යෙදුමෙන් කියවන්න

පබ‍්බතූපමසුත‍්තං

3. 3. 5.

3. 3. 5.

පබ‍්බතූපමසුත‍්තං

පබ්බතූපම සූත්‍රය

136. සාවත්‍ථියං–

136. සැවැත්නුවර–

එකමන‍්තං නිසින‍්නං ඛො රාජානං පසෙනදිං කොසලං භගවා එතදවොච: හන්‍ද කුතො නු ත්‍වං මහාරාජ ආගච‍්ඡසි දිවා දිවස‍්සාති?

එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහරජ තෙපි දැන් මේ දෙවෙන් දවාලෙහි කොහි සිට එවුද?

යානි තානි භන‍්තෙ රඤ‍්ඤං ඛත‍්තියානං මුද‍්ධාවසිත‍්තානං ඉස‍්සරියමදමත‍්තානං කාමගෙධපරියුට‍්ඨිතානං ජනපදත්‍ථාවරියප‍්පත‍්තානං මහන‍්තං පඨවිමණ‍්ඩලං අභිවිජිය අජ‍්ඣාවසන‍්තානං රාජකරණීයානි සන‍්ති, තෙස‍්වාහං එතරහි උස‍්සුක‍්කං ආපන‍්නොති.

වහන්ස, ඉසුරුමෙදෙන් මත් වූ කාමයෙහි ගිජු බැවින් මැඩුනු දනව්හි තිරබවට පත් මුදුන්හි අභිෂේක කරණ ලද මහත් පොළෝමඬල දිනා අධිපතිව වෙසෙන කැත් රජුන්ට යම් ඒ රජකටයුතු ඇද්ද, මම දැන් එහි උත්සුකබවට පැමිණියෙම් වෙමි.

තං කිම‍්මඤ‍්ඤසි මහාරාජ, ඉධ තෙ පුරිසො ආගච‍්ඡෙය්‍ය පුරත්‍ථිමාය දිසාය සද‍්ධායිකො පච‍්චයිකො. සො තං උපසඞ‍්කමිත්‍වා එවං වදෙය්‍ය: යග‍්ඝෙ මහාරාජ ජානෙය්‍යාසි: අහං ආගච‍්ඡාමි පුරත්‍ථිමාය දිසාය. තත්‍ථද‍්දසං මහන‍්තං පබ‍්බතං අබ‍්භසමං. සබ‍්බෙ පාණෙ නිප‍්පොඨෙන‍්තො ආගච‍්ඡති. යං තෙ මහාරාජ කරණීයං තං කරොහීති. අථ දුතියො පුරිසො ආගච‍්ඡෙය්‍ය දක‍්ඛිණාය දිසාය -පෙ- අථ තතියො පුරිසො ආගච‍්ඡෙය්‍ය පච‍්ඡිමාය දිසාය -පෙ- අථ චතුත්‍ථො පුරිසො ආගච‍්ඡෙය්‍ය උත‍්තරාය දිසාය සද‍්ධායිකො පච‍්චයිකො. සො තං උපසඞ‍්කමිත්‍වා එවං වදෙය්‍ය: යග‍්ඝෙ මහාරාජ ජානෙය්‍යාසි: අහං ආගච‍්ඡාමි උත‍්තරාය දිසාය. තත්‍ථද‍්දසං මහන‍්තං පබ‍්බතං අබ‍්භසමං. සබ‍්බෙ පාණෙ නිප‍්පොඨෙන‍්තො ආගච‍්ඡති. යං තෙ මහාරාජ කරණීයං තං කරොහීති. එවරූපෙ තෙ මහාරාජ මහති මහබ‍්භයෙ සමුප‍්පන‍්නෙ දාරුණෙ මනුස‍්සක‍්ඛයෙ දුල‍්ලභෙ මනුස‍්සත‍්තෙ කිමස‍්ස කරණීයන‍්ති?

මහරජ, ඒ කුමකැයි හගිහු ද? මෙහි තොප විසින් ඇදහියයුතු පිළිගත හැකි වචන ඇති පුරුෂයෙක් පෙර දිගින් එන්නේ ය. හෙ තෙමේ තොප වෙත එළඹ “දේවයන් වහන්ස, දැන වදාළ මැනවි. මම පෙරදිග සිට එමි. එහි අහස හා සම වූ මහපව්වක් දිටිමි. සියලු සතුන් සුණු කෙරෙමින් එයි. දේවයන් වහන්ස, නුඹවහන්සේ විසින් යමක් කටයුතු නම් එය කරණු මැනවැ”යි මෙසේ සැළ කරන්නේ ය. ඉක්බිති දෙවෙනි පුරුෂයෙක් දකුණු දිග සිට එයි….. ඉක්බිති තෙවෙනි පුරුෂයෙක් පැසුළු දිග සිට එයි …. ඉක්බිති ඇදහිය යුතු පිළිගත හැකි වචන ඇති සිව්වැනි පුරුෂයෙක් උතුරු දිග සිට එයි. හෙ තෙමේ තොප වෙත එළඹ “දේවයන් වහන්ස, දැන වදාළ මැනවි. මම උතුරුදිග සිට එමි. එහි අහස හා සම වූ මහපව්වක් දිටිමි. සියලු සතුන් සුණු කෙරෙමින් එයි. දේවයන් වහන්ස, නුඹවහන්සේ විසින් යමක් කටයුතු නම් එය කරණු මැනවැ”යි මෙසේ සැළ කරන්නේ ය. මහරජ, දරුණු වූ මිනිසුන් නසන මහත් වූ මෙබඳු නපුරු බියක් හටගත් කල්හි දුබල මිනිසත් බැව්හි වූ තොප විසින් කිමෙක් කටයුතු වන්නේ ද?

එවරූපෙ මෙ භන‍්තෙ මහති මහබ‍්භයෙ සමුප‍්පන‍්නෙ දාරුණෙ මනුස‍්සක‍්ඛයෙ දුල‍්ලභෙ මනුස‍්සත‍්තෙ කිමස‍්ස කරණීයං අඤ‍්ඤත්‍ර ධම‍්මචරියාය සමචරියාය කුසලකිරියාය පුඤ‍්ඤකිරියායාති.

වහන්ස, දරුණු වූ මිනිසුන් නසන මහත් වූ මෙබඳු නපුරු බියක් හටගත් කල්හි දුබල මිනිසත් බැව්හි ධර්‍මචර්‍ය්‍යාව සමචර්‍ය්‍යාව කුශලක්‍රියාව පුණ්‍යක්‍රියාව හැර අන් කිමෙක් කටයුතු වන්නේ ද.

ආරොචෙමි ඛො තෙ මහාරාජ, පතිවෙදයාමි ඛො තෙ මහාරාජ, අධිවත‍්තති ඛො තං මහාරාජ ජරාමරණං. අධිවත‍්තමානෙ ච තෙ මහාරාජ, ජරාමරණෙ කිමස‍්ස කරණීයන‍්ති?

මහරජ, තොපට කියමි. මහරජ, තොපට දන්වමි. මහරජ, ජරාමරණ දෙක තොප මැඩ ගෙණ සිටී. මහරජ, ජරාමරණ දෙක තොප මැඩ ගෙණ සිටි කල්හි තොප විසින් කිමෙක් කටයුතු වන්නේ ද?

අධිවත‍්තමානෙ ච මෙ භන‍්තෙ ජරාමරණෙ කිමස‍්ස කරණීයං අඤ‍්ඤත්‍ර ධම‍්මචරියාය සමචරියාය කුසලකිරියාය පුඤ‍්ඤකිරියාය.

වහන්ස, ජරාමරණ දෙක (අප) මැඩ ගෙණ සිටි කල්හි ධර්‍මචර්‍ය්‍යාව සමචර්‍ය්‍යාව කුසලක්‍රියාව පුණ්‍යක්‍රියාව හැර මාවිසින් අන් කිමෙක් කටයුතු වන්නේ ද.

යානි තානි භන‍්තෙ රඤ‍්ඤං ඛත‍්තියානං මුද‍්ධාවසිත‍්තානං ඉස‍්සරියමදමත‍්තානං කාමගෙධපරියුට‍්ඨිතානං ජනපදත්‍ථාවරියප‍්පත‍්තානං මහන‍්තං පඨවිමණ‍්ඩලං අභිවිජිය අජ‍්ඣාවසන‍්තානං හත්‍ථියුද‍්ධානි භවන‍්ති. තෙසම‍්පි භන‍්තෙ හත්‍ථියුද‍්ධානං නත්‍ථි ගති නත්‍ථි විසයො අධිවත‍්තමානෙ ජරාමරණෙ.

වහන්ස, ඉසුරුමෙදෙන් මත් වූ කාමයෙහි ගිජුබැවින් මඩනාලද දනව්හි තිරබවට පත් මහත් පොළෝමඬල දිනා අධිපති ව වෙසෙන මුදුන අභිෂේක කළ කැත් රජුන්ගේ යම් ඒ ඇත්යුධ වේ නම් වහන්ස, ජරාමරණදෙක අප (මැඩ) ගෙණ සිටි කල්හි ඒ ඇත් යුදවලට ද වැඩෙක් නැත. සමත්බවෙක් නැත.

යානිපි තානි භන‍්තෙ රඤ‍්ඤං ඛත‍්තියානං මුද‍්ධාවසිත‍්තානං -පෙ- අස‍්සයුද‍්ධානි භවන‍්ති -පෙ- රථයුද‍්ධානි භවන‍්ති -පෙ- පත‍්තියුද‍්ධානි භවන‍්ති. තෙසම‍්පි භන‍්තෙ පත‍්තියුද‍්ධානං නත්‍ථි ගති නත්‍ථි විසයො අධිවත‍්තමානෙ ජරාමරණෙ.

වහන්ස, මුදුන අභිෂේක කළ … කැත් රජුන්ගේ යම් ඒ අස්යුද වේ නම් … රථයුද වේ නම් … පාබලයුද වේ නම් වහන්ස, ජරා මරණ දෙක අප මැඩ ගෙණ සිටි කල්හි ඒ පාබළ යුධවලට ද වැඩෙක් නැත. සමත් බවෙක්ද නැත.

සන‍්ති ඛො පන භන‍්තෙ ඉමස‍්මිං රාජකුලෙ මන‍්තිනො මහාමත‍්තා යෙ පහොන‍්ති ආගතෙ පච‍්චත්‍ථිකෙ මන‍්තෙහි භෙදයිතුං. තෙසම‍්පි භන‍්තෙ මන‍්තයුද‍්ධානං නත්‍ථි ගති නත්‍ථි විසයො අධිවත‍්තමානෙ ජරාමරණෙ.

වහන්ස, යම් කෙනෙක් ආවා වූ සතුරන් මන්ත්‍රණයෙන් බිඳුවා ලන්නට සමත් වෙත් නම් එබඳු මැති ඇමතිකෙනෙක් මේ රජකුලයෙහි ඇත. වහන්ස, ජරාමරණ දෙක අප මැඩ ගෙණ සිටි කල්හි ඒ මන්ත්‍රයුද්ධයන්ට ද වැඩෙක් නැත. සමත් බවෙක් නැත.

සංවිජ‍්ජති ඛො පන භන‍්තෙ ඉමස‍්මිං රාජකුලෙ පහූතං හිරඤ‍්ඤසුවණ‍්ණං භූමිගතඤ‍්චෙව වෙහාසට‍්ඨඤ‍්ච. යෙන මයං පහොම ආගතෙ පච‍්චත්‍ථිකෙ ධනෙන උපලාපෙතුං. තෙසම‍්පි භන‍්තෙ ධනයුද‍්ධානං නත්‍ථි ගති නත්‍ථි විසයො අධිවත‍්තමානෙ ජරාමරණෙ.

වහන්ස, ආවා වූ සතුරන් ධනයෙන් පොලඹවා ගන්නට යම් ධනයෙකින් අපි සමර්‍ත්‍ථ වමෝ නම් පිහිටියා වූත් අහස සිටියා වූත් එබඳු බොහෝ රන් අමුරන් මේ රදකුලයෙහි ඇත. වහන්ස, ජරාමරණදෙක අප මැඩ ගෙණ සිටි කල්හි ඒ ධනයුද්ධයන්ට ද වැඩෙක් නැත. සමත් බවෙක් නැත.

අධිවත‍්තමානෙ ච මෙ භන‍්තෙ ජරාමරණෙ කිමස‍්ස කරණීයං අඤ‍්ඤත්‍ර ධම‍්මචරියාය සමචරියාය කුසලකිරියාය පුඤ‍්ඤකිරියායාති.

වහන්ස, ජරාමරණ දෙක මා මැඩ ගෙණ සිටි කල්හි ධර්‍මචර්‍ය්‍යාව, සමචර්‍ය්‍යාව, කුශලක්‍රියාව, පුණ්‍යක්‍රියාව හැර මා විසින් අන් කිමෙක් කටයුතු වන්නේ ද.

එවමෙතං මහාරාජ, එවමෙතං මහාරාජ, අධිවත‍්තමානෙ ච තෙ ජරාමරණෙ කිමස‍්ස කරණීයං අඤ‍්ඤත්‍ර ධම‍්මචරියාය සමචරියාය කුසලකිරියාය පුඤ‍්ඤකිරියායාති.

මහරජ, තෙල එසේය. මහරජ. තෙල එසේ ය. ජරාමරණදෙක (තොප) මැඩගෙණ සිටි කල්හි ධර්‍මචර්‍ය්‍යාව, සමචර්‍ය්‍යාව, කුශලක්‍රියාව, පුණ්‍යක්‍රියාව හැර තොප විසින් අන් කිමෙක් කටයුතු වන්නේ ද.

ඉදමවොච භගවා. ඉදං වත්‍වා සුගතො අථාපරං එතදවොච සත්‍ථා:

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා වැලි අන්‍ය වූ තෙල ගාපෙල ද වදාළ සේක:

යථාපි සෙලා විපුලා නභං ආහච‍්ච පබ‍්බතා, සමන‍්තා අනුපරියෙය්‍යුං නිප‍්පොඨෙන‍්තො චතුද‍්දිසා.

යම්සේ මහත් වූ ශෛලමය වූ අහස හැපී (සිටි) පර්‍වතයෝ හාත්පස සිවු දිගුන් සුණු කෙරෙමින් පෙරළී එන්නාහු ද,

එවං ජරා ච මච‍්චු ච අධිවත‍්තන‍්ති පාණිනො, ඛත‍්තියෙ බ්‍රාහ‍්මණෙ වෙස‍්සෙ සුද‍්දෙ චණ‍්ඩාලපුක‍්කුසෙ, න කිඤ‍්චි පරිවජ‍්ජෙති සබ‍්බමෙවාභිමද‍්දති.

එසේ ජරාවත් මරණයත් ක්‍ෂත්‍රියයන් ද බ්‍රාහ්මණයන් ද වෛශ්‍යයන් ද ශුද්‍රයන් ද සැඬොල් පුස්සඬු කුලයෙහි වුවන්ද යන සියලු සතුන් යට කෙරෙත්. කිසිවක් අත් නො හරී. සියල්ල ම මඩී.

න තත්‍ථ හත්‍ථීනං භූමි න රථානං න පත‍්තියා, න චාපි මන‍්තයුද‍්ධෙන සක‍්කා ජෙතුං ධනෙන වා.

එහි ඇතුන්ට ද රථයන්ට ද පාබලසෙනඟ ට ද විෂයස්ථාන නො වේ. මන්ත්‍රයුද්ධයෙන් හෝ ධනයෙන් හෝ දනන්නට නො ම හැක්කේ ය.

තස‍්මා හි පණ‍්ඩිතො පොසො සම‍්පස‍්සං අත්‍ථමත‍්තනො, බුද‍්ධෙ ධම‍්මෙ ච සඞ‍්ඝෙ ච ධීරො සද‍්ධං නිවෙසයෙ.

එහෙයින් ධෛර්‍ය්‍යවත් වූ නුවණැති පුරුෂ තෙමේ තමහට වැඩ දක්නේ බුදුන් කෙරෙහි ද ධර්‍මය කෙරෙහි ද සඞ්ඝයා කෙරෙහි ද ශ්‍රද්ධාව පිහිටුවන්නේ ය.

යො ධම‍්මචාරී කායෙන වාචාය උද චෙතසා, ඉධෙව නං පසංසන‍්ති පෙච‍්ච සග‍්ගෙ පමොදතීති.

යමෙක් කයින් ද වචනයෙන් ද යලි සිතින් ද ධර්‍මයෙහි හැසිරෙණ සුලු ද (නුවණැත්තෝ) මෙලොව ම ඔහු පස්සත්. පරලොව ස්වර්‍ගයෙහි සතුටු වෙයි.

කොසලවග‍්ගො තතියො.

කෝසල වර්‍ගය තුන් වැනියි.

තත්‍රුද‍්දානං:

එහි උද්දානය:

පුග‍්ගලො අය්‍යකා ලොකො ඉස‍්සත්‍ථං පබ‍්බතූපමං, දෙසිතං බුද‍්ධසෙට‍්ඨෙන ඉමං කොසලපඤ‍්චකන‍්ති.

පුග්ගල, අය්‍යකා, ලෝක, ඉස්සත්‍ථ, පබ්බතූපම සූත්‍රය යන මේ කෝසලපඤ්චකය ශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරණ ලදී.

කොසලසංයුත‍්තං සමත‍්තං.

කෝසලසංයුත්තය නිමියේ ය.