යෙදුමෙන් කියවන්න

කස‍්සකසුත‍්තං

4. 2. 9.

4. 2. 9.

කස‍්සකසුත‍්තං.

කස්සක සූත්‍රය

155. සාවත්‍ථියං–

155. සැවැත්නුවර–

තෙන ඛො පන සමයෙන භගවා භික‍්ඛූ නිබ‍්බාණපටිසංයුත‍්තාය ධම‍්මියා කථාය සංදස‍්සෙති සමාදපෙති සමුත‍්තෙජෙති සම‍්පහංසෙති. තෙ ච භික‍්ඛූ අට‍්ඨි කත්‍වා මනසි කත්‍වා සබ‍්බචෙතසා සමන‍්නාහරිත්‍වා ඔහිතසොතා ධම‍්මං සුණන‍්ති.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිවණ පිළිබඳ දැහැමි කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වන සේක. සමාදන් කරවන සේක. තෙද ගන්වන සේක. සිත හර්‍ෂ ගන්වන සේක. ඒ භික්‍ෂූහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුළු සිතින් එක් කොට ගෙණ යොමු කළ කන් ඇත්තාහු බණ අසත්.

අථ ඛො මාරස‍්ස පාපිමතො එතදහොසි: අයං ඛො සමණො ගොතමො භික‍්ඛූ නිබ‍්බාණපටිසංයුත‍්තාය ධම‍්මියා කථාය -පෙ- සම‍්පහංසෙති. තෙ ච භික‍්ඛු -පෙ- ධම‍්මං සුණන‍්ති. යන‍්නූනාහං යෙන සමණො ගොතමො තෙනුපසඞ‍්කමෙය්‍යං විචක‍්ඛුකම‍්මායාති.

එකල්හි පවිටු මරුහට මේ අදහස වි ය. “මේ මහණ ගොයුම් නිවණ පිළිබඳ දැහැමි කථායෙන් භික්‍ෂූන් … හර්‍ෂ ගන්වයි ඒ භික්‍ෂූහු ද … බණ අසත්. පැණැස වනසන්නට මහණ ගොයුම් වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු යි!

අථ ඛො මාරො පාපිමා කස‍්සකවණ‍්ණං අභිනිම‍්මිනිත්‍වා මහන‍්තං නඞ‍්ගලං ඛන්‍ධෙ කරිත්‍වා දීඝං පාචනයට‍්ඨිං ගහෙත්‍වා හටහටකෙසො සාණසාටිනිවත්‍ථො කද‍්දමමක‍්ඛිතෙහි පාදෙහි යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං එතදවොච: අපි සමණ බලීබද‍්දෙ අද‍්දසාති.

ඉක්බිති පවිටු මාර තෙමේ ගොවිවෙසක් මවා ගෙණ මහ නඟුලක් කර තබාගෙණ දික් කෙවිටිලීයක් ගෙණ හෘතාහෘත කේශ (ඔබමොබ විසිර ගිය කෙහෙ) ඇත්තේ හණ වතක් ඇඳ ගත්තේ මඩ වැකුණු පයින් යුක්තව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. ශ්‍රමණය, ගොනුන් දැක්කෙහි ද?

කිම‍්පන පාපිම තෙ බලිවද‍්දෙහීති?

පවිට, තට ගොණුන්ගෙන් කවර වැඩෙක් ද?

මමෙව සමණ චක‍්ඛු, මම රූපා, මම චක‍්ඛුසම‍්ඵස‍්සවිඤ‍්ඤාණායතනං. කුහිං මෙ සමණ ගන‍්ත්‍වා මොක‍්ඛසි? මමෙව සමණ සොතං, මම සද‍්දා, මම සොතසම‍්ඵස‍්සවිඤ‍්ඤාණායතනං. මමෙව සමණ ඝානං, මම ගන්‍ධා, මම ඝාණසම‍්ඵස‍්සවිඤ‍්ඤාණායතනං. මමෙව සමණ ජිව‍්හා, මම රසා, මම ජිව‍්හාසම‍්ඵස‍්සවිඤ‍්ඤාණායතනං. මමෙව සමණ කායො, මම ඵොට‍්ඨබ‍්බා, මම කායසම‍්ඵස‍්සවිඤ‍්ඤාණායතනං. මමෙව සමණ මනො, මම ධම‍්මා, මම මනොසම‍්ඵස‍්සවිඤ‍්ඤාණායතනං. කුහිං මෙ සමණ ගන‍්ත්‍වා මොක‍්ඛසීති?

ශ්‍රමණය, ඇස මාගේ ම ය. රූප මාගේ ම ය. චක්ඛුසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, කොහි ගොස් මාකෙරෙන් මිදෙන්නෙහි ද? ශ්‍රමණය, කණ මාගේ ම ය. ශබ්දයෝ මාගේ ම ය. සෝතසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, නැහැය මාගේ ම ය, ගන්‍ධයෝ මාගේ ම ය. ඝාණසම්පස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, දිව මාගේ ම ය. රස මාගේ ම ය, ජිව්හාසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, කය මාගේ ම ය, ස්ප්‍රෂ්ටව්‍ය මාගේ ම ය. කායසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, සිත මාගේ ම ය, දහම් මාගේ ම ය, මනෝසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, කොහි ගොස් මාකෙරෙන් මිදෙන්නෙහි ද?

තවෙව පාපිම චක‍්ඛු, තව රූපා, තව චක‍්ඛුසම‍්ඵස‍්සවිඤ‍්ඤාණායතනං. යත්‍ථ ච ඛො පාපිම නත්‍ථි චක‍්ඛු, නත්‍ථි රූපා, නත්‍ථි චක‍්ඛුසම‍්ඵස‍්සවිඤ‍්ඤාණායතනං. අගති තව තත්‍ථ පාපිම.

පවිට; ඇස තාගේ ම ය. රූප තාගේ ම ය. චක්ඛුසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය. එවිට, යම් තැනෙක ඇස නැද් ද, රූප නැද් ද, චක්ඛුසම්ඵස්ස හා විඤ්ඤාණායතනය ද නැද් ද, එවිට එහි තාගේ ගමනෙක් නැත.

තවෙව පාපිම සොතං, තව සද‍්දා, තව සොතසම‍්ඵස‍්සවිඤ‍්ඤාණායතනං. යත්‍ථ ච ඛො පාපිම නත්‍ථි සොතං, නත්‍ථි සද‍්දා, නත්‍ථි සොතසම‍්ඵස‍්සවිඤ‍්ඤාණායතනං. අගති තව තත්‍ථ පාපිම.

කණ තාගේ ම ය, ශබ්ද තාගේ ම ය, සෝතසම්ඵස්ස හා විඤ්ඤාණායතනය තාගේ ම ය. පවිට, යම්තැනෙක කණ නැද් ද, ශබ්ද නැද් ද, සෝතසම්ඵස්ස හා විඤ්ඤාණායතනය ද නැද් ද, එවිට එහි තාගේ ගමනෙක් නැත.

තවෙව පාපිම ඝානං, තව ගන්‍ධා, තව ඝාණසම‍්ඵස‍්සවිඤ‍්ඤාණායතනං. -පෙ- අගති තව තත්‍ථ පාපිම.

පවිට, නැහැය තාගේ ම ය. ගන්‍ධයෝ තාගේ ම ය. ඝානසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය. … පවිට, එහි තාගේ ගමනෙක් නැත.

තවෙව පාපිම ජිව‍්හා, තව රසා, තව ජිව‍්හාසම‍්ඵස‍්සවිඤ‍්ඤාණායතනං -පෙ- අගති තව තත්‍ථ පාපිම.

පවිට, දිව තාගේ ම ය, රස තාගේ ම ය, ජිව්හාසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය. … පවිට, එහි තාගේ ගමනෙක් නැත.

තවෙව පාපිම කායො, තව ඵොට‍්ඨබ‍්බා තව කායසම‍්ඵස‍්සවිඤ‍්ඤාණායතනං -පෙ- අගති තව තත්‍ථ පාපිම.

පවිට, කය තාගේ ම ය. ස්ප්‍රෂ්ටව්‍යය තාගේ ම ය. කායසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය. … එහි තාගේ ගමනෙක් නැත.

තවෙව පාපිම මනො, තව ධම‍්මා, තව මනොසම‍්ඵස‍්සවිඤ‍්ඤාණායතනං. යත්‍ථ ච ඛො පාපිම නත්‍ථි මනො, නත්‍ථි ධම‍්මා, නත්‍ථි මනොසම‍්ඵස‍්සවිඤ‍්ඤාණායතනං. අගති තව තත්‍ථ පාපිමාති.

පවිට, සිත තාගේ ම ය. දහම් තාගේ ම ය. මනෝසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය. පවිට, යම් තැනක සිත නැද් ද, දහම් නැද් ද, මනෝසම්ඵස්සය හා විඤ්ඤාණායතනයත් නැද් ද, එවිට එහි තාගේ ගමනෙක් නැත.

[මාරො:]

[මරු:]

යං වදන‍්ති මම ඉදන‍්ති යෙ වදන‍්ති මමන‍්ති ච, එත්‍ථ චෙ තෙ මනො අත්‍ථි න මෙ සමණ මොක‍්ඛසීති.

මේ මාගේ ය යි යමක් කියද් ද, යම් කෙනෙක් මා ගැත්තේ ය යි කියද්ද, ඉදින් එහි ලා මුබගේ සිතෙක් ඇත් නම් ශ්‍රමණය, මා කෙරෙන් නොමිදෙන්නෙහි ය.

[භගවා:]

[භගවත්හු:]

යං වදන‍්ති න තං මය‍්හං යෙ වදන‍්ති න තෙ අහං, එවං පාපිම ජානාහි න මෙ මග‍්ගම‍්පි දක‍්ඛසීති.

(මාගේ ය යි) යමක් කියද් ද, එය මගේ නොවෙයි. යම් කෙනෙක් මා ගැත්තේ ය යි කියද් ද, මම ‘ඔහු’ ද නොවෙමි. පවිට, මෙසේ දනුව. මා ගිය මඟත් නොදන්නෙහි ය.

අථ ඛො මාරො පාපිමා -පෙ- තත්‍ථෙවන‍්තරධායීති.

ඉක්බිති පවිටු මරු තෙමේ … එහි ම අතුරුදන් විය.