දුතියපාසසුත්තං
4. 1. 5.
4. 1. 5.
දුතියපාසසුත්තං.
දුතියපාස සූත්‍රය
141. එවං මෙ සුතං එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භික්ඛවොති, භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
141. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර සමීපයෙහි ඉසිපතන නම් වූ මුවවෙනෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු “පින්වතුන් වහන්සැ”යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මුත්තොහං භික්ඛවෙ සබ්බපාසෙහි යෙ දිබ්බා යෙ ච මානුසා. තුම්හෙපි භික්ඛවෙ මුත්තා සබ්බපාසෙහි යෙ දිබ්බා යෙ ච මානුසා. චරථ භික්ඛවෙ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. මා එකෙන ද්වෙ අගමිත්ථ. දෙසෙථ භික්ඛවෙ ධම්මං ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙථ. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො. අහම්පි භික්ඛවෙ යෙන උරුවෙලා සෙනානිනිගමො තෙනුපසඞ්කමිස්සාමි ධම්මදෙසනායාති.
මහණෙනි, දෙවියන් පිළිබඳ වූ යම් බන්ධනයෝ වෙද්ද, මිනිසුන් පිළිබඳ වූ යම් බන්ධනයෝ වෙද්ද (ඒ) සියලු බන්ධනයන් ගෙන් මම මිදුනෙම් වෙමි. මහණෙනි, තෙපි දු දෙවියන් පිළිබඳ වූ යම් බන්‍ධනයොත් මිනිසුන් පිළිබඳ වූ යම් බන්ධනයෝත් වෙත් නම් (ඒ) සියලු බන්ධනයන් ගෙන් මිදුනහු ය. මහණෙනි, බොහෝ දනහට හිත පිණිස, බොහෝ දනහට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස චාරිකායෙහි හැසිරෙව. එක් මඟෙකින් දෙදෙනෙක් නො යව. මහණෙනි, මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ අරුත් සහිත වූ ව්‍යඤ්ජනයෙන් පිරිපුන් දහම් දෙසව. කේවල පරිපූර්ණ පිරිසිදු මගබඹසර හෙළි කොට දක්වව. පැණැසෙහි ස්වල්ප වූ කෙලෙස්රජස් ඇති සත්වයෝ ඇත. ධර්මය නොඇසීමෙන් (ඔහු) පිරිහෙත්. ධර්මය අවබෝධ කරන්නෝ වන්නාහ. මහණෙනි, මම ද දහම් දෙසනු පිණිස උරුවෙල් දනව්වෙහි සේනානි නියම්ගමට එළඹෙන්නෙමි.
අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
ඉක්බිති පවිටු මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.
බද්ධොසි සබ්බපාසෙහි යෙ දිබ්බා යෙ ච මානුසා, මහාබන්ධනබද්ධොසි න මෙ සමණ මොක්ඛසීති.
දෙවියන් පිළිබඳ යම් පාසයෝත් මිනිසුන් පිළිබඳ යම් පාසයෝත් වෙත් නම් ඒ සියලු පාසයන් ගෙන් බැඳුනෙහි. මහකෙලෙස්බැම්මෙන් බඳනා ලද්දෙහි මහණ, මා කෙරෙන් නො මිදෙන්නෙහි ය.
[භගවා:]
[භගවත්හු:]
මුත්තොහං සබ්බපාසෙහි යෙ දිබ්බා යෙ ච මානුසා, මහාබන්ධනමුත්තොම්හි නිහතො ත්වමසි අන්තකාති.
දෙවියන් පිළිබඳ යම් පාසයෝත් මිනිසුන් පිළිබඳ යම් පාසයෝත් වෙත් නම් ඒ සියලු පාසයන්ගෙන් මම මිදුනෙම් වෙමි. මහාක්ලේශ බන්ධනයෙන් මිදුනෙම් වෙමි. මරුව, තෝ නටුයෙහි.
අථ ඛො මාරො පාපිමා ජානාති මං භගවා, ජානාති මං සුගතොති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
ඉක්බිති පවිටු මරු භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නොසතුටුසිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.