ලොකසුත්තං
3. 3. 3.
3. 3. 3.
ලොකසුත්තං.
ලෝක සූත්‍රය
134. සාවත්ථියං–
134. සැවැත්නුවර–
එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: කති නු ඛො භන්තෙ ලොකස්ස ධම්මා උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරායාති?
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, කෙතෙක් ලෝකධර්මයෝ උපදනාහු අහිත පිණිස දුක් පිණිස අපහසු විහරණය පිණිස උපදිද් ද?
තයො ඛො මහාරාජ ලොකස්ස ධම්මා උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. කතමෙ තයො? ලොභො ඛො මහාරාජ ලොකස්ස ධම්මො උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. දොසො ඛො මහාරාජ ලොකස්ස ධම්මො උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. මොහො ඛො මහාරාජ ලොකස්ස ධම්මො උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. ඉමෙ ඛො මහාරාජ තයො ලොකස්ස ධම්මා උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරායාති.
මහරජ, ලෝදහම් තුනෙක් උපදනේ අහිත පිණිස දුක් පිණිස නො පහසු විහරණය පිණිස උපදී. කවර තුනෙක් ද? යත්: මහරජ, ලෝභ සඞ්ඛයාත ලෝකධර්මය උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මහරජ, ද්වේෂසඞ්ඛයාත ලෝකධර්මය උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මෝහ සඞ්ඛයාත ලෝකධර්මය උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මහරජ, මේ ලෝකධර්ම තුන උපදනේ අහිත පිණිස දුක් පිණිස නො පහසු විහරණය පිණිස උපදී.
ලොභො දොසො ච මොහො ච පුරිසං පාපචෙතසා හිංසන්ති අත්තසම්භූතා තචසාරං ව සම්ඵලන්ති.
ලෝභය ද ද්වේෂය ද මෝහය ද තමා තුළ හටගත්තාහු පවිටු සිත් ඇති මිනිසා පෙළත්. සිය පලය පොතුහර රුකක් (නසන්නාක්) මෙනි.