යෙදුමෙන් කියවන්න

1. ආයුවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. ආයු වර්ගය

1. තපොකම‍්මසුත‍්තවණ‍්ණනා

1. තපොකම්ම සූත්‍ර වර්ණනාව

මාරසංයුත‍්තස‍්ස පඨමෙ උරුවෙලායං විහරතීති පටිවිද‍්ධසබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණො උරුවෙලගාමං උපනිස‍්සාය විහරති. පඨමාභිසම‍්බුද‍්ධොති අභිසම‍්බුද‍්ධො හුත්‍වා පඨමං අන‍්තොසත‍්තාහස‍්මිංයෙව. දුක‍්කරකාරිකායාති ඡබ‍්බස‍්සානි කතාය දුක‍්කරකාරිකාය. මාරො පාපිමාති අත‍්තනො විසයං අතික‍්කමිතුං පටිපන‍්නෙ සත‍්තෙ මාරෙතීති මාරො. පාපෙ නියොජෙති, සයං වා පාපෙ නියුත‍්තොති පාපිමා. අඤ‍්ඤානිපිස‍්ස කණ‍්හො, අධිපති, වසවත‍්තී, අන‍්තකො, නමුචි, පමත‍්තබන්‍ධූතිආදීනි බහූනි නාමානි, ඉධ පන නාමද‍්වයමෙව ගහිතං. උපසඞ‍්කමීති – “අයං සමණො ගොතමො ‘මුත‍්තොස‍්මී’ති මඤ‍්ඤති, අමුත‍්තභාවමස‍්ස කථෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා උපසඞ‍්කමි.

මාර සංයුත්තයෙහි පළමු වැන්නෙහි - උරුවෙලායං විහරති සර්වඥතා ඥානය ලැබුවාහු (බුදුහු) උරුවෙල් ගම ඇසුරු කොට වසන සේක. පඨමාභිසම්බුද්ධො සම්බුද්ධත්වයට පත් ව පළමු සත් සතිය තුළ දුක්කරකාරිකාය වසර හයක් කරන ලද දුෂ්කර ක්‍රියාවෙන්, මාරො පාපිමා තමාගේ බලය ඉක්මවීමට ඉදිරිපත් වන සත්ත්වයන් මරතියි = මාර; පාපයෙහි යොදවතියි හෝ තමා ම පවෙහි නියුක්ත වී ය යි = පාපිමා; ඔහුට කණ්හ (කෘෂ්ණ), අධිපති, වසවත්ති, අන්තක, නමුචි, පමත්ත බන්ධු ආදී වෙනත් බොහෝ නම් වේ. මෙහි නම් දෙකක් ම ගන්නා ලදි. උපසඞ්කමි “මේ ශ්‍රමණ ගෞතම තෙම මිදුනෙමි යි සිතයි, ඔහුට නො මිදුණු බව පවසන්නෙමැයි සිතා අසළට පැමිණියේ ය.

තපොකම‍්මා අපක‍්කම‍්මාති තපොකම‍්මතො අපක‍්කමිත්‍වා. අපරද‍්ධොති “දූරෙ ත්‍වං සුද‍්ධිමග‍්ගා”ති වදති. අමරං තපන‍්ති අමරතපං අමරභාවත්‍ථාය කතං ලූඛතපං, අත‍්තකිලමථානුයොගො. සබ‍්බානත්‍ථාවහං හොතීති, “සබ‍්බං තපං මය‍්හං අත්‍ථාවහං න භවතී”ති ඤත්‍වා. ඵියාරිත‍්තංව ධම‍්මනීති අරඤ‍්ඤෙ ථලෙ ඵියාරිත‍්තං විය. ඉදං වුත‍්තං හොති – යථා අරඤ‍්ඤෙ ථලෙ නාවං ඨපෙත්‍වා භණ‍්ඩස‍්ස පූරෙත්‍වා මහාජනා අභිරූහිත්‍වා ඵියාරිත‍්තං ගහෙත්‍වා සංකඩ‍්ඪෙය්‍යුං චෙව උප‍්පීලෙය්‍යුං ච, සො මහාජනස‍්ස වායාමො එකඞ‍්ගුලද‍්වඞ‍්ගුලමත‍්තම‍්පි නාවාය ගමනං අසාධෙන‍්තො නිරත්‍ථකො භවෙය්‍ය න අනත්‍ථාවහො, එවමෙව අහං ‘සබ‍්බං අමරං තපං අනත්‍ථාවහං හොතී’ති ඤත්‍වා විස‍්සජ‍්ජෙසින‍්ති.

තපොකම්මා අපක්කම්ම තපස් කර්මයෙන් බැහැරට ගොස්, අපරද්ධො “ඔබ ශුද්ධ වූ මාර්ගයෙන් ඈත ය” යි කියයි. අමරං තපං අමරභාවය පිණිස කරන ලද රූක්ෂ තපස, අත්තකිලමථානුයෝගය, සබ්බානත්‍ථාවහං හොති සියලු තපස් මට අර්ථය ගෙන දෙන්නක් නො වේ යි දැන, පියාරිත්තං ච වම්මනි කැලයෙහි ගොඩබිම රිටි පලුපත් මෙන්; පවසන ලද්දේ මෙයයි: යම් සේ කැලයෙහි ගොඩබිම නැවක් තනා භාණ්ඩ පුරවා ගොඩවුණු මහජනයා රිටි පලුපත් ගෙන අදිත් ද, පහළට තල්ලු කරත් ද, එක අඟලක් දෙකක් පමණවත් නැවේ ගමන නො සලසමින් මහජනයාගේ එම උත්සාහය නිරර්ථක වූවක් වෙයි ද, ප්‍රතිඵල ගෙන දෙන්නක් නො වේ ද, එසේ ම මම සියලු ආකාර අමර තපස් අනර්ථ ගෙන දෙන්නක් වෙතියි දැන අත්හළෙමි.

ඉදානි තං අමරං තපං පහාය යෙන මග‍්ගෙන බුද‍්ධො ජාතො, තං දස‍්සෙන‍්තො සීලන‍්තිආදිමාහ. තත්‍ථ සීලන‍්ති වචනෙන සම‍්මාවාචාකම‍්මන‍්තාජීවා ගහිතා, සමාධිනා සම‍්මාවායාමසතිසමාධයො, පඤ‍්ඤාය සම‍්මාදිට‍්ඨිසඞ‍්කප‍්පා. මග‍්ගං බොධාය භාවයන‍්ති ඉමං අට‍්ඨඞ‍්ගිකමෙව අරියමග‍්ගං බොධත්‍ථාය භාවයන‍්තො. එත්‍ථ ච බොධායාති මග‍්ගත්‍ථාය. යථා හි යාගුත්‍ථාය යාගුමෙව පචන‍්ති, පූවත්‍ථාය පූවමෙව පචන‍්ති, න අඤ‍්ඤං කිඤ‍්චි කරොන‍්ති, එවං මග‍්ගමෙව මග‍්ගත්‍ථාය භාවෙති. තෙනාහ “මග‍්ගං බොධාය භාවය”න‍්ති. පරමං සුද‍්ධින‍්ති අරහත‍්තං. නිහතොති ත්‍වං මයා නිහතො පරාජිතො.

දැන් ඒ අමර තපස හැර දමා යම් මගකින් බුදු වූයේ ද එය දක්වන සේක්, සීලං ආදිය වදාළහ. එහි සීල වචනයෙන් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව ගන්නා ලදි. සමාධි වචනයෙන් සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි (ගන්නා ලදි) පඤ්ඤා වචනයෙන් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප (ගන්නා ලදි). මග්ගං බොධාය භාවයං මේ අෂ්ඨාංගික වූ ආර්ය මාර්ගය බුද්ධත්වය පිණිස භාවිත කරන්නේ, මෙහි ද ‘බෝධාය’ මාර්ග අර්ථය සඳහා, යම් සේ කැඳ පිණිස කැඳ ම උයන්නේ ද, කැවුම් පිණිස කැවුම් ම පිසන්නේ ද, වෙනත් කිසිවක් නො කරන්නේ ද, එසේ ම මාර්ග අර්ථය පිණිස මාර්ගය ම වඩන්නේ ය. එහෙයින් ‘මග්ගං බොධාය භාවයං’ (බුද්ධත්වය පිණිස මාර්ගය වඩන්නේ) යි කී සේක. පරමං සුද්ධිං අරහත් බව; නිහතො ඔබ මා විසින් ‘නිහතො’ පරාජය කරන ලදි.

පඨමං.

පළමු වැනි සූත්‍රය යි.

2. නාගසුත‍්තවණ‍්ණනා

2. නාග සූත්‍ර වර්ණනාව

දුතියෙ රත‍්තන්‍ධකාරතිමිසායන‍්ති රත‍්තිං අන්‍ධභාවකාරකෙ මහාතමෙ චතුරඞ‍්ගෙ තමසි. අබ‍්භොකාසෙ නිසින‍්නො හොතීති ගන්‍ධකුටිතො නික‍්ඛමිත්‍වා චඞ‍්කමනකොටියං පාසාණඵලකෙ මහාචීවරං සීසෙ ඨපෙත්‍වා පධානං පරිග‍්ගණ‍්හමානො නිසින‍්නො හොති.

දෙවැන්නේ - රත්තන්‍ධකාරතිමිසායං රාත්‍රියෙහි අඳ බව කරන මහා අඳුරෙහි, අංග සතරකින් යුතු අඳුරෙහි. අජ්ඣොකාසෙ නිසින්නො හොති ගඳ කිළියෙන් පිටත පැමිණ සක්මන කෙළවර ගල්තලාවෙහි මහ සිවුර හිසට තබා දැහැන වඩමින් වැඩ සිටින සේක.

නනු ච තථාගතස‍්ස අභාවිතො වා මග‍්ගො, අප‍්පහීනා වා කිලෙසා, අප‍්පටිවිද‍්ධං වා අකුප‍්පං, අසච‍්ඡිකතො වා නිරොධො නත්‍ථි, කස‍්මා එවමකාසීති? අනාගතෙ කුලපුත‍්තානං අඞ‍්කුසත්‍ථං. “අනාගතෙ හි කුලපුත‍්තා මයා ගතමග‍්ගං ආවජ‍්ජිත්‍වා අබ‍්භොකාසවාසං වසිතබ‍්බං මඤ‍්ඤමානා පධානකම‍්මං කරිස‍්සන‍්තී”ති සම‍්පස‍්සමානො සත්‍ථා එවමකාසි. මහාති මහන‍්තො. අරිට‍්ඨකොති කාළකො. මණීති පාසාණො. එවමස‍්ස සීසං හොතීති එවරූපං තස‍්ස කාළවණ‍්ණං කූටාගාරප‍්පමාණං මහාපාසාණසදිසං සීසං හොති.

තථාගතයන් වහන්සේට භාවිත නො කරන ලද මාර්ගයක් හෝ, ප්‍රහීණ නො වූ කෙළෙස් හෝ ප්‍රතිවේධ (අවබෝධ) නො කළ නො සෙල්වෙන (දෙයක්) හෝ සාක්ෂාත් නො කළ නිරෝධයක් නැහැ නො වේ ද? කුමක් නිසා මෙසේ කළ සේක් ද? අනාගත කුල පුත්‍රයන්ගේ හෙණ්ඩුව (හික්මීම) පිණිස ය. අනාගත කුල පුත්‍රයෝ මා ගිය මග ආවර්ජනය කොට එළිමහනේ විසීම කළ යුතු ය යි සිතමින් දැහැන් වැඩීම කරන්නෝ ය යි දකිමින් බුදුහු මෙසේ කළ සේක. මහා මහත් වූ අරිට්ඨකො කළුවන්, මණි පාෂාණයක් එවමස්ස සීසං හොති මෙයාකාර ඔහුගේ කාල වර්ණ වූ මහල් ගෙයක් ප්‍රමාණ වූ මහා පාෂාණයක් බඳු හිසක් වේ.

සුභාසුභන‍්ති දීඝමද‍්ධානං සංසරන‍්තො සුන්‍දරාසුන්‍දරං වණ‍්ණං කත්‍වා ආගතොසීති වදති. අථ වා සංසරන‍්ති සංසරන‍්තො ආගච‍්ඡන‍්තො. දීඝමද‍්ධානන‍්ති වසවත‍්තිට‍්ඨානතො යාව උරුවෙලාය දීඝමග‍්ගං, පුරෙ බොධාය වා ඡබ‍්බස‍්සානි දුක‍්කරකාරිකසමයසඞ‍්ඛාතං දීඝකාලං. වණ‍්ණං කත්‍වා සුභාසුභන‍්ති සුන්‍දරඤ‍්ච අසුන්‍දරඤ‍්ච නානප‍්පකාරං වණ‍්ණං කත්‍වා අනෙකවාරං මම සන‍්තිකං ආගතොසීති අත්‍ථො. සො කිර වණ‍්ණො නාම නත්‍ථි, යෙන වණ‍්ණෙන මාරො විභිංසකත්‍ථාය භගවතො සන‍්තිකං න ආගතපුබ‍්බො. තෙන තං භගවා එවමාහ. අලං තෙ තෙනාති අලං තුය‍්හං එතෙන මාරවිභිංසාකාරදස‍්සනබ්‍යාපාරෙන.

සුභාසුභං දීර්ඝ කාලයක් සසර සැරිසරමින් සුන්දර අසුන්දර රූප සටහන් (වේශ) මවා පැමිණියේ වේ යයි කියයි. නැතහොත් සංසරං සැරිසරමින්, පැමිණෙමින් දීඝමද්ධානං වසවර්ති සිටි ස්ථානයේ සිට උරුවේලාව දක්වා වූ දිගු මාවත, බුදු වීමට පෙර සය වසරක් දුෂ්කර ක්‍රියා කළ කාලය නම් වූ දීර්ඝ කාලය හෝ වණ්ණං කත්‍වා සුභාසුභං සුන්දර අසුන්දර නානාප්‍රකාට රූප සටහන් (වේශ) මවා මා සමීපයට පැමිණියේ වෙහි යන අර්ථ වේ. මාරයා (භාග්‍යවතුන් වහන්සේ) නසනු පිණිස උන් වහන්සේ සමීපයට මෙයට පෙර නො පැමිණි යම් වේශයක් වේද, එවන් වේශයක් නම් නොමැත. එබැවින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. අලං තෙන ඔබගේ මේ මාර විහිංසාකාර දර්ශන ක්‍රියාවලියෙන් වැඩක් නැත.

දුතියං.

දෙ වැනි සූත්‍රය යි.

3. සුභසුත‍්තවණ‍්ණනා

3. සුභ සූත්‍ර වර්ණනාව

තතියෙ සුසංවුතාති සුපිහිතා. න තෙ මාරවසානුගාති, මාර, තෙ තුය‍්හං වසානුගා න හොන‍්ති. න තෙ මාරස‍්ස බද‍්ධගූති තෙ තුය‍්හං මාරස‍්ස බද‍්ධචරා සිස‍්සා අන‍්තෙවාසිකා න හොන‍්ති.

තෙවැන්නේ - සුසංවුතා මැනවින් වැසූ; න තෙ මාර වසානුගා මාරය. තෙ - තුය්හං ඔබගේ වසඟයට යන්නාහු නො වෙත්, න තෙ මාරස්ස බද්ධගු ඔවුහු ඔබගේ - මාරයාගේ - එකට හැසිරෙන ශිෂ්‍යයෝ හෝ අන්තේවාසිකයෝ නො වෙති.

තතියං.

තුන් වැනි සූත්‍රය යි.

4. පඨමපාසසුත‍්තවණ‍්ණනා

4. පඨමපාස සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ යොනිසො මනසිකාරාති උපායමනසිකාරෙන. යොනිසො සම‍්මප‍්පධානාති උපායවීරියෙන කාරණවීරියෙන. විමුත‍්තීති අරහත‍්තඵලවිමුත‍්ති. අජ‍්ඣභාසීති “අයං අත‍්තනා වීරියං කත්‍වා අරහත‍්තං පත්‍වාපි න තුස‍්සති, ඉදානි අඤ‍්ඤෙසම‍්පි ‘පාපුණාථා’ති උස‍්සාහං කරොති, පටිබාහෙස‍්සාමි න”න‍්ති චින‍්තෙත්‍වා අභාසි.

සිවු වැන්නේ - යොනිසො මනසිකාරා උපාය මනසිකාරයෙන්, යොනිසො සම්මප්පධානා උපාය වීර්යයෙන්, කාරණ වීර්යයෙන්, විමුත්ති අරහත් ඵල විමුක්තිය. අජ්ඣභාසි මේ තෙමේ තමන් විසින් ම වීර්ය කොට අරහත් භාවයට පත් වුව ද සෑහීමකට පත් නො වේ. දැන් අන්‍යයන්ට ද ‘පැමිණෙවු’ යයි උත්සාහ කරවයි. ඔහු වළක්වන්නෙමි යි සිතා පැවසී ය.

මාරපාසෙනාති කිලෙසපාසෙන. යෙ දිබ‍්බා යෙ ච මානුසාති යෙ දිබ‍්බා කාමගුණසඞ‍්ඛාතා මානුසා කාමගුණසඞ‍්ඛාතා ච මාරපාසා නාම අත්‍ථි, සබ‍්බෙහි තෙහි ත්‍වං බද‍්ධොති වදති. මාරබන්‍ධනබද‍්ධොති මාරබන්‍ධනෙන බද‍්ධො, මාරබන්‍ධනෙ වා බද‍්ධො. න මෙ සමණ මොක‍්ඛසීති සමණ ත්‍වං මම විසයතො න මුච‍්චිස‍්සසි.

මාරපාසෙන කෙළෙස් රැහැණින්; යෙ දිබ්බා යෙ ච මානුසා දිව්‍යමය කාමගුණ සංඛ්‍යාත වූ හා මානුෂ කාමගුණ සංඛ්‍යාත වූ යම් මාර බන්ධන කෙනෙක් වෙත් ද, ඒ සියල්ලෙන් තොප බඳනා ලද්දෙහි ය. මාරබන්‍ධන බද්ධොසි මාර බන්ධනයෙන් බැඳුනේ, මාර බන්ධනයෙහි බැඳුනේ හෝ, න මෙ සමණ මොක්‍ඛසි ශ්‍රමණය, ඔබ මාගේ ආධිපත්‍යයෙන් නො මිදෙන්නෙහි ය.

චතුත්‍ථං.

සිවු වැනි සූත්‍රය යි.

5. දුතියපාසසුත‍්තවණ‍්ණනා

5. දුතියපාස සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ මුත‍්තාහන‍්ති මුත‍්තො අහං. පුරිමං සුත‍්තං අන‍්තොවස‍්සෙ වුත‍්තං, ඉදං පන පවාරෙත්‍වා වුට‍්ඨවස‍්සකාලෙ. චාරිකන‍්ති අනුපුබ‍්බගමනචාරිකං. (පවාරෙත්‍වා) දිවසෙ දිවසෙ යොජනපරමං ගච‍්ඡන‍්තා චරථාති වදති. මා එකෙන ද‍්වෙති එකමග‍්ගෙන ද‍්වෙ ජනා මා අගමිත්‍ථ. එවඤ‍්හි ගතෙසු එකස‍්මිං ධම‍්මං දෙසෙන‍්තෙ, එකෙන තුණ‍්හීභූතෙන ඨාතබ‍්බං හොති. තස‍්මා එවමාහ.

පස් වැන්නෙහි - මුත්තොහං ‘මුත්තො අහං’ (මම මිදුනෙමි). මුලින් එන සූත්‍රය වස් විසීම අතරතුර දේශනා කරන ලදි. මෙය පවාරණය කොට වස් විසීම අවසන් කර ඇති කල්හි (කරන ලදි); චාරිකං පිළිවෙලින් ගමනින් කරන චාරිකාව ය. දිවා කාලයේ වැඩි ම වුණොත් යොදුනක් යන්නාහු චාරිකාවේ යෙදෙව් යි කියයි. මා එකෙන ද්වෙ එක් මඟකින් දෙදෙනෙක් නො වේ. එසේ ගිය කල්හි එක් අයකු දහම් දෙසන කල්හි අනිත් තැනැත්තා නිහඬ ව සිටිය යුතු වේ. එහෙයින් මෙසේ වදාළ සේක.

ආදිකල්‍යාණන‍්ති ආදිම‍්හි කල්‍යාණං සුන්‍දරං භද‍්දකං. තථා මජ‍්ඣපරියොසානෙසු. ආදිමජ‍්ඣපරියොසානඤ‍්ච නාමෙතං සාසනස‍්ස ච දෙසනාය ච වසෙන දුවිධං. තත්‍ථ සාසනස‍්ස සීලං ආදි, සමථවිපස‍්සනාමග‍්ගා මජ‍්ඣං, ඵලනිබ‍්බානානි පරියොසානං. සීලසමාධයො වා ආදි, විපස‍්සනාමග‍්ගා මජ‍්ඣං, ඵලනිබ‍්බානානි පරියොසානං. සීලසමාධිවිපස‍්සනා වා ආදි, මග‍්ගො මජ‍්ඣං, ඵලනිබ‍්බානානි පරියොසානං. දෙසනාය පන චතුප‍්පදිකාය ගාථාය තාව පඨමපාදො ආදි, දුතියතතියා මජ‍්ඣං, චතුත්‍ථො පරියොසානං. පඤ‍්චපදඡප‍්පදානං පඨමපාදො ආදි, අවසානපාදො පරියොසානං, අවසෙසා මජ‍්ඣං. එකානුසන්‍ධිකසුත‍්තස‍්ස නිදානං ආදි, “ඉදමවොචා”ති පරියොසානං, සෙසං මජ‍්ඣං. අනෙකානුසන්‍ධිකස‍්ස මජ‍්ඣෙ බහූපි අනුසන්‍ධි මජ‍්ඣමෙව, නිදානං ආදි, “ඉදමවොචා”ති පරියොසානං.

ආදිකල්‍යාණං මුල දී ම කල්‍යාණ, සුන්දර, භද්‍ර වූ එසේ මධ්‍යම, අවසාන කොටස්වල දී (ද); ආදි මධ්‍යම පරියොසාන නම් වූ මෙය ශාසනය හා දේශනය වශයෙන් දෙයාකාර ය. එහි ශාසනයේ සීලය ආදි ය, සමථ විපස්සනා මාර්ගය මධ්‍ය ය. ඵල නිර්වාණය පරියෝසානය (කෙළවර) ය. සීල සමාධි විපස්සනා හෝ ආදි ය, මාර්ගය මධ්‍ය ය. ඵල හා නිර්වාණය පරියෝසානය ය. දේශනාවෙහි පාද සතරක් ඇති ගාථාවේ මුල් ම පාදය මුල ය. දෙවන තුන් වන (පාද) මැද ය. සිවු වැන්න අග ය. පාද පහක් හෝ හයක් ඇති ගාථාවක පළමු පාදය ‘ආදි’ ය, අවසන් පාදය ‘පරියෝසාන’ ය, ඉතිරිය ‘මධ්‍ය’ ය. ඒකානුසන්ධික සූත්‍රයක නිදානය ආදි ය. ‘ඉදමවොච’ ආදිය ‘පරියෝසාන’ ය, ඉතිරි කොටස ‘මධ්‍ය’ ය. ඒකානුසන්ධික නො වූ (සූත්‍රයක) ය, නිදානය ‘ආදි’ ය, ඉදමවොච ආදිය ‘පරියෝසානය’ ය.

සාත්‍ථන‍්ති සාත්‍ථකං කත්‍වා දෙසෙථ. සබ්‍යඤ‍්ජනන‍්ති බ්‍යඤ‍්ජනෙහි චෙව පදෙහි ච පරිපූරං කත්‍වා දෙසෙථ. කෙවලපරිපුණ‍්ණන‍්ති සකලපරිපුණ‍්ණං. පරිසුද‍්ධන‍්ති නිරුපක‍්කිලෙසං. බ්‍රහ‍්මචරියන‍්ති සික‍්ඛත‍්තයසඞ‍්ගහං සාසනබ්‍රහ‍්මචරියං. පකාසෙථාති ආවිකරොථ.

සාත්‍ථං අර්ථ සහිත කොට දෙසනු මැනවි, සබ්‍යඤ්ජනං ව්‍යඤ්ජනවලිනුත් පදවලිනුත් සම්පූර්ණ කොට බබළවන්නේ ය. කෙවලපරිපුණ්ණං සහමුලින් ම සම්පූර්ණ වූ, පරිසුද්ධං උපක්ලේශ රහිත වූ බ්‍රහ්මචරියං ත්‍රිශික්ෂාව අඩංගු ශාසන බ්‍රහ්මචර්යාව යි. පකාසෙථ ප්‍රකාශ කරනු මැනවි.

අප‍්පරජක‍්ඛජාතිකාති පඤ‍්ඤාචක‍්ඛුම‍්හි අප‍්පකිලෙසරජසභාවා, දුකූලසාණියා පටිච‍්ඡන‍්නා විය චතුප‍්පදිකගාථාපරියොසානෙ අරහත‍්තං පත‍්තුං සමත්‍ථා සන‍්තීති අත්‍ථො. අස‍්සවනතාති අස‍්සවනතාය. පරිහායන‍්තීති අලාභපරිහානියා ධම‍්මතො පරිහායන‍්ති. සෙනානිගමොති පඨමකප‍්පිකානං සෙනාය නිවිට‍්ඨොකාසෙ පතිට‍්ඨිතගාමො, සුජාතාය වා පිතු සෙනානී නාම නිගමො. තෙනුපසඞ‍්කමිස‍්සාමීති නාහං තුම‍්හෙ උය්‍යොජෙත්‍වා පරිවෙණාදීනි කාරෙත්‍වා උපට‍්ඨාකාදීහි පරිචරියමානො විහරිස‍්සාමි, තිණ‍්ණං පන ජටිලානං අඩ‍්ඪුඩ‍්ඪානි පාටිහාරියසහස‍්සානි දස‍්සෙත්‍වා ධම‍්මමෙව දෙසෙතුං උපසඞ‍්කමිස‍්සාමීති. තෙනුපසඞ‍්කමීති, “අයං සමණො ගොතමො මහායුද‍්ධං විචාරෙන‍්තො විය, ‘මා එකෙන ද‍්වෙ අගමිත්‍ථ, ධම‍්මං දෙසෙථා’ති සට‍්ඨි ජනෙ උය්‍යොජෙති, ඉමස‍්මිං පන එකස‍්මිම‍්පි ධම‍්මං දෙසෙන‍්තෙ මය‍්හං චිත‍්තස‍්සාදං නත්‍ථි, එවං බහූසු දෙසෙන‍්තෙසු කුතො භවිස‍්සති, පටිබාහාමි න”න‍්ති චින‍්තෙත්‍වා උපසඞ‍්කමි.

අප්පරජක්‍ඛජාතිකා ප්‍රඥා චක්ෂුවෙහි අල්ප වූ කෙළෙස් දූවිලි ස්වභාවය, දුහුල් කඩතුරාවකින් වැසුනාක් මෙන් පාද සතරකින් යුත් ගාථාවක අවසානයේ රහත් බවට පත් වීමට සමත් සත්ත්වයෝ වෙති යන අරුත යි. අස්සවණතා නො ඇසීම හේතුවෙන් පරිහායන්ති අලාභ පරිහානියෙන් ධර්මයෙන් පිරිහෙත්. සෙනානිනිගමො ප්‍රථම යුගයේ සේනාව නැවතී ලද ඉඩෙහි පිහිටි ගම, සුජාතාවගේ පියාගේ සේනානී නම් නියම්ගමට හෝ; තෙනුපසඞ්කමි මම ඔබලා පොළඹවා පිරිවෙන් ආදිය කරවා උපස්ථායක ආදීන් විසින් සේවනය කරනු ලබමින් නො වසන්නෙමි. ජටිලයන් තිදෙනා හට ප්‍රාතිහාර්ය තුන් දහස් පන්සියයක් දක්වා ධර්මය ම දෙසීමට පැමිණි සේක. තෙනුපසඞ්කමි මේ ශ්‍රමණ ගෞතමයෝ මහා යුද්ධයක් මෙහෙයවන්නකු මෙන් එක මගකින් දෙදෙනකු නො යව්, දහම් දෙසව් යි හැට දෙනෙකු පොළඹවන සේක. මේ එක ම දහම් දේශනා කිරීමක දී වත් මට චිත්තාස්වාදයක් (සිතේ සතුටක්) නැත, මෙසේ බොහෝ සේ දෙසද්දී කොතැනින් ඇති වන්නේ ද, ඔහු වළක්වා ලන්නෙමි යි සිතා අසළට පැමිණියේ ය.

පඤ‍්චමං.

පස් වැනි සූත්‍රය යි.

6. සප‍්පසුත‍්තවණ‍්ණනා

6. සප්ප සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ සොණ‍්ඩිකාකිලඤ‍්ජන‍්ති සුරාකාරකානං පිට‍්ඨපත්‍ථරණකකිලඤ‍්ජං. කොසලිකා කංසපාතීති කොසලරඤ‍්ඤො රථචක‍්කප‍්පමාණා පරිභොගපාති. ගළගළායන‍්තෙති ගජ‍්ජන‍්තෙ. කම‍්මාරගග‍්ගරියාති කම‍්මාරුද‍්ධනපණාළියා. ධමමානායාති භස‍්තවාතෙන පූරියමානාය. ඉති විදිත්‍වාති – “සමණො ගොතමො පධානමනුයුත‍්තො සුඛෙන නිසින‍්නො, ඝට‍්ටයිස‍්සාමි න”න‍්ති වුත‍්තප‍්පකාරං අත‍්තභාවං මාපෙත්‍වා නියාමභූමියං ඉතො චිතො ච සඤ‍්චරන‍්තං විජ‍්ජුලතාලොකෙන දිස‍්වා, “කො නු ඛො එසො සත‍්තො”ති? ආවජ‍්ජෙන‍්තො, “මාරො අය”න‍්ති එවං විදිත්‍වා.

සය වැන්නේ - සොණ්ඩිකාකිලඤ්ජං සුරා සාදන්නන්ගේ (රා පෙරන) මටුලු කස්සක් කොසලිකා කංසපාති කෝසල රජුගේ රිය සක ප්‍රමාණ වූ පරිභෝග පාත්‍රය (තළිය) ගලාගලායන්තෙ ගර්ජනය කරද්දී කම්මාරගග්ගරියා කම්මල්කරුගේ (නවම්දන්නාගේ) ලිප් (උදුන්) බටයෙන් (මයින හමෙන්) ධමමානාය එහි වාතයෙන් පිරෙන කල්හි ඉති විදිත්‍වා ශ්‍රමණ ගෞතමයන් දැහැනට යොමු වූයේ, සුවසේ සිටින්නේ, ඔහු ගටන්නෙමි යි කියන ලද පරිදි ශරීරයක් මවා දැහැන් වඩන භූමියෙහි ඒ මේ අතර සැරිසරනු විදුලිය ආලෝකයෙන් දැක මේ සත්ත්වයා කවරෙක් දැයි විමසන්නේ ‘මේ මාරයා’ යි මෙසේ දැන,

සුඤ‍්ඤගෙහානීති සුඤ‍්ඤාගාරානි. සෙය්‍යාති සෙය්‍යත්‍ථාය. ඨස‍්සාමි චඞ‍්කමිස‍්සාමි නිසීදිස‍්සාමි නිපජ‍්ජිස‍්සාමීති එතදත්‍ථාය යො සුඤ‍්ඤාගාරානි සෙවතීති අත්‍ථො. සො මුනි අත‍්තසඤ‍්ඤතොති සො බුද‍්ධමුනි හත්‍ථපාදකුක‍්කුච‍්චාභාවෙන සංයතත‍්තභාවො. වොස‍්සජ‍්ජ චරෙය්‍ය තත්‍ථ සොති සො තස‍්මිං අත‍්තභාවෙ ආලයං නිකන‍්තිං වොස‍්සජ‍්ජිත්‍වා පහාය චරෙය්‍ය. පතිරූපං හි තථාවිධස‍්ස තන‍්ති තාදිසස‍්ස තංසණ‍්ඨිතස‍්ස බුද‍්ධමුනිනො තං අත‍්තභාවෙ නිකන‍්තිං වොස‍්සජ‍්ජිත්‍වා චරණං නාම පතිරූපං යුත‍්තං අනුච‍්ඡවිකං.

සුඤ්ඤගෙහානි හිස් ගෙවල සෙය්‍යා සැතපීම පිණිස සිටින්නෙිම, සක්මන් කරන්නෙමි, හිඳ ගන්නෙමි, සැතපෙන්නෙමි යි මේ අරමුණු පිණිස යමෙක් හිස් ගෙවල් පාවිච්චි කරයි ද යනු අරුත යි. සො මුනි අත්තසංයතො ඒ බුදු මුනිවරයා අත් පාවල නරක හැසිරීමක් නොමැති බැවින් සංයම තත්ත්වයට පත් වූයේ වොස්සජ්ජ චරෙය්‍ය තත්‍ථ සො, හේ ඒ ආත්මභාවය කෙරෙහි ඇලීම - තෘෂ්ණාව - හැර දමා සැරිසරන්නේ ය. පතිරූපං හි තථාවිධස්ස තං එසේ සිටි බුදු මුනිවරයාගේ ආත්මභාවයෙහි ඒ තෘෂ්ණාව හැර දමා (කෙරෙන) හැසිරීම නම් සුදුසු ය, යුතු ය, යෝග්‍ය ය.

චරකාති සීහබ්‍යග‍්ඝාදිකා සඤ‍්චරණසත‍්තා. භෙරවාති සවිඤ‍්ඤාණකඅවිඤ‍්ඤාණකභෙරවා. තත්‍ථ සවිඤ‍්ඤාණකා සීහබ්‍යග‍්ඝාදයො, අවිඤ‍්ඤාණකා රත‍්තිභාගෙ ඛාණුවම‍්මිකාදයො. තෙපි හි තස‍්මිං කාලෙ යක‍්ඛා විය උපට‍්ඨහන‍්ති, රජ‍්ජුවල‍්ලියාදීනි සබ‍්බානි සප‍්පා විය උපට‍්ඨහන‍්ති. තත්‍ථාති තෙසු භෙරවෙසු සුඤ‍්ඤාගාරගතො බුද‍්ධමුනි ලොමචලනමත‍්තකම‍්පි න කරොති.

චරකා සිංහ ව්‍යාඝ්‍ර ආදී හැසිරෙන (ජංගම) සත්ත්වයෝ, භෙරවා සවිඤ්ඤාණක අවිඤ්ඤාණක විය. එහි සවිඤ්ඤාණක නම් සිංහ ව්‍යාඝ්‍රාදීහු ය. අවිඤ්ඤාණක නම් රාත්‍රිභාගයෙහි කණු හුඹස් ආදිය යි. ඒවා ඒ වේලාවෙහි යක්ෂයන් මෙන් එළඹ සිටී. ලණු වැල් ආදිය සර්පයන් මෙන් එළඹ සිටියි. තත්‍ථ ඒ බිහිසුණු තත්ත්වයන්හි, හිස් ගෙවල සිටින බුදුමුනිවරයා රෝම සෙලවීම් මාත්‍රයක් හෝ නො කරයි.

ඉදානි අට‍්ඨානපරිකප‍්පං දස‍්සෙන‍්තො නභං ඵලෙය්‍යාතිආදිමාහ. තත්‍ථ ඵලෙය්‍යාති කාකපදං විය හීරහීරසො ඵලෙය්‍ය. චලෙය්‍යාති පොක‍්ඛරපත‍්තෙ වාතාහතො උදකබින්‍දු විය චලෙය්‍ය. සල‍්ලම‍්පි චෙ උරසි පකප‍්පයෙය්‍යුන‍්ති තිඛිණසත‍්තිසල‍්ලං චෙපි උරස‍්මිං චාරෙයෙය්‍යුං. උපධීසූති ඛන්‍ධූපධීසු. තාණං න කරොන‍්තීති තිඛිණෙ සල‍්ලෙ උරස‍්මිං චාරියමානෙ භයෙන ගුම‍්බන‍්තරකන්‍දරාදීනි පවිසන‍්තා තාණං කරොන‍්ති නාම. බුද‍්ධා පන සමුච‍්ඡින‍්නසබ‍්බභයා එවරූපං තාණං නාම න කරොන‍්ති.

දැන් අභව්‍ය (විය නො හැකි දේ) පිළිබඳ පරිකල්පනය දක්වන සේක්, නභං ඵළෙය්‍ය ආදිය පැවසූහ. එහි ඵළෙය්‍ය යනු කපුටු පාදයක් මෙන් කැබලි කැබලිවලට පැළෙයි ද? චලෙය්‍ය නෙළුම් පතෙහි වාතයෙන් සෙලවුණු ජල බිඳුවක් මෙන් සැළෙන්නේ ය. සල්ලම්පි චෙ උරසි පකප්පෙය්‍යුං තීක්ෂණ (තියුණු) ආයුධ උල් ද පපුවට ගසන්නෝ ය. උපධීසු ස්කන්ධ උපාධීන්හි තාණං න කරොන්ති තියුණු උලක් උරයෙහි ගසන විට භයෙන් වන ලැහැබට කඳු විවරවලට පිවිසෙමින් ආරක්ෂාව සලසන්නේ නමි. බුදුවරයෝ සිායලු භය සිඳ දැමූ හෙයින් මෙබඳු ආරක්ෂාවක් නම් නො කරති.

ඡට‍්ඨං.

සය වැනි සූත්‍රය යි.

7. සොප‍්පසිසුත‍්තවණ‍්ණනා

7. සොප්පසි සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ පාදෙ පක‍්ඛාලෙත්‍වාති උතුගාහාපනත්‍ථං ධොවිත්‍වා. බුද‍්ධානං පන සරීරෙ රජොජල‍්ලං න උපලිම‍්පති, උදකම‍්පි පොක‍්ඛරපත‍්තෙ පක‍්ඛිත‍්තං විය විවට‍්ටිත්‍වා ගච‍්ඡති. අපිච ඛො ධොතපාදකෙ ගෙහෙ පාදෙ ධොවිත්‍වා පවිසනං පබ‍්බජිතානං වත‍්තං. තත්‍ථ බුද‍්ධානං වත‍්තභෙදො නාම නත්‍ථි, වත‍්තසීසෙ පන ඨත්‍වා ධොවන‍්ති. සචෙ හි තථාගතො නෙව න‍්හායෙය්‍ය, න පාදෙ ධොවෙය්‍ය, “නායං මනුස‍්සො”ති වදෙය්‍යුං. තස‍්මා මනුස‍්සකිරියං අමුඤ‍්චන‍්තො ධොවති. සතො සම‍්පජානොති සොප‍්පපරිග‍්ගාහකෙන සතිසම‍්පජඤ‍්ඤෙන සමන‍්නාගතො. උපසඞ‍්කමීති සමණො ගොතමො සබ‍්බරත‍්තිං අබ‍්භොකාසෙ චඞ‍්කමිත්‍වා ගන්‍ධකුටිං පවිසිත්‍වා නිද‍්දායති, අතිවිය සුඛසයිතො භවිස‍්සති, ඝට‍්ටයිස‍්සාමි නන‍්ති චින‍්තෙත්‍වා උපසඞ‍්කමි.

සත් වැන්නේ - පාදෙ පක්‍ඛාලෙත්‍වා බුදුවරුන්ගේ ශරීරයෙහි රජස් දූවිලි නො ඇළේ. නෙළුම් පතෙහි දිය වැටුණාක් මෙන් පෙරළී යයි. එසවෙුව ද සිරුර ‘සෘතු’ ගන්වනු වස් (සනහනු වස්) සෝදා පා දොවා පිවිසීම පැවිද්දන්ගේ ව්‍රතය යි. එහි දී බුදුන් වහන්සේලාගේ ආචාර භේදයක් (සිරිත් කැඩීමක්) නම් නැත. ආචාර ධර්මයේ සිට සෝදත්. ඉදින් භාග්‍යවතුන් වහන්සේ ස්නානය නො කරත් නම් පා නො සෝදත් නම් මේ මනුෂ්‍යයෙක් නො වේ යයි කියනු ඇත. එහෙයින් මිනිසුන් කරන දේ පැහැර නො හැර සෝදන සේක. සතො සම්පජානො නින්ද ග්‍රහණය කිරීමේ සතිසම්පජඤ්ඤයෙන් සමන්නාගත වූ සේක්. උපසඞ්කමි ශ්‍රමණ ගෞතම මුළු රෑ එළිමහනේ සක්මන් කොට ගඳ කිළියට පිවිසි නිදයි. බෙහෙවින් සැප සේ නිදන්නේ වන්නේ ය. ඔහු ගටන්නෙමි යි සිතා එතැනට පැමිණියේ ය,

කිං සොප‍්පසීති කිං සුපසි, කිං සොප‍්පං නාමිදං තවාති වදති. කිං නු සොප‍්පසීති කස‍්මා නු සුපසි? දුබ‍්භගො වියාති මතො විය, විසඤ‍්ඤී විය ච. සුඤ‍්ඤමගාරන‍්ති සුඤ‍්ඤං මෙ ඝරං ලද‍්ධන‍්ති සොප‍්පසීති වදති. සූරියෙ උග‍්ගතෙති සූරියම‍්හි උට‍්ඨිතෙ. ඉදානි හි අඤ‍්ඤෙ භික‍්ඛූ සම‍්මජ‍්ජන‍්ති, පානීයං උපට‍්ඨපෙන‍්ති, භික‍්ඛාචාරගමනසජ‍්ජා භවන‍්ති, ත්‍වං කස‍්මා සොප‍්පසියෙව.

කිං සොප්පසි කිම නිදහි ද? ඔබට මෙය කුමන නම් නින්දක් ද යි කියයි. කිංනු සොප්පසි කුමක් නිසා නිදහි ද? දුබ්භගො විය මළ අයකු මෙන්, විසඥ වූවෙකු මෙන් ද, සුඤ්ඤමගාරං මට හිස් නිවසක් ලැබිණැයි නිදන්නෙහි ය කියයි. සුරියෙ උග්ගතෙ හිරු නැගී ආ විට; දැන් අන් භික්ෂූහු අමදිත්, බොන පැන් ගෙන එත්, පිඬු පිණිස යාමට සූදානම් වෙත් ඔබ කුමක් නිසා නිදාගත් වන ම සිටින්නෙහි ද?

ජාලිනීති තයො භවෙ අජ‍්ඣොත්‍ථරිත්‍වා ඨිතෙන “අජ‍්ඣත‍්තිකස‍්සුපාදාය අට‍්ඨාරසතණ‍්හාවිචරිතානී”තිආදිනා (විභ· 842) තෙන තෙන අත‍්තනො කොට‍්ඨාසභූතෙන ජාලෙන ජාලිනී. විසත‍්තිකාති රූපාදීසු තත්‍ථ තත්‍ථ විසත‍්තතාය විසමූලතාය විසපරිභොගතාය ච විසත‍්තිකා. කුහිඤ‍්චි නෙතවෙති කත්‍ථචි නෙතුං. සබ‍්බූපධි පරික‍්ඛයාති සබ‍්බෙසං ඛන්‍ධකිලෙසාභිසඞ‍්ඛාරකාමගුණභෙදානං උපධීනං පරික‍්ඛයා. කිං තවෙත්‍ථ, මාරාති, මාර, තුය‍්හං කිං එත්‍ථ? කස‍්මා ත්‍වං උණ‍්හයාගුයං නිලීයිතුං අසක‍්කොන‍්තී ඛුද‍්දකමක‍්ඛිකා විය අන‍්තන‍්තෙනෙව උජ‍්ඣායන‍්තො ආහිණ‍්ඩසීති.

ජාලිනී භව තුනෙහි ගිලී සිටින්නහු විසින් “අජ්ඣත්තිකස්සුපාදාය අට්ඨාරස තණ්හාවිචරිතානි” යනාදි පරිදි තමාගේ ඒ කොටස් බවට පත් වූ දැලින් ‘ජාලිනී’ (දැලක් ඇත්තී) විසත්තිකා රූපාදියෙහි ඒ ඒ තැන විසත්ත බැවින්, විෂ ඇති බැවින්, විෂ මූලවූ බැවින් හා විෂපරිභෝග කරන බැවින් ද ‘විසත්තිකා’ නමි. කුහිඤ්චි නෙතවෙ කිසියම් තැනකට පැමිණවීමට, සබ්බුපධීනං පරික්‍ඛයා සියලු ස්කන්ධ, ක්ලේශ, අභිසංස්කාර, කාම ගුණ යන කොටස් සහිත උපධීන්ගේ ක්ෂය වීමෙන්; කිං තවෙත්‍ථ මාර මාරය තට කිම? කුමක් නිසා ඔබ උණු කැඳෙහි සැඟවෙන්නට නො හැකි කුඩා මැස්සකු මෙන් කෙළවරක් නොමැති ව අවදි කරමින් ඇවිදින්නෙහි ද?

සත‍්තමං.

සත් වැනි සූත්‍රය යි.

8. නන්‍දතිසුත‍්තවණ‍්ණනා

8. නන්දති සූත්‍ර වර්ණනාව

අට‍්ඨමං දෙවතාසංයුත‍්තෙ වුත‍්තත්‍ථමෙව.

අට වැන්න දේවතා සංයුක්තයෙහි කියන ලද්දේ ය.

අට‍්ඨමං.

අට වැනි සූත්‍රය යි.

9. පඨමආයුසුත‍්තවණ‍්ණනා

9. පඨම ආයු සූත්‍ර වර්ණනාව

නවමෙ අප‍්පං වා භිය්‍යොති භිය්‍යො ජීවන‍්තො අපරං වස‍්සසතං ජීවිතුං න සක‍්කොති, පණ‍්ණාසං වා සට‍්ඨි වා වස‍්සානි ජීවති. අජ‍්ඣභාසීති සමණො ගොතමො “මනුස‍්සානං අප‍්පමායූ”ති කථෙති, දීඝභාවමස‍්ස කථෙස‍්සාමීති පච‍්චනීකසාතතාය අභිභවිත්‍වා අභාසි.

නව වැන්නෙහි - අප්පං වා භිය්‍යො බොහෝ කල් ජීවත් වන්නේ වසර සියයට වැඩියෙන් ජීවත් වීමට නො හැක්කේ වෙයි. වසර පනහක් හෝ හැටක් හෝ ජීවත් වෙයි. අජ්ඣභාසි ශ්‍රමණ ගෞතමයෝ මනුෂ්‍යයන් ගේ ආයුෂ අල්ප යයි කියති. දීර්ඝභාවය ඔහුට පවසන්නෙමැයි සතතයෙන් පැවති සතුරු බවින් මැඩුනේ (මෙසේ) පැවසී ය.

න නං හීළෙති තං ආයුං “අප‍්පකමිද”න‍්ති න හීළෙය්‍ය. ඛීරමත‍්තො වාති යථා දහරො කුමාරො උත‍්තානසෙය්‍යකො ඛීරං පිවිත්‍වා දුකූලචුම‍්බටකෙ නිපන‍්නො අසඤ‍්ඤී විය නිද‍්දායති, කස‍්සචි ආයුං අප‍්පං වා දීඝං වාති න චින‍්තෙති, එවං සප‍්පුරිසො. චරෙය්‍යාදිත‍්තසීසො වාති ආයුං පරිත‍්තන‍්ති ඤත්‍වා පජ‍්ජලිතසීසො විය චරෙය්‍ය.

න නං හීළෙ ඒ ආයුෂ අල්පය යි හෙළා නො දක්නේ ය. බීරමත්තොව යම් සේ ළදරු කුමාරයෙක් (සිඟිත්තෙක්) උඩුකුරු ව නිදා සිටියේ කිරි බී දුහුල් පිළි කොට්ටයෙහි වැදහොත්තේ සිහිසුන් කෙනෙකු මෙන් නිදා ගනියි. කිසිවකුගේ ආයුෂ අල්ප ද දීර්ඝ දැයි නො සිතයි. එසේ සත් පුරුෂයා චරෙය්‍යාදිත්තසීසොව ආයුෂ සීමිත යයි දැන ගිනිගත් හිසක් ඇත්තෙකු මෙන් හැසිරෙන්නේ ය.

නවමං.

නව වැනි සූත්‍රය යි

10. දුතියආයුසුත‍්තවණ‍්ණනා

10. දුතිය ආයු සූත්‍ර වර්ණනාව

දසමෙ නෙමීව රථකුබ‍්බරන‍්ති යථා දිවසං ගච‍්ඡන‍්තස‍්ස රථස‍්ස චක‍්කනෙමි කුබ‍්බරං අනුපරියායති න විජහති, එවං ආයු අනුපරියායතීති.

දස වැන්නේ - නෙමීව රථකුබ්බරං යම් සේ දහවල්හි යන රථයේ නිම් වළල්ල කිඹුල් මුව (ඒරියා කඳ) අනුව යයි ද, හැර නො දමයි ද, එසේ ම ආයුෂ ද අනුව යයි.

දසමං.

දස වැනි සූත්‍රය යි.

පඨමො වග‍්ගො.

ප්‍රථම වර්ගය යි.