සම්බහුලසුත්තං
4. 3. 1.
4. 3. 1.
සම්බහුලසුත්තං.
සම්බහුල සූත්‍රය
157. එවං මෙ සුතං: එකං සමයං භගවා සක්කෙසු විහරති සිලාවතියං. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ භගවතො අවිදූරෙ අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරන්ති.
157. මා විසින් අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි සිලාවති ගම්හි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි නොපමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙත්.
අථ ඛො මාරො පාපිමා බ්රාහ්මණවණ්ණං අභිනිම්මිනිත්වා මහන්තෙන ජටණ්ඩුවෙන අජිනක්ඛිපනිවත්ථො ජිණ්ණො ගොපානසිවඞ්කො ඝුරුඝුරුපස්සාසී උදුම්බරදණ්ඩං ගහෙත්වා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: දහරා භවන්තො පබ්බජිතා සුසූකාලකෙසා භද්රෙන යොබ්බනෙන සමන්නාගතා පඨමෙන වයසා අනිකීළිතාවිනො කාමෙසු. භුඤ්ජන්තු භොන්තො මානුසකෙ කාමෙ. මා සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවිත්ථාති.
එකල්හි පවිටු මාර තෙමේ බමුණු වෙසක් මවා ගෙණ මහත් දළසුඹුළුයෙන් යුක්ත ව හැඳි පෙරෙවි අඳුන්දිවිසම් ඇතියේ ජරායෙන් දිරූයේ ගොවනැස්සක් මෙන් වක් වූයේ ඝුරු ඝුරු හඬින් ප්‍රශ්වාස කරණසුලු වූයේ දිඹුල්දඬක් අතින් ගෙණ ඒ භික්ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්ෂූන්ට “භවත් පැවිද්දෝ දහරයහ. මනා අභිනීල කෙහෙ ඇතිය හ. සොඳුරු යොව්නෙන් පළමු වයසින් යුක්තයහ. කම්කෙළියෙහි කෙළුම් නොකළසුල්ලහ. භවත්හු මිනිස් කම්සුව විඳිත්වා. මේ අත්බැව්හි වින්ද යුතු සුව හැර කල් ගෙවා වින්ද යුතු වූ සුව කරා නුදුවත් වා” යි කී.
න ඛො මයං බ්‍රාහ්මණ සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවාම. කාලිකඤ්ච ඛො මයං බ්‍රාහ්මණ හිත්වා සන්දිට්ඨිකං අනුධාවාම. කාලිකා හි බ්‍රාහ්මණ කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා ආදීනවො එත්ථ භිය්යො. සන්දිට්ඨිකො අයං ධම්මො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති.
බමුණ, අපි මේ අත්බැව්හි වින්ද යුතු සුව හැර කල් ගෙවා වින්ද යුතු සුව කරා නොදුවමු. බමුණ, අපි කල් ගෙවා වින්ද යුතු සුව හැර මේ අත්බැව්හි වින්ද යුතු සුව කරා දුවමු. බමුණ, කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇතියහ. දැඩි ආයාස ඇතියහ. මෙහි දොස් බොහෝහ. මේ ලොවුතුරු දහම මේ අත්බැව්හි තමන් විසින් ම වින්ද යුතු ය. කල් නොයවා විපාක දෙන සුලු ය. එව බලව යි කීමට සුදුසු ය. තමසිත්හි පමුණුවා ලීමට සුදුසු ය. නුවණැත්තන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතුය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය.
එවං වුත්තෙ මාරො පාපිමා සීසං ඔකම්පෙත්වා ජිව්හං නිල්ලාලෙත්වා තිවිසාඛං නලාටෙන ලාටිකං උට්ඨාපෙත්වා දණ්ඩමොලුබ්භ පක්කාමි.
මෙසේ කී කල්හි පවිටු මාර තෙමේ හිස යටිකුරු කොට සලා දිව නෙරා ලෙළවා නළලෙහි තුන් රැළි ඇති බැමබිඳුම් නංවා දණ්ඩ එල්බ ගෙන ගියේ ය.
අථ ඛො තෙ භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ඉධ මයං භන්තෙ භගවතො අවිදූරෙ අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරාම. අථ ඛො භන්තෙ අඤ්ඤතරො බ්රාහ්මණො මහන්තෙන ජටණ්ඩුවෙන අජිනක්ඛිපනිවත්ථො ජිණ්ණො ගොපානසිවඞ්කො ඝුරුඝුරුපස්සාසී උදුම්බරදණ්ඩං ගහෙත්වා යෙන මයං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අම්හෙ එතදවොච:
ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: වහන්ස, මෙහි අපි භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි නො පමාව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති ව වෙසෙමු. වහන්ස, එකල්හි එක්තරා බමුණෙක් මහත් දළසුඹුළුයෙන් යුක්තව අඳුන් දිවිසම් හැඳ පෙරෙවියේ ජරායෙන් දිරූයේ ගොවනැස්සක් මෙන් වක් වූයේ ඝුරු ඝුරු යන හඬින් ප්‍රශ්වාස කරණ සුලු වූයේ දිඹුල් දණ්ඩක් අතින් ගෙණ අප වෙත එළඹියේ ය. එළඹ අපට මෙය කී ය.
දහරා භවන්තො පබ්බජිතා සුසූකාලකෙසා භද්රෙන යොබ්බනෙන සමන්නාගතා පඨමෙන වයසා අනිකීළිතාවිනො කාමෙසු. භුඤ්ජන්තු භවන්තො මානුසකෙ කාමෙ මා සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවිත්ථාති. එවං වුත්තෙ මයං භන්තෙ තං බ්රාහ්මණං එතදවොචුම්හ: න ඛො මයං බ්‍රාහ්මණ සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවාම, කාලිකඤ්ච ඛො මයං බ්‍රාහ්මණ හිත්වා සන්දිට්ඨිකං අනුධාවාම. කාලිකා හි බ්‍රාහ්මණ කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා ආදීනවො එත්ථ භිය්යො. සන්දිට්ඨිකො අයං ධම්මො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති. එවං වුත්තෙ භන්තෙ සො බ්රාහ්මණො සීසං ඔකම්පෙත්වා ජිව්හං නිල්ලාලෙත්වා තිවිසාඛං නලාටෙ නලාටිකං වුට්ඨාපෙත්වා දණ්ඩමොලුබ්භ පක්කන්තොති.
“භවත් පැවිද්දෝ දහරයහ. කළුකෙහෙ ඇතියහ. සොඳුරු යොව්නෙන් පළමු වයසින් යුක්තයහ. කාමයෙහි ක්‍රීඩා නොකළහ. භවත්හු මිනිස් කම්සුව විඳිත් වා. මේ අත්බැව්හි වින්ද යුතු සුවය හැර කලෙකින් ලැබෙන සුවය කරා නො දුවත්වා” යි. වහන්ස, මෙසේ කී කල්හි ඒ බමුණාට අපි මෙය කීමු. “බමුණ, අපි මේ අත්බැව්හි වින්දයුතු සුව හැර කල් ගෙවා ලැබෙන සුව කරා නො දුවමු. බමුණ, අපි කල් ගෙවා ලැබෙන සුව අත් හැර මේ අත්බැව්හි වින්ද යුතු සුව කරා දුවමු. බමුණ, කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇතියහ. දැඩි ආයාස ඇතියහ. මෙහි ආදීනව බොහෝහ. මේ ලොවුතුරු දහම මේ අත්බැව්හි තමා විසින් ම වින්ද යුතු ය. කල් නො යවා විපාක දෙන සුලු ය. එව, බලවයි කීමට සුදුසු ය. තම සිත්හි පමුණුවා ලීමට සුදුසු ය. නුවණැත්තන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතුය යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය”යි. වහන්ස, මෙසේ කී කල්හි ඒ බමුණු තෙමේ හිස යටිකුරු කොට සලා දිව නෙරා ලෙළවා නලළෙහි තුන්රැළි ඇති බැමබිඳුම් නංවා දණ්ඩ එල්බ ගෙණ ගියේ ය.
නෙසො භික්ඛවෙ බ්රාහ්මණො. මාරො එස පාපිමා. තුම්හාකං විචක්ඛුකම්මාය ආගතොති. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං ගාථං අභාසි:
මහණෙනි, මේ බමුණෙක් නො වේ. මේ පවිටු මරු ය. තොපගේ නුවණැස වනසාලීම පිණිස පැමිණියේ ය යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලායෙහි මේ ගාථාව වදාළ සේක:
යො දුක්ඛමද්දක්ඛි යතො නිදානං කාමෙසු සො ජන්තු කථං නමෙය්ය, උපධිං විදිත්වා සඞ්ගොති ලොකෙ තස්සෙව ජන්තු විනයාය සික්ඛෙති.
යමෙක් දුක යම් පඤ්චකාම ගුණයක් නිදාන කොට ඇතැයි දුටුයේ ද, ඒ සත්ව තෙමේ කාමයන්හි කෙසේ නැමෙන්නේ ද, (නො නැමේ මැ යි) ඒ සත්ව තෙමේ ලෙව්හි කාමගුණෝපධිය (රාගාදී) සඞ්ගය යි දැන ඒ කාමගුණෝපධිය ම දුරලනු පිණිස හික්මෙන්නේ ය.