යෙදුමෙන් කියවන්න

ආයතනසුත‍්තං

4. 2. 7.

4. 2. 7.

ආයතනසුත‍්තං.

ආයතන සූත්‍රය

153. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන භගවා ඡන‍්නං ඵස‍්සායතනානං උපාදාය භික‍්ඛූ ධම‍්මියා කථාය සන්‍දස‍්සෙති සමාදපෙති සමුත‍්තෙජෙති සම‍්පහංසෙති. තෙ ච භික‍්ඛූ අට‍්ඨි කත්‍වා මනසි කත්‍වා සබ‍්බචෙතසා සමන‍්නාහරිත්‍වා ඔහිතසොතා ධම‍්මං සුණන‍්ති.

153. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ෂට්සප්ර්‍ශායතනයන් පිළිබඳ දැහැමි කතාවෙන් භික්‍ෂූන්ට කරුණු දක්වන සේක. සමාදන් කරවන සේක. තෙද ගන්වන සේක. හිත හර්‍ෂ ගන්වන සේක. ඒ මහණහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුළු සිතින් එක් කොට ගෙණ යොමු කළ කන් ඇත්තාහු බණ අසත්.

අථ ඛො මාරස‍්ස පාපිමතො එතදහොසි: අයං ඛො සමණො ගොතමො ඡන‍්නං ඵස‍්සායතනානං උපාදාය භික‍්ඛූ ධම‍්මියා කථාය සන්‍දස‍්සෙති සමාදපෙති සමුත‍්තෙජෙති සප‍්පහංසෙති. තෙ ච භික‍්ඛූ අට‍්ඨි කත්‍වා මනසි කත්‍වා සබ‍්බචෙතසා සමන‍්නාහරිත්‍වා ඔහිතසොතා ධම‍්මං සුණන‍්ති. යන‍්නූනාහං යෙන සමණො ගොතමො තෙනුපසඞ‍්කමෙය්‍යං විචක‍්ඛුකම‍්මායාති.

එකල පවිටු මරුහට මේ අදහස විය: “මේ මහණගොයුම් ෂට් ස්පර්‍ශායතනයන් පිළිබඳ දැහැමි කතාවෙන් භික්‍ෂූන්ට කරුණු දක්වයි. සමාදන් කරවයි. උත්සාහවත් කරයි. හර්‍ෂ ගන්වයි. ඒ මහණහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුළු සිතින් එක් කොට ගෙණ යොමු කළ කන් ඇත්තාහු බණ අසත්. පැණැස වනසන්නට මහණගොයුම්හු වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු යි”

අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතො අවිදූරෙ මහන‍්තං භයභෙරවසද‍්දං අකාසි. අපිස‍්සුදං පඨවී මඤ‍්ඤෙ උද්‍රීයති.

ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මහත් බියජනක හඬක් කළේ ය. පොළොව පෙරළන්නක් සෙයිනි.

අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු අඤ‍්ඤතරං භික‍්ඛුං එතදවොච: භික‍්ඛු භික‍්ඛු එසා පඨවී මඤ‍්ඤෙ උද්‍රීයතීති.

ඉක්බිති එක්තරා මහණෙක් එක්තරා මහණෙකුට “මහණ. මහණ, මේ පොළොව (‘පටත් පටත්’ යන අනුකරණ දෙමින්) පෙරෙළෙන්නාක් මෙනැයි මෙය කී ය.

එවං වුත‍්තෙ භගවා තං භික‍්ඛුං එතදවොච: නෙසා භික‍්ඛු පඨවී උද්‍රීයති. මාරො එසො පාපිමා තුම‍්හාකං විචක‍්ඛුකම‍්මාය ආගතොති. අථ ඛො භගවා මාරො අයං පාපිමා ඉති විදිත්‍වා මාරං පාපිමන‍්තං ගාථාහි අජ‍්ඣභාසි:

මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහට “මහණ, මේ පොළොව පෙරෙළෙන්නේ නොවේ. මේ පවිටු මරු ය. තොපගේ පැණැස වනසන්නට ආයේ යයි මෙය වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මරු ය යි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් වදාළ සේක:

රූපා සද‍්දා රසා ගන්‍ධා ඵස‍්සා ධම‍්මා ච කෙවලා, එතං ලොකාමිසං ඝොරං එත්‍ථ ලොකො’ධිමුච‍්ඡිතො.

සියලු රූපයෝ ද ශබ්දයෝ ද රසයෝ ද ගන්‍ධයෝ ද ස්පර්‍ශයෝ ද ධර්‍මයෝ ද යන මෙය දරුණු ලෝකාමිෂය වේ. ලෝ වැස්සා මෙහි දැඩි ලෙස ඇලුනේ ය.

එතඤ‍්ච සමතික‍්කම‍්ම සතො බුද‍්ධස‍්ස සාවකො, මාරධෙය්‍යමතික‍්කම‍්ම ආදිච‍්චොව විරොචතීති.

බුදුරජානන් වහන්සේගේ සිහි ඇති ශ්‍රාවක තෙමේ මේ ෂඩායතන ද ඉක්මවා මරුට ස්ථාන වූ භවත්‍රය ද පසු කොට හිරු මෙන් බබලයි.

අථ ඛො මාරො පාපිමා -පෙ- තත්‍ථෙවන‍්තරධායීති.

ඉක්බිති පවිටු මරු තෙමේ … එහි ම අතුරුදහන් වි ය.