2. රජ්ජවග්ගො අට්ඨකථා
2. රජ්ජ වර්ගය
1. පාසාණසුත්තවණ්ණනා
1. පාසාණ සූත්‍ර වර්ණනාව
දුතියවග්ගස්ස පඨමෙ නිසින්නොති පුබ්බෙ වුත්තනයෙනෙව පධානං පරිග්ගණ්හන්තො නිසින්නො. මාරොපිස්ස සුඛනිසින්නභාවං ඤත්වා ඝට්ටයිස්සාමීති උපසඞ්කමන්තො. පදාලෙසීති පබ්බතපිට්ඨෙ ඨත්වා පවිජ්ඣි. පාසාණා නිරන්තරා අඤ්ඤමඤ්ඤං අභිහනන්තා පතන්ති. කෙවලන්ති සකලං. සබ්බන්ති තස්සෙව වෙවචනං.
දෙවන වර්ගයේ පළමු වැන්නේ - නිසින්නො පෙර කී පරිදි ම දැහැන් ගනිමින් වැඩ සිටින්නාහු; මාරයා ද උන්වහන්සේ සැපසේ සිටින බව දැන ඔහු ගටන්නෙමි යි අසලට පැමිණියේ වෙයි. පදාළෙසි පර්වත මුදුනෙහි සිට (ගල්) විද්දේ ය. ගල් නිරතුරු ව එකිනෙක තළමින් වැටෙයි. කෙවලං සියලු සබ්බං ඊට ම සමාන වචනයකි.
පඨමං.
පළමු සූත්‍රය යි.
2. සීහසුත්තවණ්ණනා
2. සීහ සූත්‍ර වර්ණනාව
දුතියෙ විචක්ඛුකම්මායාති පරිසාය පඤ්ඤාචක්ඛුං විනාසෙතුකම්යතාය. බුද්ධානං පනෙස පඤ්ඤාචක්ඛුං විනාසෙතුං න සක්කොති, පරිසාය භෙරවාරම්මණං සාවෙන්තො වා දස්සෙන්තො වා සක්කොති. විජිතාවී නු මඤ්ඤසීති කිං නු ත්වං “විජිතවිජයො අහ”න්ති මඤ්ඤසි? මා එවං මඤ්ඤි, නත්ථි තෙ ජයො. පරිසාසූති, අට්ඨසු පරිසාසු. බලප්පත්තාති දසබලප්පත්තා.
දෙවැන්නේ - විචක්ඛුකම්මාය පිරිසේ ප්‍රඥා චක්ෂුසය විනාශ කරනු කැමැත්තෙන්; බුදුවරුන්ගේ ප්‍රඥා චක්ෂුසය විනාශ කිරීමට නො හැක්කේ ය. පිරිසේ (චක්ෂුසය) පෘථග්ජනයන්ට බිය ජනක අරමුණු ඇස්සවීමෙන් හෝ දැක්වීමෙන් හෝ (විනාශ කිරීමට) හැකි වේ. විජිතාවී නු මඤ්ඤසි “මම විජය ලත් (ජය ලැබූ) අයෙක්මි” යි ඔබ සිතන්නෙහි ද? එසේ නො සිතව, ඔබට ජයක් නැත. පරිසාසු අට පිරිස අතර බලප්පත්තා දශබල බවට පත් වූ (බුදු වෙමි).
දුතියං.
දෙවැනි සූත්‍රය යි.
3. සකලිකසුත්තවණ්ණනා
3. සකලික සූත්‍ර වර්ණනාව
තතියෙ මන්දියා නූති මන්දභාවෙන මොමූහභාවෙන. උදාහු කාවෙය්යමත්තොති උදාහු යථා කවි කබ්බං චින්තෙන්තො තෙන කබ්බකරණෙන මත්තො සයති, එවං සයසි. සම්පචුරාති බහවො. කිමිදං සොප්පසෙ වාති කස්මා ඉදං සොප්පං සොප්පසියෙව? අත්ථං සමෙච්චාති අත්ථං සමාගන්ත්වා පාපුණිත්වා. මය්හං හි අසඞ්ගහො නාම සඞ්ගහවිපන්නො වා අත්ථො නත්ථි. සල්ලන්ති තිඛිණං සත්තිසල්ලං. ජග්ගං න සඞ්කෙති යථා එකච්චො සීහපථාදීසු ජග්ගන්තො සඞ්කති, තථා අහං ජග්ගන්තොපි න සඞ්කාමි. නපි භෙමි සොත්තුන්ති යථා එකච්චො සීහපථාදීසුයෙව සුපිතුං භායති, එවං අහං සුපිතුම්පි න භායාමි. නානුතපන්ති මාමන්ති යථා ආචරියස්ස වා අන්තෙවාසිකස්ස වා අඵාසුකෙ ජාතෙ උද්දෙසපරිපුච්ඡාය ඨිතත්තා අන්තෙවාසිං රත්තින්දිවා අතික්කමන්තා අනුතපන්ති, එවං මං නානුතපන්ති. න හි මය්හං කිඤ්චි අපරිනිට්ඨිතකම්මං නාම අත්ථි. තෙනෙවාහ හානිං න පස්සාමි කුහිඤ්චි ලොකෙති.
තුන්වැන්නේ - මන්දියා නු මන්දාතිමන්ද (බෙහෙවින් ම මඳ) බවින්, මුළා වූ බවනි; උදාහු කාවෙය්යමත්තො නැතහොත් යම් සේ කවියෙක් කාව්‍යයක් සිතන්නේ ඒ කාව්‍යකරණයෙන් මත් ව නිදයි ද, එසේ නිදන්නෙහි ද? සම්පචුරා බොහෝ, කිමිදං සොප්පසෙව කුමක් හෙයින් නිඳීමක් නිදන්නෙහි ද? අත්ථං සමෙච්ච පරමාර්ථයට මැනවින් පැමිණ, සම්ප්‍රාප්ත ව; මට අසංගහ (එක්රැස් නො කිරීම්) නම් වූ හෝ එක්රැස් කර විනාශ වූ හෝ අර්ථයක් නැත සල්ලං තියුණු ආයුධ උලක් (උල් ආයුධයක්) ජග්ගං න සඞ්කෙ යම් සේ සමහරු සිංහයන් යන පාර ආදියෙහි නිදිවරන්නෝ වුව ද සැක කරත් ද එසේ මම නිදිවරන්නේ වුව ද සැක නො කරමි. න පි භෙමි සොත්තුං යම් සේ සමහරු සිංහයන් යන පාරවල නිදා ගැනීමට බිය වෙත් ද, එසේ මම නිදා ගැනීමට ද බිය නො වෙමි. නානුතපන්ති මා මං ආචාර්යවරයාට හෝ අන්තේවාසිකයාට අපහසුතාවක් හටගත් විට උද්දේස කිරීමට විමසීමට සිටි බැවින් රාත්‍රි හෝ දිවා කාල හෝ ගෙවී යන්නේ අන්තේවාසිකයා තවයි (එහෙත්) එසේ මා නො තවයි. මා හට අවසන් නො කළ කිසියම් කාර්යයක් නැත. එහෙයින් ම කී ය: හානිං න පස්සාමි කුහිඤ්චි ලොකෙ (ලොවෙහි කිසි තැනක පිරිහීමක් නො දක්නෙමි) යි.
තතියං.
තෙවැනි සූත්‍රය යි.
4. පතිරූපසුත්තවණ්ණනා
4. පතිරූප සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ අනුරොධවිරොධෙසූති රාගපටිඝෙසු. මා සජ්ජිත්ථො තදාචරන්ති එවං ධම්මකථං ආචරන්තො මා ලග්ගි. ධම්මකථං කථෙන්තස්ස හි එකච්චෙ සාධුකාරං දදන්ති, තෙසු රාගො උප්පජ්ජති. එකච්චෙ අසක්කච්චං සුණන්ති, තෙසු පටිඝො උප්පජ්ජති. ඉති ධම්මකථිකො අනුරොධවිරොධෙසු සජ්ජති නාම. ත්වං එවං මා සජ්ජිත්ථොති වදති. යදඤ්ඤමනුසාසතීති යං අඤ්ඤං අනුසාසති, තං. සම්බුද්ධො හිතානුකම්පී හිතෙන අනුපකම්පති. යස්මා ච හිතානුකම්පී, තස්මා අනුරොධවිරොධෙහි විප්පමුත්තො තථාගතොති.
සිව් වැන්නේ - අනුරොධවිරොධෙසු රාග ද්වේෂයන්හි, මාසජ්ජිත්ථො තදාචරං මෙසේ ධර්මකථාහි හැසිරෙමින් නො ලගින්න, ධර්ම කථා පවත්වන්නහුට සමහරු සාධුකාර දෙත්. ඒ කෙරෙහි රාගය උපදී. සමහරු නො සකස් ව ඇහුම්කන් දෙති. ඒ කෙරෙහි ද්වේෂය උපදී. මෙසේ ධර්මකථිකයා රාග ද්වේෂවල යෙදේ නම් ඔබ එසේ නො යෙදෙන්න යි පවසයි. යදඤ්ඤමනුසාසති ‘යං අඤ්ඤං අනුසාසති’ (යම් වෙනත් කෙනෙකුට අනුශාසනා කරයි ද) ඔහුට සම්බුද්ධො හිතානුකම්පී යහපත පාමින් අනුකම්පා කරයි. යම් හෙයකින් හිතානුකම්පී වේ ද, එහෙයින් අනුරොධවිරොධෙහි විප්පමුත්තො තථාගතො (තථාගත තෙමේ රාග ප්‍රතිඝ දෙකින් විශේෂයෙන් මිදුනේ ම ය.)
චතුත්ථං.
සිවු වැනි සූත්‍රය යි.
5. මානසසුත්තවණ්ණනා
5. මානස සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ ආකාසෙ චරන්තෙපි බන්ධතීති අන්තලික්ඛචරො. පාසොති රාගපාසො. මානසොති මනසම්පයුත්තො.
පස් වැන්නේ - අහසෙහි සැරිසරන විට වුව ද බැඳෙතියි අන්තලික්ඛ චරො පාසො රාග බැම්ම (තොණ්ඩුව), මානසො මන සම්ප්‍රයුක්ත (සිත්හි හටගත්).
පඤ්චමං.
පස් වැනි සූත්‍රය යි.
6. පත්තසුත්තවණ්ණනා
6. පතති සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ පඤ්චන්නං උපාදානක්ඛන්ධානං උපාදායාති පඤ්ච උපාදානක්ඛන්ධෙ ආදියිත්වා, සභාවසාමඤ්ඤලක්ඛණවසෙන නානප්පකාරතො විභජිත්වා දස්සෙන්තො. සන්දස්සෙතීති ඛන්ධානං සභාවලක්ඛණාදීනි දස්සෙති. සමාදපෙතීති ගණ්හාපෙති. සමුත්තෙජෙතීති සමාදානම්හි උස්සාහං ජනෙති. සම්පහංසෙතීති පටිවිද්ධගුණෙන වොදාපෙති ජොතාපෙති. අට්ඨිං කත්වාති අත්ථිකං කත්වා, “අයං නො අධිගන්තබ්බො අත්ථො”ති එවං සල්ලක්ඛෙත්වා තාය දෙසනාය අත්ථිකා හුත්වා. මනසි කත්වාති චිත්තෙ ඨපෙත්වා. සබ්බචෙතසො සමන්නාහරිත්වාති සබ්බෙන තෙන කම්මකාරකචිත්තෙන සමන්නාහරිත්වා. ඔහිතසොතාති ඨපිතාසොතා. අබ්භොකාසෙ නික්ඛිත්තාති ඔතාපනත්ථාය ඨපිතා.
සය වැන්නේ - පඤ්චන්නං උපාදානක්ඛන්ධානං උපාදාය පංච උපාදානස්කන්ධ ගෙන; ස්වභාව, සාමාන්‍ය ලක්ෂණ වශයෙන් නානා ප්‍රකාර ලෙස බෙදා දක්වන්නේ, සන්දස්සෙති ස්කන්ධයන්ගේ ස්වභාව ලක්ෂණ ආදිය දක්වයි. සමාදපෙති ග්‍රහණය කරවයි. සමුත්තෙජෙති සමාදානයෙහි (ගැනීමෙහි) උත්සාහය ඇති කරවයි. සම්පහංසෙති ප්‍රතිවේධ ගුණයෙන් පිරිසිදු කරවයි. බබළවයි. අට්ඨිකත්වා අර්ථවත් (වැඩ ඇත්තක්) කොට, මේ නම් පැමිණිය යුතු (ප්‍රතිවේධ කළ යුතු) අර්ථයකැයි මෙසේ සලකා ඒ දේශනාව ප්‍රයෝජනවත් යයි සිතා මනසිකත්වා සිතේ තබා සබ්බචෙතසො සමන්නාහරිත්වා ඒ සියලු ක්‍රියා කාරක සිතින් එකට ගෙන ඔහිතසොතා තැබූ (යොමු කළ) කන් ඇති ව (කන් යොමා); අජ්ඣොකාසෙ නික්ඛිත්තා වේලීම පිණිස තැබූ;
රූපං වෙදයිතං සඤ්ඤාන්ති, එතෙ රූපාදයො තයො ඛන්ධා. යඤ්ච සඞ්ඛතන්ති ඉමිනා සඞ්ඛාරක්ඛන්ධො ගහිතො. එවං තත්ථ විරජ්ජතීති “එසො අහං න හොමි, එතං මය්හං න හොතී”ති පස්සන්තො එවං තෙසු ඛන්ධෙසු විරජ්ජති. ඛෙමත්තන්ති ඛෙමීභූතං අත්තභාවං. ඉමිනා ඵලක්ඛණං දස්සෙති. අන්වෙසන්ති භවයොනිගතිඨිතිසත්තාවාසසඞ්ඛාතෙසු සබ්බට්ඨානෙසු පරියෙසමානා. නාජ්ඣගාති න පස්සීති.
රූපං වෙදයිතං සඤ්ඤං රූප ආදි මේ ස්කන්ධ තුන; යඤ්ච සංඛතං මෙයින් සංස්කාර ස්කන්ධය ගන්නා ලදි. එවං තත්ථ විරජ්ජති මෙසේ ඔහු මම නො වෙමි; මෙය මගේ නො වේ යි දකිමින් මෙසේ ඒ ස්කන්ධ කෙරෙහි නො ඇළෙයි. ඛෙමත්තං ක්ෂේම බවට පත් වූ ආත්මභාවය, මෙයින් ඵල ලක්ෂණ දක්වයි. අන්වෙසං භව, යෝනි, ගති, ඨිති, සත්ත්වාස සංඛ්‍යාත සියලු ස්ථානවල සොයමින් නාජ්ඣගා නො දැක්කේ ය.
ඡට්ඨං.
සය වැනි සූත්‍රය යි.
7. ආයතනසුත්තවණ්ණනා
7. ආයතන සූත්‍ර වර්ණනාව
සත්තමෙ ඵස්සායතනානන්ති සඤ්ජාතිසමොසරණට්ඨෙන ඡද්වාරිකස්ස ඵස්සස්ස ආයතනානං. භයභෙරවං සද්දන්ති මෙඝදුන්දුභිඅසනිපාතසද්දසදිසං භයජනකං සද්දං. පථවී මඤ්ඤෙ උන්ද්රීයතීති අයං මහාපථවී පටපටසද්දං කුරුමානා විය අහොසි. එත්ථ ලොකො විමුච්ඡිතොති එතෙසු ඡසු ආරම්මණෙසු ලොකො අධිමුච්ඡිතො. මාරධෙය්යන්ති මාරස්ස ඨානභූතං තෙභූමකවට්ටං.
සත් වැන්නේ - ඵස්සායතනානිං සඤ්ජාති - සමෝසරණ අර්ථයෙන් ඡද්වාරික වූ (දොරටු සයකට අදාළ) ස්පර්ශයන්ගේ ආයතනවල (ආයතන හයේ) භයභෙරවසද්දං මේඝ ගර්ජනා - විදුලිය කෙටීම් ශබ්ද හා සමාන බිය ගෙන දෙන ශබ්ද, පඨවීමඤ්ඤෙ උද්රීයති මේ මහා පෘථිවිය පට පට ශබ්දය නගන්නාක් මෙන් විය. එත්ථ ලොකොධිමුච්ඡිතො මේ ආරම්මණ හයෙහි ලෝකය (මිනිස්සු) බෙහෙවින් මූර්ඡා වූයේ, මාරධෙය්යං මාරයා සිටින තැන, ත්‍රෛභූමක සංසාර පැවැත්ම.
සත්තමං.
සත් වැනි සූත්‍රය යි.
8. පිණ්ඩසුත්තවණ්ණනා
8. පිණ්ඩ සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ පාහුනකානි භවන්තීති තථාරූපෙ නක්ඛත්තෙ තත්ථ තත්ථ පෙසෙතබ්බානි පාහුනකානි භවන්ති, ආගන්තුකපණ්ණාකාරදානානි වා. සයංචරණදිවසෙ සමවයජාතිගොත්තා කුමාරකා තතො තතො සන්නිපතන්ති. කුමාරිකායොපි අත්තනො අත්තනො විභවානුරූපෙන අලඞ්කතා තහං තහං විචරන්ති. තත්ර කුමාරිකායොපි යථාරුචිකානං කුමාරකානං පණ්ණාකාරං පෙසෙන්ති, කුමාරකාපි කුමාරිකානං අඤ්ඤස්මිං අසති අන්තමසො මාලාගුළෙනපි පරික්ඛිපන්ති. අන්වාවිට්ඨාති අනු ආවිට්ඨා. තංදිවසං කිර පඤ්චසතා කුමාරිකායො උය්යානකීළං ගච්ඡන්තියො පටිපථෙ සත්ථාරං දිස්වා ඡණපූවං දදෙය්යුං. සත්ථා තාසං දානානුමොදනත්ථං පකිණ්ණකධම්මදෙසනං දෙසෙය්ය, දෙසනාපරියොසානෙ සබ්බාපි සොතාපත්තිඵලෙ පතිට්ඨහෙය්යුං. මාරො තාසං සම්පත්තියා අන්තරායං කරිස්සාමීති අන්වාවිසි. පාළියං පන මා සමණො ගොතමො පිණ්ඩමලත්ථාති එත්තකංයෙව වුත්තන්ති.
අට වැන්නේ - පාහුණකානි භවන්ති ඒ ආකාරයේ නැකැත් දිනක ඒ ඒ තැනට යැවිය යුතු තුටු පඬුරු වේ. ආගන්තුක තටුපඬුරු යැවීම හෝ (වේ); මේ උත්සව දිනකැයි තමන් ම දැන සම වයස, ජාති, ගෝත්‍ර ඇති කුමාරවරු ඒ ඒ තැනින් එක්රැස් වෙති. කුමාරිකාවෝ ද තම තමන්ගේ වත්කම් අනුව අලංකාර වී ඒ ඒ තැන සැරිසරති. එහි කුමාරිකාවෝ ද කැමති පරිදි කුමාරවරුනට තුටු පඬුරු යවති. කුමාරවරුද කුමාරිකාවනට (යවති); වෙනත් කිසිවක් නොමැති කල යටත් පිරිසෙයින් මල් පොකුරක් හෝ දමත්. අන්වාවිට්ඨා ඇතුළු වුනාහු (ආවේශ වූවාහු), ඒ දිනයේ කුමාරිකාවෝ පන්සියයක් උයන් කෙළියට යන්නෝ අතර මග බුදුන් වහන්සේ දැක උත්සව කැවිලි දෙන්නාහ. උන්වහන්සේ ඔවුනට දානානුමෝදනා වශයෙන් ප්රකීර්ණක ධර්ම දේශනාවක් දෙසන්නාහ, දේශනාව අවසානයේ සියලු ම දෙනා සෝවාන් ඵලයෙහි පිහිටන්නාහ. මාරයා ඔවුන්ගේ සම්පත්තියට අනතුරක් කරන්නෙමැයි ඇතුළු විය. පාළියෙහි මා සමණො ගොතමො පිණ්ඩමලත්ථ (ශ්‍රමණ ගෞතමයෝ පිඬු නො ලබත්වා) යි මෙපමණක් ම කියන ලදි.
කිං පන සත්ථා මාරාවට්ටනං අජානිත්වා පවිට්ඨොති? ආම අජානිත්වා. කස්මා? අනාවජ්ජනතාය. බුද්ධානඤ්හි – “අසුකට්ඨානෙ භත්තං ලභිස්සාම, න ලභිස්සාමා”ති ආවජ්ජනං න අනනුච්ඡවිකං. පවිට්ඨො පන මනුස්සානං උපචාරභෙදං දිස්වා, “කිං ඉද”න්ති? ආවජ්ජෙන්තො ඤත්වා, “ආමිසත්ථං මාරාවට්ටනං භින්දිතුං අනනුච්ඡවික”න්ති අභින්දිත්වාව නික්ඛන්තො.
කිම බුදුන් වහන්සේ මාරයාගේ පෙළඹවීම නො දැන ම (පිඬු පිණිස) ප්‍රවේශ වූවෝ ද? එසේ ය. නො දැන ම ය, මක් නිසා ද? ආවර්ජනය නො කිරීම නිසා ය. බුදුන් වහන්සේලා අසුවල් තැන බත් (දන්) ලබන්නමෝ ය නො ලබන්නමෝ යයි ආවර්ජනය කිරීම නුසුදුසු ය. ප්‍රවිෂ්ට ව, මිනිසුන්ගේ සිරිත් බිඳීම දැක, මේ කිමදැයි ආවර්ජනය කරන සේක්. දැන, ආමිෂය හේතුවෙන් මාරයාගේ පෙළඹවීම විඳීම ද නුසුදුසු යයි එය නො බිඳ ම පිටත් ව ගියහ.
උපසඞ්කමීති අමිත්තවිජයෙන විය තුට්ඨො සකලගාමෙ කටච්ඡුමත්තම්පි භත්තං අලභිත්වා ගාමතො නික්ඛමන්තං භගවන්තං ගාමියමනුස්සවෙසෙන උපසඞ්කමි. තථාහං කරිස්සාමීති ඉදං සො මුසා භාසති. එවං කිරස්ස අහොසි – “මයා එවං වුත්තෙ පුන පවිසිස්සති, අථ නං ගාමදාරකා ‘සකලගාමෙ චරිත්වා කටච්ඡුභික්ඛම්පි අලභිත්වා ගාමතො නික්ඛම්ම පුන පවිට්ඨොසී’තිආදීනි වත්වා උප්පණ්ඩෙස්සන්තී”ති. භගවා පන – “සචායං මං එවං විහෙඨෙස්සති මුද්ධමස්සෙව සත්තධා ඵලිස්සතී”ති තස්මිං අනුකම්පාය අපවිසිත්වා ගාථාද්වයමාහ.
උපසඞ්කමි අමිත්‍ර විජයෙන් (සතුරා ජය ගැනීමෙන්) මෙන් සතුටු වූයේ මුළු ගමෙන් හැන්දක් පමණ වත් බත් නො ලබා ගමෙන් පිටවන භාග්‍යවතුන් වහන්සේ වෙත ගමේ මිනිසකුගේ වේශයෙන් පැමිණියේ ය. තථාහං කරිස්සාමි ඔහු මේ බොරුව කියයි. ඔහුට මෙසේ සිතිනි. මා විසින් මෙසේ කියන ලද කල්හි යළි (ගමට) ඇතුළු වන්නේ ය. එවිට එහුට ගමේ දරුවෝ මුළු ගමේ ම ඇවිද හැන්දක අහරක් වත් නො ලබා ගමෙන් පිට ව ගොස් නැවත පැමිණියෙහි’යි ආදිය කියා බැණ වදින්නෝ ය’ යි. භාග්‍යවතුන් වහන්සේ ඉදින් මොහු මා මෙලෙස වෙහෙස කරවන්නේ මොහුගේ හිස සත් කඩකට පැළෙන්නේ යයි ඔහුට අනුකම්පාවෙන් නො පිවිස ම ගාථා දෙක පැවසූ සේක.
තත්ථ පසවීති ජනෙසි නිප්ඵාදෙසි. ආසජ්ජාති ආසාදෙත්වා ඝට්ටෙත්වා. න මෙ පාපං විපච්චතීති මම පාපං න පච්චති. නිප්ඵලං එතන්ති කිං නු ත්වං එවං මඤ්ඤසි? මා එවං මඤ්ඤි, අත්ථි තයා කතස්ස පාපස්ස ඵලන්ති දීපෙති. කිඤ්චනන්ති මද්දිතුං සමත්ථං රාගකිඤ්චනාදි කිලෙසජාතං. ආභස්සරා යථාති යථා ආභස්සරා දෙවා සප්පීතිකජ්ඣානෙන යාපෙන්තා පීතිභක්ඛා නාම හොන්ති, එවං භවිස්සාමාති.
එහි පස්වී ඇති කළෙහි ය. ජනිත කළෙහි ය. ආසජ්ජ හිරිහැර කොට, ගටා; න මෙ පාපං විපච්චති මගේ පව් නො පැසවයි ද, මෙය නිෂ්ඵල ය. කිම ඔබ මෙලෙස සිතන්නෙහි ද? ඔබ විසින් කරන ලද පාපයට ඵලය්ක (විපාකයක්) ඇත යන්න දක්වයි. කිඤ්චනං මර්දනය කිරීමට සමත් රාගාදි කෙලෙස් හටගැනීමක් ආභස්සරා යථා යම් සේ ආභස්සර දෙවියෝ සප්‍රීතික ධ්‍යානයෙන් යැපෙන්නාහු ‘ප්‍රීති භක්ෂක’ (ප්‍රීතිය අනුභව කරන්නාහු) නම් වෙත් ද එසේ වන්නෙමි.
අට්ඨමං.
අට වැනි සූත්‍රය යි.
9. කස්සකසුත්තවණ්ණනා
9. කස්සක සූත්‍ර වර්ණනාව
නවමෙ නිබ්බානපටිසංයුත්තායාති නිබ්බානං අපදිසිත්වා පවත්තාය. හටහටකෙසොති පුරිමකෙසෙ පච්ඡතො, පච්ඡිමකෙසෙ පුරතො වාමපස්සකෙසෙ දක්ඛිණතො, දක්ඛිණපස්සකෙසෙ වාමතො ඵරිත්වා ඵරිත්වා විප්පකිණ්ණකෙසො. මම චක්ඛුසම්ඵස්සවිඤ්ඤාණායතනන්ති චක්ඛුවිඤ්ඤාණෙන සම්පයුත්තො චක්ඛුසම්ඵස්සොපි විඤ්ඤාණායතනම්පි මමෙවාති. එත්ථ ච චක්ඛුසම්ඵස්සෙන විඤ්ඤාණසම්පයුත්තකා ධම්මා ගහිතා, විඤ්ඤාණායතනෙන සබ්බානිපි චක්ඛුද්වාරෙ උප්පන්නානි ආවජ්ජනාදිවිඤ්ඤාණානි. සොතද්වාරාදීසුපි එසෙව නයො. මනොද්වාරෙ පන මනොති සාවජ්ජනකං භවඞ්ගචිත්තං. ධම්මාති ආරම්මණධම්මා. මනොසම්ඵස්සොති සාවජ්ජනෙන භවඞ්ගෙන සම්පයුත්තඵස්සො. විඤ්ඤාණායතනන්ති ජවනචිත්තං තදාරම්මණම්පි වට්ටති.
නව වැන්නේ - නිබ්බාණපටිසංයුත්තාය නිර්වාණය ගෙන හැර පාමින් පවත්වන ලද; හටහටකෙසො ඉදිරිපස කෙස් පසුපසටත් පසුපස කෙස් ඉදිරිපසටත්, වම්පස කෙස් දකුණටත්, දකුණු පස කෙස් වමටත් විහිදුවා විහිදුවා විසුරුණු (අවුල් වුණු) කෙස් ඇත්තේ, මම චක්ඛුසම්ඵස්ස විඤ්ඤාණායතනං චක්ඛුවිඤ්ඤාණයෙන් යුක්ත වූයේ චක්ඛු සම්ඵස්සයත් විඤ්ඤාණායතනයත් මගේ ම ය යි. මෙහි ද චක්ඛු සම්ඵස්සයෙන් විඤ්ඤාණ සම්ප්‍රයුක්ත ධර්ම ගන්නා ලදි. විඤ්ඤාණායතනයෙන් සියලු චක්ඛු ද්වාරයෙහි උපන් ආවර්ජනාදි විඤ්ඤාණ (ගන්නා ලදි). සොතද්වාර ආදියේ ද මේ න්‍යාය ම ය. මනෝ ද්වාරයෙහි මනො ආවර්ජන සහිත භවාංග සිත ය. ධම්මා ආරම්මණ ධර්ම ය. මනොසම්ඵස්සො ආවර්ජනා සහිත භවාංග සම්ප්‍රයුක්ත ඵස්සය විඤ්ඤාණායතනං ජවනචිත්තය යි. තදාරම්මණය ද ගැලපේ.
තවෙව පාපිම, චක්ඛූති යං ලොකෙ තිමිරකාචාදීහි උපද්දුතං අනෙකරොගායතනං උපක්කවිපක්කං අන්තමසො කාණචක්ඛුපි, සබ්බං තං තවෙව භවතු. රූපාදීසුපි එසෙව නයො.
තවෙව පාපිම චක්ඛුං ලොවෙහි යම් තිමිරකාච ආදියෙන් උපද්‍රවයට පත් නොයෙක් රෝගවලට ආයතනයක් වූ, උපක්රමික විපාකාදියෙන් යටත් පිරිසෙයින් කණ ඇසක් පවා වේ ද? ඒ සියල්ල තොපට ම වේවා, රූප ආදිය ගැන ද මේ න්‍යාය ම ය.
යං වදන්තීති යං භණ්ඩකං “මම ඉද”න්ති වදන්ති. යෙ වදන්ති මමන්ති චාති යෙ ච පුග්ගලා “මම”න්ති වදන්ති. එත්ථ චෙ තෙ මනො අත්ථීති එතෙසු ච ඨානෙසු යදි චිත්තං අත්ථි. න මෙ සමණ මොක්ඛසීති සමණ මය්හං විසයතො න මුච්චිස්සසි. යං වදන්තීති යං භණ්ඩකං වදන්ති, න තං මය්හං. යෙ වදන්තීති යෙපි පුග්ගලා එවං වදන්ති, න තෙ අහං. න මෙ මග්ගම්පි දක්ඛසීති භවයොනිගතිආදීසු මය්හං ගතමග්ගම්පි න පස්සසි.
යං වදන්ති යම් භාණ්ඩයක් වේ ද එය මාගේ යයි යම් කෙනෙක් පවසත් ද? යෙ වදන්ති මමන්ති ච යම් කෙනෙක් ‘මගේ’ යි පවසත් ද, එත්ථ චෙ තෙ මනො අත්ථි මේ ස්ථානවල ද ඉදින් සිතක් වේ ද, න මෙ සමණ මොක්ඛසි ශ්‍රමණය, මගේ ආධිපත්‍යයෙන් නො මිදෙන්නෙහි, යං වදන්ති යමක් භාණ්ඩයකැයි කියත් ද එය මගේ නො වේ. යෙ වදන්ති යම් කිසි කෙනෙක් මෙසේ කියත් ද ‘ඔවුන්’ මම නො වෙමි. න මෙ මග්ගම්පි දක්ඛසි භව යෝනි ගති ආදියෙහි මා ගිය මග ද නො දන්නෙහි.
නවමං.
නව වැනි සූත්‍රය යි.
10. රජ්ජසුත්තවණ්ණනා
10. රජ්ජ සූත්‍ර වර්ණනාව
දසමෙ අහනං අඝාතයන්ති අහනන්තෙන අඝාතයන්තෙන. අජිනං අජාපයන්ති පරස්ස ධනජානිං අකරොන්තෙන අකාරාපෙන්තෙන. අසොචං අසොචාපයන්ති අසොචන්තෙන අසොචාපයන්තෙන. ඉති භගවා අධම්මිකරාජූනං රජ්ජෙ විජිතෙ දණ්ඩකරපීළිතෙ මනුස්සෙ දිස්වා කාරුඤ්ඤවසෙන එවං චින්තෙසි. උපසඞ්කමීති “සමණො ගොතමො ‘සක්කා නු ඛො රජ්ජං කාරෙතු’න්ති චින්තෙසි, රජ්ජං කාරෙතුකාමො භවිස්සති, රජ්ජඤ්ච නාමෙතං පමාදට්ඨානං, රජ්ජං කාරෙන්තෙ සක්කා ඔතාරං ලභිතුං, ගච්ඡාමි උස්සාහමස්ස ජනෙස්සාමී”ති චින්තෙත්වා උපසඞ්කමි. ඉද්ධිපාදාති ඉජ්ඣනකකොට්ඨාසා. භාවිතාති වඩ්ඪිතා. බහුලීකතාති පුනප්පුනං කතා. යානීකතාති යුත්තයානං විය කතා. වත්ථුකතාති පතිට්ඨට්ඨෙනවත්ථුකතා. අනුට්ඨිතාති අවිජහිතා නිච්චානුබද්ධා. පරිචිතාති සාතච්චකිරියාය සුපරිචිතා කතා ඉස්සාසස්ස අවිරාධිතවෙධිහත්ථො විය. සුසමාරද්ධාති සුට්ඨු සමාරද්ධා පරිපුණ්ණභාවනා. අධිමුච්චෙය්යාති චින්තෙය්ය.
දස වැන්නේ - අහනං අඝාතයං නො නසමින් නො නසවමින් අජිනං අජාපයං අනුනට ධන හානිය නො කරමින්, නො කරවමින්, අසොචං අසෝචාපයං ශෝක නො කරමින් ශෝක නොකරවමින්; මෙසේ භාග්‍යවතුන් වහන්සේ අධාර්මික රජවරුන්ගේ විජිතයෙහි දඬුවම් කරන්නවුන් විසින් පෙළනු ලබන මිනිසුන් දැක කාරුණික ලෙස මෙසේ සිතූහ. උපසඞ්කමි ශ්‍රමණ ගෞතමයෝ රාජ්‍යය කරවීමට සමත් නොවෙත් දැයි සිතී ය. රාජ්‍යය කරවීමට කැමැති වනු ඇත. රාජ්‍යය යන මෙය ද ප්‍රමාදයට හේතුවකි. රාජ්‍යය කරවන විට ඉඩක් ලැබෙනු ඇත. උත්සාහයක් ඇති කරවන්නෙමි යි සිතා ළඟට පැමිණියේ ය. ඉද්ධිපාදා සමෘද්ධිමත් වන ධ්‍යාන කොටස්, භාවිතා වර්ධනය කරන ලද, බහුලීකතා නැවත නැවත කරන ලද, යානීකතා (භාවිතයට) යොදන ලද යානයක් ලෙස කරන ලද, වත්ථුකතා ප්‍රතිෂ්ඨා අර්ථයෙන් - පදනමක් කොට ගත්, අනුට්ඨිතා අත් නො හරින ලද, නිතර පවත්වන, පරිචිතා සතතයෙන් කිරීම මගින් බෙහෙවින් පුරුදු කරන ලද - දුණුවායාගේ නො වරදින විදීම් සහිත වූ අත් මෙන්, සුසමාරද්ධා මැනවින් ආරම්භ කොට පරිපූර්ණ ව භාවනා කරන ලද අධිමුච්චෙය්ය සිතන්නේ නම්,
පබ්බතස්සාති පබ්බතො භවෙය්ය. ද්විත්තාවාති තිට්ඨතු එකො පබ්බතො, ද්වික්ඛත්තුම්පි තාව මහන්තො සුවණ්ණපබ්බතො එකස්ස නාලං, න පරියත්තොති අත්ථො. ඉති විද්වා සමඤ්චරෙති එවං ජානන්තො සමං චරෙය්ය. යතොනිදානන්ති දුක්ඛං නාම පඤ්චකාමගුණනිදානං, තං යතොනිදානං හොති, එවං යො අදක්ඛි. කථං නමෙය්යාති සො ජන්තු තෙසු දුක්ඛස්ස නිදානභූතෙසු කාමෙසු කෙන කාරණෙන නමෙය්ය. උපධිං විදිත්වාති කාමගුණඋපධිං “සඞ්ගො එසො, ලග්ගනමෙත”න්ති එවං විදිත්වා. තස්සෙව ජන්තු විනයාය සික්ඛෙති තස්සෙව උපධිස්ස විනයාය සික්ඛෙය්ය.
පබ්බතස්ස පර්වතයක් වන්නේ නම්, ද්විත්තාව එක් පර්වතයක් තිබේවා, දෙගුණයක් ම දක්වා මහත් වූ ස්වර්ණ පර්වතයක් (වුව) එක් පුද්ගලයකුට මදි ය. නො සෑහේ යන අරුත යි. ඉති විද්වා සමං චරෙ මෙසේ දනිමින් සම ව හැසිරෙන්නේ ය. යතො නිදානං දුක නම් පඤ්චකාම ගුණ හේතු කොට ගෙන (පහළ) වේ. එය ‘යමක් නිදානය කොට වේ ද’ එසේ යමෙක් දැක්කේ ද? තථං නමෙය්ය ඒ සත්ත්වයා දුකට හේතු භූත වූ කාමයන් කෙරෙහි කුමන කරුණකින් නැමෙයි ද? උපධිං විදිත්වා කාම ගුණ උපධි (කෙළෙස්) එය “සංග” (ඇල්ම) ය. එය ‘ලග්ගන’ (එල්ලීම-ඇලීම)” යයි මෙසේ දැන, තස්සෙව ජන්තු විනයාය සික්ඛෙ ඒ උපධියේ ම දුරලීම පිණිස උගන්නේ ය.
දසමං.
දස වැනි සූත්‍රය යි.
දුතියො වග්ගො.
දෙවන වර්ගය යි.