යෙදුමෙන් කියවන්න

පතිරූපසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

4. 2. 4.

4. 2. 4.

පතිරූපසුත‍්තං.

පතිරූප සූත්‍රය

150. එකං සමයං භගවා කොසලෙසු විහරති එකසාලායං බ්‍රාහ‍්මණගාමෙ. තෙන ඛො පන සමයෙන භගවා මහතියා පරිසාය පරිවුතො ධම‍්මං දෙසෙති.

150. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි ඒකසාල නම් බමුණුගම්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දාහු දහම් දෙසන සේක.

අථ ඛො මාරස‍්ස පාපිමතො එතදහොසි: අයං ඛො සමණො ගොතමො මහතියා පරිසාය පරිවුතො ධම‍්මං දෙසෙති. යන‍්නූනාහං යෙන සමණො ගොතමො තෙනුපසඞ‍්කමෙය්‍යං විචක‍්ඛුකම‍්මායාති. අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං ගාථාය අජ‍්ඣභාසි:

ඉක්බිති පවිටු මරුහට මේ මහණ ගොයුම් තෙමේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසයි. (බණ අසන්නවුන්ගේ) පැණැස වනසන්නට මහණ ගොයුම්හු වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු යි! මේ අදහස වි ය. ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.

නෙතං තව පතිරූපං යදඤ‍්ඤමනුසාසසි, අනුරොධවිරොධෙසු මා සජ‍්ජිත්‍ථො තදාචරන‍්ති.

යම් හෙයකින් මෙරමාහට අනුශාසනා කෙරෙහි ද, එය මුබට සුදුසු නො වේ. එය කෙරෙමින් රාග ප්‍රතිඝ දෙක්හි නො ලැගව.

[භගවා:]

[භගවත්හු:]

හිතානුකම‍්පී සම‍්බුද‍්ධො යදඤ‍්ඤමනුසාසති, අනුරොධවිරොධෙහි විප‍්පමුත‍්තො තථාගතොති.

යම් හෙයකින් සර්‍වඥ තෙමේ හිතානුකම්පා ඇති ව මෙරමාහට අනුශාසනා කෙරේ ද, (ඒ) තථාගත තෙමේ රාග ප්‍රතිඝ දෙකින් විශේෂයෙන් මිදුනේ වේ.

අථ ඛො මාරො පාපිමා -පෙ- තත්‍ථෙවන‍්තරධායීති.

ඉක්බිති පවිටු මාර තෙමේ … එහි ම අතුරුදහන් වි ය.

4. 2. 5.

4. 2. 5.

මානසසුත‍්තං.

මානස සූත්‍රය

151. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ.

151. මා විසින් අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.

අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං ගාථාය අජ‍්ඣභාසි:

එකල්හි පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:

අන‍්තලික‍්ඛචරො පාසො යොයං චරති මානසො, තෙන තං බාධයිස‍්සාමි න මෙ සමණ මොක‍්ඛසීති.

අන්තරික්‍ෂචර වූ (අහස හැසිරෙන්නවුන් පවා බඳනා වූ) සිත්හි හටගත්තා වූ යම් මේ (රාග) පාශයෙක් හැසිරේ ද, එයින් මුබ පෙළන්නෙමි. මහණ, මාගේ විෂයයෙන් නො මිදෙන්නෙහි ය.

[භගවා:]

[භගවත්හු:]

රූපා සද‍්දා රසා ගන්‍ධා ඵොට‍්ඨබ‍්බා ච මනොරමා, එත්‍ථ මෙ විගතො ඡන්‍දො නිහතො ත්‍වමසි අන‍්තකාති.

සිත්කලු වූ රූපයෝ ය, ශබ්දයෝ ය, රසයෝ ය, ගන්‍ධයෝ ය, ස්ප්‍රෂ්ටව්‍යයෝ ය, යන මේ පඤ්චකාමවස්තූන් කෙරෙහි වූ මගේ රාගය පහවූයේ ය. මරුව නො නටුයෙහි.

අථ ඛො මාරො පාපිමා -පෙ- තත්‍ථෙවන‍්තරධායීති.

ඉක්බිති පවිටු මරු … එහි ම අතුරුදහන් වි ය.