පාසාණසුත්තං
4. 2. 1.
4. 2. 1.
පාසාණසුත්තං.
පාසාණ සූත්‍රය
147. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන භගවා රත්තන්ධකාරතිමිසායං අජ්ඣොකාසෙ නිසින්නො හොති. දෙවො ච එකමෙකං ඵුසායති.
147. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළු පවුවෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොල්අඳුරුයෙහි අබවස වැඩහුන්නාහු වෙති. වැස්ස ද එකි එකි පොද හෙළයි.
අථ ඛො මාරො පාපිමා භගවතො භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො අවිදූරෙ මහන්තෙ පාසාණෙ පදාලෙසි.
එකල්හි පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේට බිය තැතිගැනුම ලොමුදහගැණුම උපදවනු කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ නොදුරෙහි මහත් මහත් ගල් විහිටි.
අථ ඛො භගවා මාරො අයං පාපිමා ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාය අජ්ඣභාසි:
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මාරයා යී දැන පවිටු මාරයාහට ගාථායෙන් වදාළ සේක:
සචෙමං කෙවලං සබ්බං ගිජ්ඣකූටං චලෙය්යසි, නෙව සම්මා විමුත්තානං බුද්ධානං අත්ථි ඉඤ්ජිතන්ති.
ඉදින් මේ මුළු ගිජුකුළුපවුව ම සලනෙහි නම්, මොනොවට මිදුනු බුදුවරයන්ට කම්පනයෙක් නහමක් ඇත් මැ ය.
අථ ඛො මාරො පාපිමා ජානාති මං භගවා, ජානාති මං සුගතොති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
ඉක්බිති පවිටු මාරයා භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී ය යි දුකට පත් වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.
4. 2. 2.
4. 2. 2.
සීහසුත්තං
සීහ සූත්‍රය
148. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා මහතියා පරිසාය පරිවුතො ධම්මං දෙසෙති.
148. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දාහු දහම් දෙසන සේක.
අථ ඛො මාරස්ස පාපිමතො එතදහොසි: අයං ඛො සමණො ගොතමො මහතියා පරිසාය පරිවුතො ධම්මං දෙසෙති. යන්නූනාහං යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමෙය්යං විචක්ඛුකම්මායාති. අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
එකල්හි පවිටු මරුට “මේ මහණ ගොයුම් තෙමේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසයි. (බණ අසන්නවුන්ගේ) නුවණැස වනසන්නට මහණ ගොයුම්හු වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු”යි මේ අදහස වි ය. ඉක්බිති පවිටු මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
කින්නු සීහොව නදසි පරිසායං විසාරදො, පටිමල්ලො හි තෙ අත්ථි විජිතාවී නු මඤ්ඤසීති.
කිම? පිරිස්හි සිංහයෙකු මෙන් විශාරද ව (=නො බිය පත් ව) නාද කෙරෙහි නු? දුනු විජය ඇතියෙමි යි හඟිහි ද? මුබට ප්‍රතිමල්ලයෙක් (=සතුරෙක්) ඇත් ම ය.
[භගවා:]
[භගවත්හු:]
නදන්ති වෙ මහාවීරා පරිසාසු විසාරදා, තථාගතා බලප්පත්තා තිණ්ණා ලොකෙ විසත්තිකන්ති.
ලොව තෘෂ්ණාව තරණය කළ බලයට පැමිණි මහාවීර වූ තථාගතයෝ ඒකාන්තයෙන් පිරිස්හි විශාරද වූවාහු නාද කෙරෙත්.
අථ ඛො මාරො පාපිමා ජානාති මං භගවා, ජානාති මං සුගතොති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
ඉක්බිති පවිටු මාර තෙමේ තථාගත තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පත්වූයේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් විය.