යෙදුමෙන් කියවන්න

සප‍්පසුත‍්තං

4. 1. 6.

4. 1. 6.

සප‍්පසුත‍්තං.

සප්ප සූත්‍රය

142. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන භගවා රත‍්තන්‍ධකාරතිමිසායං අජ‍්ඣොකාසෙ නිසින‍්නො හොති. දෙවො ච එකමෙකං ඵුසායති.

142. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ රෑ බොල්අඳුරෙහි අබවස වැඩහුන්නාහු වෙති. වැස්ස ද එකිඑකි පොද හෙළයි.

අථ ඛො මාරො පාපිමා භගවතො භයං ඡම‍්භිතත‍්තං ලොමහංසං උප‍්පාදෙතුකාමො මහන‍්තං සප‍්පරාජවණ‍්ණං අභිනිම‍්මිනිත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. සෙය්‍යථාපි නාම මහතී එකරුක‍්ඛිකා නාවා, එවමස‍්ස කායො හොති. සෙය්‍යථාපි නාම මහන‍්තං සොණ‍්ඩිකාකිලඤ‍්ජං, එවමස‍්ස ඵණො හොති. සෙය්‍යථාපි නාම මහතී කොසලිකා කංසපාතී, එවමස‍්ස අක‍්ඛීනි භවන‍්ති. සෙය්‍යථාපි නාම දෙවෙ ගලගලායන‍්තෙ විජ‍්ජුල‍්ලතා නිච‍්ඡරන‍්ති, එවමස‍්ස මුඛතො ජිව‍්හා නිච‍්ඡරති. සෙය්‍යථාපි නාම කම‍්මාරගග‍්ගරියා ධමමානාය සද‍්දො හොති, එවමස‍්ස අස‍්සාසපස‍්සාසානං සද‍්දො හොති.

එකල පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ බිය තැතිගැන්ම ලොමුදහගැන්ම උපදවනු කැමැත්තේ මහත් නාරජවෙසක් මවාගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ඔහුගේ සිරුර එක්රුක්නෙන් මැවූ මහ ඔරුවක් බඳු වෙයි. ඔහුගේ පෙණය රාකරුවන්ගේ රා පෙරණ මහත් මටුලුකස්සක් බඳු වෙයි. ඔහුගේ ඇස් කොසොල්රජුගේ මහත් කස්තලියක් (භූඤ්ජනපාතියක්) බඳු වෙයි. මේඝය ගිගිරි කරණ කල යම්සේ විදුලිය නික්මේ ද, එපරිද්දෙන් ඔහුගේ මුවෙන් දිව නික්මෙයි. කඹුරුසම වයින් පුරණ කල්හි ශබ්දය යම්සේ ද, ඔහුගේ ආශ්වාසප්‍රශ්වාස ශබ්දය ද එබඳු වෙයි.

අථ ඛො භගවා මාරො අයං පාපිමා ඉති විදිත්‍වා මාරං පාපිමන‍්තං ගාථාහි අජ‍්ඣභාසි:

එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මරු ය යි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් වදාළ සේක:

යො සුඤ‍්ඤගෙහානි සෙවති සෙය්‍යා සො මුනි අත‍්තසඤ‍්ඤතො, වොස‍්සජ‍්ජ චරෙය්‍ය තත්‍ථ සො පතිරූපං හි තථාවිධස‍්ස තං.

යමෙක් ශයනය පිණිස ශුන්‍යාගාරයන් සෙවුනේ ද, ඒ බුද්ධමුනි තෙමේ සංයත වූ ආත්මභාව ඇත්තේ වේ. හෙ තෙමේ ඒ ආත්මභාවයෙහි (ආලය) හැරපියා හැසිරෙන්නේ ය. එය එබඳු බුද්ධමුනිහට සුදුසු මැයි.

චරකා බහූ භෙරවා බහූ අථො ඩංසසිරිංසපා බහූ, ලොමම‍්පි න තත්‍ථ ඉඤ‍්ජයෙ සුඤ‍්ඤාගාරගතො මහාමුනි.

(සිංහව්‍යාඝ්‍රාදි) බිහිසුණු ජඞ්ගම සත්තු ද බොහෝහ. බිහිසුණු ස්ථාවර අරමුණු ද බොහෝහ. වැලි ඩැහැ ලේ බොන මැස්සෝ ද සර්‍පයෝ ද බොහෝහ. ශුන්‍යාගාරයට වන් සර්‍වඥමුනි තෙමේ ඒ අරමුණු නිමිති කොට ලෝම මාත්‍රයකුදු කම්පන නො කරන්නේ ය.

නභං ඵලෙය්‍ය පඨවී චලෙය්‍ය සබ‍්බෙ ච පාණා උද සන‍්තසෙය්‍යුං, සල‍්ලම‍්පි චෙ උරසි පකප‍්පයෙය්‍යුං උපධීසු තාණං න කරොන‍්ති බුද‍්ධාති.

අහස පැළෙන්නේ නම්, පොළොව සැලෙන්නේ නම්, වැලිත් සියලු සත්තු තැතිගන්නාහු නම්, ඉදින් ලෙහි තියුණු හුල් ගසන්නාහු නම්, බුදුවරයෝ උපධීන් කෙරෙහි පරිත්‍රාණයක් නො කෙරෙති.

අථ ඛො මාරො පාපිමා ජානාති මං භගවා, ජානාති මං සුගතොති දුක‍්ඛී දුම‍්මනො තත්‍ථෙවන‍්තරධායීති.

එකල්හි පවිටු මරු භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.