යෙදුමෙන් කියවන්න

අය්‍යකාසුත‍්තං

3. 3. 2.

3. 3. 2.

අය්‍යකාසුත‍්තං.

අය්‍යකා සූත්‍රය

133. සාවත්‍ථියං–

133. සැවැත්නුවර–

අථ ඛො රාජා පසෙනදි කොසලො දිවාදිවස‍්ස යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො රාජානං පසෙනදිං කොසලං භගවා එතදවොච: හන්‍ද කුතො නු ත්‍වං මහාරාජ, ආගච‍්ඡසි දිවාදිවස‍්සාති?

එකල්හි පසේනදි කොසොල් රජ තෙමේ දෙවෙන් දාවල භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහරජ, දැන් දෙවෙන් දාවල තෙපි කොහි සිට එවූ ද?

අය්‍යකා මෙ භන‍්තෙ, කාලකතා ජිණ‍්ණා වුද‍්ධා මහල‍්ලිකා අද‍්ධගතා වයොඅනුප‍්පත‍්තා වීසංවස‍්සසතිකා ජාතියා. අය්‍යකා ඛො පන මෙ භන‍්තෙ, පියා අහොසි මනාපා. හත්‍ථිරතනෙන චෙපහං භන‍්තෙ, ලභෙය්‍යං මා මෙ අය්‍යකා කාලමකාසීති, හත්‍ථිරතනම‍්පහං දදෙය්‍යං මා මෙ අය්‍යකා කාලමකාසීති. අස‍්සරතනෙන චෙපහං භන‍්තෙ, ලභෙය්‍යං, මා මෙ අය්‍යකා කාලමකාසීති, අස‍්සරතනම‍්පහං දදෙය්‍යං මා මෙ අය්‍යකා කාලමකාසීති. ගාමවරෙන චෙපහං භන‍්තෙ, ලභෙය්‍යං, මා මෙ අය්‍යකා කාලමකාසීති, ගාමවරම‍්පහං දදෙය්‍යං මා මෙ අය්‍යකා කාලමකාසීති. ජනපදෙන චෙපහං භන‍්තෙ, ලභෙය්‍යං මා මෙ අය්‍යකා කාලමකාසීති, ජනපදම‍්පහං දදෙය්‍යං මා මෙ අය්‍යකා කාලමකාසීති.

වහන්ස, ජරාජීර්‍ණ වූ වයෝවෘද්ධ වූ මහලු වූ දිගුකලක් ගෙවූ පිළිවෙළින් පැසුලුවයසට පැමිණි උපතින් එක්සියවිසිවයස් වූ මාගේ මිත්ත්නියෝ කාලගත වූහ. වහන්ස, මිත්තනියෝ මට ප්‍රිය ද මනාප ද වූහ. වහන්ස, මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා යි ඇත්රුවනිනුදු ඉදින් මම ලබන්නෙම් නම් මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා! යි ඇත්රුවන ද මම දෙන්නෙමි. වහන්ස, මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා යි අස්රුවනිනුදු ඉදින් මම ලබන්නෙම් නම් මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා යි අස්රුවන ද මම දෙන්නෙමි. වහන්ස, මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා! යි ගම්වරෙකිනුදු ඉදින් මම ලබන්නෙම් නම් මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා යි ගම්වරකුදු මම දෙන්නෙමි. වහන්ස, මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා යි දනව්වෙකිනුදු ඉදින් මම ලබන්නෙම් නම් මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා යි දනව්වකුදු මම දෙන්නෙමි.

සබ‍්බෙ සත‍්තා මහාරාජ, මරණධම‍්මා මරණපරියොසානා මරණං අනතීතාති.

මහරජ, සියලු සත්‍වයෝ මරණය ස්වභාවය කොට ඇත්තාහ. මරණය කෙළවර කොට ඇත්තාහ. මරණය නො ඉක්මවූවෝ ය.

අච‍්ඡරියං භන‍්තෙ අබ‍්භුතං භන‍්තෙ, යාව සුභාසිතමිදං භන‍්තෙ, භගවතා සබ‍්බෙ සත‍්තා මරණධම‍්මා මරණපරියොසානා මරණං අනතීතාති.

වහන්ස, ආශ්චර්‍ය්‍යයෙකි. වහන්ස, අද්භූතයෙකි. වහන්ස, “සියලු සත්‍වයෝ මරණය ස්වභාව කොට ඇත්තාහ. මරණය කෙළවර කොට ඇත්තාහ. මරණය නො ඉක්ම වූවෝ ය” යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් අත්‍යර්‍ත්‍ථයෙන් මැ මැනවින් දේශනා කරණ ලද්දේ ය.

එවමෙතං මහාරාජ, එවමෙතං මහාරාජ, සබ‍්බෙ සත‍්තා මරණධම‍්මා මරණපරියොසානා මරණං අනතීතාති. සෙය්‍යථාපි මහාරාජ, යානි කානි චි කුම‍්භකාරභාජනානි ආමකානි චෙව පක‍්කානි ච සබ‍්බානි තානි භෙදනධම‍්මානි භෙදනපරියොසානානි භෙදනං අනතීතානි. එවමෙව ඛො මහාරාජ, සබ‍්බෙ සත‍්තා මරණධම‍්මා මරණපරියොසානා මරණං අනතීතාති.

මහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. සියලු සත්‍වයෝ මරණය ස්වභාව කොට ඇත්තෝ ය. මරණය කෙළවර කොට ඇත්තෝ ය. මරණය නො ඉක්මවූවෝ ය. මහරජ, අමු වූත් පැලහූත් යම්කිසි කුඹල්බඳුන් වේ නම්, ඒ සියල්ල යම්සේ බිඳීම ස්වභාව කොට ඇත්තේ බිඳීම කෙළවර කොට ඇත්තේ බිඳීම නො ඉක්ම වූයේ වේ ද, මහරජ, එසෙයින්ම සියලු සත්‍වයෝ මරණය ස්වභාව කොට ඇත්තාහ. මරණය කෙළවර කොට ඇත්තාහ. මරණය නො ඉක්ම වූවෝ ය.

සබ‍්බෙ සත‍්තා මරිස‍්සන‍්ති මරණන‍්තං හි ජීවිතං, යථාකම‍්මං ගමිස‍්සන‍්ති පුඤ‍්ඤපාපඵලූපගා, නිරයං පාපකම‍්මන‍්තා පුඤ‍්ඤකම‍්මා ච සුග‍්ගතිං.

සියලු සත්‍වයෝ මැරෙන්නාහ. ජීවිතය මරණය කෙළවර කොට ඇත්තේ ය එහෙයිනි. පින්පව්පල අනුව ගියාහු පව්කම් ඇත්තෝ නිරයට ද පින්කම් ඇත්තෝ සුගතියට දැයි මෙසේ කම් වූ පරිද්දෙන් (පරලොව) යන්නාහු ය.

තස‍්මා කරෙය්‍ය කල්‍යාණං නිචයං සම‍්පරායිකං, පුඤ‍්ඤානි පරලොකස‍්මිං පතිට‍්ඨා හොන‍්ති පාණිනන‍්ති.

එහෙයින් පරලොවට හිත දෑ රැස් කරන්නේ පින් කරන්නේ ය. පින් සත්‍වයන්ට පරලොව පිහිට වේ.