යෙදුමෙන් කියවන්න

සමිද‍්ධිසුත‍්තං

4. 3. 2.

4. 3. 2.

සමිද‍්ධිසුත‍්තං.

සමිද්ධි සූත්‍රය

158. එකං සමයං භගවා සක‍්කෙසු විහරති සිලාවතියං. තෙන ඛො පන සමයෙන ආයස‍්මා සමිද‍්ධි භගවතො අවිදූරෙ අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරති.

158. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි සිලාවති ගම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ නොපමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙත්.

අථ ඛො ආයස‍්මතො සමිද‍්ධිස‍්ස රහොගතස‍්ස පටිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි. ලාභා වත මෙ සුලද‍්ධං වත මෙ යස‍්ස මෙ සත්‍ථා අරහං සම‍්මාසම‍්බුද‍්ධො. ලාභා වත මෙ සුලද‍්ධං වත මෙ යො’හං එවං ස‍්වාක‍්ඛාතෙ ධම‍්මවිනයෙ පබ‍්බජිතො. ලාභා වත මෙ සුලද‍්ධං වත මෙ යස‍්ස මෙ සබ්‍රහ‍්මචාරයො සීලවන‍්තො කල්‍යාණධම‍්මාති.

ඉක්බිති එකලා වූ චිත්තවිවේකයෙන් යුක්ත වූ ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය. ඒ මාගේ ශාස්තෘ තෙමේ අර්‍හත් ය. සම්‍යක් සම්බුද්ධ ය. ඒ මට එකතින් මහත් ලාභයෙකි. එකතින් මනා ලැබීමෙකි. ඒ මම මෙසේ ස්වාක්ඛාත වූ ශාසනයෙහි පැවිදි වූයෙමි. ඒ මට එකතින් මහත් ලාභයෙකි. එකතින් මනා ලැබීමෙකි. ඒ මට සිල්වත් කලණ දහම් ඇති සබ්‍රම්සරහු වෙති. ඒ මට එකතින් මහත් ලාභයෙකි. එකතින් මනා ලැබීමෙකි.

අථ ඛො මාරො පාපිමා ආයස‍්මතො සමිද‍්ධිස‍්ස චෙතසා චෙතොපරිවිතක‍්කමඤ‍්ඤාය යෙනායස‍්මා සමිද‍්ධි තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතො සමිද‍්ධිස‍්ස අවිදූරෙ මහන‍්තං භයභෙරවසද‍්දං අකාසි, අපිස‍්සුදං පඨවී මඤ‍්ඤෙ උද්‍රීයතීති.

ඉක්බිති පවිටු මාර තෙමේ (තම) සිතින් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ගේ චිත්තපරිවිතර්‍කය දැන ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන් නුදුරෙහි මහත් බිය ජනන හඬක් කළේ ය. තවද එය පොළොව පෙරළන්නාක් සෙයින් වෙයි.

අථ ඛො ආයස‍්මා සමිද‍්ධි යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සමිද‍්ධි භගවන‍්තං එතදවොච: ඉධාහං භන‍්තෙ භගවතො අවිදූරෙ අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරාමි. තස‍්ස මය‍්හං භන‍්තෙ රහොගතස‍්ස පටිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: ලාභා වත මෙ, සුලද‍්ධං වත මෙ, යස‍්ස මෙ සත්‍ථා අරහං සම‍්මාසම‍්බුද‍්ධො. ලාභා වත මෙ, සුලද‍්ධං වත මෙ, යො’හං එවං ස‍්වාක‍්ඛාතෙ ධම‍්මවිනයෙ පබ‍්බජිතො. ලාභා වත මෙ, සුලද‍්ධං වත මෙ, යස‍්ස මෙ සබ්‍රහ‍්මචාරයො සීලවන‍්තො කල්‍යාණධම‍්මාති. තස‍්ස මය‍්හං භන‍්තෙ අවිදූරෙ මහාභයභෙරවසද‍්දො අහොසි, අපිස‍්සුදං පඨවී මඤ‍්ඤෙ උද්‍රීයතීති.

ඉක්බිති ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වේ එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: වහන්ස, මෙහි මම භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි නොපමා ව කෙලෙස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වෙසෙමි. වහන්ස, එකලා වූ චිත්තවිවේකයෙන් හුන් ඒ මට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය. ඒ මාගේ ශාස්තෘ තෙමේ අර්‍හත් ය. සම්‍යක් සම්බුද්ධ ය. එය මට ඒකාන්තයෙන් මහත් ලාභයෙකි. ඒකාන්තයෙන් මනා ලැබීමෙකි. ඒ මම මෙසේ ස්වාක්ඛාත වූ ශාසනයෙහි පැවිදි වූයෙමි. ඒ මට ඒකාන්තයෙන් මහත් ලාභයෙකි. එකතින් මනා ලැබීමෙකි. ඒ මට සිල්වත් කලණ දහම් ඇති සබ්‍රම්සරහු වෙති. ඒ මට එකතින් මහත් ලාභයෙකි. එකතින් මනා ලැබීමෙකි. වහන්ස, ඒ මාගේ නුදුරෙහි පොළොව පෙරළන්නාක් සෙයින් බිය ජනන හඬෙක් විය.

[භගවා:]

[භගවත්හු:]

නෙසා සමිද‍්ධි පඨවී උද්‍රීයති. මාරො එසො පාපිමා. තුය‍්හං විචක‍්ඛුකම‍්මාය ආගතො. ගච‍්ඡ ත්‍වං සමිද‍්ධි තත්‍ථෙව අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරාහීති.

සමිද්ධි, මේ පොළොව නො පෙරෙළෙයි. මේ පවිටු මරු ය. තොපගේ නුවණැස වනසා ලන්නට පැමිණියේ ය. සමිද්ධි, තෙපි යව. නොපමා ව කෙලෙස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව එහි ම වසව.

එවම‍්භන‍්තෙති ඛො ආයස‍්මා සමිද‍්ධි භගවතො පටිස‍්සුත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි. දුතියම‍්පි ඛො ආයස‍්මා සමිද‍්ධි තත්‍ථෙව අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහාසි. දුතියම‍්පි ඛො ආයස‍්මතො සමිද‍්ධිස‍්ස රහොගතස‍්ස පටිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි. ලාභා වත මෙ, සුලද‍්ධං වත මෙ -පෙ- යස‍්ස මෙ සබ්‍රහ‍්මචාරයො සීලවන‍්තො කල්‍යාණධම‍්මාති. දුතියම‍්පි ඛො මාරො පාපිමා ආයස‍්මතො සමිද‍්ධිස‍්ස චෙතසා චෙතොපරිවිතක‍්කමඤ‍්ඤාය -පෙ- අපිස‍්සුදං පඨවී මඤ‍්ඤෙ උද්‍රීයතීති.

වහන්ස, එසේ ය යි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියහ: දෙවනවට දු ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ නොපමාව කෙලෙස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව එහි ම විසූහ. දෙවනවට දු එකලා ව චිත්තවිවේකයෙන් හුන් සමිද්ධි තෙරණුවන්ට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය. … ඒ මට සිල්වත් කලණදහම් ඇති සබ්‍රම්සරහු වෙති. එය මට එකතින් මහත් ලාභයෙකි. එකතින් මට මනා ලැබීමෙකි. දෙවනවට දු පවිට මාර තෙමේ (තම) සිතින් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ගේ චිත්තපරිවිතර්‍කය දැන … තවද, පොළොව පෙරළන්නාක් සෙයිනි.

අථ ඛො ආයස‍්මා සමිද‍්ධි මාරො අයං පාපිමා ඉති විදිත්‍වා මාරං පාපිමන‍්තං ගාථාය අජ‍්ඣභාසි:

ඉක්බිති ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ මේ පවිටු මරු ය යි දැන පවිටු මරුහට ගාථායෙන් කීහ.

සද‍්ධායාහං පබ‍්බජිතො අගාරස‍්මා අනගාරියං, සති පඤ‍්ඤා ච මෙ බුද‍්ධා චිත‍්තඤ‍්ච සුසමාහිතං, කාමං කරස‍්සු රූපානි නෙව මං බ්‍යාධයිස‍්සසීති.

මම සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වීමි. මා විසින් සිහිය හා නුවණ අවබෝධ කරණ ලදී. සිත ද මොනොවට පිහිටුවන ලද්දේ ය. (එහෙයින් බිහිසුණු) රූපයන් කැමති පරිද්දෙන් කරව. මා නොම පෙළන්නෙහි ය.

අථ ඛො මාරො පාපිමා ජානාති මං සමිද‍්ධි භික‍්ඛූති දුක‍්ඛී දුම‍්මනො තත්‍ථෙවන‍්තරධායීති.

ඉක්බිති පවිටු මරු තෙමේ සමිද්ධි මහණ තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.