පිණ්ඩසුත්තං
4. 2. 8.
4. 2. 8.
පිණ්ඩසුත්තං.
පිණ්ඩ සූත්‍රය
154. එකං සමයං භගවා මගධෙසු විහරති පඤ්චසාලායං බ්රාහ්මණගාමෙ. තෙන ඛො පන සමයෙන පඤ්චසාලායං බ්රාහ්මණගාමෙ කුමාරකානං පාහුණකානි භවන්ති. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය පඤ්චසාලං බ්රාහ්මණගාමං පිණ්ඩාය පාවිසි. තෙන ඛො පන සමයෙන පඤ්චසාලෙය්යකා බ්රාහ්මණගහපතිකා මාරෙන පාපිමතා අන්වාවිට්ඨා භවන්ති මා සමණො ගොතමො පිණ්ඩමලත්ථාති.
154. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මගද දනව්වෙහි පඤ්චශාලා නම් බමුණුගම්හි වැඩවසන සේක. එකල්හි පඤ්චශාලා බමුණුගමෙහි කුමරුන්ගේ (ඔවුනොවුන් යවන) තුටුපඬුරු කෙනෙක් වෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ පඤ්චශාලා නම් බමුණුගමට පිඬු පිණිස පිවිසි සේක. එකල්හි පඤ්චශාලා වැසි බමුණු ගැහැවියෝ පවිටු මරු විසින් “මහණගොයුම් තෙමේ පිඬු නොලබාවා!” යි අවිෂ්ට වෙත්.
අථ ඛො භගවා යථාධොතෙන පත්තෙන පඤ්චසාලං බ්රාහ්මණගාමං පිණ්ඩාය පාවිසි. තථාධොතෙන පත්තෙන පටික්කමි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ යථාධෞත පාත්‍රයෙන් (සිස්පයින්) යුක්ත ව පඤ්චශාලා බමුණුගමට පිඬු පිණිස පිවිසි සේක් ද, තථාධෞත පාත්‍රයෙන් (සිස්පයින්) යුක්ත ව පෙරළා වැඩි සේක.
අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: අපි සමණ පිණ්ඩමලත්ථාති?
ඉක්බිති පවිටු මාරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය: ශ්‍රමණය, පිඬු ලැබුවෙහි ද?
තථා නු ත්වං පාපිම අකාසි, යථා’හං පිණ්ඩං න ලභෙය්යන්ති.
පවිට, මම යම්සේ පිඬු නො ලබන්නෙමි නම් තෝ එසේ කෙළෙහි නො?
තෙන හි භන්තෙ භගවා දුතියම්පි පඤ්චසාලං බ්රාහ්මණගාමං පවිසතු. තථා’හං කරිස්සාමි, යථා භගවා පිණ්ඩං ලච්ඡතීති.
වහන්ස, එසේ නම් භගවත් තෙමේ දෙවනවට දූ පඤ්චශාලා බමුණුගමට පිවිසේවා. භගවත් තෙමේ යම්සේ පිඬු ලබන්නේ නම් මම එසේ කරන්නෙමි.
[භගවා:]
[භගවත්හු:]
අපුඤ්ඤං පසවී මාරො ආසජ්ජ නං තථාගතං, කින්නු මඤ්ඤසි පාපිම න මෙ පාපං විපච්චති?
මාර තෙමේ ඒ තථාගතයන් ගටා පව් රැස් කළේ ය. පවිට, “මාගේ පව් නොපැසෙති”යි කිම සිතයි ද?
සුසුඛං වත ජීවාම යෙසං නො නත්ථි කිඤ්චනං, පීතිභක්ඛා භවිස්සාම දෙවා ආභස්සරා යථාති.
යම්බඳු වූ අපට (රාගාදි) ක්ලේශජාතයෙක් නැද්ද (එසේ වූ අපි) ඒකාන්තයෙන් ඉතා සැපසේ ජීවත් වම්හ. ආභස්සර බඹලොව වැසි දෙවියන් මෙන් ප්‍රීතිය ම ආහාර කොට ඇත්තමෝ වම්හ.
අථ ඛො මාරො පාපිමා -පෙ- තත්ථෙවන්තරධායීති.
එකල්හි පවිටු මාර තෙමේ … එහි ම අතුරුදහන් වි ය.