තපොකම්මසුත්තං
4. 1. 1.
4. 1. 1.
තපොකම්මසුත්තං.
තපෝකම්ම සූත්‍රය
137. එවං මෙ සුතං: එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්රොධමූලෙ පඨමාභිසම්බුද්ධො. අථ ඛො භගවතො රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: මුත්තො වතම්හි තාය දුක්කරකාරිකාය. සාධු මුත්තො වතම්හි තාය අනත්ථසංහිතාය දුක්කරකාරිකාය. සාධු ඨිතො සතො බොධිං සමජ්ඣගන්ති
137. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදුව පළමු කොට උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා තෙරැ අජපල් නුගරුක්මුල වැඩවසන සේක. එකල්හි එකලා වූ චිත්තවිවේකයෙන් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේට “ඒ දුෂ්කරක්‍රියායෙන් ඒකාන්තයෙන් මිදුනෙම් වෙමි. ඒ නොවැඩ ඇසුරු කළ දුෂ්කරක්‍රියායෙන් ඒකාන්තයෙන් මැනවින් මිදුනෙම් වෙමි. ස්ථිර ව එළඹසිටි සිහි ඇත්තෙම් මැනවින් සත්‍යාවබෝධය කළෙමි” යි මෙබඳු චිත්තවිතර්කයෙක් පහළ විය.
අථ ඛො මාරො පාපිමා භගවතො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
ඉක්බිති පවිටු මරු තෙමේ තමසිතින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්තවිතර්‍කය දැන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
තපොකම්මා අපක්කම්ම යෙන න සුජ්ඣන්ති මානවා, අසුද්ධො මඤ්ඤසි සුද්ධො සුද්ධිමග්ගපරද්ධොති.
යම් තපසෙකින් මනුෂ්‍යයෝ පිරිසිදු වෙද්ද, ඒ තපස්කර්මයෙන් ඉවත් ව අශුද්ධ වූයේ ම ශුද්ධිමාර්ගය වැරදවූයේ ශුද්ධි යයි හඟිහි ද,
අථ ඛො භගවා මාරො අයං පාපිමා ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාහි පච්චභාසි:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මාරයා යි දැන පවිටු මාරයාහට ගාථාවලින් පෙරළා වදාළ සේක:
අනත්ථසංහිතං ඤත්වා යං කිඤ්චි අමරං තපං, සබ්බං නත්ථාවහං හොති පියාරිත්තං ව ධම්මනි.
අමර නම් වූ යම්කිසි තපසෙක් වේ ද, (ඒ සියල්ල) අනර්‍ත්‍ථසංහිත යයි දැන (අත්හළෙමි.) ඒ සියල්ල වැඩ සිදුකරන්නේ නො වේ. (කෙසේ ද? යත්:) මරුකතරෙහි රිටිපලුපත් මෙනි. (මරුකතරෙහි වූ නැවක් රිටිපලුපත් ගෙණ පදවන්නට නො හැක්කාක් මෙනි.)
සීලං සමාධිං පඤ්ඤඤ්ච මග්ගං බොධාය භාවයං, පත්තොස්මි පරමං සුද්ධිං නිහතො ත්වමසි අන්තකාති.
ශීලය ද සමාධිය ද ප්‍රඥාව ද යන ආර්ය්යමාර්ගය සත්‍යාබෝධය පිණිස වඩමින් පරමශුද්ධියට පැමිණියෙම් වෙමි. මාරය, තෝ නටුයෙහි.
අථ ඛො මාරො පාපිමා ජානාති මං භගවා, ජානාති මං සුගතොති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
ඉක්බිති පවිටු මරු තෙමේ භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.