යෙදුමෙන් කියවන්න

සකලිකසුත‍්තං

4. 2. 3.

4. 2. 3.

සකලිකසුත‍්තං

සකලික සූත්‍රය

149. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති මද‍්දකුච‍්ඡිස‍්මිං මිගදායෙ. තෙන ඛො පන සමයෙන භගවතො පාදො සකලිකාය ඛතො හොති. භුසා සුදං භගවතො වෙදනා වත‍්තන‍්ති සාරීරිකා දුක‍්ඛා තිබ‍්බා ඛරා කටුකා අසාතා අමනාපා. තා සුදං භගවා සතො සම‍්පජානො අධිවාසෙති අවිහඤ‍්ඤමානො. අථ ඛො භගවා චතුග‍්ගුණං සඞ‍්ඝාටිං පඤ‍්ඤපෙත්‍වා දක‍්ඛිණෙන පස‍්සෙන සීහසෙය්‍යං කප‍්පෙසි පාදෙ පාදං අච‍්චාධාය සතො සම‍්පජානො.

149. මා විසින් අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි මද්දකුච්ජී නම් මුවවෙනෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ පාදය ගල්කඩෙකින් පහරණ ලද්දේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට ශරීරයේ හටගත් දැඩි රළු කුළු නොමිහිරි නොකල් මහත් දුක් වේදනාවෝ පවතිත්. භාග්‍යවතුන් වහන්සේ සිහි නුවණ ඇති ව නොපෙළෙමින් ඒ වේදනාවන් ඉවසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුර සිවුගුණ කොට පණවා දකුණු පා මත වම් පා මඳක් හයා තබා සිහි නුවණ ඇති ව දකුණැළයෙන් සිංහශය්‍යාව කළ සේක.

අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං ගාථාය අජ‍්ඣභාසි:

එකල්හි පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:

මන්‍දියා නු ඛො සෙසි උදාහු කාවෙය්‍යමත‍්තො අත්‍ථා නු තෙ සම‍්පචුරා න සන‍්ති, එකො විවිත‍්තෙ සයනාසනම‍්හි නිද‍්දාමුඛො කිමිදං සොප‍්පසෙවාති.

මුළා බැවින් හෝ කවිභාවයෙන් මත්වූයේ හෝනෙහි නු? මුබට බොහෝ වූ වැඩ නැත් ද? ජනයාගෙන් වෙන් වූ සෙනසුන්හි නිදිබර මුහුණු ඇති ව හුදෙකලාව ම කුමක් හෙයින් හෝනෙහි ද?

[භගවා:]

[භගවත්හු:]

න මන්‍දියා සයාමි නාපි කාවෙය්‍යමත‍්තො අත්‍ථං සමෙච‍්චාහ මපෙතසොකො, එකො විවිත‍්තෙ සයනාසනම‍්හි සයාමහං සබ‍්බභූතානුකම‍්පී.

මුළා බැවින් නො නිදමි. කවිභාවයෙන් මත්වූයෙම් නො නිදමි. මම පරමාර්‍ත්‍ථයට මැනවින් පැමිණ පහ ව ගිය ශෝක ඇත්තෙම් වෙමි. මම සර්‍වභූතහිතානුකම්පී ව ජනයාගෙන් වෙන් වූ සෙනසුන්හි හුදෙකලාව හෝනෙමි.

යෙසම‍්පි සල‍්ලං උරසී පවිට‍්ඨං මුහුං මුහුං හදයං වෙධමානං, තෙපීධ සොප‍්පං ලබ‍්භරෙ සසල‍්ලා කස‍්මා අහං න සුපෙ වීතසල‍්ලො.

යම් කෙනකුන්ගේත් ලෙහි තියුණු හුලෙක් පිවිසියේ ද, හෘදය ක්‍ෂණ ක්‍ෂණයෙහි සැලෙන්නේ වේ ද, මේ ලෝකයෙහි (ඒ රාගාදි) හුල් ඇති ඔහු ද නිදි ලබත්. පහව ගිය (රාගාදී) හුල් ඇති මම කුමක් හෙයින් නො නිදම් ද!

ජග‍්ගං න සඞ‍්කෙ නපි භෙමි සොත‍්තුං රත‍්තින්‍දිවා නානුතපන‍්ති මා මං, හානිං න පස‍්සාමි කුහිඤ‍්චි ලොකෙ තස‍්මා සුපෙ සබ‍්බභූතානුකම‍්පීති.

නිදි වරන්නෙම් ද සැක නො කරමි. නිදන්නටත් නොබමි. රෑදාවල්හු මා නහමක් තවත්. ලොව කිසිතැනෙක (මාගේ) පිරිහීමක් නො දකිමි. එහෙයින් සියලු සතුන් කෙරෙහි අනුකම්පා කරණ සුලු වූයෙම් හෝනෙමි.

අථ ඛො මාරො පාපිමා ජානාති මං භගවා -පෙ- තත්‍ථෙවන‍්තරධායීති.

එකල්හි පවිටු මාර තෙමේ භාග්‍යවත් තෙමේ මා දනී … එහි ම අතුරුදහන් විය.