නාගසුත්තං
4. 1. 2.
4. 1. 2.
නාගසුත්තං.
නාග සූත්‍රය
138. එවං මෙ සුතං: එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්රොධමූලෙ පඨමාභිසම්බුද්ධො . තෙන ඛො පන සමයෙන භගවා රත්තන්ධකාරතිමිසායං අජ්ඣොකාසෙ නිසින්නො හොති. දෙවො ච එකමෙකං ඵුසායති.
138. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල් දනව්වෙහි නේරඤ්ජරා තෙරැ අජපල් නුගරුක්මුල වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ දැඩිගනඅඳුරෙහි එළිමහනෙක වැඩහුන් සේක. වැස්ස ද එක්එක් පොද හෙළයි.
අථ ඛො මාරො පාපිමා භගවතො භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො මහන්තං හත්ථිරාජවණ්ණං අභිනිම්මිනිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. සෙය්යථාපි නාම මහාඅරිට්ඨකො මණි, එවමස්ස සීසං හොති. සෙය්යථාපි නාම සුද්ධං රූපියං, එවමස්ස දන්තා හොන්ති. සෙය්යථාපි නාම නඞ්ගලීසා, එවමස්ස සොණ්ඩො හොති.
ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට බිය වෙවුළුම ලොමු දැහැගැන්ම උපදවනු කැමැත්තේ මහත් ඇත්රජවෙසක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ඔහුගේ හිස මහකළුගලක් වැන්න. ඔහුගේ දත් පිරිසිදු රිදී වැන්න. ඔහුගේ සොඬය නගුලිස්දඬක් වැන්න.
අථ ඛො භගවා මාරො අයං පාපිමා ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාය අජ්ඣභාසි:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මාරයා යි දැන පවිටු මාරයාහට ගාථායෙන් වදාළ සේක.
සංසරං දීඝමද්ධානං වණ්ණං කත්වා සුභාසුභං, අලං තෙ තෙන පාපිම නිහතො ත්වමසි අන්තකාති.
දීර්ඝකාලයක් මුළුල්ලෙහි සැරිසරන්නේ ශුභාශුභ වේශවිලාස කොට (මා වෙත) පැමිණියෙහි ය. මාරය, එයින් තට කම් නැත. මාරයා, තෝ නටුයෙහි.
අථ ඛො මාරො පාපිමා ජානාති මං භගවා ජානාති මං සුගතොති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නොසතුටුසිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.