ලබන්නේ ගෞතමයන් කෙරෙහි කළකිරී ඉවත් ව යමු.

චතුත්‍ථං.

සතර වැනි සූත්‍රය යි.

5. මාරධීතුසුත‍්තවණ‍්ණනා

5. මාරධීතු සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ අභාසිත්‍වාති එත්‍ථ අ-කාරො නිපාතමත‍්තං, භාසිත්‍වාති අත්‍ථො. අභාසයිත්‍වාතිපි පාඨො. උපසඞ‍්කමිංසූති “ගොපාලකදාරකං විය දණ‍්ඩකෙන භූමිං ලෙඛං දත්‍වා අතිවිය දුම‍්මනො හුත්‍වා නිසින‍්නො. ‘කින‍්නු ඛො කාරණ’න‍්ති? පුච‍්ඡිත්‍වා, ජානිස‍්සාමා”ති උපසඞ‍්කමිංසු.

අභාසිත්‍වා මෙහි ‘අ’ කාරය නිපාත මාත්‍රයකි. ‘භාසිත්‍වා’ (පවසා) යන අරුත යි. අභාසයිත්‍වා යි ද පාඨයකි. උපසංකමිංසු කෙවිටෙන් පොළොවෙහි ඉරි අඳින ගොපලු දරුවකු මෙන් දැක බෙහෙවින් දොම්නස් වී සිටින්නේ කරුණ කිමැයි විමසා දැනගන්නෙමි යි අසළට පැමිණියහ.

සොචසීති චින‍්තෙසි. ආරඤ‍්ඤමිව කුඤ‍්ජරන‍්ති යථා අරඤ‍්ඤතො පෙසිතගණිකාරහත්‍ථිනියො ආරඤ‍්ඤකං කුඤ‍්ජරං ඉත්‍ථිකුත‍්තදස‍්සනෙන පලොභෙත්‍වා බන්‍ධිත්‍වා ආනයන‍්ති, එවං ආනයිස‍්සාම. මාරධෙය්‍යන‍්ති තෙභූමකවට‍්ටං.

සොචසි සිතහි ද? ආරඤ්ඤමිව කුඤ්ජරං යම් සේ සතුටු කරවා කැලයට යැවූ ගණිකා ඇතින්නියෝ කැලයෙහි සිටින ඇතකු ස්ත්‍රී හාවභාව දර්ශනයෙන් පොළඹවා බැඳගෙන එත් ද එසේ ගෙන එන්නෙමු. මාරධෙය්‍යං ත්‍රෛභූමක වෘත්තය (සංසාරය)

උපසඞ‍්කමිංසූති – “තුම‍්හෙ ථොකං අධිවාසෙථ, මයං තං ආනෙස‍්සාමා”ති පිතරං සමස‍්සාසෙත්‍වා උපසඞ‍්කමිංසු. උච‍්චාවචාති නානාවිධා. එකසතං එකසතන‍්ති එකෙකං සතං සතං කත්‍වා. කුමාරිවණ‍්ණසතන‍්ති ඉමිනා නයෙන කුමාරිඅත‍්තභාවානං සතං.

උපසඞ්කමිංසු ඔබතුමා මඳක් ඉවසන සේක්වා අපි ඔහු ගෙන එන්නෙමු යි පියා සනසා (ළඟට) පැමිණියහ. උච්චාවචා නානා විධ, එකසතං එකසතං එක් එක් තැනැත්තියක් සියයක් සියයක් කොට කුමාරිවණ්ණසතං මේ න්‍යායයෙන් කුමරි ශරීර සියයක්

අත්‍ථස‍්ස පත‍්තිං හදයස‍්ස සන‍්තින‍්ති, ද‍්වීහිපි පදෙහි අරහත‍්තමෙව කථෙසි. සෙනන‍්ති කිලෙසසෙනං. සා හි පියරූපසාතරූපා නාම. එකාහං ඣායන‍්ති එකො අහං ඣායන‍්තො. සුඛමනුබොධින‍්ති අරහත‍්තසුඛං අනුබුජ‍්ඣිං. ඉදං වුත‍්තං හොති – පියරූපං සාතරූපං සෙනං ජිනිත්‍වා අහං එකො ඣායන‍්තො “අත්‍ථස‍්ස පත‍්තිං හදයස‍්ස සන‍්ති”න‍්ති සඞ‍්ඛං ගතං අරහත‍්තසුඛං අනුබුජ‍්ඣිං. තස‍්මා ජනෙන මිත‍්තසන්‍ථවං න කරොමි, තෙනෙව ච මෙ කාරණෙන කෙනචි සද‍්ධිං සක‍්ඛී න සම‍්පජ‍්ජතීති.

අත්‍ථස්ස පත්තිං හදයස්ස සන්තිං අභිමත අර්ථයට පැමිණීම හා හදවතේ ශාන්තිය, පද දෙකෙන් ම අර්හත්වය ම පවසයි. සෙනං ක්ලේශ සේනාව, එය (සේනාව) පියරූප සාතරූප නමි. එකොහං ඣායං ‘එකො අහං ඣායන්තො’ මම තනි ව ධ්‍යාන කරමින්, සුඛමනුබොධිං අර්හත් සුවය අවබෝධ කොට ගතිමි. කියන ලද්දේ මෙය යි: පියරූප වූ සාතරූප වූ සේනාව දිනා මම හුදෙකලා ව ධ්‍යාන වඩන්නෙම් “අත්‍ථස්ස පත්තිං හදයස්ස සන්තිං” යන ගණයට අයත්, අර්හත් සුවය අවබෝධ කළෙමි. එහෙයින් ජනයා සමග මිත්‍ර සන්‍ථවයක් නො කරමි. ඒ හේතුවෙන් ම මට කිසි මිත්‍රත්වයක් සම්පාදනය නො වේ.

කථංවිහාරීබහුලොති කතමෙන විහාරෙන බහුලං විහරන‍්තො. අලද‍්ධාති අලභිත්‍වා. යොති නිපාතමත‍්තං. ඉදං වුත‍්තං හොති – කතමෙන ඣානෙන බහුලං ඣායන‍්තං තං පුග‍්ගලං කාමසඤ‍්ඤා අලභිත්‍වාව පරිබාහිරා හොන‍්තීති.

කථං විහාරී බහුලො කුමන විහරණයක් බහුල කොට හැසිරෙමින්, අලද්ධා නො ලැබ; යො නිපාත මාත්‍රයකි. කියන ලද්දේ මෙය යි: කාම සංඥාවෝ කුමන ධ්‍යානයකින් බහුල ලෙස ධ්‍යාන වඩන ඒ පුද්ගලයා නො ලබා ම හාත්පසින් බැහැර වෙත් ද?

පස‍්සද‍්ධකායොති චතුත්‍ථජ‍්ඣානෙන අස‍්සාසපස‍්සාසකායස‍්ස පස‍්සද‍්ධත‍්තා පස‍්සද‍්ධකායො. සුවිමුත‍්තචිත‍්තොති අරහත‍්තඵලවිමුත‍්තියා සුට‍්ඨු විමුත‍්තචිත‍්තො. අසඞ‍්ඛරානොති තයො කම‍්මාභිසඞ‍්ඛාරෙ අනභිසඞ‍්ඛරොන‍්තො. අනොකොති අනාලයො. අඤ‍්ඤාය ධම‍්මන‍්ති චතුසච‍්චධම‍්මං ජානිත්‍වා. අවිතක‍්කඣායීති අවිතක‍්කෙන චතුත්‍ථජ‍්ඣානෙන ඣායන‍්තො. න කුප‍්පතීතිආදීසු දොසෙන න කුප‍්පති, රාගෙන න සරති, මොහෙන න ථීනො. ඉමෙසු තීසු මූලකිලෙසෙසු ගහිතෙසු දියඩ‍්ඪකිලෙසසහස‍්සං ගහිතමෙව හොති. පඨමපදෙන වා බ්‍යාපාදනීවරණං ගහිතං, දුතියෙන කාමච‍්ඡන්‍දනීවරණං, තතියෙන ථිනං ආදිං කත්‍වා සෙසනීවරණානි. ඉති ඉමිනා නීවරණප‍්පහානෙන ඛීණාසවං දස‍්සෙති.

පස්සද්ධකායො චතුර්ථධ්‍යානයෙන් ආශ්වාස ප්‍රශ්වාස කායේ පස්සද්ධ බව නිසා ‘පස්සද්ධකායො; සුවිමුත්තචිත්තො අර්හත් ඵල විමුක්තියෙන් මනා ලෙස මිදුණු සිත ඇත්තේ, අසඞ්ඛරානො කර්මාභි සංස්කාර තුන අනභිසංස්කාර කරමින්, අනොකො ආලය නැති අඤ්ඤාය ධම්මං සත්‍ය සතර දැන අවිතක්කක්‍ඛායී විතර්ක රහිත චතුර්ථ ධ්‍යානයෙන් දැහැන් වඩන්නේ. න කුප්පති ආදියෙහි ද්වේෂයෙන් නො කිපෙයි; රාගයෙන් න සරති (සිහි නො කරයි) මෝහයෙන් න ථිනො (හැකුළුනේ නො වේ). මේ මූලික ක්ලේශ තුන ගත් කල්හි දෙදහස් පන්සියයක් කෙළෙස් ගන්නා ලද්දේ ම වේ. ප්‍රථම පදයෙන් ව්‍යාපාදනීවරණය හෝ ගන්නා ලදි. දෙවැන්නෙන් කාමවස්තු නීවරණය, තෙවැන්නෙන් ථීන ආදි කොට ඇති ඉතිරි නීවරණ (ගන්නා ලද්දේ ම ය). මෙසේ මේ නීවරණ ප්‍රහාණයෙන් ක්‍ෂීණාශ්‍රව භාවය දැක්වී ය.

පඤ‍්චොඝතිණ‍්ණොති පඤ‍්චද‍්වාරිකං කිලෙසොඝං තිණ‍්ණො. ඡට‍්ඨන‍්ති මනොද‍්වාරිකම‍්පි ඡට‍්ඨං කිලෙසොඝං අතරි. පඤ‍්චොඝග‍්ගහණෙන වා පඤ‍්චොරම‍්භාගියානි සංයොජනානි, ඡට‍්ඨග‍්ගහණෙන පඤ‍්චුද‍්ධම‍්භාගියානි වෙදිතබ‍්බානි. ගණසඞ‍්ඝචාරීති ගණෙ ච සඞ‍්ඝෙ ච චරතීති සත්‍ථා ගණසඞ‍්ඝචාරී නාම. අද‍්ධා චරිස‍්සන‍්තීති අඤ‍්ඤෙපි සද‍්ධා බහුජනා එකංසෙන චරිස‍්සන‍්ති. අයන‍්ති අයං සත්‍ථා. අනොකොති අනාලයො.

පඤ්චොඝතිණ්ණො දොරටු පහක් ඇති ක්ලේශ ඕඝය (සැඩ පහර) තරණය කළේ වෙයි. ඡට්ඨං මනෝද්වාරික වූ සය වැනි ක්ලේශ ඕඝය ද කරණය කළේ වේ. පඤ්ච ඕඝ ගැනීමෙන් පඤ්ච ඕරම්භාගිය සංයෝජන හෝ සය වැන්න ගැනීමෙන් පඤ්ච උද්ධම්භාගිය (සංයෝජන ද) දත යුත්තේ ය. ගණසංඝචාරී ‘ගණෙ ච’ (ගණයා කෙරෙහිත්) සංඝෙ ච (සමූහයා කෙරෙහිත්) ‘චරති’ (හැසිරෙති යි) බුදුන් වහන්සේ ‘ගණසංඝචාරී’ නමි. අද්ධා තරිස්සන්ති එකතින් ම අන්‍ය බොහෝ ජනයා ද ඒකාන්තයෙන් ම තරණය කරන්නෝ ය. අයං මෙ ශාස්තෲ තෙම, අනොකො ආලය (තෘෂ්ණාව) රහිත වූයේ;

අච‍්ඡෙජ‍්ජ නෙස‍්සතීති අච‍්ඡින්‍දිත්‍වා නයිස‍්සති, මච‍්චුරාජස‍්ස හත්‍ථතො අච‍්ඡින්‍දිත්‍වා නිබ‍්බානපාරං නයිස‍්සතීති වුත‍්තං හොති. නයමානානන‍්ති නයමානෙසු.

අච්ඡෙජ්ජ නෙස්සති පැහැර ගෙන ගෙන යයි. මාරයාගේ අතින් පැහැර ගෙන නිර්වාණ පරතෙරට ගෙන යන්නේ ය යි කියන ලදි. නයමානානං එතෙර කරන කල්හි

සෙලංව සිරසූහච‍්ච, පාතාලෙ ගාධමෙසථාති මහන‍්තං කූටාගාරප‍්පමාණං සිලං සීසෙ ඨපෙත්‍වා පාතාලෙ පතිට‍්ඨගවෙසනං විය. ඛාණුංව උරසාසජ‍්ජාති උරසි ඛාණුං පහරිත්‍වා විය. අපෙථාති අපගච‍්ඡථ. ඉමස‍්මිං ඨානෙ සඞ‍්ගීතිකාරා “ඉදමවොචා”ති දෙසනං නිට‍්ඨපෙත්‍වා දද‍්දල‍්ලමානාති ගාථං ආහංසු. තත්‍ථ දද‍්දල‍්ලමානාති අතිවිය ජලමානා සොභමානා. ආගඤ‍්ඡුන‍්ති ආගතා. පනුදීති නීහරි. තූලං භට‍්ඨංව මාලුතොති යථා ඵලතො භට‍්ඨං සිම‍්බලිතූලං වා පොටකිතූලං වා වාතො පනුදති නීහරති, එවං පනුදීති.

සෙලං ව සිරසි ඌහච්ච පාතාලෙ ගාධමෙසථ කූටාගාරයක් (මහල් ගෙයක්) පමණ වූ මහත් ගලක් හිසෙහි තබා ගෙන පාතාලයෙහි ප්‍රතිෂ්ඨාවක් සොයන්නාක් මෙන්. ඛාණුං ව උරසාසජ්ජ උරයෙහි උලක් ඇන ගෙන මෙන්, අපෙථ බැහැර යමි. මෙ තැන්හි සංගීතිකාරක (හිමිවරු) ඉදමවොච යි දේශනාව අවසන් කොට ‘දද්දල්ලමානා’ යි ගාථාව කීහ. දද්දල්ලමානා අතිශයින් බබළන්නා වූ ශෝභමාන වූ; ආගඤ්ඡුං පැමිණියාහු. පනුදි බැහැර කළසේක. තූලහට්ටං ච මාලුතො යම් සේ වාතය ගෙඩියෙන් ගිලිහුණු ඉඹුල් පුළුන් හෝ වැළුක් පුළුන් ‘පනුදති, නීහරති’ බැහැර ගෙන යයි ද එසේ බැහැර කළ සේක.

පඤ‍්චමං.

තතියො වග‍්ගො.

තෙවැනි වර්ගය යි.

ඉති සාරත්‍ථප‍්පකාසිනියා සංයුත‍්තනිකාය-අට‍්ඨකථාය මාරසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

මෙසේ මාර සංයුක්ත වර්ණනාව නිමියේ ය.