යෙදුමෙන් කියවන්න

ඉස‍්සත්‍ථසුත‍්තං

3. 3. 4.

3. 3. 4.

ඉස‍්සත්‍ථසුත‍්තං.

ඉස්සත්‍ථ සූත්‍රය

135. සාවත්‍ථියං–

135. සැවැත්නුවර–

එකමන‍්තං නිසින‍්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන‍්තං එතදවොච: කත්‍ථ නු ඛො භන‍්තෙ දානං දාතබ‍්බන‍්ති? යත්‍ථ ඛො මහාරාජ, චිත‍්තං පසීදතීති. කත්‍ථ පන භන‍්තෙ දින‍්නං මහප‍්ඵලන‍්ති. අඤ‍්ඤං ඛො එතං මහාරාජ කත්‍ථ දානං දාතබ‍්බං. අඤ‍්ඤං පනෙතං කත්‍ථ දින‍්නං මහප‍්ඵලන‍්ති. සීලවතො ඛො මහාරාජ දින‍්නං මහප‍්ඵලං නො තථා දුස‍්සීලෙ. තෙන හි මහාරාජ තඤ‍්ඤෙවෙත්‍ථ පටිපුච‍්ඡිස‍්සාමි. යථා තෙ ඛමෙය්‍ය තථා නං බ්‍යාකරෙය්‍යාසි.

එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, කවුරුන් විෂයෙහි දන් දියයුතු ද? මහරජ, යමකු කෙරෙහි සිත පහ දී ද (ඔහුට දියයුතුයි) වහන්ස, කවුරුන් කෙරෙහි දෙන ලද්දේ මහත්ඵල වේ ද? මහරජ, කවුරුන් කෙරෙහි දන් දියයුතු ද? යන මෙය අනෙකෙකි. කවුරුන් කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වේ ද? යන මෙය අනෙකෙකි. මහරජ, සිල්වතාට දෙන ලද්ද මහත්ඵල වේ. දුශ්ශීලයා කෙරෙහි එසේ නො වේ. මහරජ, එසේ නම් මෙහි ලා තොප ම පුළුවුස්නෙමි. යම්සේ තොපට වැටහේ නම් එසේ එය පවසව.

තං කිම‍්මඤ‍්ඤසි මහාරාජ, ඉධ ත්‍යාස‍්ස යුද‍්ධං පච‍්චුපට‍්ඨිතං සඞ‍්ගාමො සමුපබ‍්බූළ‍්හො, අථ ආගච‍්ඡෙය්‍ය ඛත‍්තියකුමාරො අසික‍්ඛිතො අකතහත්‍ථො අකතයොග‍්ගො අකතූපාසනො භීරුඡම‍්භී උත්‍රාසී පලායී. භරෙය්‍යාසි තං පුරිසං? අත්‍ථො ච තෙ තාදිසෙන පුරිසෙනාති. නාහං භන‍්තෙ භරෙය්‍යං තං පුරිසං. න ච මෙ අත්‍ථො තාදිසෙන පුරිසෙනාති.

මහරජ, ඒ කුමැයි හඟිහු ද? මෙහි තොපට යුද්ධයෙක් එළඹ සිටියේ වන්නේ ය. යුදසෙනඟ රැස්වූයේ වන්නේ ය. එකල්හි දුනුසිප්හි නුපුහුණු කෘතහස්ත නො වූ විදීමෙහි නුපුරුදු සිප් දැක්වුම් නො කළ බියගුලු වෙවුළන තැතිගන්නා සුලු පලා යන කැත් කුමරෙක් එන්නේ නම් ඒ පුරුෂයා පෝෂණය කරවූ ද, එබඳු පුරුෂයෙකුගෙන් තොපට වැඩ ඇත් ද? වහන්ස, මම එබඳු පුරුෂයා පෝෂණය නොකරන්නෙමි. එබඳු පුරුෂයකුගෙන් මට වැඩෙක් ද නැත.

අථ ආගච‍්ඡෙය්‍ය බ්‍රාහ‍්මණකුමාරො අසික‍්ඛිතො -පෙ- අථ ආගච‍්ඡෙය්‍ය වෙස‍්සකුමාරො අසික‍්ඛිතො -පෙ- අථ ආගච‍්ඡෙය්‍ය සුද‍්දකුමාරො අසික‍්ඛිතො -පෙ- භරෙය්‍යාසි තං පුරිසං? අත්‍ථො ච ඛො තෙ තාදිසෙන පුරිසෙනාති? නාහං භන‍්තෙ භරෙය්‍යං තං පුරිසං. න ච මෙ අත්‍ථො තාදිසෙන පුරිසෙනාති.

එකල්හි නුපුහුණු බමුණු කුමරෙක් එන්නේ නම් … එකල්හි නුපුහුණු වෙස්කුමරෙක් එන්නේ නම් … එකල්හි නුපුහුණු ශුද්‍ර කුමරෙක් එන්නේ නම් … ඒ පුරුෂයා පෝෂණය කරන්නහු ද? එබඳු පුරුෂයෙකුගෙන් තොපට වැඩෙක් ඇද් ද? වහන්ස, මම ඒ පුරුෂයා පෝෂණය නො කරන්නෙමි. එබඳු පුරුෂයකුගෙන් මට වැඩෙක් ද නැත.

තං කිම‍්මඤ‍්ඤසි මහාරාජ, ඉධ ත්‍යාස‍්ස යුද‍්ධං පච‍්චුපට‍්ඨිතං සඞ‍්ගාමො සමුපබ‍්බූළ‍්හො. අථ ආගච‍්ඡෙය්‍ය ඛත‍්තියකුමාරො සුසික‍්ඛිතො. කතහත්‍ථො කතයොග‍්ගො කතූපාසනො අභීරු අච‍්ඡම‍්භී අනුත්‍රාසී අපලායී. භරෙය්‍යාසි තං පුරිසං? අත්‍ථො ච තෙ තාදිසෙන පුරිසෙනාති? භරෙය්‍යාහං භන‍්තෙ තං පුරිසං අත්‍ථො ච මෙ තාදිසෙන පුරිසෙනාති.

මහරජ, ඒ කුමකැයි හඟිහු ද? මෙහිතොපට යුද්ධයෙක් එළඹසිටියේ වන්නේ ය. යුදසෙනඟ රැස් වූයේ වන්නේ ය. එකල්හි දුනුසිප්හි මැනවින් පුහුණු වූ කෘතහස්ත වූ කළපුරුදු ඇති සිප් දැක්වුම් කළ බියගුලු නො වූ නොවෙවුළන නො තැතිගන්නා පලා නො යනසුලු කැත්කුමරෙක් එන්නේ නම් ඒ පුරුෂයා පෝෂණය කරන්නහු ද? එබඳු පුරුෂයෙකු ගෙන් තොපට වැඩෙක් ඇද්ද? වහන්ස, මම එබඳු පුරුෂයා පෝෂණය කරන්නෙමි. එබඳු පුරුෂයකුගෙන් මට වැඩෙක් ඇත.

අථ ආගච‍්ඡෙය්‍ය බ්‍රාහ‍්මණකුමාරො සුසික‍්ඛිතො -පෙ- වෙස‍්සකුමාරො සුසික‍්ඛිතො -පෙ- සුද‍්දකුමාරො සුසික‍්ඛිතො කතහත්‍ථො කතයොග‍්ගො කතූපාසනො අභීරු අච‍්ඡම‍්භී අනුත්‍රාසී අපලායී. භරෙය්‍යාසි තං පුරිසං? අත්‍ථො ච තෙ තාදිසෙන පුරිසෙනාති? භරෙය්‍යාහං භන‍්තෙ තං පුරිසං, අත්‍ථො ච මෙ තාදිසෙන පුරිසෙනාති.

එකල්හි මැනැවින් පුහුණු වූ බමුණු කුමරෙක් එන්නේ නම් .. මැනවින් පුහුණු වූ වෙස් කුමරෙක් … මැනවින් පුහුණු වූ කෘතහස්ත වූ කළපුරුදු ඇති කළ සිප් දැක්වුම් ඇති බියගුලු නො වූ නො වෙවුළන නොතැති ගන්නා පලා නො යන සුලු කුමරෙක් … ඒ පුරුෂයා පෝෂණය කරන්නහු ද? එබඳු පුරුෂයෙකු ගෙන් තොපට වැඩෙක් ඇද් ද? වහන්ස, මම ඒ පුරුෂයා පෝෂණය කරන්නෙමි. එබඳු පුරුෂයකුගෙන් මට වැඩෙක් ඇත.

එවමෙව ඛො මහාරාජ, යස‍්මා කස‍්මා චෙපි කුලා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො හොති: සො ච හොති පඤ‍්චඞ‍්ගවිප‍්පහීනො පඤ‍්චඞ‍්ගසමන‍්නාගතො, තස‍්මිං දින‍්නෙ මහප‍්ඵලං හොති.

මහරජ, එසෙයින් ම යම් කවර කුලයෙකින් හෝ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වේ ද? හෙ තෙමේත් ප්‍රහීණ වූ පසඟක් ඇත්තේ පසඟෙකින් සමන්‍විත වූයේ නම් ඔහු කෙරෙහි දෙන ලද්දේ මහත්ඵල වෙයි.

කතමානි පඤ‍්ච අඞ‍්ගානි පහීනානි හොන‍්ති? කාමච‍්ඡන්‍දො පහීනො හොති, බ්‍යාපාදො පහීනො හොති, ථිනමිද‍්ධං පහීනං හොති, උද‍්ධච‍්චකුක‍්කුච‍්චං පහීනං හොති, විචිකිච‍්ඡා පහීනා හොති. ඉමානි පඤ‍්ච අඞ‍්ගානි පහීනානි හොන‍්ති.

කවර පසක් ප්‍රහීණ වූයේ වේ ද? යත්: කාමච්ඡන්‍දය ප්‍රහීණ වූයේ වෙයි. ව්‍යාපාදය ප්‍රහීණ වූයේ වෙයි. ථීනමිද්ධය ප්‍රහීණ වූයේ වෙයි. උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණ වූයේ වෙයි. විචිකිච්ඡාව ප්‍රහීණ වූයේ වෙයි. මේ පසඟ ප්‍රහීණ වූයේ වේ.

කතමෙහි පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතො හොති? අසෙඛෙන සීලක‍්ඛන්‍ධෙන සමන‍්නාගතො හොති, අසෙඛෙන සමාධික‍්ඛන්‍ධෙන සමන‍්නාගතො හොති, අසෙඛෙන පඤ‍්ඤාක‍්ඛන්‍ධෙන සමන‍්නාගතො හොති, අසෙඛෙන විමුත‍්තික‍්ඛන්‍ධෙන සමන‍්නාගතො හොති, අසෙඛෙන විමුත‍්තිඤාණදස‍්සනක‍්ඛන්‍ධෙන සමන‍්නාගතො හොති. ඉමෙහි පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතො හොති.

කවර පසඟෙකින් සමන්‍විත වූයේ ද? යත්: අශෛක්‍ෂ වූ ශීලස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ වෙයි. අශෛක්‍ෂ වූ සමාධිස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ වෙයි. අශෛක්‍ෂ වූ ප්‍රඥාස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ වෙයි. අශෛක්‍ෂ වූ විමුක්තිස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ වෙයි. අශෛක්‍ෂ වූ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ වෙයි. මේ පසඟින් සමන්‍විත වූයේ වෙයි.

ඉති පඤ‍්චඞ‍්ගවිප‍්පහීනෙ පඤ‍්චඞ‍්ගසමන‍්නාගතෙ දින‍්නං මහප‍්ඵලන‍්ති.

මෙසේ ප්‍රහීණ වූ පසඟක් ඇති පසඟෙකින් සමන්‍විත වූවාහු කෙරෙහි දෙන ලද්ද මහත් ඵල වෙයි.

ඉදමවොච භගවා ඉදං වත්‍වා සුගතො අථාපරං එතදවොච සත්‍ථා:

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා නැවත පසු ව මෙය ද වදාළ සේක.

ඉස‍්සත්‍ථං බලවිරියඤ‍්ච යස‍්මිං විජ‍්ජෙථ මාණවෙ, තං යුද‍්ධත්‍ථො භරෙ රාජා නාසූරං ජාතිපච‍්චයා.

යම් තරුණයෙක් කෙරෙහි ධනුශිල්පයත් කායික චෛතසික වීර්‍ය්‍යයත් විද්‍යාමාන වේ නම් රජ තෙමේ ඔහු යුද පිණිස පෝෂණය කරන්නේ ය. අදක්‍ෂයා ජාතිය හේතු කොට ගෙණ පෝෂණය නොකරන්නේ ය.

තථෙව ඛන‍්ති සොරච‍්චං ධම‍්මා යස‍්මිං පතිට‍්ඨිතා, තමරියවුත‍්තිං මෙධාවිං හීනජච‍්චම‍්පි පූජයෙ.

එපරිද්දෙන් ම යමකු කෙරෙහි ඉවසීම ද රහත්බව ද යන ධර්‍මයෝ පිහිටියාහු ද ආර්‍ය්‍ය පැවතුම් ඇති නුවණැති ඔහු හීනජාතිකයකු වු ව ද පුදන්නේ ය.

කාරයෙ අස‍්සමෙ රම‍්මෙ වාසයෙත්‍ථ බහුස‍්සුතෙ, පපඤ‍්ච විවනෙ කයිරා දුග‍්ගෙ සඞ‍්කමනානි ච.

සිත්කලු අසපු කරවන්නේ ය. එහි බහුශ්‍රැතයන් වස්වන්නේ ය. නිරුදක අරණ්‍යයෙහි පැන්පොකුණු ද නොසමබිම්හි සක්මන්මලු ද කරවන්නේ ය.

අන‍්නං පානං ඛාදනීයං වත්‍ථසෙනාසනානි ච, දදෙය්‍ය උජුභූතෙසු විප‍්පසන‍්නෙන චෙතසා.

අහර ද පැන් ද කැවිලි ද වත්සෙනසුන් ද රහතුන් කෙරෙහි පහන්සිතින් දෙන්නේ ය.

යථා හි මෙඝො ථනයං විජ‍්ජුමාලී සතක‍්කකු, ථලං නින‍්නඤ‍්ච පූරෙති අභිවස‍්සං වසුන්‍ධරං.

යම්සේ විදුලි පෙල ඇති සියගණන් (වලා) කුළු ඇති මේඝය ගුගුරමින් පොළොව තෙමන්නේ වළ ද ගොඩ ද පුරවා ද,

තථෙව සද‍්ධො සුතවා අභිසඞ‍්ඛච‍්ච භොජනං, වණිබ‍්බකෙ තප‍්පයති අන‍්නපානෙන පණ‍්ඩිතො. ආමොදමානො පකිරෙති දෙථ දෙථාති භාසති.

එසේ ම සැදැහැති අසූ පිරූ තැන් ඇති නුවණැත්තේ බොජුන් පිළියෙළ කොට ආහාරපානයෙන් වර්‍ණබබ්කයන් සතප්වයි. සතුටු වන්නේ සර්‍වප්‍රකාරයෙන් විසුරුවන්නාක් මෙන් දන් දෙයි. නොහොත් දන්හලෙහි හැසිරෙයි. දෙව දෙව යි කියයි.

තං හිස‍්ස ගජ‍්ජිතං හොති දෙවස‍්සෙව පවස‍්සතො, සා පුඤ‍්ඤධාරා විපුලා දාතාරං අභිවස‍්සතීති.

වස්නා වැස්සෙක (ගර්‍ජනය) මෙන් එය ඔහුගේ ගර්‍ජනය වෙයි. මහත් වූ ඒ පින් දහර දෙන්නහු මැනවින් තෙමයි.