සුභසුත්තං
4. 1. 3.
4. 1. 3.
සුභසුත්තං.
සුභ සූත්‍රය
139. එවං මෙ සුතං: එකං සමයං භගවා උරුවෙලායං විහරති -පෙ- පඨමාභිසම්බුද්ධො. තෙන ඛො පන සමයෙන භගවා රත්තන්ධකාරතිමිසායං අජ්ඣොකාසෙ නිසින්නො හොති. දෙවො ච එකමෙකං ඵුසායති.
139. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සම්බෝධියෙන් පළමුවලා උරුවෙල් දනව්වෙහි … වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ දැඩිගනඳුරෙහි අබවස වැඩහුන් සේක. වැස්ස ද එක්එක් පොද හෙළයි.
අථ ඛො මාරො පාපිමා භගවතො භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො අවිදූරෙ උච්චාවචා වණ්ණනිභා උපදංසෙති සුභා චෙව අසුභා ච.
එකල්හි පවිටු මරු තෙමේ භාග්‍යවතුන් වහන්සේට බියවෙවුළුම ලොමුදැහැගැන්ම උපදවනු කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ප්‍රිය වූත් අප්‍රිය වූත් විසිතුරු සටහන් දක්වයි.
අථ ඛො භගවා මාරො අයං පාපිමා ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාහි අජ්ඣභාසි:
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවලින් වදාළ සේක:
සංසරං දීඝමද්ධානං වණ්ණං කත්වා සුභාසුභං, අලං තෙ තෙන පාපිම නිහතො ත්වමසි අන්තක.
දීර්ඝකාලයක් මුළුල්ලෙහි සැරිසරන්නේ ශුභාශුභවේශ විලාස කොට (මා වෙත ආයෙහි ය.) එම්බල පවිටු මරුව, තට එයින් කම් නැත. මරුව තෝ නටුයෙහි.
යෙ ච කායෙන වාචාය මනසා ච සුසංවුතා, න තෙ මාරවසානුගා න තෙ මාරස්ස බද්ධගූති.
යම් කෙනෙක් කයින් ද වචනයෙන් ද සිතින් ද දසංවෘත වෙද්ද, මරුව, ඔහු තට වසඟ නොවෙත්. ඔහු මාරයාගේ බැම්මට අසු (-අතැවැස්සෝ) නො වෙත්.
අථ ඛො මාරො පාපිමා ජානාති මං භගවා ජානාති මං සුගතොති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
එකල්හි පවිටු මරු තෙමේ “භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී ය”යි දුකට පත් වූයේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.