3. කොසලවග්ගො අට්ඨකථා
3. කෝශල වර්ගය
1. පුග්ගලසුත්තවණ්ණනා
1. පුග්ගල සූත්‍ර වර්ණනාව
තතියවග්ගස්ස පඨමෙ “නීචෙ කුලෙ පච්චාජාතො”තිආදිකෙන තමෙන යුත්තොති තමො. කායදුච්චරිතාදීහි පුන නිරයතමූපගමනතො තමපරායණො. ඉති උභයෙනපි ඛන්ධතමොව කථිතො හොති. “උච්චෙ කුලෙ පච්චාජාතො”තිආදිකෙන ජොතිනා යුත්තතො ජොති, ආලොකීභූතොති වුත්තං හොති. කායසුචරිතාදීහි පුන සග්ගූපපත්තිජොතිභාවූපගමනතො ජොතිපරායණො. ඉමිනා නයෙන ඉතරෙපි ද්වෙ වෙදිතබ්බා.
තෙ වැනි වර්ගයේ පළමු වැන්නේ - නීචෙ කුලෙ පච්චාජාතො ආදියෙන් අන්ධකාරයෙන් යුක්ත වූයේ යි = තමො, කාය දුශ්චරිතාදියෙන් යලි නිරා අඳුරට ගෙන යන හෙයින් = තමපරායණො, මෙසේ දෙකෙන් ම ස්කන්ධ අන්ධකාරය ම පවසන ලද්දේ වේ. උච්චෙ කුලෙ පච්චා ජාතො ආදියෙන් එළිය සහිත වූයේ = ජොති, ආලෝකයෙන් යුතු වූයේ යි කියන ලද්දේ වේ. කාය සුචරිතාදියෙන් යළි ස්වර්ගයෙහි ඉපදීම හා ආලෝකවත් බවට පත් වීම යන හෙයින් = ජොති පරායණො; මේ අයුරින් ඉතිරි දෙක ද දත යුතු ය.
වෙනකුලෙති විලීවකාරකුලෙ. නෙසාදකුලෙති මිගලුද්දකාදීනං කුලෙ. රථකාරකුලෙති චම්මකාරකුලෙ. පුක්කුසකුලෙති පුප්ඵඡඩ්ඩකකුලෙ. කසිරවුත්තිකෙති දුක්ඛවුත්තිකෙ. දුබ්බණ්ණොති පංසුපිසාචකො විය ඣාමඛාණුවණ්ණො. දුද්දසිකොති විජාතමාතුයාපි අමනාපදස්සනො. ඔකොටිමකොති ලකුණ්ඩකො. කාණොති එකක්ඛිකාණො වා උභයක්ඛිකාණො වා. කුණීති එකහත්ථකුණී වා උභයහත්ථකුණී වා. ඛඤ්ජොති එකපාදඛඤ්ජො වා උභයපාදඛඤ්ජො වා. පක්ඛහතොති හතපක්ඛො පීඨසප්පී. පදීපෙය්යස්සාති තෙලකපල්ලකාදිනො පදීපඋපකරණස්ස. එවං ඛො, මහාරාජාති එත්ථ එකො පුග්ගලො බහිද්ධා ආලොකං අදිස්වා මාතුකුච්ඡිස්මිංයෙව කාලං කත්වා අපායෙසු නිබ්බත්තන්තො සකලං කප්පම්පි සංසරති, සොපි තමොතමපරායණොව. සො පන කුහකපුග්ගලො භවෙය්ය. කුහකස්ස හි එවරූපා නිබ්බත්ති හොතීති වුත්තං.
වෙණ කුලෙ බට පතුරුවලින් වියන කුලයෙහි, නෙසාද කුලෙ මුව-වැදි ආදීන්ගේ කුලයෙහි, රථකාර කුලෙ රිය සකසන - සොම්මර - කුලයෙහි, පුක්කුස කුලෙ කොටහළු-පුප්සඬු-කුලයෙහි, කසිරවුත්තිකෙ දුක් සහිත වෘත්තිය ඇති, දුබ්බණ්ණො දුහුවිලි ගොඩවල් ආදියෙහි හැසිරෙන පිශාචයන් වැනි, පිළිස්සුණු කණුවල පාට ඇත්තේ, දුද්දසිකො වැදූ මවට පවා ප්‍රිය මනාප නො වූ පෙනුම ඇත්තේ, ඔකොටිමකො කුරුමිටි වූ, කාණො එක් ඇහැක් කණ වූ හෝ දෑස ම කණ වූ, කුණි එක් අතක් වක් වූ හෝ දෑත ම වක් වූ, ඛඤ්ජො එක් පයක් කොර හෝ දෙපය ම කොර; පක්ඛහතො පැත්තක් විනාශ වූ, (පක්ෂාඝාත වූ) පිළා, පදීපෙය්යස්ස තෙල් කබල ආදී පහන් උපකරණවල, එවං ඛො මහාරාජ මෙහි එක් පුද්ගලයෙක් බැහැරින් ආලෝකයක් නො දැක මව් කුසයෙහි ම කාල ක්‍රියා කොට අපායවල උපදින්නේ සම්පූර්ණ කල්පය ම (එහි) සැරිසරයි. ඔහු ද ‘තමො තමපරායණ’ වේ. යමෙක් කුහක පුද්ගලයෙක් වේ ද කුහකයාට මේ ආකාරයේ උපතක් වෙතැයි කියන ලදි.
එත්ථ ච “නීචෙ කුලෙ පච්චාජාතො හොති චණ්ඩාලකුලෙ වා”තිආදීහි ආගමනවිපත්ති චෙව පුබ්බුප්පන්නපච්චයවිපත්ති ච දස්සිතා. දලිද්දෙතිආදීහි පවත්තපච්චයවිපත්ති. කසිරවුත්තිකෙතිආදීහි ආජීවුපායවිපත්ති. දුබ්බණ්ණොතිආදීහි අත්තභාවවිපත්ති. බව්හාබාධොතිආදීහි දුක්ඛකාරණසමායොගො. න ලාභීතිආදීහි සුඛකාරණවිපත්ති චෙව උපභොගවිපත්ති ච. කායෙන දුච්චරිතන්තිආදීහි තමපරායණභාවස්ස කාරණසමායොගො. කායස්ස භෙදාතිආදීහි සම්පරායිකතමූපගමො. සුක්කපක්ඛො වුත්තපටිපක්ඛනයෙන වෙදිතබ්බො.
මෙහි ද නීචෙ කුලෙ පච්චාජාතො හොති චණ්ඩාලකුලෙ වා ආදියෙන් පැමිණෙන විපත්ති මෙන් ම පූර්ව උත්පත්ති හේතුවෙන් ලත් විපත්ති ද පෙන්වන ලදි. දළිද්දෙ ආදියෙන් පවත්නා ප්‍රත්‍ය හානිය; කසිරවුත්තිකො ආදියෙන් දිවි පෙවෙත පවත්වා ගැනීමේ (ආජීව) ක්‍රම හානිය; දුබ්බණ්ණො ආදියෙන් ශරීර හානිය, බහ්වාබාධො ආදියන් දුකට හේතු වන දෑහි නිරත වීම, න ලාභී ආදියෙන් සුමඟට හේතුවන දෑ හානි වීමත් උපභෝග හානියත් ය. කායෙන දුච්චරිතං ආදියෙන් තමපරායණ වීමට හේතු වන දෑහි නිරත වීම, කායස්ස භෙදා ආදියෙන් පරලොව අඳුරට පත් වීම, ශුක්ල (පුණ්‍ය නොහොත් ජෝති) පක්ෂය කියන ලද්දට ප්‍රතිවිරුද්ධ ආකාරයට ම දත යුත්තේ ය.
අක්කොසතීති දසහි අක්කොසවත්ථූහි අක්කොසති. පරිභාසතීති, “කස්මා තිට්ඨථ? කිං තුම්හෙහි අම්හාකං කසිකම්මාදීනි කතානී”තිආදීහි? පරිභවවචනෙහි පරිභාසති. රොසකොති ඝට්ටකො. අබ්යග්ගමනසොති එකග්ගචිත්තො.
අක්කොසති ආක්‍රෝශ වස්තු දහයෙන් ආක්‍රෝශ කරයි, පරිභාසති “කුමට සිටින්නාහු ද? කිම ඔබලා විසින් අපට ගොවිතැන් ආදිය කරන ලද ද?” ආදියෙන් පරිභව වචනවලින් පරිභව කරයි, රොසෙති ගැටෙයි, අබ්යග්ගමනසො ඒකාග්ර චිත්තය ඇත්තේ.
පඨමං.
පළමු වැනි සූත්‍රය යි.
2. අය්යකාසුත්තවණ්ණනා
2. අය්‍යකා සූත්‍ර වර්ණනාව
දුතියෙ ජිණ්ණාති ජරාජිණ්ණා. වුඩ්ඪාති වයොවුඩ්ඪා. මහල්ලිකාති ජාතිමහල්ලිකා. අද්ධගතාති අද්ධං චිරකාලං අතික්කන්තා. වයොඅනුප්පත්තාති පච්ඡිමවයං සම්පත්තා. පියා මනාපාති රඤ්ඤො කිර මාතරි මතාය අය්යිකා මාතුට්ඨානෙ ඨත්වා පටිජග්ගි, තෙනස්ස අය්යිකාය බලවපෙමං උප්පජ්ජි. තස්මා එවමාහ.
දෙවැන්නෙහි - ජිණ්ණා ජරාවෙන් (මහලු වීමෙන්) දිරා ගිය; වුද්ධා වයෝ වෘද්ධ වූ, මහල්ලිකා උපතින් වැඩිහිටි, අද්ධගතා දිගු කාලයක් ඉක්මවූ, වයො අනුප්පත්තා පශ්චිම වයසට පැමිණියා වූ, පියා මනාපා රජුගේ මව මළ කල්හි මිත්තණිය මව් තනතුරේ සිට ඔහුට සැළකුවා ය. එහෙයින් ඔහුට මිත්තණිය කෙරෙහි බලවත් ආදරයක් හට ගත්තේ ය. එහෙයින් මෙසේ කී ය.
හත්ථිරතනෙනාති සතසහස්සග්ඝනකො හත්ථී සතසහස්සග්ඝනකෙන අලඞ්කාරෙන අලඞ්කතො හත්ථිරතනං නාම. අස්සරතනෙපි එසෙව නයො. ගාමවරොපි සතසහස්සුට්ඨානකගාමොව. සබ්බානි තානි භෙදනධම්මානීති තෙසු හි කිඤ්චි කරියමානමෙව භිජ්ජති, කිඤ්චි කතපරියොසිතං චක්කතො අනපනීතමෙව, කිඤ්චි අපනෙත්වා භූමියං ඨපිතමත්තං, කිඤ්චි තතො පරං, එවමෙව සත්තෙසුපි කොචි පටිසන්ධිං ගහෙත්වා මරති, කොචි මූළ්හගබ්භාය මාතරි මාතුකුච්ඡිතො අනික්ඛන්තොව, කොචි නික්ඛන්තමත්තො, කොචි තතො පරන්ති. තස්මා එවමාහ.
හත්ථිරතනෙන ශත සහස්‍රයකට (ලක්ෂයකට) සමාන වටිනා වූ ඇතුන් ලක්ෂයක් වටිනා අලංකාරවලින් අලංකාර කරන ලද්දේ හස්ති රත්නය නමි. අශ්වරත්නය පිළිබඳ ව ද මේ න්‍යාය ම ය. ගම්වර ද ලක්ෂයක් දක්වා නැගී සිටි ගම් ය. සබ්බානි තානි භෙදනධම්මානි (ඒ සියල්ල බිඳෙන සුලු ය) ඒවායින් සමහරක් තනන විට ම බිඳී යයි. සමහරක් තනා අවසන් වී ගැලෙන් ගෙන නො යා ම, සමහරක් ගෙන ගොස් බිම තැබූ පමණින් ම, සමහරක් ඊට පසු ව (බිඳී යයි.) එසේ ම සත්ත්වයන් අතර ද සමහරක් ප්රතිසන්ධිය ලබා මැරෙත්, සමහරෙක් දරුගැබ ගබ්සා වී මව් කුසින් නික්මෙන්නටත් පෙර, සමහරෙක් (මව් කුසෙන්) නික්මෙමින්, සමහරෙක් ඊට පසු ව (මැරෙත්), එහෙයින් මෙසේ කියන ලදි.
දුතියං.
දෙවන සූත්‍රය යි.
3. ලොකසුත්තවණ්ණනා
3. ලෝක සූත්‍ර වර්ණනාව
තතියෙ සබ්බං උත්තානමෙව.
තුන් වැන්නෙහි සියල්ල කියන ලද පරිදි ම ය.
තතියං.
තුන් වැනි සූත්‍රය යි.
4. ඉස්සත්ථසුත්තවණ්ණනා
4. ඉස්සත්ථ සූත්‍ර වර්ණනාව
චතුත්ථස්ස අට්ඨුප්පත්තිකො නික්ඛෙපො. භගවතො කිර පඨමබොධියං මහාලාභසක්කාරො උදපාදි භික්ඛුසඞ්ඝස්ස ච. තිත්ථියා හතලාභසක්කාරා හුත්වා කුලෙසු එවං කන්ථෙන්තා විචරන්ති – “සමණො ගොතමො එවමාහ, ‘මය්හමෙව දානං දාතබ්බං, න අඤ්ඤෙසං දානං දාතබ්බං. මය්හමෙව සාවකානං දානං දාතබ්බං, න අඤ්ඤෙසං සාවකානං දානං දාතබ්බං. මය්හමෙව දින්නං මහප්ඵලං, න අඤ්ඤෙසං දින්නං මහප්ඵලං. මය්හමෙව සාවකානං දින්නං මහප්ඵලං, න අඤ්ඤෙසං සාවකානං දින්නං මහප්ඵල’න්ති. යුත්තං නු ඛො සයම්පි භික්ඛාචාරනිස්සිතෙන පරෙසං භික්ඛාචාරනිස්සිතානං චතුන්නං පච්චයානං අන්තරායං කාතුං, අයුත්තං කරොති අනනුච්ඡවික”න්ති. සා කථා පත්ථරමානා රාජකුලං සම්පත්තා. රාජා සුත්වා චින්තෙසි – “අට්ඨානමෙතං යං තථාගතො පරෙසං ලාභන්තරායං කරෙය්ය. එතෙ තථාගතස්ස අලාභාය අයසාය පරිසක්කන්ති. සචාහං ඉධෙව ඨත්වා ‘මා එවං අවොචුත්ථ, න සත්ථා එවං කථෙතී’ති වදෙය්යං, එවං සා කථා නිජ්ඣත්තිං න ගච්ඡෙය්ය, ඉමස්ස මහාජනස්ස සන්නිපතිතකාලෙයෙව නං නිජ්ඣාපෙස්සාමී”ති එකං ඡණදිවසං ආගමෙන්තො තුණ්හී අහොසි.
සිවු වැන්නෙහි පැහැදිලි කිරීම් සාරාංශය නම්: භාග්‍යවතුන් වහන්සේටත්, භික්ෂු සංඝයාටත් බුද්ධත්වය ලැබූ ආසන්න කාලයෙහි මහත් ලාභ සත්කාර උපණි. (ලැබුණි) ලාභ සත්කාරයෙන් පිරිහුණු තීර්ථකයෝ පවුල්වලට මෙසේ කියමින් සැරිසරති: “ශ්‍රමණ ගෞතමයෝ මෙසේ කීහ: මට ම දන් දිය යුතු ය, අනෙක් අය හට දන් නො දිය යුතු ය, මගේ ශ්‍රාවකයිනට ම දන් දිය යුතු ය. අනෙක් ශ්‍රාවකයනට දන් නො දිය යුතු ය. මට ම දෙන ලද දානය මහත් ඵල වේ. අනෙක් අයට දෙන ලද්ද මහත් ඵල නො වේ. මගේ ම ශ්‍රාවකයිනට දෙන ලද (දානය) මහත් ඵල වේ. අන්‍ය ශ්‍රාවකයනට දෙන ලද්ද මහත් ඵල නො වේ. භික්ෂාචාරවලින් තමා ද යැපෙන්නකු විසින් (එසේ) භික්ෂාචාරවලින් යැපෙන අයගේ සිවුපසයට හානි සිදු කිරීම යුක්ති සහගත ද? අයුක්තියක් කරයි, නුසුදුසු දෙයක් කරයි.” පැතිරෙන මේ කථාව රජ පවුලට ද පැමිණියේ ය. රජතුමා (එය) අසා (මෙසේ) සිතී ය: “තථාගතයන් වහන්සේ අනුන්ගේ ලාභයට හානියක් කරති යන්න අභව්‍ය කාරණයකි, මොවුහු තථාගතයන් වහන්සේගේ අලාභය අයශය තකා උත්සාහ කරති. ඉදින් මම මෙහි ම සිට “එසේ නො කියනු මැනවි. බුදුන් වහන්සේ එවැන්නක් නො කියන සේකැයි කියම් ද, ඒ කථාව නො නවතින්නේ ය. මේ මහජනයා රැස්වන කාලයෙහි ම එය නවත්වන්නෙමැයි එක් උත්සව දිනයක් එන තෙක් නිහඬ ව සිටියේ ය.
අපරෙන සමයෙන මහාඡණෙ සම්පත්තෙ “අයං ඉමස්ස කාලො”ති නගරෙ භෙරිං චරාපෙසි – “සද්ධා වා අස්සද්ධා වා සම්මාදිට්ඨිකා වා මිච්ඡාදිට්ඨිකා වා ගෙහරක්ඛකෙ දාරකෙ වා මාතුගාමෙ වා ඨපෙත්වා අවසෙසා යෙ විහාරං නාගච්ඡන්ති, පඤ්ඤාසං දණ්ඩො”ති. සයම්පි පාතොව න්හත්වා කතපාතරාසො සබ්බාභරණපටිමණ්ඩිතො මහතා බලකායෙන සද්ධිං විහාරං අගමාසි. ගච්ඡන්තො ච චින්තෙසි – “භගවා තුම්හෙ කිර එවං වදථ ‘මය්හමෙව දානං දාතබ්බං…පෙ… න අඤ්ඤෙසං සාවකානං දින්නං මහප්ඵල’න්ති එවං පුච්ඡිතුං අයුත්තං, පඤ්හමෙව පුච්ඡිස්සාමි, පඤ්හං කථෙන්තො ච මෙ භගවා අවසානෙ තිත්ථියානං වාදං භඤ්ජිස්සතී”ති. සො පඤ්හං පුච්ඡන්තො කත්ථ නු ඛො, භන්තෙ, දානං දාතබ්බන්ති ආහ. යත්ථාති යස්මිං පුග්ගලෙ චිත්තං පසීදති, තස්මිං දාතබ්බං, තස්ස වා දාතබ්බන්ති අත්ථො.
පසු දිනෙක උත්සව අවස්ථා පැමිණි කල්හි මේ ඊට සුදුසු කාලය යි (සිතා) නුවර බෙර හැසිරවී ය. “ශ්රද්ධාවන්ත වූ හෝ අශ්රද්ධාවන්ත වූ, සම්මාදිට්ඨික හෝ මිච්ඡාදිට්ඨික වූ සියලු දෙනා, ගෙවල් රකින්නන් දරුවන් හෝ ගැහැණුන් හැර අවශේෂ අය විහාරයට නො එත් නම් (කහවණු) පනහක් දඩ යි.” තමා ද උදයෙහි ම ස්නානය කොට උදේ ආහාර වළඳා සියලු ආභරණවලින් සැරසී මහ බලකායක් ද සමඟ විහාරයට ගියේ ය. යමින් ම මෙසේ සිතී ය: “භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මට ම දානය දිය යුතු ය..... අන් ශ්‍රාවකයනට දෙන ලද්ද මහත් ඵල නො වේ’යි (කියා පවසන සේක් ද?) මෙසේ විමසීය අයුතු ය. ප්‍රශ්නයක් ම විමසමි. ප්රශ්නය විසඳන සේක් ම භාග්‍යවතුන් වහන්සේ අවසානයේ තීර්ථකයන්ගේ වාදය බිඳින සේක” යි ප්රශ්නය අසමින් “තත්ථ නුඛො භන්තෙ දානං දාතබ්බං” යි ඇසී ය. යත්ථ යම් පුද්ගලයෙකු කෙරෙහි චිත්තං පසීදති ඔහු කෙරෙහි දිය යුතු ය, ඔහුට හෝ දිය යුතුය යන අරුතයි.
එවං වුත්තෙ රාජා යෙහි මනුස්සෙහි තිත්ථියානං වචනං ආරොචිතං, තෙ ඔලොකෙසි. තෙ රඤ්ඤා ඔලොකිතමත්තාව මඞ්කුභූතා අධොමුඛා පාදඞ්ගුට්ඨකෙන භූමිං ලෙඛමානා අට්ඨංසු. රාජා – “එකපදෙනෙව, භන්තෙ, හතා තිත්ථියා”ති මහාජනං සාවෙන්තො මහාසද්දෙන අභාසි. එවඤ්ච පන භාසිත්වා – “භගවා චිත්තං නාම නිගණ්ඨාචෙලකපරිබ්බාජකාදීසු යත්ථ කත්ථචි පසීදති, කත්ථ පන, භන්තෙ, දින්නං මහප්ඵල”න්ති පුච්ඡි. අඤ්ඤං ඛො එතන්ති, “මහාරාජ, අඤ්ඤං තයා පඨමං පුච්ඡිතං, අඤ්ඤං පච්ඡා, සල්ලක්ඛෙහි එතං, පඤ්හාකථනං පන මය්හං භාරො”ති වත්වා සීලවතො ඛොතිආදිමාහ. තත්ථ ඉධ ත්යස්සාති ඉධ තෙ අස්ස. සමුපබ්යූළ්හොති රාසිභූතො. අසික්ඛිතොති ධනුසිප්පෙ අසික්ඛිතො. අකතහත්ථොති මුට්ඨිබන්ධාදිවසෙන අසම්පාදිතහත්ථො. අකතයොග්ගොති තිණපුඤ්ජමත්තිකාපුඤ්ජාදීසු අකතපරිචයො. අකතූපාසනොති රාජරාජමහාමත්තානං අදස්සිතසරක්ඛෙපො. ඡම්භීති පවෙධිතකායො.
එසේ කී කල රජතුමා, යම් මිනිසුන් විසින් තීර්ථකයන්ගේ වචනය දක්වන ලද ද ඔවුන් දෙස බැලී ය. ඔවුහු රජතුමා විසින් බලන ලද පමණින් ම දුර්මුඛ බවට පත්වූවෝ මුහුණු පහත් කර ගන්නාහු, පා ඇඟිලිවලින් බිම ඉරි අඳිමින් සිටියහ. රජතුමා “ස්වාමීනි, එක වචනයෙන් ම තීර්ථකයෝ නැසුනහ” යි මහජනයා අස්වමින් මහ හඬින් පැවසී ය. මෙසේ ද පවසා භාග්‍යවතුන් වහන්ස, නිගණ්ඨ, අචෙලක, පරිබ්‍රාජක ආදීන් කෙරෙහි ද සමහර විට සිත පැහැදේ, “කත්ථ පන භන්තෙ දින්නං මහප්ඵලං” (ස්වාමීනි, කවුරුන් කෙරෙහි දෙන ලද්ද මහත් ඵල ද?) යි විමසී ය. අඤ්ඤං ඛො එතං “මහරජ, ඔබ විසින් පළමුවෙන් විමසන ලද්ද එකකි. පසුව වෙනත් ප්‍රශ්නයක් ගැන සිතන්නෙහි; ප්රශ්නය විසඳාලීම මගේ වගකීමකි” යි කියා සීලවතො ඛො යනාදිය වදාළහ. එහි ඉධ ත්යස්ස ‘ඉධ තෙ අස්ස’ (මෙහි ඔබට වන්නේ ය) සමූපබ්බළ්හො එක් රැස් වූ, අසික්ඛිතො දුණු සිල්පයෙහි නුපුහුණු, අකතහත්ථො මිට බැඳීම ආදී වශයෙන් සම්පූර්ණ නො කළ අත් ඇති (කෘතහස්ත නො වූ), අකතයොග්ගො තණකොළ ගොඩ මැටි ගොඩ ආදියෙහි පරිචය නොමැති, අකතූපාසනො රාජරාජමහාමාත්‍යාදීන් හට ඊ විදීම නො දැක්වූ, ඡම්හී වෙවුළන සිරුර ඇත්තේ.
කාමච්ඡන්දො පහීනොතිආදීසු අරහත්තමග්ගෙන කාමච්ඡන්දො පහීනො හොති, අනාගාමිමග්ගෙන බ්යාපාදො, අරහත්තමග්ගෙනෙව ථිනමිද්ධං, තථා උද්ධච්චං, තතියෙනෙව කුක්කුච්චං, පඨමමග්ගෙන විචිකිච්ඡා පහීනා හොති.
කාමච්ඡන්දො පහීනො ආදියෙහි, අරහත් මගින් කාමච්ඡන්දය ප්‍රහීණ වූයේ වෙයි. අනාගාමි මාර්ගයෙන් ව්‍යාපාදය, අරහත් මාර්ගයෙන් ම ථීනමිද්ධය. එසේ ම දෙවැන්නෙන් උද්ධච්චය, තෘතීයයෙන් ම කුක්කුච්චය, ප්‍රථම මාර්ගයෙන් විචිකිච්ඡාව ප්‍රහීණ වූයේ වේ.
අසෙක්ඛෙන සීලක්ඛන්ධෙනාති අසෙක්ඛස්ස සීලක්ඛන්ධො අසෙක්ඛො සීලක්ඛන්ධො නාම. එස නයො සබ්බත්ථ. එත්ථ ච පුරිමෙහි චතූහි පදෙහි ලොකියලොකුත්තරසීලසමාධිපඤ්ඤාවිමුත්තියො කථිතා. විමුත්තිඤාණදස්සනං පච්චවෙක්ඛණඤාණං හොති, තං ලොකියමෙව.
අසෙඛෙන සීලක්ඛන්ධෙන අසේඛවූවහුගේ (රහත් බවට පත් වූවහුගේ) ශීලස්කන්ධය අසේඛ ශීලස්කන්ධය නමි. සියලු තන්හි මේ න්‍යාය ම ය. මෙහි ද මුල් පද හතරෙන් ලෞකික ලෝකෝත්තර ශීල සමාධි ප්‍රඥා විමුක්ති පවසන ලදි. විමුක්ති ඥාන දර්ශනය ප්රත්යවේක්ෂා ඥානය වේ. එය ලෞකික ම වේ.
ඉස්සත්තන්ති උසුසිප්පං. බලවීරියන්ති එත්ථ බලං නාම වායොධාතු, වීරියං කායිකචෙතසිකවීරියමෙව. භරෙති භරෙය්ය. නාසූරං ජාතිපච්චයාති, “අයං ජාතිසම්පන්නො”ති එවං ජාතිකාරණා අසූරං න භරෙය්ය.
ඉස්සත්ථං යනු දුණු ශිල්පය. බලවිරියං මෙහි ‘බල’ යනු වායෝ ධාතුව යි. ‘විරිය’ යනු කායික චෛතසික වීර්යය ම ය. භරෙ පෝෂණය කරන්නේ ය. නාසුරං ජාතිපච්චයා මොහු ජාති සම්පන්නය යි (ජාතියෙන් උසස් යයි) මෙසේ ජාතිය හේතුවෙන් ශූර නො වූ තැනැත්තා පෝෂණය නො කරන්නේ ය.
ඛන්තිසොරච්චන්ති එත්ථ ඛන්තීති අධිවාසනඛන්ති, සොරච්චන්ති අරහත්තං. ධම්මාති එතෙ ද්වෙ ධම්මා. අස්සමෙති ආවසථෙ. විවනෙති අරඤ්ඤට්ඨානෙ, නිරුදකෙ අරඤ්ඤෙ චතුරස්සපොක්ඛරණිආදීනි කාරයෙති අත්ථො. දුග්ගෙති විසමට්ඨානෙ. සඞ්කමනානීති පණ්ණාසහත්ථසට්ඨිහත්ථානි සමොකිණ්ණපරිසුද්ධවාලිකානි සඞ්කමනානි කරෙය්ය.
ඛන්තිසොරච්චං මෙහි ඛන්ති යනු ඉවසීම් ක්ෂාන්තිය යි. සොරච්චං අරහත් බව යි. ධම්මා මේ ධර්ම දෙක අස්සමෙ ආවාසයෙහි (ආශ්‍රමයෙහි), විවනෙ ආරණ්යස්ථානයෙහි, නිරුදක (ජලය නැති) වනයෙහි චතුරස්‍ර පොකුණු ආදිය කරවයි යන අරුත යි. දුග්ගෙ විෂම ස්ථානයෙහි (දුර්ගයෙහි), සඞ්කමනානි රියන් පනහක් රියන් හැටක් ඇතිරූ පිරිසිදු වැලි සහිත සක්මන් මළු කරන්නේ ය.
ඉදානි එතෙසු අරඤ්ඤසෙනාසනෙසු වසන්තානං භික්ඛූනං භික්ඛාචාරවත්තං ආචික්ඛන්තො අන්නං පානන්තිආදිමාහ. තත්ථ සෙනාසනානීති මඤ්චපීඨාදීනි. විප්පසන්නෙනාති ඛීණාසවස්ස දෙන්තොපි සකඞ්ඛෙන කිලෙසමලිනෙන චිත්තෙන අදත්වා විප්පසන්නෙනෙව චිත්තෙන දදෙය්ය. ථනයන්ති ගජ්ජන්තො. සතක්කකූති සතසිඛරො, අනෙකකූටොති අත්ථො. අභිසඞ්ඛච්චාති අභිසඞ්ඛරිත්වා සමොධානෙත්වා රාසිං කත්වා.
දැන් මේ ආරණ්‍ය සේනාසනවල වසන භික්ෂූන් වහන්සේලාට ආහාර පාන වතාවත් පිළිබඳ ව විස්තර කරනු කැමති වන සේක්, අන්නං පානං යනාදිය වදාළහ. සේනාසනාහි ඇඳ පුටු ආදිය, විප්පසන්නෙන ක්ෂීණාශ්රවයන් හට දෙන්නේ වුව ද සැක මුසු, කෙළෙස් මළින් යුතු සිතෙන් නො දී මැනවින් පැහැදුණු (පහන්) සිතින් ම දෙන්නේ ය. ථනයං ගර්ජනා කරමින්, සතක්කකු වැටුණු සිය ගණන් මුදුන් ඇති, නොයෙක් මුදුන් ඇති යනු අර්ථය යි. අභිසඞ්ඛච්ච පිළියෙල කොට, එකට තබා, රැස් කොට,
ආමොදමානොති තුට්ඨමානසො හුත්වා. පකිරෙතීති දානග්ගෙ විචිරති, පකිරන්තො විය වා දානං දෙති. පුඤ්ඤධාරාති අනෙකදානචෙතනාමයා පුඤ්ඤධාරා. දාතාරං අභිවස්සතීති යථා ආකාසෙ සමුට්ඨිතමෙඝතො නික්ඛන්තා උදකධාරා පථවිං සිනෙහයන්තී තෙමෙන්තී කිලෙදයන්තී අභිවස්සති, එවමෙව අයම්පි දායකස්ස අබ්භන්තරෙ උප්පන්නා පුඤ්ඤධාරා තමෙව දාතාරං අන්තො සිනෙහෙති පූරෙති අභිසන්දෙති. තෙන වුත්තං “දාතාරං අභිවස්සතී”ති.
ආමොදමානො සතුටු සිත් ඇත්තේ වී, පකිරෙති දානාදියෙහි යෙදෙයි. විසුරුවන්නාක් මෙන් හෝ දන් දෙයි. පුඤ්ඤධාරා නොයෙක් චේතනාමය පුණ්‍ය ධාරා, දාතාරං අභිවස්සති යම් සේ අහසේ හට ගත් වළාකුලින් නික්මෙන ජල ධාරාව පොළොව මෘදු කරමින්, තෙමමින් තෙත් කරමින් වැසි වස්වයි ද, එසේ ම මෙය ද දායකයාගේ අභ්‍යන්තරයෙහි උපන් පුණ්‍ය ධාරාව ඒ දෙන තැනැත්තා ම ඇතුළතින් තෙමයි, පුරවයි, උතුරා යවයි. එහෙයින් ‘දාතාරං අභිවස්සති’ (දෙන තැනැත්තා මැනවින් තෙමයි) යි (කියන ලදි.)
චතුත්ථං.
සිවු වැනි සූත්‍රය යි.
5. පබ්බතූපමසුත්තවණ්ණනා
5. පබ්බතූපම සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ මුද්ධාවසිත්තානන්ති ඛත්තියාභිසෙකෙන මුද්ධනි අවසිත්තානං කතාභිසෙකානං. කාමගෙධපරියුට්ඨිතානන්ති කාමෙසු ගෙධෙන පරියුට්ඨිතානං අභිභූතානං. ජනපදත්ථාවරියප්පත්තානන්ති ජනපදෙ ථිරභාවප්පත්තානං. රාජකරණීයානීති රාජකම්මානි රාජූහි කත්තබ්බකිච්චානි. තෙසු ඛ්වාහන්ති තෙසු අහං. උසුක්කමාපන්නොති බ්යාපාරං ආපන්නො. එස කිර රාජා දිවසස්ස තික්ඛත්තුං භගවතො උපට්ඨානං ගච්ඡති, අන්තරාගමනානි බහූනිපි හොන්ති. තස්ස නිබද්ධං ගච්ඡතො බලකායො මහාපි හොති අප්පොපි. අථෙකදිවසං පඤ්චසතා චොරා චින්තයිංසු – “අයං රාජා අවෙලාය අප්පෙන බලෙන සමණස්ස ගොතමස්ස උපට්ඨානං ගච්ඡති, අන්තරාමග්ගෙ නං ගහෙත්වා රජ්ජං ගණ්හිස්සාමා”ති. තෙ අන්ධවනෙ නිලීයිංසු. රාජානො ච නාම මහාපුඤ්ඤා හොන්ති. අථ තෙසංයෙව අබ්භන්තරතො එකො පුරිසො නික්ඛමිත්වා රඤ්ඤො ආරොචෙසි. රාජා මහන්තං බලකායං ආදාය අන්ධවනං පරිවාරෙත්වා තෙ සබ්බෙ ගහෙත්වා අන්ධවනතො යාව නගරද්වාරා මග්ගස්ස උභොසු පස්සෙසු යථා අඤ්ඤමඤ්ඤං චක්ඛුනා චක්ඛුං උපනිබන්ධිත්වා ඔලොකෙන්ති, එවං ආසන්නානි සූලානි රොපාපෙත්වා සූලෙසු උත්තාසෙසි. ඉදං සන්ධාය එවමාහ.
පස් වැන්නේ - මුද්ධාවසිත්තානං ක්ෂත්රිය අභිෂේකයෙන් හිස මත පැන් වත් කරනු ලැබූ, අභිෂේක කරන ලද, කාමගෙධ පරියුට්ඨිතානං කාමයන්හි ගිජු බවින් වෙළුණු, මැඩ පැවැත්වුණු, ජනපදත්ථාවරියපත්තානං ජනපදයෙහි ස්ථිර බවට පත්වූ, රාජකරණීයානි රජුගේ කටයුතු, රජුන් විසින් කළ යුතු කටයුතු, තෙස්වාහං ‘තෙසු අහං’ (ඒවාහි මම), උස්සුක්කං ආපන්නො ව්‍යාපාරයට පැමිණියේ (උත්සුක බවට පැමිණියේ). මේ රජතුමා දිනකට තෙවරක් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන සඳහා යයි. අතරතුර ගමන් ද බොහෝ වේ. නිබඳ ව යන ඔමුගේ සේනාව මහත් ද වේ. සුළු වෙත් ද වේ. එක් දිනක පන් සියය්ක සොරු (මෙසේ) කතිකා කරගත්හ; “මේ රජතුමා අවේලාවේ සුළු සෙනඟක් සමඟ ශ්‍රමණ ගෞතමයන්ට උපස්ථාන කිරීම පිණිස යයි. අතරමග දී ඔහු අල්ලා ගෙන රාජ්‍යය ගන්නෙමු යි. ඔවුහු අතරමග අන්ධ වනයෙහි සැඟවී සිටියහ. රජවරු නම් මහා පුණ්‍යවන්තයෝ ය. ඉක්බිති ඔවුන් අතරින් ම එක් පුරුෂයෙක් නික්ම ගොස් රජුට දැන්වී ය. රජතුමා මහ සෙනඟක් ගෙන අන්ධ වනය වටලා ඒ සියලු දෙනා අල්ලා ගෙන අන්ධ වනයෙහි සිට නගර දොරටුව දක්වා මග පෙදෙස යම් සේ එකිනෙකා ඇසින් ඇස ගටා බලත් ද එසේ ආසන්න ලෙස උල් හිටවා උල්වල තැති ගැන්වී ය. ඒ අරභයා මෙසේ කී ය.
අථ සත්ථා චින්තෙසි – “සචාහං වක්ඛාමි, ‘මහාරාජ, මාදිසෙ නාම සම්මාසම්බුද්ධෙ ධුරවිහාරෙ වසන්තෙ තයා එවරූපං දාරුණං කම්මං කතං, අයුත්තං තෙ කත’න්ති, අථායං රාජා මඞ්කු හුත්වා සන්ථම්භිතුං න සක්කුණෙය්ය, පරියායෙන ධම්මං කථෙන්තස්සෙව මෙ සල්ලක්ඛෙස්සතී”ති ධම්මදෙසනං ආරභන්තො තං කිං මඤ්ඤසීතිආදිමාහ.
ඉක්බිති බුදුන් වහන්සේ (මෙසේ) සිතූහ: ඉදින් මහරජ, මා වැනි සම්මා සම්බුද්ධ කෙනෙකුන් ආසන්නයෙහි වාසය කරන කල්හි ඔබ විසින් මේ ආකාරයේ දරුණු ක්‍රියාවක් කරන ලද ද, ඔබ විසින් අයුක්තක් කරන ලදී යි මම කියන්නෙම් නම් එවිට මේ රජතුමා දුර්මුඛ ව තැති ගැන්වීමට නො හැකි වන්නේ යි ක්‍රමයෙන් ධර්මය ප්‍රකාශ කරන්නා වූ ම මට අවධානය යොමු කරන්නේ යයි ධර්ම දේශනාව ආරම්භ කරන සේක් තං කිං මඤ්ඤසි යි ආදිය වදාළ සේක.
තත්ථ සද්ධායිකොති සද්ධාතබ්බො, යස්ස ත්වං වචනං සද්දහසීති අත්ථො. පච්චයිකොති තස්සෙව වෙවචනං, යස්ස වචනං පත්තියායසීති අත්ථො. අබ්භසමන්ති ආකාසසමං. නිප්පොථෙන්තො ආගච්ඡතීති පථවිතලතො යාව අකනිට්ඨබ්රහ්මලොකා සබ්බෙ සත්තෙ සණ්හකරණීයං තිණචුණ්ණං විය කරොන්තො පිසන්තො ආගච්ඡති.
එහි දී සද්ධායිකො ඇදහිය යුතු, යමෙකුගේ වචන ඔබ අදහන්නෙහි ද යන අර්ථ යි. පච්චයිකො ඊට ම සමාන වචනයකි, යමෙකුගේ වචන විශ්වාස කරහි ද යන අර්ථ යි. අබ්භසමං ආකාශය හා සමාන, නිප්පොඨෙන්තො ආගච්ඡති පෘථිවි තලයේ සිට අකණිටා බ්‍රහ්ම ලෝකය දක්වා සියලු සත්ත්වයන් තෙල් සිඳින උපකරණයෙහි තල පිටි කරමින් මෙන් පැමිණෙයි.
අඤ්ඤත්ර ධම්මචරියායාති ඨපෙත්වා ධම්මචරියං අඤ්ඤං කාතබ්බං නත්ථි, දසකුසලකම්මපථසඞ්ඛාතා ධම්මචරියාව කත්තබ්බා, භන්තෙති – සමචරියාදීනි තස්සෙව වෙවචනානි.
අඤ්ඤත්ර ධම්මචරියාය ධර්මචර්යාව හැර දමා වෙනත් කළ යුත්තක් නැත. ස්වාමීනි, දශ කුශලකර්මපථ සංඛ්‍යාත වූ ධර්මචර්යාව කළ යුත්තේ ය. සමචරියා ආදිය ඊට ම සමාන වචනයකි.
ආරොචෙමීති ආචික්ඛාමි. පටිවෙදයාමීති ජානාපෙමි. අධිවත්තතීති අජ්ඣොත්ථරති. හත්ථියුද්ධානීති නාළාගිරිසදිසෙ හෙමකප්පනෙ නාගෙ අභිරුය්හ යුජ්ඣිතබ්බයුද්ධානි. ගතීති නිප්ඵත්ති. විසයොති ඔකාසො, සමත්ථභාවො වා. න හි සක්කා තෙහි ජරාමරණං පටිබාහිතුං. මන්තිනො මහාමත්තාති මන්තසම්පන්නා මහොසධවිධුරපණ්ඩිතාදිසදිසා මහාඅමච්චා. භූමිගතන්ති මහාලොහකුම්භියො පූරෙත්වා භූමියං ඨපිතං. වෙහාසට්ඨන්ති චම්මපසිබ්බකෙ පූරෙත්වා තුලාසඞ්ඝාටාදීසු ලග්ගෙත්වා චෙව නිය්යුහාදීසු ච පූරෙත්වා ඨපිතං. උපලාපෙතුන්ති අඤ්ඤමඤ්ඤං භින්දිතුං. යථා ද්වෙ ජනා එකෙන මග්ගෙන න ගච්ඡන්ති එවං කාතුං.
ආරොචෙමි පවසමි, පටිවෙදයාමි දන්වමි, අධිවත්තති යටත් කරයි (වසා සිටියි); හත්ථියුද්ධානි නාලාගිරි සමාන හේම (නම් ඇත්) කුලයට බඳු ඇතුන් පිට නැගී යුද කළ යුතු යුද්ධ, ගති ඵලයක්, විසයො අවකාශයක් (ඉඩක්), සමත් බවක් හෝ, ඒවායින් ජරාමරණ වැළැක්වීමට නො හැකි වේ. මන්තිනො මහාමත්තා ප්‍රඥා සම්පන්න වූ මහෞෂධ පණ්ඩිත විධුර පණ්ඩිත ආදීන් හා සමාන වූ මහා අමාත්‍යවරු භූමිගතං මහාලෝහ (රන්) කළ පුරවා බිම තබන ලද, වෙහාසට්ඨං හම් පසුම්බියක පුරවා තරාදි වළලු ආදියෙහි බහා මෙන් කොතක පුරවා තබන ලද, උපලාපෙතුං එකිනෙකා බිඳවීමට; යම් සේ මිනිසුන් දෙදෙනෙක් එක මග නොයෙත් ද, එසේ කිරීමට.
නභං ආහච්චාති ආකාසං පූරෙත්වා. එවං ජරා ච මච්චු චාති ඉධ ද්වෙයෙව පබ්බතා ගහිතා, රාජොවාදෙ පන “ජරා ආගච්ඡති සබ්බයොබ්බනං විලුම්පමානා”ති එවං ජරා මරණං බ්යාධි විපත්තීති චත්තාරොපෙතෙ ආගතාව. තස්මාති යස්මා හත්ථියුද්ධාදීහි ජරාමරණං ජිනිතුං න සක්කා, තස්මා. සද්ධං නිවෙසයෙති සද්ධං නිවෙසෙය්‍ය, පතිට්ඨාපෙය්යාති.
නභං ආහච්ච අහස පුරවා, එවං ජරා ච මච්චූ ච මේ පර්වත දෙක ම ගන්නා ලදි. රජුට දෙන උපදේශයෙහි සියලු යෞවනය විලෝපනය කරමින් ජරාව පැමිණේ. මෙසේ ජරා මරණ ව්‍යාධි විපත්ති යන මේ සතර ම පැමිණියේ ම ය. තස්මා යම් ලෙසකින් හස්ති යුද්ධ ආදියෙන් ජරා මරණ දිනා ගැනීමට නො හැක්කේ ද එහෙයින්; සද්ධං නිවෙසයෙ ශ්‍රද්ධාව ‘නිවෙසෙය්‍ය’ පිහිටු වන්නේ ය.
පඤ්චමං.
පස් වැනි සූත්‍රය යි.
තතියො වග්ගො.
ඉති සාරත්ථප්පකාසිනියා සංයුත්තනිකාය-අට්ඨකථාය කොසලසංයුත්තවණ්ණනා නිට්ඨිතා.
මෙසේ කෝසල සංයුත්ත වර්ණනාව නිමියේ ය.