යෙදුමෙන් කියවන්න

සොප‍්පසිසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

4. 1. 7.

4. 1. 7.

සොප‍්පසිසුත‍්තං.

සොප්පසි සූත්‍රය

143. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. අථ ඛො භගවා බහුදෙවරත‍්තිං අබ‍්භොකාසෙ චඞ‍්කමිත්‍වා රත‍්තියා පච‍්චූසසමයං පාදෙ පක‍්ඛාලෙත්‍වා විහාරං පවිසිත්‍වා දක‍්ඛිණෙන පස‍්සෙන සීහසෙය්‍යං කප‍්පෙසි, පාදෙ පාදං අච‍්චාධාය සතො සම‍්පජානො උට‍්ඨානසඤ‍්ඤං මනසි කරිත්‍වා.

143. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලාවක් අබවස සක්මන් කොට රෑ පහන් වේලෙහි පා දෙව වෙහෙරට පිවිසි (දකුණු) පය මත (වම) පය මඳක් හැදැ තබා සිහි නුවණ ඇති ව නැගී සිටුනා වෙලාව මෙනෙහි කොට දකුණැළයෙන් සිංහශය්‍යාව කළ සේක.

අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං ගාථාය අජ‍්ඣභාසි:

එකල්හි පවිටු මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:

කිං සොප‍්පසි කින‍්නු සොප‍්පසි කිමිදං සොප‍්පසි දුබ‍්භගො විය, සුඤ‍්ඤමගාරන‍්ති සොප‍්පසි කිමිදං සොප‍්පසි සූරියෙ උග‍්ගතෙ.

කිම නිදයි ද? කුමක් හෙයින් නිදයි ද? මළ එකකු මෙන් කුමකට නිදයි ද? ශුන්‍යාගාරයක් මා විසින් (ලදැ) යි නිදයි ද? කුමක් හෙයින් හිරු නැගි කල්හි නිදයි ද?

[භගවා:]

[භගවත්හු:]

යස‍්ස ජාලිනී විසත‍්තිකා තණ‍්හා නත්‍ථි කුහිඤ‍්චි නෙතවෙ, සබ‍්බූපධීනං පරික‍්ඛයා බුද‍්ධො සොප‍්පති කිං තවෙත්‍ථ මාරාති.

යමකුගේ ජාලිනී නම් වූ විසත්තිකා නම් වූ තෘෂ්ණා තොමෝ කිසි භවයෙක්හි පමුණුවන්නට නැද් ද, ඒ සර්‍වඥ තෙමේ සියලු උපධීන් ක්‍ෂය කිරීමෙන් හොවී. මරුව, මෙහිලා තට කිම?

අථ ඛො මාරො පාපිමා ජානාති මං භගවා, ජානාති මං සුගතොති දුක‍්ඛී දුම‍්මනො තත්‍ථෙවන‍්තරධායීති.

ඉක්බිති පවිටු මරු භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනීය යි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් විය.

4. 1. 8.

4. 1. 8.

නන්‍දතිසුත‍්තං.

නන්‍දති සූත්‍රය

144. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

144. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

නන්‍දති පුත‍්තෙහි පුත‍්තිමා ගොමිකො ගොහි තථෙව නන්‍දති, උපධී හි නරස‍්ස නන්‍දනා න හි සො නන්‍දති යො නිරූපධීති.

දරුවන් ඇත්තේ දරුවන් හේතු කොට ගෙණ සතුටු වෙයි. එසේ ම ගෙරින් ඇත්තේ ගෙරින් හේතු කොට ගෙණ සතුටු වෙයි. උපධීහු මිනිසාගේ නන්‍දනයෝ ය. යමෙක් උපධි රහිත වේ නම් හෙ තෙමේ සතුටු නො වෙයි.

[භගවා:]

[භගවත්හු:]

සොචති පුත‍්තෙහි පුත‍්තිමා ගොමිකො ගොහි තථෙව සොචති, උපධීහි නරස‍්ස සොචනා න හි සො සොචති යො නිරූපධීති.

දරුවන් ඇත්තේ දරුවන් හේතු කොට ගෙණ ශෝක කෙරෙයි. එසේ ම ගෙරින් ඇත්තේ ගෙරින් හේතු කොට ගෙණ ශෝක කෙරෙයි. උපධීහු මිනිසාගේ ශෝචනයෝ ය. යමෙක් උපධි රහිත නම් හෙ තෙමේ ශෝක නො කෙරේ මැයි.

අථ ඛො මාරො පාපිමා ජානාති මං භගවා -පෙ- තත්‍ථෙවන‍්තරධායීති.

ඉක්බිති පවිටු මරු භාග්‍යවත් තෙමේ මා දනී. … එහි ම අතුරුදහන් වි ය.