යෙදුමෙන් කියවන්න

දුතියආයුසුත‍්තං

4. 1. 10.

4. 1. 10.

දුතියආයුසුත‍්තං.

දුතිය ආයු සූත්‍රය

146. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි, භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

146. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

අප‍්පමිදං භික‍්ඛවෙ මනුස‍්සානං ආයු. ගමනීයො සම‍්පරායො, කත‍්තබ‍්බං කුසලං, චරිතබ‍්බං බ්‍රහ‍්මචරියං. නත්‍ථි ජාතස‍්ස අමරණං. යො භික‍්ඛවෙ චිරං ජීවති, සො වස‍්සසතං අප‍්පං වා භිය්‍යොති.

මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂ ස්වල්ප ය, පරලොව යා යුතු ය, කුසල් කටයුතු ය, බඹසර හැසිරිය යුතු ය. උපන්නහුට නො මැරීමෙක් නැත. මහණෙනි, යමෙක් බොහෝ කල් ජීවත් වේ ද, හෙ තෙමේ සියක් වසක් ජීවත් වෙයි. බෙහෙවෙක් වේ නම් අල්පයෙක් හෝ වෙයි.

අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං ගාථාය අජ‍්ඣභාසි:

එකල්හි පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය:

නාච‍්චයන‍්ති අහොරත‍්තා ජීවිතං නොපරුජ‍්ඣති, ආයු අනුපරියාති මච‍්චානං නෙමීව රථකුබ‍්බරං.

රෑ දහවල් ඉක්ම නො යෙත්. ජීවිතය නිරුද්ධ නොවේ. මිනිසුන්ගේ ආයුෂ (ඔවුන්) අනුව ම යේ. රියෙහි කිඹුල්මුව අනුව යන රියනිම්වලල්ල මෙනි.

[භගවා:]

[භගවත්හු:]

අච‍්චයන‍්ති අහොරත‍්තා ජීවිතං උපරුජ‍්ඣති, ආයු ඛීයති මච‍්චානං කුන‍්නදීනංව ඔදකන‍්ති.

රෑ දහවල් ඉක්ම යෙත්. ජීවිතය නිරුද්ධ වේ. මිනිසුන්ගේ ආයුෂය ගෙවේ. කුඩා නදීන්ගේ දිය මෙනි.

අථ ඛො මාරො පාපිමා ජානාති මං භගවා, ජානාති මං සුගතොති දුක‍්ඛී දුම‍්මනො තත්‍ථෙවන‍්තරධායීති.

ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනීයි දුකට පත්වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් විය.

ආයුවග‍්ගො පඨමො.

ආයුවර්‍ගය පළමුවැනි යි.

තත්‍රුද‍්දානං:

එහි උද්දානය:

තපොකම‍්මඤ‍්ච නාගො ච සුභං පාසෙන තෙ දුවෙ, සප‍්පො සොප‍්පසි නන්‍දතිං ආයුනා අපරෙ දුවෙති.

තපෝ කම්ම සූත්‍රය ද නාග සූත්‍රය ද සුභ සූත්‍රය ද ඒ පාස සූත්‍ර දෙක ද සප්ප, සොප්පසි, නන්‍දති සූත්‍ර ද, අනෙක් ආයු සූත්‍ර දෙකදැ යි සූත්‍ර දශයකි.