2. අපුත්තකවග්ගො අට්ඨකථා
2. අපුත්තක වර්ගය
1. සත්තජටිලසුත්තවණ්ණනා
1. සත්තජටිල සූත්‍ර වර්ණනාව
දුතියවග්ගස්ස පඨමෙ පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙති පුබ්බාරාමසඞ්ඛාතෙ විහාරෙ මිගාරමාතුයා පාසාදෙ. තත්රායං අනුපුබ්බිකථා –
දෙවන වර්ගයෙහි පළමු වැන්නේ - පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ පූර්වාරාමය යි හැඳන්වෙන විහාරයෙහි - මිගාර මාතුගේ ප්‍රාසාදයෙහි, එහි අනුපූර්ව කථාව මෙසේ ය:
අතීතෙ සතසහස්සකප්පමත්ථකෙ එකා උපාසිකා පදුමුත්තරං භගවන්තං නිමන්තෙත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස සතසහස්සදානං දත්වා භගවතො පාදමූලෙ නිපජ්ජිත්වා – “අනාගතෙ තුම්හාදිසස්ස බුද්ධස්ස අග්ගුපට්ඨායිකා හොමී”ති පත්ථනං අකාසි. සා කප්පසතසහස්සං දෙවෙසු ච මනුස්සෙසු ච සංසරිත්වා අම්හාකං භගවතො කාලෙ භද්දියනගරෙ මෙණ්ඩකපුත්තස්ස ධනඤ්චයසෙට්ඨිනො ගෙහෙ සුමනදෙවියා කුච්ඡිස්මිං පටිසන්ධිං ගණ්හි. ජාතකාලෙ චස්සා විසාඛාති නාමං අකංසු. සා යදා භගවා භද්දියනගරං අගමාසි, තදා පඤ්චහි දාරිකාසතෙහි සද්ධිං භගවතො පච්චුග්ගමනං ගතා පඨමදස්සනම්හියෙව සොතාපන්නා අහොසි. අපරභාගෙ සාවත්ථියං මිගාරසෙට්ඨිපුත්තස්ස පුණ්ණවඩ්ඪනකුමාරස්ස ගෙහං ගතා. තත්ථ නං මිගාරසෙට්ඨි මාතිට්ඨානෙ ඨපෙසි, තස්මා මිගාරමාතාති වුච්චති. තාය කාරිතෙ පාසාදෙ.
අතීතයෙහි කල්ප ලක්ෂයකට පෙර එක් උපාසිකාවක් පදුමුත්තර බුදුන් වහන්සේට ආරාධනය කොට බුදුන් ප්රමුඛ ලක්ෂයක් මහ සඟනට දන් දී ඒ භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිඳ අනාගතයෙහි ඔබ වහන්සේ හා සමාන බුදුන් වහන්සේ නමකගේ අග්‍ර උපස්ථායිකාවක වන්නෙමි” යි ප්‍රාර්ථනාවක් කළා ය. ඇය කල්ප ලක්ෂය්ක දෙව් ලොවෙහිත් මිනිස් ලොවෙහිත් සැරිසරා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි භද්දිය නුවර මෙණ්ඩකපුත්ර ධනඤ්ජය සිටාණන්ගේ ගෘහයෙහි සුමනා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තා ය. උපන් කල්හි ඇයට විසාඛා යන නම තැබූහ. ඇය යම් දිනෙක භාග්‍යවතුන් වහන්සේ භද්දිය නගරයට වැඩි සේක් ද, එදින පන්සියයක් දැරියන් සමග බුදුන් වහන්සේට පෙර ගමන් කළා ප්‍රථම දර්ශනයෙහි දී ම සෝවාන් බවට පත් වූවා ය. පසු කලෙක සැවැත් නුවර මිගාර සිටු පුත් පුණ්ණවර්ධන කුමාරයාගේ නිවසට ගියා ය. එහි දී මිගාර සිටුවරයා ඇය මව් තනතුරේ තැබුවේ ය. එහෙයින් ඇය ‘මිගාර මාතා’ යි කියනු ලැබේ. ඈ විසින් කරවන ලද ප්‍රාසාදයෙහි.
බහි ද්වාරකොට්ඨකෙති පාසාදද්වාරකොට්ඨකස්ස බහි, න විහාරද්වාරකොට්ඨකස්ස. සො කිර පාසාදො ලොහපාසාදො විය සමන්තා චතුද්වාරකොට්ඨකයුත්තෙන පාකාරෙන පරික්ඛිත්තො. තෙසු පාචීනද්වාරකොට්ඨකස්ස බහි පාසාදච්ඡායායං පාචීනලොකධාතුං ඔලොකෙන්තො පඤ්ඤත්තෙ වරබුද්ධාසනෙ නිසින්නො හොති.
බහිද්වාරකොට්ඨකෙ ප්‍රාසාද දොර කොටුවට පිටත; (බිහි දොර); විහාර දොරටු කොටුවේ නො වේ. ඒ ප්‍රාසාදය ලෝහ ප්‍රාසාදය මෙන් හාත්පස දොරටු කොටු සතරකින් සමන්විත ප්රාකාරයකින් වට කරනු ලැබූවකි. ඒවායින් නැගෙනහිර දොරටු කොටුවෙන් බැහැර ප්‍රාසාද ඡායාවෙහි පෙරදිගට මුහුණ ලා පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩ සිටින සේක.
පරූළ්හකච්ඡනඛලොමාති පරූළ්හකච්ඡා පරූළ්හනඛා පරූළ්හලොමා, කච්ඡාදීසු දීඝලොමා දීඝනඛා චාති අත්ථො. ඛාරිවිවිධන්ති විවිධඛාරිං නානප්පකාරකං පබ්බජිතපරික්ඛාරභණ්ඩකං. අවිදූරෙ අතික්කමන්තීති අවිදූරමග්ගෙන නගරං පවිසන්ති. රාජාහං, භන්තෙති අහං, භන්තෙ, රාජා පසෙනදි කොසලො, මය්හං නාමං තුම්හෙ ජානාථාති. කස්මා පන රාජා ලොකෙ අග්ගපුග්ගලස්ස සන්තිකෙ නිසින්නො එවරූපානං නග්ගභොග්ගනිස්සිරිකානං අඤ්ජලිං පග්ගණ්හාතීති. සඞ්ගණ්හනත්ථාය. එවං හිස්ස අහොසි – “සචාහං එත්තකම්පි එතෙසං න කරිස්සාමි, ‘මයං පුත්තදාරං පහාය එතස්සත්ථාය දුබ්භොජනදුක්ඛසෙය්යාදීනි අනුභොම, අයං අම්හාකං අඤ්ජලිමත්තම්පි න කරොතී’ති අත්තනා දිට්ඨං සුතං පටිච්ඡාදෙත්වා න කථෙය්යුං. එවං කතෙ පන අනිගූහිත්වා කථෙස්සන්තී”ති. තස්මා එවමකාසි. අපිච සත්ථු අජ්ඣාසයජානනත්ථං එවමකාසි.
පරූළ්හකච්ඡනඛලොමා පරූළ්හ (වැඩුණු) කච්ඡා (කිහිලි), පරූළ්හ නඛා (නිය) පරූළ්හ ලොමා (රෝම) ඇති, කිහිලි ආදියෙහි දිග රෝම දිග නිය ද ඇති යනු අර්ථ වේ. ඛාරිවිවිධං විවිධඛාරිං - නානාප්‍රකාර වූ පැවිදි පිරිකර බඩු; අවිදූරෙ අතික්කමන්ති නුදුරු මගින් නගරයට ඇතුළු වෙත්, රාජාහං භන්තෙ “ස්වාමීනි, මම (පසේනදී) කොසොල් රජ වෙමි, මාගේ නම ඔබ වහන්සේලා දැන ගනිත්වා”යි. කුමක් නිසා රජතුමා ලෝකයෙහි අග්‍ර පුද්ගලයන් වහන්සේ සමීපයෙහි සිටිමින් මේ ආකාර වූ නග්න වස්තු නිශ්රිත වූවනට ඇඳිලි බඳී ද? සංග්‍රහ කරනු පිණිස ය. ඔහුට මෙසේ සිතිණි. ඉදින් මම ඔවුනට මෙ වැන්නක් වත් නො කරන්නෙම් නම්, “අපි අඹු දරුවන් හැර දමා මොවුන් වෙනුවෙන් කටුක අහර ගැනීම් දුක් සහිත නිදා ගැනීම් ආදිය කරමු. මෙතෙමේ අපට ඇඳිලි බැඳීම් පමණ වත් නො කරති” යි තමන් විසින් දක්නා ලද අසන ලද දේ සඟවා ගනිමින් කථා නො කරනු ඇත, මෙසේ කළ විට නො සඟවා කථා කරනු ඇත. එහෙයින් මෙසේ කළේ ය. තවද බුදුන් වහන්සේගේ අදහස දැනගනු රිසි ව ද එසේ කළේ ය.
කාසිකචන්දනන්ති සණ්හචන්දනං. මාලාගන්ධවිලෙපනන්ති වණ්ණගන්ධත්ථාය මාලං, සුගන්ධභාවත්ථාය ගන්ධං, වණ්ණගන්ධත්ථාය විලෙපනඤ්ච ධාරෙන්තෙන.
කාසිකචන්දනං සිනිඳු සඳුන්, මාලාගන්ධවිලෙපනං වර්ණ ගැන්වීම සඳහා මාලා ද, සුවඳවත් භාවය පිණිස ගන්ධ ද වර්ණ ගන්ධ පිණිස විලේපන ද දරන;
සංවාසෙනාති සහවාසෙන. සීලං වෙදිතබ්බන්ති අයං සුසීලො වා දුස්සීලො වාති සංවසන්තෙන උපසඞ්කමන්තෙන ජානිතබ්බො. තඤ්ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරන්ති තඤ්ච සීලං දීඝෙන කාලෙන වෙදිතබ්බං, න ඉත්තරෙන. ද්වීහතීහඤ්හි සංයතාකාරො ච සංවුතින්ද්රියාකාරො ච න සක්කා දස්සෙතුං. මනසිකරොතාති සීලමස්ස පරිග්ගහෙස්සාමීති මනසිකරොන්තෙන පච්චවෙක්ඛන්තෙනෙව සක්කා ජානිතුං, න ඉතරෙන. පඤ්ඤවතාති තම්පි සප්පඤ්ඤෙනෙව පණ්ඩිතෙන. බාලො හි මනසිකරොන්තොපි ජානිතුං න සක්කොති.
සංවාසෙන එකට විසීමෙන්, සීලං වෙදිතබ්බං මොහු සුසිල්වතෙකු හෝ දුසිල්වතෙකු දැයි එක් ව වාසය කරන්නෙකු විසින් ළඟට පැමිණෙන්නෙකු විසින් දත යුත්තේ ය. තඤ්ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං ඒ ශීලය ද දීර්ඝ කාලයකින් දත යුත්තේ ය, ටික කලකින් නො වේ. දින දෙක තුනකින් සංයත ආකාරය ද සංවරණය කරන ලද ඉන්ද්රිය ස්වභාවය ද දක්නට නො හැක්කේ ය. මනසි කරොතා “මොහුගේ ශීලය අල්ලා ගන්නෙමි” යි මෙනෙහි කරන්නෙකුට මනා ලෙස නිරීක්ෂණය කිරීමෙන් ම දැනගැන්මට හැක්කේ ය; සුළුවෙන් නො වේ. පඤ්ඤවතා - එය ද ප්‍රඥාවන්ත පණ්ඩිතයන් විසින් ම ය; බාලය සිත යොදවන්නේ මුත් දැනගැන්මට නො හැක්කේ වෙයි.
සංවොහාරෙනාති කථනෙන.
සංවොහාරෙන කථනයෙන්;
“යො හි කොචි මනුස්සෙසු, වොහාරං උපජීවති; එවං වාසෙට්ඨ ජානාහි, වාණිජො සො න බ්රාහ්මණො”ති. (ම· නි· 2.457) –
“යොහි කොචි මනුස්සෙසු වොහාරං උපජීවති එවං වාසෙට්ඨ ජානාහි වාණිජො සො න බ්රාහ්මණො”
(මනුෂ්‍යයන් අතර යම් කිසිවෙක් කථනයෙන් ජීවත් වෙයි ද, වාසෙට්ඨය, මෙසේ දක්නෙහි ය: ඔහු වෙළෙන්දෙකි, බ්‍රාහ්මණයෙක් නො වේ.)
එත්ථ හි බ්යවහාරො වොහාරො නාම. “චත්තාරො අරියවොහාරා චත්තාරො අනරියවොහාරා”ති (දී· නි· 3.313) එත්ථ චෙතනා. “සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරො”ති (ධ· ස· 1313-1315) එත්ථ පඤ්ඤත්ති. “වොහාරමත්තෙන සො වොහරෙය්යා”ති (සං· නි· 1.25) එත්ථ කථා වොහාරො. ඉධාපි එසොව අධිප්පෙතො. එකච්චස්ස හි සම්මුඛා කථා පරම්මුඛාය කථාය න සමෙති, පරම්මුඛා කථා ච සම්මුඛාය කථාය, තථා පුරිමකථා ච පච්ඡිමකථාය, පච්ඡිමකථා ච පුරිමකථාය. සො කථෙන්තෙනෙව සක්කා ජානිතුං “අසුචි එසො පුග්ගලො”ති. සුචිසීලස්ස පන පුරිමං පච්ඡිමෙන, පච්ඡිමඤ්ච පුරිමෙන සමෙති, සම්මුඛාකථිතං පරම්මුඛාකථිතෙන, පරම්මුඛාකථිතඤ්ච සම්මුඛාකථිතෙන, තස්මා කථෙන්තෙන සක්කා සුචිභාවො ජානිතුන්ති පකාසෙන්තො එවමාහ.
මෙහි ව්‍යවහාරය ‘වොහාරො’ නමි. “චත්තාරො අරියවොහාරො චත්තාරො අනරියවොහාරො” (ආර්ය වෝහාර සතරකි, අනරිය වෝහාර සතරකි) මෙහි චේතනා ය, “සංඛා සමඤ්ඤා පඤ්ඤත්ති වෝහාරො” (සංඛ්‍යා, සමඤ්ඤා, ප්රඥප්ති, ව්‍යවහාර) යනු මෙහි ප්රඥප්ති ය; “වොහාර මත්තෙන සො වොහරෙය්ය” (ව්‍යවහාර මාත්‍රයෙන් හේ ව්‍යවහාර කරයි) මෙහි කථා ව්‍යවහාරය යි. මෙහි ද එය ම අදහස් කෙරේ. ඇතැම් කෙනෙකුගේ ඉදිරිපිට කෙරෙන කථා අනභිමුඛයේ කෙරෙන කථාව හා සම නො වේ. අනභිමුඛ කථාව සම්මුඛ කථාව හා (නො සම ය). මුලින් කරන කථාව පසු ව කෙරෙන කථාව සමග ද, පසු ව කෙරෙන කථාව මුලින් කෙරෙන කථාව සමග ද [නො සම වේ.] කථා කිරීමෙන් ම මේ පුද්ගලයා අපිරිසිදු යයි දැන ගැන්මට හැක්කේ ය. පිරිසිදු සිල් ඇත්තහුගේ පූර්වය පශ්චිමය සමගත් පශ්චිමය පූර්වය සමගත් සම වේ. එසේ සම්මුඛ ව කරන ලද කථාව අසම්මුඛ ව කරන ලද කථාව සමගත් අසම්මුඛ ව කරන ලද කථාව සම්මුඛ ව කරන ලද කථාව සමගත් [සම වේ.] එහෙයින් කථා කිරීමෙන් පිරිසිදු බව දැන ගැනීමට හැකි යයි ප්‍රකාශ කරමින් මෙසේ පැවසූ සේක.
ථාමොති ඤාණථාමො. යස්ස හි ඤාණථාමො නත්ථි, සො උප්පන්නෙසු උපද්දවෙසු ගහෙතබ්බග්ගහණං කතබ්බකිච්චං අපස්සන්තො අද්වාරඝරං පවිට්ඨො විය චරති. තෙනාහ ආපදාසු ඛො, මහාරාජ, ථාමො වෙදිතබ්බොති.
ථාමො ඥාන ශක්තිය, යමෙකුට ඥාන ශක්තිය නැද්ද හේ හටගත් උපද්‍රවවල දී ගත යුතු දේ ග්‍රහණය කිරීම, කළ යුතු කාර්යය නො දන්නේ දොරක් නො මැති ගෙයකට ඇතුළු වූවකු මෙන් හැසිරෙයි. එහෙයින් කී ය. “මහරජ, ආපදාවන්හි දී ශක්තිය දත යුත්තේ ය.
සාකච්ඡායාති සංකථාය. දුප්පඤ්ඤස්ස හි කථා උදකෙ ගෙණ්ඩු විය උප්පලවති, පඤ්ඤවතො කථෙන්තස්ස පටිභානං අනන්තරං හොති. උදකවිප්ඵන්දිතෙනෙව හි මච්ඡො ඛුද්දකො වා මහන්තො වාති ඤායති. ඔචරකාති හෙට්ඨාචරකා. චරා හි පබ්බතමත්ථකෙන චරන්තාපි හෙට්ඨා – චරකාව හොන්ති. ඔචරිත්වාති අවචරිත්වා වීමංසිත්වා, තං තං පවත්තිං ඤත්වාති අත්ථො. රජොජල්ලන්ති රජඤ්ච ජල්ලඤ්ච. වණ්ණරූපෙනාති වණ්ණසණ්ඨානෙන. ඉත්තරදස්සනෙනාති ලහුකදස්සනෙන. වියඤ්ජනෙනාති පරික්ඛාරභණ්ඩකෙන. පතිරූපකො මත්තිකාකුණ්ඩලොවාති සුවණ්ණකුණ්ඩලපතිරූපකො මත්තිකාකුණ්ඩලොව. ලොහඩ්ඪමාසොති ලොහඩ්ඪමාසකො.
සාකච්ඡාය සාකච්ඡාවෙන්, මෝඩයාගේ කථාව ජලයෙහි පන්දුව මෙන් උඩ පනී. ප්‍රඥාවන්ත කථා කරන්නාගේ ප්‍රතිභානය (අවබෝධය) අනතුරු රහිත වේ. ජලය කැළතීමෙන් ම මත්ස්‍යයා කුඩා ද මහත් දැයි දැනගනු ලැබේ. ඔචරකා පුවත් විමසා බලන්නාහු, සොරු පර්වත මුදුනෙන් යද්දී වුව ද විමසා බලමින් ම සිටිත්, ඔචරිත්වා ‘අවචරිත්වා’ විමසා; ඒ ඒ පුවත් දැන යන අර්ථ යි. රජොජල්ලං රජස් ද දැලි ද, වණ්ණරූපෙන වර්ණ (රූප) සටහනින් ඉත්තර දස්සනෙන සුළු දසුනකින්, වියඤ්ජනෙන පිරිකර බඩුවලින් පතිරූපකො මත්තිකංකුණ්ඩලොව ස්වර්ණප්රතිරූපක (රන්වලට සමාන වන ලෙස තැනූ) මැටි කොඬොල් මෙන්, ලොහඩ්ඪමාසො අඩ මස්සක් (කුඩා තඹ කාසියක්).
පඨමං.
පළමු වැනි සූත්‍රය යි.
2. පඤ්චරාජසුත්තවණ්ණනා
2. පඤ්චරාජ සූත්‍ර වර්ණනාව
දුතියෙ රූපාති නීලපීතාදිභෙදං රූපාරම්මණං. කාමානං අග්ගන්ති එතං කාමානං උත්තමං සෙට්ඨන්ති රූපගරුකො ආහ. සෙසෙසුපි එසෙව නයො. යතොති යදා. මනාපපරියන්තන්ති මනාපනිප්ඵත්තිකං මනාපකොටිකං. තත්ථ ද්වෙ මනාපානි පුග්ගලමනාපං සම්මුතිමනාපඤ්ච. පුග්ගලමනාපං නාම යං එකස්ස පුග්ගලස්ස ඉට්ඨං කන්තං හොති, තදෙව අඤ්ඤස්ස අනිට්ඨං අකන්තං. පච්චන්තවාසීනඤ්හි ගණ්ඩුප්පාදාපි ඉට්ඨා හොන්ති කන්තා මනාපා, මජ්ඣිමදෙසවාසීනං අතිජෙගුච්ඡා. තෙසඤ්ච මොරමංසාදීනි ඉට්ඨානි හොන්ති, ඉතරෙසං තානි අතිජෙගුච්ඡානි. ඉදං පුග්ගලමනාපං. ඉතරං සම්මුතිමනාපං.
දෙවැන්නේ - රූප යනු නීල පීත ආදි ප්‍රභේද වූ රූපාරම්මණ ය. කාමානං අග්ගං මෙය කාමයන් අතුරින් උත්තම ය. ශ්‍රේෂ්ඨ ය යි රූප ගරුකයා (රූප ගරු කරන්නා) කී ය. ඉතිරි ඒවා ගැන ද මේ න්‍යාය ම ය. යතො යම් දවසක. මනාපපරියන්තං මනාපය ඵලයක් වූ, මනාප කෙළවර කොට ඇති; මනාප දෙකකි: පුද්ගල මනාපය සම්මුති මනාපය (යනුවෙනි). පුද්ගල මනාපය නම් යමක් එක් පුද්ගලයෙකුට ඉෂ්ට වේ ද, කාන්ත වේ ද, එය අන්‍යයෙකුට අනිෂ්ට අකාන්ත වේ. ප්‍රත්‍යන්ත වාසීනට ගැඩවිලා පවා ඉෂ්ට (ප්‍රිය) ය, කාන්ත ය, මනාප ය; මධ්‍යම දේශවාසීන්ට අතිශයින් පිළිකුල් ය. ඔවුනට ද මොනර මස් ආදිය ඉෂ්ට (ප්‍රිය) වේ. අන්‍යයනට ඒවා අතිශයින් පිළිකුල් ය. මෙය පුද්ගල මනාපය යි. අනික සම්මුති මනාපය යි.
ඉට්ඨානිට්ඨාරම්මණං නාම ලොකෙ පටිවිභත්තං නත්ථි, විභජිත්වා පන දස්සෙතබ්බං. විභජන්තෙන ච න අතිඉස්සරානං මහාසම්මතමහාසුදස්සනධම්මාසොකාදීනං වසෙන විභජිතබ්බං. තෙසඤ්හි දිප්පකප්පම්පි ආරම්මණං අමනාපං උපට්ඨාති. අතිදුග්ගතානං දුල්ලභන්නපානානං වසෙනපි න විභජිතබ්බං. තෙසඤ්හි කණාජකභත්තසිත්ථානිපි පූතිමංසස්ස රසොපි අතිමධුරො අමතසදිසො හොති. මජ්ඣිමානං පන ගණකමහාමත්තසෙට්ඨි කුටුම්බිකවාණිජාදීනං කාලෙන ඉට්ඨං කාලෙන අනිට්ඨං ලභමානානං වසෙන විභජිතබ්බං. තඤ්ච පනෙතං ආරම්මණං ජවනං පරිච්ඡින්දිතුං න සක්කොති. ජවනඤ්හි ඉට්ඨෙපි රජ්ජති අනිට්ඨෙපි, ඉට්ඨෙපි දුස්සති අනිට්ඨෙපි. එකන්තතො පන විපාකචිත්තං ඉට්ඨානිට්ඨං පරිච්ඡින්දති. කිඤ්චාපි හි මිච්ඡාදිට්ඨිකා බුද්ධං වා සඞ්ඝං වා මහාචෙතියාදීනි වා උළාරානි ආරම්මණානි දිස්වා අක්ඛීනි පිදහන්ති දොමනස්සං ආපජ්ජන්ති, ධම්මසද්දං සුත්වා කණ්ණෙ ථකෙන්ති, චක්ඛුවිඤ්ඤාණසොතවිඤ්ඤාණානි පන තෙසං කුසලවිපාකානෙව හොන්ති. කිඤ්චාපි ගූථසූකරාදයො ගූථගන්ධං ඝායිත්වා ඛාදිතුං ලභිස්සාමාති සොමනස්සජාතා හොන්ති, ගූථදස්සනෙ පන නෙසං චක්ඛුවිඤ්ඤාණං, තස්ස ගන්ධඝායනෙ ඝානවිඤ්ඤාණං, රසසායනෙ ජිව්හාවිඤ්ඤාණඤ්ච අකුසලවිපාකමෙව හොති. භගවා පන පුග්ගලමනාපතං සන්ධාය තෙ ච, මහාරාජ, රූපාතිආදිමාහ.
ඉෂ්ට අනිෂ්ට ආරම්මණය නම් ලොවෙහි කොටස් කර ඇත්තේ නො වේ. බෙදා වෙන් කොට දැක්විය යුතු ය. එසේ කොටස් කරන්නා විසින් ද අති ඓශ්චර්යවූවන් - මහාසම්මත මහාසුදස්සන ධර්මාශෝක ආදීන් - වශයෙන් නො බෙදා දැක්විය යුතු ය. ඔවුන්ට දෙවියන්ට හා සමාන වූ හෝ අමනාප ආරම්මණයන් හට ගනී. ආහාර පාන දුර්ලභ වූ බෙහෙවින් ම දුප්පත් වූවන්ගේ (මනාප) වශයෙන් ද නො බෙදිය යුතු ය. ඔවුන්ගේ (මනාපය අනුව) නිවුඩු හාලේ බත්තුළු පවා කුණු රස වුව ද අතිමධුර, අමෘතය හා සමාන වේ. මධ්‍යම තත්ත්වයේ වූවන්ගේ - ගණන් තබන්නන්, මහාමාත්‍යයන්, සිටු පවුලට අයත් වූවන් හා වෙළෙන්දන් ආදීන්ගේ - සමහර කාලවල හොඳටත් සමහර කාලවල නරකටත් (මනාපය) ලබන්නන් හැටියට වර්ග කළ යුතු ය. ඒ ආරම්මණය ජවන වශයෙන් වෙන් කිරීමට නො හැක්කේ ය. ජවන ඉෂ්ටයෙහිත් ඇලෙයි, අනිෂ්ටයෙහිත් (ඇලෙයි) ඉෂ්ටයෙහිත් දූෂ්‍ය වෙයි, අනිෂ්ටයෙහිත් (දූෂ්‍ය වෙයි). ඒකාන්ත වශයෙන් විපාක සිත ඉටු අනිටු බව පිරිසිඳයි. මිථ්‍යා දෘෂ්ටිකයෝ බුදුන් වහන්සේ හෝ සංඝයා හෝ මහාචේතිය ආදී ප්‍රණීත ආරම්මණයන් හෝ දැක ඇස් වසා ගනිති. දොම්නසට පත් වෙති, ධර්ම ශබ්ද අසා කන් වසා ගනිති. එතෙකුදු වුවත් ඔවුන්ගේ චක්ඛු විඤ්ඤාණ - සෝත විඤ්ඤාණ කුසලවිපාක සහිත වූයේ ම වේ. අසුචි අනුභව කරන ඌරෝ අසුචි ගඳ ආඝ්‍රාණය කොට “කෑමට (යමක්) ලබන්නෙමු” යි සොම්නස් වූවෝ වෙත්. එතෙකුදු වුවත් අසුචි දර්ශනයෙහි දී ඔවුන්ගේ චක්ඛු විඤ්ඤාණයත්, ගඳ ආඝ්‍රාණය කිරීමේ දී ඝාණ විඤ්ඤාණයත්, රස විඳීමේ දී ජිව්හා විඤ්ඤාණයත් අකුසල විපාක ම වේ. භාග්‍යවතුන් වහන්සේ පුද්ගල මනාපතාව අදහස් කොට තෙ’ව මහාරාජ රූපා ආදිය පැවසූ සේක.
චන්දනඞ්ගලිකොති ඉදං තස්ස උපාසකස්ස නාමං. පටිභාති මං භගවාති භගවා මය්හං එකං කාරණං උපට්ඨාති පඤ්ඤායති. තස්ස තෙ පඤ්ච රාජානො ආමුත්තමණිකුණ්ඩලෙ සජ්ජිතාය ආපානභූමියා නිසින්නවසෙනෙව මහතා රාජානුභාවෙන පරමෙන ඉස්සරියවිභවෙන ආගන්ත්වාපි දසබලස්ස සන්තිකෙ ඨිතකාලතො පට්ඨාය දිවා පදීපෙ විය උදකාභිසිත්තෙ අඞ්ගාරෙ විය සූරියුට්ඨානෙ ඛජ්ජොපනකෙ විය ච හතප්පභෙ හතසොභෙ තං තථාගතඤ්ච තෙහි සතගුණෙන සහස්සගුණෙන විරොචමානං දිස්වා, “මහන්තා වත භො බුද්ධා නාමා”ති පටිභානං උදපාදි. තස්මා එවමාහ.
චන්දනඞ්ගුලිකො මෙය ඒ උවසුවාගේ නම ය. පටිභාති මං භගවා භාග්‍යවතුන් වහන්ස, මට එක කාරණයක් මතු වේ; වැටහේ. රජවරුන් පැළඳි මිණි කොඬොලින් සජ්ජිත ව සුරා පාන භූමියෙහි සිටීමේ හේතුවෙන් ම මහත් වූ රාජානුභාවයෙන් - ශ්‍රේෂ්ඨ ම ඓශ්චර්ය විභවයෙන් යුතු ව පැමිණියේ වුව ද බුදුන් වහන්සේ සමීපයෙහි සිටි වේලාවේ පටන්, දහවල් කාලයෙහි වූ පහන් මෙන්, දියෙන් පෙඟවූ අඟුරු මෙන්, සූර්යයා නැගෙන විට කදෝපැණියන් මෙන් නැසුනා වූ ප්‍රභාව නැසුණා වූ ශෝභාව ඇති කල්හි ඒ තථාගතයන් වහන්සේ සිය ගුණයෙන් දහස් ගුණයෙන් බබළමින් සිටිනු දැක “භවත්නි, බුදුන් වහන්සේලා නම් ශ්‍රේෂ්ඨ ය” යන අදහසක් ඔහුට ඇති විය. එහෙයින් මෙසේ කී ය.
කොකනදන්ති පදුමස්සෙවෙතං වෙවචනං. පාතොති කාලස්සෙව. සියාති භවෙය්ය. අවීතගන්ධන්ති අවිගතගන්ධං. අඞ්ගීරසන්ති සම්මාසම්බුද්ධං. භගවතො හි අඞ්ගතො රස්මියො නික්ඛමන්ති, තස්මා අඞ්ගීරසොති වුච්චති. යථා කොකනදසඞ්ඛාතං පදුමං පාතොව ඵුල්ලං අවීතගන්ධං සියා, එවමෙව භගවන්තං අඞ්ගීරසං තපන්තං ආදිච්චමිව අන්තලික්ඛෙ විරොචමානං පස්සාති අයමෙත්ථ සඞ්ඛෙපත්ථො.
කොකනදං මෙය පද්මයට (පියුමට) සමානාර්ථ වචනයකි. පාතො අළුයම ම සියා වන්නේ ද? අවීතගන්ධං ‘අවිගතගන්ධ’ (පහ නො වූ සුවඳ) අඞ්ගීරසං සම්මා සම්බුදුන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙන් රශ්මි පිට වේ. එහෙයින් ‘අංගීරසො’ යි කියනු ලැබේ. “යම් සේ කෝකනද (පද්ම) සංඛ්‍යාත වූ පියුම අළුයම ම පිපුනේ පහ නො වූ සුවඳ ඇ්තතේ වේ ද, එසේ ම අහසෙහි දිළිසෙන සූර්යයා මෙන් විරාජමාන වන අංගීරස වූ භාග්‍යවතුන් වහන්සේ බලනු” යන මෙය එහි සංක්ෂේප අර්ථය යි.
භගවන්තං අච්ඡාදෙසීති භගවතො අදාසීති අත්ථො. ලොකවොහාරතො පනෙත්ථ ඊදිසං වචනං හොති. සො කිර උපාසකො – “එතෙ තථාගතස්ස ගුණෙසු පසීදිත්වා මය්හං පඤ්ච උත්තරාසඞ්ගෙ දෙන්ති, අහම්පි තෙ භගවතොව දස්සාමී”ති චින්තෙත්වා අදාසි.
භගවන්තං අච්ඡාදෙසි භාග්‍යවතුන් වහන්සේට දුන්නේ ය යන අරුත යි’ ලෝක ව්‍යවහාරයෙන් මෙහි මෙබඳු වචනයක් වේ. ඒ උපාසක තෙමේ “මොවුහු තථාගතයන් වහන්සේගේ ගුණ පිළිබඳ ව පැහැදී මට උතුරු සළු පහක් දෙති. මම ද ඒවා භාග්‍යවතුන් වහන්සේට ම දෙමි’යි සිතා දුන්නේ ය.
දුතියං.
දෙවැනි සූත්‍රය යි.
3. දොණපාකසුත්තවණ්ණනා
3. දෝණපාක සූත්‍ර වර්ණනාව
තතියෙ දොණපාකකුරන්ති දොණපාකං කුරං, දොණස්ස තණ්ඩුලානං පක්කභත්තං තදූපියඤ්ච සූපබ්යඤ්ජනං භුඤ්ජතීති අත්ථො. භුත්තාවීති පුබ්බෙ භත්තසම්මදං විනොදෙත්වා මුහුත්තං විස්සමිත්වා බුද්ධුපට්ඨානං ගච්ඡති, තංදිවසං පන භුඤ්ජන්තොව දසබලං සරිත්වා හත්ථෙ ධොවිත්වා අගමාසි. මහස්සාසීති තස්ස ගච්ඡතො බලවා භත්තපරීළාහො උදපාදි, තස්මා මහන්තෙහි අස්සාසෙහි අස්සසති, ගත්තතොපිස්ස සෙදබින්දූනි මුච්චන්ති, තමෙනං උභොසු පස්සෙසු ඨත්වා යමකතාලවණ්ටෙහි බීජන්ති, බුද්ධගාරවෙන පන නිපජ්ජිතුං න උස්සහතීති ඉදං සන්ධාය “මහස්සාසී”ති වුත්තං.
තුන් වැන්නේ - දොණපාකසුදං (ද්‍රෝණයක් (තිඹක්) පිසූ බත ව්‍යඤ්ජන), හාල් තිඹක පිසූ බත හා තදුපිය (එපමණ) සූපව්‍යඤ්ජන ද බුදියි යන අරුත ය. භුත්තාවී මුලින් බත් මත නැති කොට මොහොතක් විවේක ගෙන බුදුන් වහන්සේට උවටැන් කිරීමට යයි. ඒ දිනයේ ආහාර ගනිමින් ම බුදුන් වහන්සේ සිහි කොට අත් සෝදා ම ගියේ ය. මහස්සාසි (එසේ) යන ඔුහට බලවත් ආහාර පීඩාවක් ඇති විය. එහෙයිාන් ඉතා තදින් ආශ්වාස කිරීම් කරයි. (තදින් හුස්ම ගනී.) ඔහුගේ සිරුරෙන් ඩාබිඳ ද මුදයි. (වැගිරේ.) ඔහු දෙපස සිට තල් වැටි දෙකකින් පවන් සලති. බුදුන් වහන්සේ කෙරෙහි වූ ගෞරවයෙන් හොවීමට උත්සාහ නො කරයි. මේ අරභයා “මහස්සාසී” යි කියන ලදි.
ඉමං ගාථං අභාසීති, රාජා භොජනෙ අමත්තඤ්ඤුතාය කිලමති, ඵාසු විහාරං දානිස්ස කරිස්සාමීති චින්තෙත්වා අභාසි. මනුජස්සාති සත්තස්ස.
ඉමං ගාථං අභාසි “රජතුමා අහර ගැනීමෙහි පමණ දැනීම නැති හෙයින් වෙහෙස විඳියි. දැන් ඔහුට සුව පහසුව සලසන්නෙමි” යි සිතා (මෙසේ) පැවසූ සේක. මනුජස්ස සත්ත්වයාගේ.
කහාපණසතන්ති පාතරාසෙ පණ්ණාසං සායමාසෙ පණ්ණාසන්ති එවං කහාපණසතං. පරියාපුණිත්වාති රඤ්ඤා සද්ධිං ථොකං ගන්ත්වා “ඉමං මඞ්ගලඅසිං කස්ස දම්මි, මහාරාජා”ති? අසුකස්ස නාම දෙහීති සො තං අසිං දත්වා දසබලස්ස සන්තිකං ආගම්ම වන්දිත්වා ඨිතකොව “ගාථං වදථ, භො ගොතමා”ති වත්වා භගවතා වුත්තං පරියාපුණිත්වාති අත්ථො.
කහාපණසතං උදය කෑමෙහි දී පනහක් ද, හවස කෑමෙහි දී පනහක් දැයි මෙසේ කහවණු සියයක් පරියාපුණිත්වා රජු සමග මඳක් ගොස් “මහරජ, මේ මංගල කඩුව කවුරුන් හට දෙම් ද” “අසුවලාට දෙව” හේ ඒ කඩුව අනිකෙකුට දී බුදුන් වහන්සේ සමීපයට පැමිණ වැඳ සිට ගෙන ම “භවත් ගෞතමයනි, ගාථාව වදාරනු මැනවි” යි කියා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ගාථාව ඉගෙන ගෙන යන අරුත යි.
භත්තාභිහාරෙ සුදං භාසතීති කථං භාසති? භගවතා අනුසිට්ඨිනියාමෙන. භගවා හි නං එවං අනුසාසි – “මාණව, ඉමං ගාථං නටො විය පත්තපත්තට්ඨානෙ මා අවච, රඤ්ඤො භුඤ්ජනට්ඨානෙ ඨත්වා පඨමපිණ්ඩාදීසුපි අවත්වා වොසානපිණ්ඩෙ ගහිතෙ වදෙය්යාසි, රාජා සුත්වාව භත්තපිණ්ඩං ඡඩ්ඩෙස්සති. අථ රඤ්ඤො හත්ථෙසු ධොතෙසු පාතිං අපනෙත්වා සිත්ථානි ගණෙත්වා තදුපියං බ්යඤ්ජනං ඤත්වා පුනදිවසෙ තාවතකෙ තණ්ඩුලෙ හාරෙය්යාසි, පාතරාසෙ ච වත්වා සායමාසෙ මා වදෙය්යාසී”ති. සො සාධූති පටිස්සුණිත්වා තංදිවසං රඤ්ඤො පාතරාසං භුත්වා ගතත්තා සායමාසෙ භගවතො අනුසිට්ඨිනියාමෙන ගාථං අභාසි. රාජා දසබලස්ස වචනං සරිත්වා භත්තපිණ්ඩං පාතියංයෙව ඡඩ්ඩෙසි. රඤ්ඤො හත්ථෙසු ධොතෙසු පාතිං අපනෙත්වා සිත්ථානි ගණෙත්වා තදුපියං බ්යඤ්ජනං ඤත්වා පුනදිවසෙ තත්තකෙ තණ්ඩුලෙ හරිංසු.
භත්තාභිහාරෙ සුදං භාසති (බත් වළඳන කල්හි කියයි) කෙසේ කියයි ද? භාග්‍යවතුන් වහන්සේ උගැන්වූ ආකාරයට ම; භාග්‍යවතුන් වහන්සේ ඔහුට මෙසේ උපදෙස් දුන්නේ ය. “මානවකය, මේ ගාථාව නැට්ටුවෙකු මෙන් ගිය ගිය තැන නො කියව. රජතුමා අහර ගන්නා තැන සිට පළමු පිඬුවල දී නො කියා අවසන් පිඬුව ගන්නා කල්හි ම කියනු මැනවි. රජතුමා එය අසා ම බත් පිඬ ඉවත දමන්නේ ය. ඉක්බිති රජතුමා අත් සේදූ කල පාත්‍රය ඉවත් කර බත් තුළු ගණන් කර එපමණ ව්‍යංජන දැන පසු දිනයේ එපමණ සහල් ඉවත් කළ යුතු ය, උදය වේලෙහි කියා සවස් වේලෙහි කියන්නෙහි ය” යි. හේ මැනවි යි පිළිවදන් දී ඒ දිනයේ රජතුමා පාතරාසය (උදේ වේල) අනුභව කොට ම සිටි බැවින් හවස් වේලෙහි දී භාග්‍යවතුන් වහන්සේ උපදෙස් දුන් පරිදි ගාථාව කී ය. රජතුමා බුදුන්ගේ වචනය සිහි කර බත් පිඬ භාජනයෙහි ම හෙළී ය. රජතුමා විසින් අත් සේදූ කල්හි භාජනය ඉවත් කොට බත් තුළු ගණන් කොට එපමණ ව්‍යඤ්ජන දැන ඊළඟ දිනයේ එපමණ බත් ඉවත් කළහ.
නාළිකොදනපරමතාය සණ්ඨාසීති සො කිර මාණවො දිවසෙ දිවසෙ තථාගතස්ස සන්තිකං ගච්ඡති, දසබලස්ස විස්සාසිකො අහොසි. අථ නං එකදිවසං පුච්ඡි “රාජා කිත්තකං භුඤ්ජතී”ති? සො “නාළිකොදන”න්ති ආහ. වට්ටිස්සති එත්තාවතා පුරිසභාගො එස, ඉතො පට්ඨාය ගාථං මා වදීති. ඉති රාජා තත්ථෙව සණ්ඨාසි.
නාළිකොදනපරමතාය සණ්ඨාසි (සහල් නැලියක බත් වැඩිම අහර කොට ඇති බැව්හි පිහිටියේ ය.) ඒ මානවකයා දිනපතා තථාගතයන් වහන්සේ සමීපයට යයි. බුදුන් වහන්සේගේ විශ්වාසවන්තයෙක් විය. ඉක්බිති එක් දිනක් ඔහුගෙන් විමසූ සේක. “රජතුමා කොපමණ බුදියි ද?” හේ “නැළියක බත්” යි කී ය. “එපමණ වටින්නේ ය, පිරිමියෙකුට ප්‍රමාණවත් කොටසකි එය. මෙතැන් පටන් ගාථාව නො කියනු’යි. මෙසේ රජතුමා එහි ම (එපමණෙහි ම) පිහිටියේ ය.
දිට්ඨධම්මිකෙන චෙව අත්ථෙන සම්පරායිකෙන චාති එත්ථ සල්ලිඛිතසරීරතා දිට්ඨධම්මිකත්ථො නාම, සීලං සම්පරායිකත්ථො. භොජනෙ මත්තඤ්ඤුතා හි සීලඞ්ගං නාම හොතීති.
දිට්ඨධම්මිකෙන චෙච අත්ථෙන සම්පරායිකෙන ච මැනවින් තැනුණු සිරුරක් ඇති බැවින් මෙලොව දී ම ඵල සහිත වූයේ නමි. ශීලය පරලොව අභිවෘද්ධිය ඇත්තේ ය; ආහාර ගැනීමෙහි පමණ දැනීම ශීලාංගයක් නම් වේ.
තතියං.
තුන් වැනි සූත්‍රය යි.
4. පඨමසඞ්ගාමසුත්තවණ්ණනා
4. පඨමසඞ්ගාම සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ වෙදෙහිපුත්තොති වෙදෙහීති පණ්ඩිතාධිවචනමෙතං, පණ්ඩිතිත්ථියා පුත්තොති අත්ථො. චතුරඞ්ගිනින්ති හත්ථිඅස්සරථපත්තිසඞ්ඛාතෙහි චතූහි අඞ්ගෙහි සමන්නාගතං. සන්නය්හිත්වාති චම්මපටිමුඤ්චනාදීහි සන්නාහං කාරෙත්වා. සඞ්ගාමෙසුන්ති යුජ්ඣිංසු. කෙන කාරණෙන? මහාකොසලරඤ්ඤා කිර බිම්බිසාරස්ස ධීතරං දෙන්තෙන ද්වින්නං රජ්ජානං අන්තරෙ සතසහස්සුට්ඨානො කාසිගාමො නාම ධීතු දින්නො. අජාතසත්තුනා ච පිතරි මාරිතෙ මාතාපිස්ස රඤ්ඤො වියොගසොකෙන නචිරස්සෙව මතා. තතො රාජා පසෙනදි කොසලො – “අජාතසත්තුනා මාතාපිතරො මාරිතා, මය්හං පිතු සන්තකො ගාමො”ති තස්සත්ථාය අඩ්ඩං කරොති. අජාතසත්තුපි “මය්හං මාතු සන්තකො”ති තස්ස ගාමස්සත්ථාය ද්වෙපි මාතුලභාගිනෙය්යා යුජ්ඣිංසු.
සිවු වැන්නේ - වෙදෙහිපුත්තො ‘වෙදෙහි’ යනු ‘පණ්ඩිත’ යන්නට සමාන වචනයකි. පණ්ඩිත ස්ත්‍රියගේ පුතා යන අර්ථය යි. චතුරඞ්ගිනිං ඇත් - අස් - රිය - පා බල සංඛ්‍යාත වූ සතර අංගයන්ගෙන් සමන්විත වූ, සන්නය්හිත්වා හම්පටියෙන් තද කොට බැඳීම ආදියෙන් සන්නද්ධ කරවා, සඞ්ගාමෙසුං යුද්ධ කළහ; කුමන කරුණකින් ද? මහා කෝසල රජතුමා විසින් බිම්බිසාරට දියණිය පාවා දෙමින් රාජ්‍යයන් දෙක අතර ලක්ෂයක් තැන් වූ කාසි ග්‍රාමය දියණියට දෙන ලදි. අජාතසත්තු විසින් පියා මරවන ලද කල්හි ඔහුගේ මව රජතුමාගේ වියෝග ශෝකයෙන් නොබෝ කලකින් මළා ය. ඉන් පසු පසේනදි කොසොල් රජතුමා “අජාතසත්තු විසින් මව්පියෝ මරවන ලදහ. මගේ පියා සන්තක ගම” යි එය ලබා ගනු පිණිස දබර කරයි. අජාතසත්තු ද “මගේ පියා සන්තක ය” යි ඒ ගම (තබා ගනු) පිණිස (දබර කරයි). මාමා බෑණා දෙදෙනා ම යුද කළහ.
පාපා දෙවදත්තාදයො මිත්තා අස්සාති පාපමිත්තො. තෙයෙවස්ස සහායාති පාපසහායො. තෙස්වෙවස්ස චිත්තං නින්නං සම්පවඞ්කන්ති පාපසම්පවඞ්කො. පසෙනදිස්ස සාරිපුත්තත්ථෙරාදීනං වසෙන කල්යාණමිත්තාදිතා වෙදිතබ්බා.
පාපී දේවදත්ත ආදීහු ඔහුගේ මිත්‍රයෝ යි = පාපමිත්තො; ඔවුහු ම මොහුගේ සහායකයෝ ය = පාපසහායො, ඔවුන් කෙරෙහි ම මොහුගේ සිත නැඹුරු විය, අතිශයින් වක් වී ය යි = පාපසම්පවඞ්කො; පසේනදී හට සැරියුත් තෙරුන් ආදීන්ගේ කල්‍යාණ මිත්‍රත්වය දත යුත්තේ ය.
දුක්ඛං සෙතීති ජිතානි හත්ථිආදීනි අනුසොචන්තො දුක්ඛං සයිස්සති. ඉදං භගවා පුන තස්ස ජයකාරණං දිස්වා ආහ. ජයං වෙරං පසවතීති ජිනන්තො වෙරං පසවති, වෙරිපුග්ගලං ලභති.
දුක්ඛං සෙති දිනනු ලැබූ ඇතුන් ආදීන් ගැන තැවෙන්නේ දුක සේ නිදන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ යළිත් ඔහුගේ ජයග්‍රහණ හේතුව දැක ජයං වෙරං පසවති යි වදාළහ. දිනන තැනැත්තේ වෛරය උපදවයි. වෛරී පුද්ගලයන් ද ලබයි.
චතුත්ථං.
සතර වැනි සූත්‍රය යි.
5. දුතියසඞ්ගාමසුත්තවණ්ණනා
5. දුතීය සඞ්ගාම සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ අබ්භුය්යාසීති පරාජයෙ ගරහප්පත්තො “ආරාමං ගන්ත්වා භික්ඛූනං කථාසල්ලාපං සුණාථා”ති රත්තිභාගෙ බුද්ධරක්ඛිතෙන නාම වුඩ්ඪපබ්බජිතෙන ධම්මරක්ඛිතස්ස වුඩ්ඪපබ්බජිතස්ස “සචෙ රාජා ඉමඤ්ච උපායං කත්වා ගච්ඡෙය්ය, පුන ජිනෙය්යා”ති වුත්තජයකාරණං සුත්වා අභිඋය්යාසි.
පස් වැන්නේ - අබ්භූය්යාසි පරාජයෙහි දී ගැරහීමට පත් වූයේ, “ආරාමයට ගොස් භික්ෂූන්ගේ කථා සල්ලාපය අසව” යි රාත්‍රී භාගයෙහි දී බුද්ධරක්ඛිත නම් මහලු වියේ පැවිදි වූවකු විසින් මහලු ව පැවිදි වූ ධම්මරක්ඛිත හට ඉදින් රජතුමා මේ මේ උපාය යොදා ගන්නේ නම් යළි ජය ගන්නේ යයි කියන ලද ජය කාරණය අසා ‘අභිඋය්යාසි’ විරුද්ධ ව ඉදිරියට ගියේ ය.
යාවස්ස උපකප්පතීති යාව තස්ස උපකප්පති සය්හං හොති. යදා චඤ්ඤෙති යදා අඤ්ඤෙ. විලුම්පන්තීති තං විලුම්පිත්වා ඨිතපුග්ගලං විලුම්පන්ති. විලුම්පතීති විලුම්පියති. ඨානං හි මඤ්ඤතීති “කාරණ”න්ති හි මඤ්ඤති. යදාති යස්මිං කාලෙ. ජෙතාරං ලභතෙ ජයන්ති ජයන්තො පුග්ගලො පච්ඡා ජෙතාරම්පි ලභති. රොසෙතාරන්ති ඝට්ටෙතාරං. රොසකොති ඝට්ටකො. කම්මවිවට්ටෙනාති කම්මපරිණාමෙන, තස්ස විලුම්පනකම්මස්ස විපාකදානෙන. සො විලුත්තො විලුප්පතීති සො විලුම්පකො විලුම්පියති.
යාවස්ස උපකප්පති ‘යාව තස්ස උපකප්පති’ යම් තාක් ඔහුට හැකි වේද? දරාගත හැකි වේ ද, යදා චඤ්ඤෙ යදා අඤ්ඤෙ (යම් විටෙක අන්‍යයෝ), විලුම්පන්ති ඔහු නසා සිටි ඒ පුද්ගලයා නසත්, විලුප්පති නසනු ලැබේ. ඨානඤ්හි මඤ්ඤති කාරණය (හේතුව) සිතයි; යදා යම් කලක, ජෙතාරං ලභතෙ ජයං ජයගන්නා පුද්ගලයා පසුව (වෙනත්) දිනන්නකු ද ලබයි. රොසෙතාරං ගැටෙන්නෙකු, රොසකො ගැටෙන්නා, කම්මවිවට්ටෙන කර්ම පරිණාමයෙන්, ඒ විලුම්පන කර්මයේ (නැසීම් ක්රියාවේ) විපාක දීමෙන්, සො විලුත්තො විලුප්පති ඒ නසන තැනැත්තා (ද) නසනු ලැබේ. (නැසීමට භාජනය වේ.)
පඤ්චමං.
පස් වැනි සූත්‍රය යි.
6. ධීතුසුත්තවණ්ණනා
6. ධීතු සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ උපසඞ්කමීති මල්ලිකාය දෙවියා ගබ්භවුට්ඨානකාලෙ සූතිඝරං පටිජග්ගාපෙත්වා ආරක්ඛං දත්වා උපසඞ්කමි. අනත්තමනො අහොසීති, “දුග්ගතකුලස්ස මෙ ධීතු මහන්තං ඉස්සරියං දින්නං, සචෙ පුත්තං අලභිස්ස, මහන්තං සක්කාරං අධිගමිස්ස, තතො දානි පරිහීනා”ති අනත්තමනො අහොසි.
සය වැන්නේ - උපසඞ්කමි මල්ලිකා දේවියගේ ගැබ් පිහිටි කාලයෙහි තිඹිරි ගෙය පෝෂණය කොට ආරක්ෂාව දී පැමිණියේ ය. අනත්තමනො අහොසි දිළිඳු පවුලක (උපන්) දියණියට මවිසින් මහත් සැප සම්පත් දෙන ලදි. ඉදින් පුතකු ලබන්නේ ද මහත් වූ සත්කාර ලබන්නේ ය. දැන් එය ගිළිහිණි යි නො සතුටු සිත් ඇත්තේ විය.
සෙය්යාති දන්ධපඤ්ඤස්මා එලමූගපුත්තතො එකච්චා ඉත්ථීයෙව සෙය්යා. පොසාති පොසෙහි. ජනාධිපාති ජනාධිභුං රාජානං ආලපති. සස්සුදෙවාති සස්සුසසුරදෙවතා. දිසම්පතීති දිසාජෙට්ඨකා. තාදිසා සුභගියාති තාදිසාය සුභරියාය.
සෙය්යා අනුවණ වූ අඳ ගොලු පුත්‍රයාට වඩා එක් ස්ත්‍රියක් ම ශ්‍රේෂ්ඨ ය. පොස පෝෂණය කරනු මැනවි. ජනාධිප ජනයාගේ අධිපති වූ රජතුමා අමතයි. සස්සුදෙව නැදිමයිලන් දෙවි කොට ඇති, දිසම්පති දිසාවට ජ්‍යෙෂ්ඨ වූ (අධිපති වූ) තාදිසා සුභගියා එබඳු මහා භාග්‍යයෙන් යුත්.
ඡට්ඨං.
සය වැනි සූත්‍රය යි.
7. අප්පමාදසුත්තවණ්ණනා
7. අප්පමාද සූත්‍ර වර්ණනාව
සත්තමෙ සමධිග්ගය්හාති සමධිග්ගණ්හිත්වා, ආදියිත්වාති අත්ථො. අප්පමාදොති කාරාපකඅප්පමාදො. සමොධානන්ති සමවධානං උපක්ඛෙපං. එවමෙව ඛොති හත්ථිපදං විය හි කාරාපකඅප්පමාදො, සෙසපදජාතානි විය අවසෙසා චතුභූමකා කුසලධම්මා. තෙ හත්ථිපදෙ සෙසපදානි විය අප්පමාදෙ සමොධානං ගච්ඡන්ති, අප්පමාදස්ස අන්තො පරිවත්තන්ති. යථා ච හත්ථිපදං සෙසපදානං අග්ගං සෙට්ඨං, එවං අප්පමාදො සෙසධම්මානන්ති දස්සෙති. මහග්ගතලොකුත්තරධම්මානම්පි හෙස පටිලාභකට්ඨෙන ලොකියොපි සමානො අග්ගොව හොති.
සත් වැන්නෙහි - සමධිගය්හ අත්පත් කොට ගෙන, ලබාගෙන යන අරුත යි. අප්පමාදො සම්පාදක අප්‍රමාදය, සමොධානං ‘සමවධානං’ - ඒකරාශී කිරීම, එවමෙව ඛො ඇත් පාදය මෙනි, සම්පාදක අප්‍රමාදය. අත් පා සටහන් බඳු ය, අනිකුත් චතුභූමක කුශල ධර්ම. ඒවා අනිකුත් පාද-ඇත් පාදයෙහි (ඇතුළු කළ හැකිවා) මෙන් අප්‍රමාදයෙහි සමෝධානයට (අන්තර්ගත වීමට) පත්වෙයි. අප්‍රමාදයෙහි ඇතුළට වැටේ. හස්ති පාදය අන් පාද අතර අග්‍ර - ශ්‍රේෂ්ඨ - වන්නේ යම් සේ ද එසේ ම අප්‍රමාදය ද අන් ධර්ම අතර (අග්‍රය යි ශ්‍රේෂ්ඨ ය යි දක්වයි). මහාර්ඝ වූ ලෝකෝත්තර ධර්මයන්ගේ විශේෂ අත්පත් කර ගැනීම් අර්ථයෙන් ලෞකික දේ වූයේ වුව ද අග්‍ර ම වෙයි.
අප්පමාදං පසංසන්තීති “එතානි ආයුආදීනි පත්ථයන්තෙන අප්පමාදොව කාතබ්බො”ති අප්පමාදමෙව පසංසන්ති. යස්මා වා පුඤ්ඤකිරියාසු පණ්ඩිතා අප්පමාදං පසංසන්ති, තස්මා ආයුආදීනි පත්ථයන්තෙන අප්පමාදොව කාතබ්බොති අත්ථො. අත්ථාභිසමයාති අත්ථපටිලාභා.
අප්පමාදං පසංසන්ති ආයුෂ ආදිය පතන්නා විසින් අප්‍රමාදය ම (ප්‍රගුණ) කළ යුතු යයි අප්‍රමාදය ම ප්‍රශංසා කරති. යම් හෙයකින් පුණ්යක්රියාවල දක්ෂ වූවෝ අප්‍රමාදයට ප්‍රශංසා කරත් ද එනිසා ම ආයු ආදිය පතන්නාහු විසින් අප්‍රමාදය ම (ප්‍රගුණ) කළ යුතු ය යනු අර්ථ යි. අත්ථාභිසමයා පරමාර්ථය අත්පත් කර ගැනීමෙන්.
සත්තමං.
සත් වැනි සූත්‍රය යි.
8. කල්යාණමිත්තසුත්තවණ්ණනා
8. කල්‍යාණමිත්ත සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ සො ච ඛො කල්යාණමිත්තස්සාති සො චායං ධම්මො කල්යාණමිත්තස්සෙව ස්වාක්ඛාතො නාම හොති, න පාපමිත්තස්සාති. කිඤ්චාපි හි ධම්මො සබ්බෙසම්පි ස්වාක්ඛාතොව, කල්‍යාණමිත්තස්ස පන සුස්සූසන්තස්ස සද්දහන්තස්ස අත්ථං පූරෙති භෙසජ්ජං විය වළඤ්ජන්තස්ස න ඉතරස්සාති. තෙනෙතං වුත්තං. ධම්මොති චෙත්ථ දෙසනාධම්මො වෙදිතබ්බො.
අට වැන්නෙහි - සො ච ඛො කල්‍යාණමිත්තස්ස මේ ධර්මය කල්‍යාණ මිත්‍රයාට ම ‘ස්වාක්ඛාත’ වේ. න පාපමිත්තස්ස (පාප මිත්‍රයාට නො වේ) ධර්මය සියලු ම දෙනා හට මැනවින් දේශනා කරන ලද්දේ නමුදු අසන්නා වූ අදහන්නා වූ කල්‍යාණ මිත්‍රයාට වළඳන අයට බෙහෙතක් මෙන් අර්ථය සපුරා ලයි. අන් අයට නො වේ. එහෙයින් මෙය කියන ලදි. ධම්මො මෙහි දේශනා ධර්මය දත යුතු ය.
උපඩ්ඪමිදන්ති ථෙරො කිර රහොගතො චින්තෙසි – “අයං සමණධම්මො නාම ඔවාදකෙ අනුසාසකෙ කල්යාණමිත්තෙ සති පච්චත්තපුරිසකාරෙ ඨිතස්ස සම්පජ්ජති, උපඩ්ඪං කල්යාණමිත්තතො හොති, උපඩ්ඪං පච්චත්තපුරිසකාරතො”ති. අථස්ස එතදහොසි – “අහං පදෙසඤාණෙ ඨිතො නිප්පදෙසං චින්තෙතුං න සක්කොමි, සත්ථාරං පුච්ඡිත්වා නික්කඞ්ඛො භවිස්සාමී”ති. තස්මා සත්ථාරං උපසඞ්කමිත්වා එවමාහ. බ්රහ්මචරියස්සාති අරියමග්ගස්ස. යදිදං කල්යාණමිත්තතාති යා එසා කල්යාණමිත්තතා නාම, සා උපඩ්ඪං, තතො උපඩ්ඪං ආගච්ඡතීති අත්ථො. ඉති ථෙරෙන “උපඩ්ඪුපඩ්ඪා සම්මාදිට්ඨිආදයො කල්යාණමිත්තතො ආගච්ඡන්ති, උපඩ්ඪුපඩ්ඪා පච්චත්තපුරිසකාරතො”ති වුත්තං. කිඤ්චාපි ථෙරස්ස අයං මනොරථො, යථා පන බහූහි සිලාථම්භෙ උස්සාපිතෙ, “එත්තකං ඨානං අසුකෙන උස්සාපිතං, එත්තකං අසුකෙනා”ති විනිබ්භොගො නත්ථි, යථා ච මාතාපිතරො නිස්සාය උප්පන්නෙසු පුත්තෙසු “එත්තකං මාතිතො නිබ්බත්තං, එත්තකං පිතිතො”ති විනිබ්භොගො නත්ථි, එවං ඉධාපි අවිනිබ්භොගධම්මො හෙස, “එත්තකං සම්මාදිට්ඨිආදීනං කල්යාණමිත්තතො නිබ්බත්තං, එත්තකං පච්චත්තපුරිසකාරතො”ති න සක්කා ලද්ධුං, කල්යාණමිත්තතාය පන උපඩ්ඪගුණො ලබ්භතීති ථෙරස්ස අජ්ඣාසයෙන උපඩ්ඪං නාම ජාතං, සකලගුණො පටිලබ්භතීති භගවතො අජ්ඣාසයෙන සකලං නාම ජාතං. කල්යාණමිත්තතාති චෙතං පුබ්බභාගපටිලාභඞ්ගං නාමාති ගහිතං. අත්ථතො කල්යාණමිත්තං නිස්සාය ලද්ධා සීලසමාධිවිපස්සනාවසෙන චත්තාරො ඛන්ධා. සඞ්ඛාරක්ඛන්ධොතිපි වදන්තියෙව.
උපඩ්ඪමිදං තෙරුන් වහන්සේ රහසිගත ව සිතී ය: මේ ශ්‍රමණ ධර්මය නම් ඔවා දෙන අනුශාසනා කරන කල්‍යාණ මිත්‍රයකු ඇති කල, තම තමා සතු වීර්යයෙහි පිහිටන කෙනෙකුට සම්පාදනය වේ. අඩක් කල්‍යාණ මිත්‍රත්වයෙන් වේ. අඩක් තම තමාට අයත් වීර්යයෙනි. ඉක්බිති උන්වහන්සේට (මෙසේ) සිතිණි: “මම සීමිත ඥානයෙහි පිහිටියෙම්, අසීමිත ව සිතීමට නො හැක්කෙම් වෙමි. යමි; බුදුන් වහන්සේ විමසා නිසැක වූයේ වන්නෙමි. එහෙයින් බුදුන් වහන්සේ වෙත පැමිණ මෙසේ කී ය: බ්රහ්මචරියස්ස ආර්යමාර්ගයට, යදිදං කල්යාණමිත්තතා ඒ යමක් කල්‍යාණ මිත්‍රතාව නම් වේ ද, එය අඩකි. එයින් අඩක් පැමිණෙයි යන අර්ථය යි. මෙසේ තෙරුන් වහන්සේ විසින් අඩ මසකින් සම්මාදිට්ඨි ආදිය කල්‍යාණ මිත්‍රත්වයෙන් පැමිණේ. අඩ අඩක් තමාට අයත් පුරුෂ කාර්යයන් කිරීම මගින් පැමිණෙතැයි කියන ලදි. එතෙකුදු වුවත්, තෙරුන්ගේ මනෝ රථය මෙය යි. යම් සේ බොහෝ දෙනෙකු විසින් ශීලාස්ථම්භ (ගල්කණු) ඔසවා තැබූ කල්හි මෙපමණ තැනකට අසුවලා විසින් උසුලන ලදි, මෙපමණ අසුවලා විසිනැයි වෙන් කොට දැක්වීමක් නැත්තේ ය: යම් සේ මව්පියන් නිසා දරුවන් උපන් කල මෙපමණක් මවගෙන් උපණ, මෙපමණක් පියාගෙන් යයි වෙන් කිරීමක් නැද්ද, එසේ ම මෙහි ද අවිනිබ්භොග (වෙන් කොට නො දක්වන) ධර්මය වේ. එය, සම්මා දිට්ඨි ආදියේ මෙපමණක් කල්‍යාණ මිත්‍රත්වයෙන් උපන, මෙපමණක් එක් එක් තැනැත්තාට අයත් වීර්යය මගින් යයි ලැබීමට නො හැක. කල්‍යාණ මිත්රතාවෙන් අඩක් ලබයි යන තෙරුන්ගේ මතය හේතුවෙන් ‘උපඩ්ඪ’ නම ඇති විණි. කල්‍යාණ මිත්‍රතාව යන මෙය ද ‘පුබ්බභාග පටිලාභංගං’ (පූර්ව භාග ප්රතිලාභ අංගය) නමැයි ගන්නා ලදි. අර්ථ වශයෙන් කල්‍යාණ මිත්‍රත්වය නිසා ලද ශීල - සමාධි - විදර්ශනා වශයෙන් ස්කන්ධ සතර ය; සංස්කාර ස්කන්ධය යි ද කියත් ම ය.
මා හෙවං, ආනන්දාති, ආනන්ද, මා එවං අභණි, බහුස්සුතො ත්වං සෙඛපටිසම්භිදප්පත්තො අට්ඨ වරෙ ගහෙත්වා මං උපට්ඨහසි, චතූහි අච්ඡරියබ්භුතධම්මෙහි සමන්නාගතො, තාදිසස්ස එවං කථෙතුං න වට්ටති. සකලමෙව හිදං, ආනන්ද, බ්රහ්මචරියං, යදිදං කල්යාණමිත්තතාති ඉදං භගවා – “චත්තාරො මග්ගා චත්තාරි ඵලානි තිස්සො විජ්ජා ඡ අභිඤ්ඤා සබ්බං කල්යාණමිත්තමූලකමෙව හොතී”ති සන්ධායාහ. ඉදානි වචීභෙදෙනෙව කාරණං දස්සෙන්තො කල්යාණමිත්තස්සෙතන්තිආදිමාහ. තත්ථ පාටිකඞ්ඛන්ති පාටිකඞ්ඛිතබ්බං ඉච්ඡිතබ්බං, අවස්සංභාවීති අත්ථො.
මා හෙවං ආනන්ද, ආනන්දය, එසේ නො කියන්න. ඔබ බහුශ්‍රැතයෙකි, සේඛ ප්‍රතිසම්භිදාවට පත් ව සිටින්නේ ය. වර අටක් ඉල්ලා ගෙන මට උවටැන් කරන්නෙහි ය. ආශ්චර්ය අද්භූත ධර්ම හතරකින් යුක්ත ය. එබන්දකුට මෙසේ කීම නො වටී. සකලමෙව හිදං ආනන්ද බ්රහ්මචරියං යදිදං කල්යාණමිත්තතා මෙහි භාග්‍යවතුන් වහන්සේ සතර මග, සතර ඵල ත්‍රිවිද්‍යා ෂඩ්අභිඥා යන මේ සියල්ල ම කල්‍යාණ මිත්‍රත්වය මුල් කොට ඇත්තේ ම ය යන්න අරභයා වදාළහ. දැන් වාග් භේදයෙන් එය ම ප්‍රකාශ කරන්නාහු කල්යාණමිත්තස්සෙතං යන ආදිය වදාළ සේක. එහි පාටිකඞ්ඛන්ති යනු අපේක්ෂා කළ යුතු, කැමති විය යුතු; අවශ්‍යයෙන් ම සිදුවේ ය යන අර්ථයි.
ඉධාති ඉමස්මිං සාසනෙ. සම්මාදිට්ඨිං භාවෙතීතිආදීසු අට්ඨන්නං ආදිපදානංයෙව තාව අයං සඞ්ඛෙපවණ්ණනා – සම්මා දස්සනලක්ඛණා සම්මාදිට්ඨි. සම්මා අභිනිරොපනලක්ඛණො සම්මාසඞ්කප්පො. සම්මා පරිග්ගහණලක්ඛණා සම්මාවාචා. සම්මා සමුට්ඨාපනලක්ඛණො සම්මාකම්මන්තො. සම්මා වොදාපනලක්ඛණා සම්මාආජීවො. සම්මා පග්ගහලක්ඛණො සම්මාවායාමො. සම්මා උපට්ඨානලක්ඛණා සම්මාසති. සම්මා සමාධානලක්ඛණො සම්මාසමාධි.
ඉධ යනු මේ සසුනෙහි; සම්මා දිට්ඨිං භාවෙති යනාදියෙහි මුල් පද අටට පමණක් මේ කෙටි විස්තරය යි. යහපත් දර්ශනය ලක්ෂණ කොට ඇත්තේ සම්මාදිට්ඨි යි; යහපත් අභිනිරොපනය (මනස නිසි සේ යෙදවීම තහවුරු කිරීම) ලක්ෂණ කොට ඇත්තේ සම්මාසංකප්පො; යහපත් පරිග්‍රහ (ග්‍රහණය කිරීම) ලක්ෂණ කොට ඇත්තේ සම්මාවාචා; යහපත් සමුට්ඨාපනය (ඉපදවීම) ලක්ෂණ කොට ඇත්තේ සම්මාකම්මන්ත; යහපත් පිරිසිදු කරවීම ලක්ෂණ කොට ඇත්තේ සම්මා ආජීවො; යහපත් උත්සාහය ලක්ෂණ කොට ඇත්තේ සම්මා වායාමො; යහපත් රැක බලා ගැනීම ලක්ෂණ කොට ඇත්තේ සම්මා සති; යහපත් ඒකාග්‍රතාව ලක්ෂණ කොට ඇත්තේ සම්මා සමාධි.
තෙසු එකෙකස්ස තීණි කිච්චානි හොන්ති. සෙය්යාථිදං – සම්මාදිට්ඨි තාව අඤ්ඤෙහිපි අත්තනො පච්චනීකකිලෙසෙහි සද්ධිං මිච්ඡාදිට්ඨිං පජහති, නිරොධං ආරම්මණං කරොති, සම්පයුත්තධම්මෙ ච පස්සති තප්පටිච්ඡාදකමොහවිධමනවසෙන අසම්මොහතො. සම්මාසඞ්කප්පාදයොපි තථෙව මිච්ඡාසඞ්කප්පාදීනි ච පජහන්ති, නිරොධඤ්ච ආරම්මණං කරොන්ති. විසෙසතො පනෙත්ථ සම්මාදිට්ඨි සහජාතධම්මෙ සම්මා දස්සෙති. සම්මාසඞ්කප්පො සහජාතධම්මෙ අභිනිරොපෙති, සම්මාවාචා සම්මා පරිග්ගණ්හාති, සම්මාකම්මන්තො සම්මා සමුට්ඨාපෙති, සම්මාආජීවො සම්මා වොදාපෙති, සම්මාවායාමො සම්මා පග්ගණ්හාති, සම්මාසති සම්මා උපට්ඨාපෙති, සම්මාසමාධි සම්මා දහති.
ඒවා අතර එක එකට කෘත්‍ය තුන බැගින් වේ. කෙසේද යත්; සම්මා දිට්ඨිය වෙනත් ප්‍රතිවිරුද්ධ කෙලෙස් සමග මිථ්‍යා දෘෂ්ටිය පහ කරයි; නිරෝධය අරමුණු කරයි. සම්ප්‍රයුක්ත ධර්මයන් ද දකියි. එය වසා දමන මෝහය විධ්වංසනය කිරීම් වශයෙන්, නුමුළා බැවිනි. සම්මා සංකප්ප ආදිය ද එසේ ම මිථයා සංකල්ප ආදිය ද බැහැර කරයි; නිවන අරමුණු කරයි. මෙහි විශේෂයෙන් සම්මා දිට්ඨි සහජාත (එක් ව උපන්) ධර්මයන් මැනවින් දක්වයි. සම්මා සංකප්පය සහජාත ධර්මයන් අභිනිරෝපනය කරයි. සම්මා වාචා මනා කොට පරිග්‍රහණය කරයි. සම්මා කම්මන්තය මනා කොට සමුට්ඨාපනය කරයි (හටගන්වයි). සම්මා ආජීව මනා කොට පිරිසිදු කරවයි. සම්මා වායාම මනා කොට උත්සාහ කරවයි. සම්මා සතිය මනා කොට රැකවල් ලා තබයි; සම්මා සමාධිය මනා කොට දවා ලයි.
අපිචෙසා සම්මාදිට්ඨි නාම පුබ්බභාගෙ නානාඛණා නානාරම්මණා හොති, මග්ගකාලෙ එකක්ඛණා එකාරම්මණා. කිච්චතො පන සම්මාදිට්ඨි දුක්ඛෙ ඤාණන්තිආදීනි චත්තාරි නාමානි ලභති. සම්මාසඞ්කප්පාදයොපි පුබ්බභාගෙ නානාඛණා නානාරම්මණා හොන්ති, මග්ගකාලෙ එකක්ඛණා එකාරම්මණා. තෙසු සම්මාසඞ්කප්පො කිච්චතො නෙක්ඛම්මසඞ්කප්පොතිආදීනි තීණි නාමානි ලභති. සම්මාවාචාදයො තයො විරතියොපි හොන්ති චෙතනායොපි, මග්ගක්ඛණෙ පන විරතියොව. සම්මාවායාමො සම්මාසතීති ඉදම්පි ද්වයං කිච්චතො සම්මප්පධානසතිපට්ඨානවසෙන චත්තාරි නාමානි ලභති. සම්මාසමාධි පන පුබ්බභාගෙපි මග්ගක්ඛණෙපි සම්මාසමාධියෙව.
තව ද මේ සම්මා දිට්ඨිය නම් පූර්ව භාගයෙහි විවිධ ක්ෂණයන් ද විවිධ අරමුණු ද සහිත වේ. මාර්ග කාලයෙහි ඒකක්ෂණ ද ඒකාරම්මණ ද වේ. කෘත්‍යය වශයෙන් සම්මා දිට්ඨිය “දුක්ඛෙ ඤාණං” ආදි වශයෙන් නම් සතරක් ලබයි. සම්මා සංකප්ප ආදියත් පූර්ව භාගයෙහි නොයෙක් නොයෙක් ක්ෂණ නොයෙක් නොයෙක් අරමුණු සහිත වේ. මාර්ග කාලයෙහි ඒකක්ෂණ ඒකාරම්මණ වේ. ඒ අතර සම්මා සංකප්ප, කෘත්‍ය වශයෙන් ‘නෙක්ඛම්ම සංකප්ප’ ආදී නාම තුනක් ලබයි. සම්මා වාචා ආදිය විරති තුන ද වෙයි; චේතනා ද වෙයි. මාර්ගක්ෂණයෙහි දී විරතිය ම වේ. සම්මා වායාම සම්මා සති යන මෙය ද කෘත්‍ය වශයෙන් දෙකකි. සම්මප්පධාන සතිපට්ඨාන වශයෙන් නම් සතරක් ලබයි. සම්මා සමාධිය වනාහි පූර්ව භාගයෙහි ද මාර්ගක්ෂණයෙහි ද සම්මා සමාධිය ම වේ.
එවං තාව “සම්මාදිට්ඨි”න්තිආදිනා නයෙන වුත්තානං අට්ඨන්නං ආදිපදානංයෙව අත්ථවණ්ණනං ඤත්වා ඉදානි භාවෙති විවෙකනිස්සිතන්තිආදීසු එවං ඤාතබ්බො. භාවෙතීති වඩ්ඪෙති, අත්තනො චිත්තසන්තානෙ පුනප්පුනං ජනෙති, අභිනිබ්බත්තෙතීති අත්ථො. විවෙකනිස්සිතන්ති විවෙකං නිස්සිතං, විවෙකෙ වා නිස්සිතන්ති විවෙකනිස්සිතං. විවෙකොති විවිත්තතා. විවිත්තතා චායං තදඞ්ගවිවෙකො, වික්ඛම්භන-සමුච්ඡෙද-පටිප්පස්සද්ධි-නිස්සරණවිවෙකොති පඤ්චවිධො. එවමෙතස්මිං පඤ්චවිධෙ විවෙකෙ. විවෙකනිස්සිතන්ති තදඞ්ගවිවෙකනිස්සිතං සමුච්ඡෙදවිවෙකනිස්සිතං නිස්සරණවිවෙකනිස්සිතඤ්ච සම්මාදිට්ඨිං භාවෙතීති අයමත්ථො වෙදිතබ්බො. තථා හි අයං අරියමග්ගභාවනානුයුත්තො යොගී විපස්සනාක්ඛණෙ කිච්චතො තදඞ්ගවිවෙකනිස්සිතං, අජ්ඣාසයතො නිස්සරණවිවෙකනිස්සිතං, මග්ගකාලෙ පන කිච්චතො සමුච්ඡෙදවිවෙකනිස්සිතං, ආරම්මණතො නිස්සරණවිවෙකනිස්සිතං සම්මාදිට්ඨිං භාවෙති. එස නයො විරාගනිස්සිතාදීසු. විවෙකත්ථා එව හි විරාගාදයො .
මෙසේ සම්මා දිට්ඨි ආදී ක්‍රමයට කියන ලද මුල් පද අටෙහි අර්ථ වර්ණනා දැන ගෙන, දැන් “භාවෙති විවේක නිස්සිතං” ආදිය මෙසේ දත යුතු ය. භාවෙති වඩයි; තමාගේ චිත්ත සන්තානයන්හි නැවත නැවත ජනිත කරයි, උපදවයි යන අර්ථ යි. විවෙකනිස්සිතං විවේකය ආශ්‍රය කොට ගත්; “විවේකය” නම් විවිත්තතා වෙන් ව පැවතීම යි. “විවිත්තතා” යන මෙය, තදඞ්ග, වික්ඛම්භන, සමුච්ඡෙද, පටිප්පස්සද්ධි, නිස්සරණ වශයෙන් පස් වැදෑරුමි. මෙසේ පස් වැදෑරුම් ‘විවේක’ අතරෙහි විවෙක නිස්සිතං යනු තදඞ්ග විවෙක නිශ්රිත සමුච්ඡෙද විවෙක නිශ්රිත නිස්සරණ විවෙක නිශ්රිත ය. සම්මා දිට්ඨිං භාවෙති යන අර්ථය දත යුතු ය. යම් හෙයකින් ආර්ය මාර්ග භාවනාවෙහි අනුයුක්ත වූ යෝගී තෙම, විදර්ශනා මොහොතේ කෘත්‍ය වශයෙන් තදංග විවේක නිශ්රිත, අදහස් වශයෙන් නිස්සරණ විවේක නිශ්රිත, මාර්ග කාලයෙහි කෘත්‍ය වශයෙන් සමුච්ඡෙද නිහ්රිත වූ ද, ආරම්මණ වශයෙන් නිස්සරණ විවේක නිශ්රිත වූ ද සම්මා දිට්ඨිය වඩයි ද, විරාග නිශ්රිත ආදියෙහි ද මේ න්‍යාය ම ය. විරාගාදිය විවේකය සඳහා ම වෙයි.
කෙවලඤ්චෙත්ථ වොස්සග්ගො දුවිධො පරිච්චාගවොස්සග්ගො ච පක්ඛන්දනවොස්සග්ගො චාති. තත්ථ පරිච්චාගවොස්සග්ගොති විපස්සනාක්ඛණෙ ච තදඞ්ගවසෙන, මග්ගක්ඛණෙ ච සමුච්ඡෙදවසෙන කිලෙසප්පහානං. පක්ඛන්දනවොස්සග්ගොති විපස්සනාක්ඛණෙ තන්නින්නභාවෙන, මග්ගක්ඛණෙ පන ආරම්මණකරණෙන නිබ්බානපක්ඛන්දනං, තදුභයම්පි ඉමස්මිං ලොකියලොකුත්තරමිස්සකෙ අත්ථවණ්ණනානයෙ වට්ටති. තථා හි අයං සම්මාදිට්ඨි යථාවුත්තෙන පකාරෙන කිලෙසෙ ච පරිච්චජති, නිබ්බානඤ්ච පක්ඛන්දති.
මෙහි වොස්සග්ගය ද්විවිධ වේ. පරිච්චාග වොස්සග්ගය පක්ඛන්දන වොස්සග්ගය වශයෙනි. එහි පරිච්චාග වොස්සග්ගය නම් විදර්ශනා ක්ෂණයෙහි දී තදංග වශයෙන් ද මාර්ග ක්ෂණයෙහි දී සමුච්ඡෙද වශයෙන් ද ක්ලේශ ප්රහාණය යි. පක්ඛන්දන වොස්සග්ගය නම් විදර්ශනා ක්ෂණයෙහි දී එයට නැඹුරු වී බැවින් ද මාර්ග ක්ෂණයෙහි දී අරමුණු කර ගැනීමෙන් ද නිර්වාණ පක්ඛන්දනය යි. ඒ දෙක ම මෙහි ලෞකික - ලෝකෝත්තර (ලෙස) මිශ්‍ර ව අර්ථ වර්ණනා ක්රමයෙහි ගැනීම වටී. එසේ ම ය. මේ සම්මා දිට්ඨිය කියන ද ආකාරයට කෙළෙස් දුරු කරයි. නිර්වාණය තුළට වදියි.
වොස්සග්ගපරිණාමින්ති ඉමිනා පන සකලෙන වචනෙන වොස්සග්ගත්ථං පරිණමන්තං පරිණතඤ්ච, පරිපච්චන්තං පරිපක්කඤ්චාති ඉදං වුත්තං හොති. අයඤ්හි අරියමග්ගභාවනානුයුත්තො භික්ඛු යථා සම්මාදිට්ඨි කිලෙසපරිච්චාගවොස්සග්ගත්ථං නිබ්බානපක්ඛන්දනවොස්සග්ගත්ථඤ්ච පරිපච්චති, යථා ච පරිපක්කා හොති, තථා නං භාවෙතීති. එස නයො සෙසමග්ගඞ්ගෙසු.
වොස්සග්ග පරිණාමිං මේ සියලු වචනයෙන් පිරිසිදු බවට නැඹුරු වෙමින් පවත්නා බවත්, නැඹුරු වුණු බවත් පරිපාකයට යමින් පවත්නා බවත්, පරිපාකයට ගිය බවක් කියන ලදි. මේ ආර්ය මාර්ග භාවනාවෙහි යුක්ත වූ භික්ෂුව, යම් සේ සම්‍යක් දෘෂ්ටිය කිලෙස පරිච්චාග වොස්සග්ගය පිණිසත්, නිබ්බාන පක්ඛන්දන වොස්සග්ගය පිණිසත් ‘පරිපච්චති’ (මෝරන්නට වන්නේ ද), යම් සේ පරිපාකයට (පැසුණු බවට) ගියේ වේ ද, එසේ එය වඩන්නේ ය. සෙසු මාර්ගාංග ගැන ද මේ න්‍යාය ම ය.
ආගම්මාති ආරබ්භ සන්ධාය පටිච්ච. ජාතිධම්මාති ජාතිසභාවා ජාතිපකතිකා. තස්මාති යස්මා සකලො අරියමග්ගොපි කල්යාණමිත්තං නිස්සාය ලබ්භති, තස්මා. හන්දාති වවස්සග්ගත්ථෙ නිපාතො. අප්පමාදං පසංසන්තීති අප්පමාදං වණ්ණයන්ති, තස්මා අප්පමාදො කාතබ්බො. අත්ථාභිසමයාති අත්ථපටිලාභා.
ආගම්ම ආරබ්භ සන්ධාය පටිච්ච, අරභයා, සඳහා, නිසා, ජාති ධම්මා උප්පත්ති ස්වභාවය ඇති; උත්පත්ති ප්‍රකෘතිය ඇති; තස්මා යම් හෙයකින් සියලු ම ආර්යමාර්ග කල්‍යාණ මිත්‍රත්වය නිසා ලැබේ ද ඒ නිසා ය. හන්දා වෙන් කිරීමේ නිපාතයකි. අප්පමාදං පසංසන්ති අප්‍රමාදය වර්ණනා කරත්, එහෙයින් අප්‍රමාද (ලෙස කටයුතු) කළ යුතු ය. අත්ථාභිසමයා අර්ථ ප්‍රතිලාභයෙන්.
අට්ඨමං.
අට වැනි සූත්‍රය යි.
9. පඨමං අපුත්තකසුත්තවණ්ණනා
9. පඨම අපුත්තක සූත්‍ර වර්ණනාව
නවමෙ දිවා දිවස්සාති දිවසස්ස දිවා, මජ්ඣන්හිකසමයෙති අත්ථො. සාපතෙය්යන්ති ධනං. කො පන වාදො රූපියස්සාති සුවණ්ණරජතතම්බලොහකාළලොහඵාලකච්ඡපකාදිභෙදස්ස ඝනකතස්ස චෙව පරිභොගභාජනාදිභෙදස්ස ච රූපියභණ්ඩස්ස පන කො වාදො? “එත්තකං නාමා”ති කා පරිච්ඡෙදකථාති අත්ථො. කණාජකන්ති සකුණ්ඩකභත්තං. බිලඞ්ගදුතියන්ති කඤ්ජිකදුතියං. සාණන්ති සාණවාකමයං. තිපක්ඛවසනන්ති තීණි ඛණ්ඩානි ද්වීසු ඨානෙසු සිබ්බිත්වා කතනිවාසනං.
නව වැන්නෙහි - දිවාදිවස්ස දිවස්ස (දවසෙහි) දිවා; මද්දහන වේලාවේ යන අර්ථ යි. සාපතෙය්යං ධනය යි. කො පන වාදො රූපියස්ස රන් - රිදි - තඹ ලෝ පරිභෝග භාජන ආදී වර්ග හා රිදී භාණ්ඩ ගැන කුමන වාද ද? මෙපමණකැයි ද කුමන පිරිසිඳීම් කථා ද යන අර්ථ යි. කණාජකං නිවුඩු හාලේ බත බිලංගදුතියං කාඩි (හොද්ද) දෙවැනි කොට ඇති, සාණං හණින් තැනූ රෙද්ද තිපක්ඛවසනං කැබලි තුනක් දෙපොළකින් මසා කරන ලද වස්ත්‍රය යි.
අසප්පුරිසොති ලාමකපුරිසො. උද්ධග්ගිකන්තිආදීසු උපරූපරිභූමීසු ඵලදානවසෙන උද්ධං අග්ගමස්සාති උද්ධග්ගිකා. සග්ගස්ස හිතා තත්රුපපත්තිජනනතොති සොවග්ගිකා. නිබ්බත්තට්ඨානෙසු සුඛො විපාකො අස්සාති සුඛවිපාකා. සුට්ඨු අග්ගානං දිබ්බවණ්ණාදීනං විසෙසානං නිබ්බත්තනතො සග්ගසංවත්තනිකා. එවරූපං දක්ඛිණදානං න පතිට්ඨාපෙතීති.
අසප්පුරිසො ළාමක පුරුෂයා යි. උද්ධග්ගිකං ආදියෙහි මතු මතු භූමිවල (ආත්මවල) පල දීම් වශයෙන් මතු උතුම් වන්නේ යි උද්ධග්ගිකා; ස්වර්ගයට හිතවත් ව එහි උත්පත්තිය ජනනය කරතියි = සොවග්ගිකා පහළ වූ ස්ථානවල සුඛ විපාක වන්නේ යි = සුඛවිපාකා; මනා අග්‍ර වූ දිව්‍ය වර්ණ ආදී වූ විශේෂයෙන් පහළ වීම නිසා සග්ගසංවත්තනිකා; මේ ආකාර දක්ඛිණං දානය න පතිට්ඨපෙති (නො පිහිටුවයි)
සාතොදකාති මධුරොදකා. සෙත්තොදකාති වීචීනං භින්නට්ඨානෙ උදකස්ස සෙතතාය සෙතොදකා. සුපතිත්ථාති සුන්දරතිත්ථා. තං ජනොති යෙන උදකෙන සාතොදකා, තං උදකං ජනො භාජනානි පූරෙත්වා නෙව හරෙය්ය. න යථාපච්චයං වා කරෙය්යාති, යං යං උදකෙන උදකකිච්චං කාතබ්බං, තං තං න කරෙය්ය.
සාතොදකා මිහිරි දිය ඇති සෙතකා රළ බිඳුණු තැන ජලයෙහි සුදු බව නිසා සුදු වූ, සුපතිත්ථා සුන්දර වූ තොට ඇති, තං ජනො යම් ජලයකින් ඒ ‘මධුර දිය’ වේ ද ඒ ජලය ජනයා බඳුන් පුරවා නො ගෙන යන්නේ ම ය. න යථාපච්චයං කරෙය්ය ජලයෙන් කළ යුතු යම් යම් උදක කෘත්‍ය වේ ද ඒ ඒ කාර්යය නො කරන්නේ ය.
තදපෙය්යමානන්ති තං අපෙය්යමානං. කිච්චකරො ච හොතීති අත්තනා කත්තබ්බකිච්චකරො චෙව කුසලකිච්චකරො ච, භුඤ්ජති ච, කම්මන්තෙ ච පයොජෙති, දානඤ්ච දෙතීති අත්ථො.
තදපෙය්යමානං තං අපෙය්යමානං (පානය නො කරනු ලබන) කිච්චකරො ච හොති තමාගේ කර්මාන්ත කටයුතු කරන්නේ කුසල කර්ම කරන්නේ පරිභෝජනය කරයි, කර්මාන්තයෙහි යොදවයි. දන් ද දෙයි යනු අර්ථයි.
නවමං.
නව වැනි සූත්‍රය යි.
10. දුතියං අපුත්තකසුත්තවණ්ණනා
10. දුතිය අපුත්තක සූත්‍ර වර්ණනාව
දසමෙ පිණ්ඩපාතෙන පටිපාදෙසීති පිණ්ඩපාතෙන සද්ධිං සංයොජෙසි, පිණ්ඩපාතං අදාසීති අත්ථො. පක්කාමීති කෙනචිදෙව රාජුපට්ඨානාදිනා කිච්චෙන ගතො. පච්ඡා විප්පටිසාරී අහොසීති සො කිර අඤ්ඤෙසුපි දිවසෙසු තං පච්චෙකසම්බුද්ධං පස්සති, දාතුං පනස්ස චිත්තං න උප්පජ්ජති. තස්මිං පන දිවසෙ අයං පදුමවතිදෙවියා තතියපුත්තො තග්ගරසිඛී පච්චෙකබුද්ධො ගන්ධමාදනපබ්බතෙ ඵලසමාපත්තිසුඛෙන වීතිනාමෙත්වා පුබ්බණ්හසමයෙ වුට්ඨාය අනොතත්තදහෙ මුඛං ධොවිත්වා මනොසිලාතලෙ නිවාසෙත්වා කායබන්ධනං බන්ධිත්වා පත්තචීවරමාදාය අභිඤ්ඤාපාදකං චතුත්ථජ්ඣානං සමාපජ්ජිත්වා ඉද්ධියා වෙහාසං අබ්භුග්ගන්ත්වා නගරද්වාරෙ ඔරුය්හ චීවරං පාරුපිත්වා පත්තමාදාය නගරවාසීනං ඝරද්වාරෙසු සහස්සභණ්ඩිකං ඨපෙන්තො විය පාසාදිකෙහි අභික්කන්තාදීහි අනුපුබ්බෙන සෙට්ඨිනො ඝරද්වාරං සම්පත්තො. තංදිවසඤ්ච සෙට්ඨි පාතොව උට්ඨාය පණීතභොජනං භුඤ්ජිත්වා, ඝරද්වාරකොට්ඨකෙ ආසනං පඤ්ඤාපෙත්වා, දන්තන්තරානි සොධෙන්තො නිසින්නො හොති. සො පච්චෙකබුද්ධං දිස්වා, තංදිවසං පාතො භුත්වා නිසින්නත්තා දානචිත්තං උප්පාදෙත්වා, භරියං පක්කොසාපෙත්වා, “ඉමස්ස සමණස්ස පිණ්ඩපාතං දෙහී”ති වත්වා පක්කාමි.
දස වැන්නේ - පිණ්ඩපාතෙන පටිපාදෙසි පිණ්ඩපාතය සමග යෙදවී ය. පිණ්ඩපාතය දුන්නේ ය යන අර්ථ යි. පක්කාමි රාජ උපස්ථාන ආදි කිසියම් කටයුත්තක් නිසා ගියේ ය. පච්ඡා විප්පටිසාරි අහොසි පසු ව විපිළිසර විය. හේ අනෙක් දිනවල ද ඒ පසේ බුදුන් දකියි. දීමට ඔහුට සිතක් නො උපදියි. එදින පද්මාවතී දේවියගේ තෙවැනි පුත් තගරසිඛී පසේබුදු හිමි ගන්ධමාදන පර්වතයෙහි ඵල සමාපත්ති සුවයෙන් කල් ගත කොට පෙරවරුවෙහි නැගිට අනෝතත්ත විලෙන් මුව දොවා මනෝසිලා තලයෙහි හිඳ බඳපටිය බැඳ පා-සිවුරු ගෙන අභිඥා පාදක වූ චතුර්ථධ්යානයට සම වැද සෘද්ධියෙන් අහසට නැග නගර ද්වාරයට බැස සිවුර පොරවා පාත්‍රය රැගෙන නගර වාසීන්ගේ ගෙදොරවල දහසේ ගොඩවල් තබන්නාක් මෙන් මනහර ප්‍රාසාද ආදී අනුපිළිවෙලට සිටුවරයාගේ දොරකඩට වැඩි සේක. එදවස ද සිටුවරයා අළුයම ම නැගිට ප්‍රණීත භෝජන අනුභව කොට ගෙහි දොරකඩ අසුනක් පනවා ගෙන දත් අතර සෝදමින් සිටියේ වෙයි. හේ පසේබුදුන් දැක, ඒ දිනයෙහි අළුයම ම අනුභව කොට සිටි බැවින් දාන චිත්තය උපදවා භාර්යාව කැඳවා “මේ ශ්‍රමණයාට පිණ්ඩපාතය දෙව’යි කියා පිටත් ව ගියේ ය.
සෙට්ඨිභරියා චින්තෙසි – “මයා එත්තකෙන කාලෙන ඉමස්ස ‘දෙථා’ති වචනං න සුතපුබ්බං, දාපෙන්තොපි ච අජ්ජ න යස්ස වා තස්ස වා දාපෙති, වීතරාගදොසමොහස්ස වන්තකිලෙසස්ස ඔහිතභාරස්ස පච්චෙකබුද්ධස්ස දාපෙති, යං වා තං වා අදත්වා පණීතං පිණ්ඩපාතං දස්සාමී”ති, ඝරා නික්ඛම්ම පච්චෙකබුද්ධං පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා පත්තං ආදාය අන්තොනිවෙසනෙ පඤ්ඤත්තාසනෙ නිසීදාපෙත්වා සුපරිසුද්ධෙහි සාලිතණ්ඩුලෙහි භත්තං සම්පාදෙත්වා තදනුරූපං ඛාදනීයං බ්යඤ්ජනං සුපෙය්යඤ්ච සල්ලක්ඛෙත්වා පත්තං පූරෙත්වා බහි ගන්ධෙහි සමලඞ්කරිත්වා පච්චෙකබුද්ධස්ස හත්ථෙසු පතිට්ඨපෙත්වා වන්දි. පච්චෙකබුද්ධො – “අඤ්ඤෙසම්පි පච්චෙකබුද්ධානං සඞ්ගහං කරිස්සාමී”ති අපරිභුඤ්ජිත්වාව අනුමොදනං කත්වා පක්කාමි. සොපි ඛො සෙට්ඨි බාහිරතො ආගච්ඡන්තො පච්චෙකබුද්ධං දිස්වා මයං “තුම්හාකං පිණ්ඩපාතං දෙථා”ති වත්වා පක්කන්තා, අපි වො ලද්ධොති? ආම, සෙට්ඨි ලද්ධොති. “පස්සාමී”ති ගීවං උක්ඛිපිත්වා ඔලොකෙසි. අථස්ස පිණ්ඩපාතගන්ධො උට්ඨහිත්වා නාසාපුටං පහරි. සො චිත්තං සංයමෙතුං අසක්කොන්තො පච්ඡා විප්පටිසාරී ආහොසීති.
සිටුවරයාගේ බිරිඳ මෙසේ සිතුවා ය. මා විසින් මෙපමණ කලක් ‘මොහුට දෙව’ යි යන වචනයක් නො ඇසූ විරූ ය. අද දෙවන්නේ ද එසේ මෙසේ කෙනෙකුට නො වේ. රාග-දෝස-මෝහ පහ වූ, කෙළෙස් බැහැර ලු, බර බහා තැබූ පසේ බුදුවරයෙකුට දෙවයි. ඒ මේ දෙයක් නො දී ප්‍රණීත පිණ්ඩපාතයක් ම දෙන්නෙමි යි ගෙයින් නික්ම පසේබුදුවරයාණනට පසඟ පිහිටුවා වැඳ පාත්‍රය රැගෙන නිවස තුළ පැන වූ අසුනක වඩා හිඳුවා සුපිරිසිදු වූ ඇල් හාලෙන් බත් තනා ඊට අනුරූප වූ ව්‍යඤ්ජන සූප ද සකස් කර පාත්‍රය පුරවා පිටත සුගන්ධයෙන් අලංකාර කොට පසේ බුදුන්ගේ අත්හි තබා වැන්දා ය. පසේ බුදුහු ද අනෙක් පසේබුදුවරුන්ට ද සංග්‍රහ කරන්නෙමි යි නො වළඳා ම අනුමෝදන් කොට වැඩි සේක. ඒ සිටුවරයා ද බැහැර සිට එන්නේ පසේ බුදුන් දැක “අප ඔබ වහන්සේට පිණ්ඩපාතය දෙන්නැයි කියා ගියා. ලැබුණි ද?” “සිටුවරයාණනි, එසේ ය, ලැබිණි” යි (කී කල්හි) “බල්නනෙමි” බෙල්ල උස්සා බැලී ය. එවිට පිණ්ඩපාත සුවඳ මතු වී ඔහුගේ නාසා පුටයට වැදුනේ ය. හේ සිත සංයම කර ගැනීමට අපොහොසත් වූයේ පසුව විපිළිසර විය.
වරමෙතන්තිආදි විප්පටිසාරස්ස උප්පන්නාකාරදස්සනං. භාතු ච පන එකපුත්තකං සාපතෙය්යස්ස කාරණා ජීවිතා වොරොපෙසීති තදා කිරස්ස අවිභත්තෙයෙව කුටුම්බෙ මාතාපිතරො ච ජෙට්ඨභාතා ච කාලමකංසු. සො භාතුජායාය සද්ධිංයෙව සංවාසං කප්පෙසි. භාතු පනස්ස එකො පුත්තො හොති, තං වීථියා කීළන්තං මනුස්සා වදන්ති – “අයං දාසො අයං දාසී ඉදං යානං ඉදං ධනං තව සන්තක”න්ති. සො තෙසං කථං ගහෙත්වා – “අයං දාසො මය්හං සන්තක”න්තිආදීනි කථෙති.
වරමෙතං ආදිය විපිළිසර උපන් ආකාරය දැක්වීම යි. භාතු ච පන එක පුත්තකං සාපතෙය්යස්ස කාරණා ජීවිතා වොරොපෙසි සහෝදරයා ධන හේතුවෙන් එක ම පුතා ජීවිතයෙන් තොර කළේ ය. එදා ඔහුගේ මව් පියෝ ද, වැඩිමහල් සොහොයුරා ද නිවස නො බෙදා තිබියදී ම කළුරිය කළහ. හේ සොහොයුරාගේ බිරිය සමඟ සංවාසයෙහි යෙදුනේ ය. ඔහුගේ සොහොයුරාට එක් පුතෙක් විය. වීදියේ සෙල්ලම් කරන ඔහුට මිනිස්සු “මේ දාසියා, මේ දාසිය, මේ යානය, මේ ධනය ඔබට අයිතිය” යි පවසත්. හේ ඔවුන්ගේ කථාව අසා “මේ දාසිය මගේ ය” ආදිය පවසයි.
අථස්ස චූළපිතා චින්තෙසි – “අයං දාරකො ඉදානෙව එවං කථෙසි, මහල්ලකකාලෙ කුටුම්බං මජ්ඣෙ භින්දාපෙය්ය, ඉදානෙවස්ස කත්තබ්බං කරිස්සාමී”ති එකදිවසං වාසිං ආදාය – “එහි පුත්ත, අරඤ්ඤං ගච්ඡාමා”ති තං අරඤ්ඤං නෙත්වා විරවන්තං විරවන්තං මාරෙත්වා ආවාටෙ පක්ඛිපිත්වා පංසුනා පටිච්ඡාදෙසි. ඉදං සන්ධායෙතං වුත්තං.
එවිට ඔහුගේ සුළු පියා (මෙසේ) සිතී ය. මේ දරුවා දැන් ම මෙසේ කියයි. මහලු කාලයෙහි ගෙහි මැද බිඳිනු ඇත. (බූදලය දෙකට වෙන් කරනු ඇත.) දැන් ම කළ යුතු දේ කරන්නෙමි. එක් දිනක් පොරව ගෙන “එන්න පුතා, කැලයට යමු” යි ඔහු කැලයට ගෙන ගොස් හඬද්දී ම මරවා වළක දමා පස්වලින් වැසී ය. මේ අරභයා මෙසේ කියන ලදි.
සත්තක්ඛත්තුන්ති සත්තවාරෙ. පුබ්බපච්ඡිමචෙතනාවසෙන චෙත්ථ අත්ථො වෙදිතබ්බො. එකපිණ්ඩපාතදානස්මිඤ්හි එකාව චෙතනා ද්වෙ පටිසන්ධියො න දෙති, පුබ්බපච්ඡිමචෙතනාහි පනෙස සත්තක්ඛත්තුං සග්ගෙ, සත්තක්ඛත්තුං සෙට්ඨිකුලෙ නිබ්බත්තො. පුරාණන්ති පච්චෙකසම්බුද්ධස්ස දින්නපිණ්ඩපාතචෙතනාකම්මං.
සත්තක්ඛත්තුං සත් වරක්; පෙර පසු චේතනා වශයෙන් ද මෙහි අර්ථය දත යුත්තේ ය. එක් පිණ්ඩපාත දානයක දී එක් චේතනාවක් ප්රතිසන්ධි දෙකක් නො දෙයි. පූර්ව පශ්චිම චේතනාවෙන් ඔහු සත් වරක් ස්වර්ගයෙහි ද සත් වරක් සිටු කුලයෙහි ද උපන්නේ ය. පුරාණං පසේ බුදුවරයාණන් වහන්සේට දෙන ලද පිණ්ඩපාතයට අදාළ චේතනා කර්මය පරික්ඛීණං ගෙවී ගොස් ය,
පරිග්ගහන්ති පරිග්ගහිතවත්ථු. අනුජීවිනොති එකං මහාකුලං නිස්සාය පණ්ණාසම්පි සට්ඨිපි කුලානි ජීවන්ති, තෙ මනුස්සෙ සන්ධායෙතං වුත්තං. සබ්බං නාදාය ගන්තබ්බන්ති සබ්බමෙතං න ආදියිත්වා ගන්තබ්බං. සබ්බං නික්ඛිප්පගාමිනන්ති සබ්බමෙතං නික්ඛිප්පසභාවං, පරිච්චජිතබ්බසභාවමෙවාති අත්ථො.
පරිග්ගහං අයිති කර ගත් වස්තු ය. අනුජීවිනො එක් මහා පවුලක් පදනම් කොට ගෙන පවුල් පනහක් හැටක් වුව ජීවත් වෙයි. ඒ මිනිසුන් අරභයා මෙය කියන ලදි. සබ්බං නාදාය ගන්තබ්බං මේ සියල්ල නො ගෙන යා යුතු ය. සබ්බං නික්ඛිප්පගාමියං සියල්ල හැර දැමිය යුතු ස්වභාවය අත් හළ යුතු ස්වභාවය ඇත්තේ යනු අර්ථ යි.
දසමං.
දස වැනි සූත්‍රය යි.
දුතියො වග්ගො.
දෙවන වර්ගය ය.