යෙදුමෙන් කියවන්න

රජ‍්ජසුත‍්තං

4. 2. 10.

4. 2. 10.

රජ‍්ජසුත‍්තං.

රජ්ජ සූත්‍රය

156. එකං සමයං භගවා කොසලෙසු විහරති හිමවන‍්තපස‍්සෙ අරඤ‍්ඤකුටිකායං. අථ ඛො භගවතො රහොගතස‍්ස පටිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි. සක‍්කා නු ඛො රජ‍්ජං කාරෙතුං අහනං අඝාතයං අජිනං අජාපයං අසොචං අසොචාපයං ධම‍්මෙනාති.

156. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි හිමවත් පෙදෙසෙහි වන කිළියෙක වැඩ වසන සේක. එකල්හි එකලා වූ චිත්තවිවේකයෙහි යෙදුනු භාග්‍යවතුන් වහන්සේට “නො නස්මින් නො නස්වමින් පරස්වහරණය (ධනහානිය) නො කරමින්-නොකරවමින් ශෝක නො කරමින් නොකරවමින් දැහැමින් රජය කරවන්නට හැක්කේ දෝ”යි මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය.

අථ ඛො මාරො පාපිමා භගවතො චෙතසා චෙතොපරිවිතක‍්කමඤ‍්ඤාය යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං එතදවොච: කාරෙතු භන‍්තෙ භගවා රජ‍්ජං, කාරෙතු සුගතො රජ‍්ජං, අහනං අඝාතයං අජිනං අජාපයං අසොචං අසොචාපයං ධම‍්මෙනාති.

ඉක්බිති පවිටු මාර තෙමේ තම සිතින් භාග්‍යවතුන් වහන්සේ සිත්හි පරිවිතර්‍කය දැන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: වහන්ස, භගවත් තෙමේ නො නස්වමින් නො නස්වමින් ධනහානි නො කරමින්-නො කරවමින් ශෝක නො කරමින් ශෝක නො කරවමින් දැහැමෙන් රජය කෙරේවා. සුගත තෙමේ රජය කෙරේවා යි.

[භගවා:]

[භගවත්හු:]

කිම‍්පන ත්‍වං පාපිම, පස‍්සසි, යං මං ත්‍වං එවං වදෙසි: කාරෙතු භන‍්තෙ භගවා රජ‍්ජං, කාරෙතු සුගතො රජ‍්ජං, අහනං අඝාතයං අජිනං අජාපයං අසොචං අසොචාපයං ධම‍්මෙනාති.

පවිට, “වහන්ස, භගවත් තෙමේ නො නස්මින් නො නස්වමින් ධනහානි නො කරමින් නො කරවමින් ශෝක නො කරමින් නො කරවමින් දැහැමින් රජය කෙරේවා, සුගත තෙමේ රජය කෙරේවා”යි යම්හෙයෙකින් තෝ මට මෙසේ කියහි ද, තෝ කුමක් දකිහි ද?

[මාරො:]

[මරු:]

භගවතා ඛො භන‍්තෙ චත‍්තාරො ඉද‍්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධා. ආකඞ‍්ඛමානො ච පන භන‍්තෙ භගවා හිමවන‍්තං පබ‍්බතරාජං සුවණ‍්ණන‍්ත්‍වෙව අධිමුච‍්චෙය්‍ය සුවණ‍්ණපබ‍්බතස‍්සාති.

වහන්ස, භගවත්හු විසින් සතර ඍද්ධිපාදයෝ වඩන ලද්දාහ. බහුල කරණ ලද්දාහ. යානයක් මෙන් කරන ලද්දාහ. වාස්තුවක් මෙන් කරණ ලද්දාහ. නිතර තමා කෙරෙහි පිහිටුවන ලද්දාහ. පුරුදු කරණ ලද්දාහ. භාවනායෙන් සම්පූර්‍ණ කරණ ලද්දාහ. වහන්ස, ඉදින් භගවත් තෙමේ කැමති වන්නේ හිමවත් මහපව්ව රන් ම යයි සිතන්නේ නම් රන්පව්වෙක් වන්නේ ය.

[භගවා:]

[භගවත්හු:]

පබ‍්බතස‍්ස සුවණ‍්ණස‍්ස ජාතරූපස‍්ස කෙවලො, ද‍්විත‍්තාව නාලමෙකස‍්ස ඉති විද‍්වා සමඤ‍්චරෙ.

ස්වර්‍ණසඞ්ඛාත ජාතරූපයෙන් නිමි හුදු පව්වෙක් වේ නම් එමෙන් දෙගුණයක් මහත් පව්වක් වුව ද එක් පුරුෂයකුගේ සිතට නොසෑහේ. මෙසේ දන්නා නුවණැත්තේ සම ව හැසිරෙන්නේ ය.

යො දුක‍්ඛමද‍්දක‍්ඛි යතොනිදානං කාමෙසු සො ජන‍්තු කථං නමෙය්‍ය, උපධිං විදිත්‍වා සඞ‍්ගොති ලොකෙ තස‍්සෙව ජන‍්තු විනයාය සික‍්ඛෙති.

යම් පස්කම් කෙනකුන්ගේ හේතුයෙන් දුක පහළ වේ යයි යමෙක් දුක දිටි නම් ඒ සත්‍ව තෙමේ කෙසේ පස් කම් සුවෙහි නැමෙන්නේ ද (නුවණැති) සත්‍ව තෙමේ ලෝකයෙහි පස්කම්හු ‘සඞ්ගයහ’යි දැන පස්කම් දුරලීම පිණිස ම හික්මෙන්නේ ය.

අථ ඛො මාරො පාපිමා ජානාති මං භගවා, ජානාති මං සුගතොති දුක‍්ඛී දුම‍්මනො තත්‍ථෙවන‍්තරධායීති.

ඉක්බිති පවිටු මාර තෙමේ භගවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පත් වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.

රජවග‍්ගො දුතියො.

රජ්ජ වර්‍ගය දෙවෙනි යි.

තත්‍රුද‍්දානං:

එහි උද්දානය:

පාසාණො සීහො සකලිකා පතිරූපං ච මානසං, පත‍්තං ආයතනං පිණ‍්ඩං කස‍්සකං රජ‍්ජෙන තෙ දසාති.

පාසාණ, සීහ, සකලිකා, පතිරූප, මානස, පත්ත, ආයතන, පිණ්ඩ, කස්සක, රජ්ජ ය යි සූත්‍ර දශයෙකි.