යෙදුමෙන් කියවන්න

කල්‍යාණමිත‍්තසුත‍්තං

3. 2. 8.

3. 2. 8.

කල්‍යාණමිත‍්තසුත‍්තං.

කල්‍යාණමිත්ත සූත්‍රය

129. සාවත්‍ථියං–

129. සැවැත්නුවර–

එකමන‍්තං නිසින‍්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන‍්තං එතදවොච: ඉධ මය‍්හං භන‍්තෙ රහොගතස‍්ස පටිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො. සො ච ඛො කල්‍යාණමිත‍්තස‍්ස කල්‍යාණසහායස‍්ස කල්‍යාණසම‍්පවඞ‍්කස‍්ස නො පාපමිත‍්තස‍්ස නො පාපසහායස‍්ස නො පාපසම‍්පවඞ‍්කස‍්සාති.

එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය. වහන්ස, මෙහි රහසිගත ව එකලාව හුන් මා සිත්හි “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මැනවින් වදාරණ ලදී. හෙ ද කලණ මිතුරන් ඇත්තහුට ය. කලණ යහළුවන් ඇත්තහුට ය. කලණයන් කෙරෙහි නැමුනහුට ය. පවිටු මිතුරන් ඇත්තහුට නො වේ. පවිටු යහළුවන් ඇත්තහුට නො වේ. පවිටන් කෙරෙහි නැමුනහුට නො වේ” යන මෙබඳු චිත්ත විතර්‍කයෙක් පහළ විය.

එවමෙතං මහාරාජ, එවමෙතං මහාරාජ, ස‍්වාක‍්ඛාතො මහාරාජ මයා ධම‍්මො. සො ච ඛො කල්‍යාණමිත‍්තස‍්ස කල්‍යාණසහායස‍්ස කල්‍යාණසම‍්පවඞ‍්කස‍්ස. නො පාපමිත‍්තස‍්ස නො පාපසහායස‍්ස නො පාපසම‍්පවඞ‍්කස‍්සාති.

මහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. මහරජ, මා විසින් ධර්‍මය ස්වාක්ඛාත ය. එ ද කලණ මිතුරන් ඇත්තහුට ය. කලණ යහළුවන් ඇත්තහුට ය. කලණයන් කෙරෙහි නැමුනහුට ය. පවිටු මිතුරන් ඇත්තහුට නො වේ. පවිටු යහළුවන් ඇත්තහුට නො වේ. පවිටන් කෙරෙහි නැමුනහුට නො වේ.

එකමිදාහං මහාරාජ, සමයං සක‍්කෙසු විහරාමි නාගරකං නාම සක්‍යානං නිගමො. අථ ඛො මහාරාජ ආනන්‍දො භික‍්ඛු යෙනාහං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා මං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො මහාරාජ ආනන්‍දො භික‍්ඛු මං එතදවොච: උපඩ‍්ඪමිදං භන‍්තෙ බ්‍රහ‍්මචරියස‍්ස යදිදං කල්‍යාණමිත‍්තතා කල්‍යාණසහායතා කල්‍යාණසම‍්පවඞ‍්කතාති. එවං වුත‍්තාහං මහාරාජ ආනන්‍දං භික‍්ඛුං එතදවොචං: මා හෙවං ආනන්‍ද, මා හෙවං ආනන්‍ද, සකලමෙව හිදං ආනන්‍ද බ්‍රහ‍්මචරියං යදිදං කල්‍යාණමිත‍්තතා කල්‍යාණසහායතා කල්‍යාණසම‍්පවඞ‍්කතා. කල්‍යාණමිත‍්තස‍්සෙතං ආනන්‍ද භික‍්ඛුනො පාටිකඞ‍්ඛං කල්‍යාණසහායස‍්ස කල්‍යාණසම‍්පවඞ‍්කස‍්ස අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙස‍්සති අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරිස‍්සතීති.

මහරජ, එක් කලෙක මම ශාක්‍ය දනව්වෙහි ශාක්‍යයන්ගේ නාගරක නම් නියම්ගම්හි වෙසෙමි. මහරජ, එකල අනඳ මහණ තෙමේ මා වෙත එළඹියේ ය. එළඹ මා වැඳ එකත්පසෙක හුන්නේ ය. මහරජ, එකත්පසෙක හුන් අනඳ මහණ තෙමේ මට “වහන්ස, යම් මේ කල්‍යාණමිත්‍රත්‍වයෙක් කල්‍යාණසහායත්‍වයෙක් කල්‍යාණසම්ප්‍රවඞ්කත්‍වයෙක් වේ ද, මෙය මගබඹසර පිළිබඳ හරි අඩෙකැ”යි මෙය සැළ කෙළේ ය. මහරජ, එසේ කියන ලද මම අනඳ මහණට මෙය කියමි. ආනන්‍ද, එසේ නො කිය, ආනන්‍ද, එසේ නො කිය, ආනන්‍ද, යම් මේ කලණ මිතුරන් ඇතිබවෙක් කලණ යහළුවන් ඇතිබවෙක් කලණයන් කෙරෙහි නැමුනුබවෙක් වේ ද, මෙය මුළු මගබඹසර ම ය. ආනන්‍ද, “අරිඅටගිමග වඩන්නේ ය. අරිඅටගිමග බහුල කරන්නේ” ය යන මෙය කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙන මහණහු විසින් කැමති විය යුතු යි.

කථඤ‍්ච ආනන්‍ද භික‍්ඛු කල්‍යාණමිත‍්තො කල්‍යාණසහායො කල්‍යාණසම‍්පවඞ‍්කො “අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති” අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොති? ඉධානන්‍ද භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. සම‍්මාසඞ‍්කප‍්පං භාවෙති - සම‍්මාවාචං භාවෙති - සම‍්මාකම‍්මන‍්තං භාවෙති - සම‍්මාආජීවං භාවෙති - සම‍්මාවායාමං භාවෙති - සම‍්මාසතිං භාවෙති - සම‍්මාසමාධිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො ආනන්‍ද භික‍්ඛු කල්‍යාණමිත‍්තො කල්‍යාණසහායො කල්‍යාණසම‍්පවඞ‍්කො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොති.

ආනන්‍ද, කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙන මහණ තෙමේ කෙසේ නම් අරිඅටගිමග වඩා ද? අරිඅටගිමග බහුල කෙරේ ද? යත්: ආනන්‍ද, මෙහි මහණ තෙමේ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවණට නමන සුලු සම්‍යක් දෘෂ්ටිය වඩයි … සම්‍යක්සඞ්කල්පය වඩයි … සම්‍යක්වචනය වඩයි … සම්‍යක්කර්‍මාන්තය වඩයි … සම්‍යක් ආජීවය වඩයි … සම්‍යක් ස්මෘතිය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවණට නමන සුලු සම්‍යක්සමාධිය වඩයි. ආනන්‍ද, කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙන මහණ තෙමේ මෙසේ අරිඅටගිමග වඩයි, අරිඅටගිමග බහුල කෙරෙයි.

තදමිනාපෙතං ආනන්‍ද පරියායෙන වෙදිතබ‍්බං: යථා සකලමෙවිදං බ්‍රහ‍්මචරියං යදිදං කල්‍යාණමිත‍්තතා කල්‍යාණසහායතා කල්‍යාණසම‍්පවඞ‍්කතාති.

ආනන්‍ද, යම් මේ කල්‍යාණමිත්‍රත්‍වයෙක් කල්‍යාණසහායත්‍වයෙක් කල්‍යාණසම්ප්‍රවඞ්කත්‍වයෙක් වේ නම් මෙය යම්සේ මුළු බඹසර වේ ද, එය මේ ක්‍රමයෙන් ද දත යුතු යි.

මමං හි ආනන්‍ද කල්‍යාණමිත‍්තං ආගම‍්ම ජාතිධම‍්මා සත‍්තා ජාතියා පරිමුච‍්චන‍්ති. ජරාධම‍්මා සත‍්තා ජරාය පරිමුච‍්චන‍්ති. ව්‍යාධිධම‍්මා සත‍්තා ව්‍යාධිනා පරිමුච‍්චන‍්ති. මරණධම‍්මා සත‍්තා මරණෙන පරිමුච‍්චන‍්ති. සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසධම‍්මා සත‍්තා සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසෙහි පරිමුච‍්චන‍්ති. ඉමිනා ඛො එතං ආනන්‍ද පරියායෙන වෙදිතබ‍්බං: යථා සකලමෙවහිදං බ්‍රහ‍්මචරියං යදිදං කල්‍යාණමිත‍්තතා කල්‍යාණසහායතා කල්‍යාණසම‍්පවඞ‍්කතාති.

ආනන්‍ද, කල්‍යාණමිත්‍ර වූ මා නිසා ම ඉපදීම ස්වභාව කොට ඇති සත්‍වයෝ ඉපදීමෙන් මිදෙත්. දිරීම ස්වභාව කොට ඇති සත්‍වයෝ දිරීමෙන් මිදෙත්. මරණය ස්වභාව කොට ඇති සත්‍වයෝ මරණයෙන් මිදෙත්. ශෝකය වැලපීම දුක් දොම්නස් දැඩිආයාස ස්වභාව කොට ඇති සත්‍වයෝ ශෝකපරිදේව දුක්දොම්නස් උපායාසයන්ගෙන් මිදෙත්. ආනන්‍ද, යම් මේ කල්‍යාණමිත්‍රත්‍වයෙක් කල්‍යාණසහායත්‍වයෙක් කල්‍යාණසම්ප්‍රවඞ්කත්‍වයෙක් වේ නම් මෙය යම්සේ මුළු බඹසර වේ ද, එය මේ ක්‍රමයෙනුදු දත යුතු යි.

තස‍්මාතිහ තෙ මහාරාජ එවං සික‍්ඛිතබ‍්බං: කල්‍යාණමිත‍්තො භවිස‍්සාමි කල්‍යාණසහායො කල්‍යාණසම‍්පවඞ‍්කොති. එවං හි තෙ මහාරාජ සික‍්ඛිතබ‍්බං. කල්‍යාණමිත‍්තස‍්ස තෙ මහාරාජ කල්‍යාණසහායස‍්ස කල්‍යාණසම‍්පවඞ‍්කස‍්ස අයං එකො ධම‍්මො උපනිස‍්සාය විහාතබ‍්බො අප‍්පමාදො කුසලෙසු ධම‍්මෙසු.

මහරජ, එහෙයින් මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු යි. “කලණමිතුරන් ඇත්තෙක් කලණයහළුවන් ඇත්තෙක් කලණයන් කෙරෙහි නැමෙන්නෙක් වන්නෙමි”යි. මහරජ, මෙසේ ම තොප විසින් හික්මිය යුතු යි. මහරජ, කලණමිතුරන් ඇති කලණයහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමුනු තොප විසින් කුශලධර්‍මයන්හි අප්‍රමාදය වූ මේ එක ම ධර්‍මය ඇසුරු කොට විසිය යුතු යි.

අප‍්පමත‍්තස‍්ස තෙ මහාරාජ, විහරතො අප‍්පමාදං උපනිස‍්සාය ඉත්‍ථාගාරස‍්ස එවං භවිස‍්සති: රාජා ඛො අප‍්පමත‍්තො විහරති අප‍්පමාදං උපනිස‍්සාය. හන්‍ද මයම‍්පි අප‍්පමත‍්තා විහරාම අප‍්පමාදං උපනිස‍්සායාති.

මහරජ, අප්‍රමත්ත ව අප්‍රමාදය ඇසුරු කොට වසන්නා වූ තොපගේ ඇතොවුරට (අන්තඃපුරස්ත්‍රීන්ට) ද “රජ තෙමේ අප්‍රමාදය ඇසුරු කොට අප්‍රමත්ත ව වාසය කෙරෙයි. එබැවින් අපි දූ අප්‍රමාදය ඇසුරු කොට අප්‍රමත්ත ව වෙසෙමු”යි මෙසේ අදහස් වන්නේ ය.

අප‍්පමත‍්තස‍්ස තෙ මහාරාජ විහරතො අප‍්පමාදං උපනිස‍්සාය ඛත‍්තියානම‍්පි අනුයුත‍්තානං එවං භවිස‍්සති: රාජා ඛො අප‍්පමත‍්තො විහරති අප‍්පමාදං උපනිස‍්සාය. හන්‍ද මයම‍්පි අප‍්පමත‍්තා විහරාම අප‍්පමාදං උපනිස‍්සායාති.

මහරජ, අප්‍රමාදය ඇසුරු අප්‍රමත්ත ව වාසය කරන්න වූ තොපගේ අනුයුක්ත (සහකාර) ක්‍ෂත්‍රියයන්ට ද “අපගේ රජ තෙමේ අප්‍රමාදය ඇසුරු කොට අප්‍රමත්ත ව වාසය කෙරෙයි. එබැවින් අපි දූ අප්‍රමාදය ඇසුරු කොට අප්‍රමත්ත ව වෙසෙමු”යි මෙසේ අදහස් වන්නේ ය.

අප‍්පමත‍්තස‍්ස තෙ මහාරාජ විහරතො අප‍්පමාදං උපනිස‍්සාය බලකායස‍්සපි එවං භවිස‍්සති: රාජා ඛො අප‍්පමත‍්තො විහරති අප‍්පමාදං උපනිස‍්සාය. හන්‍ද මයම‍්පි අප‍්පමත‍්තා විහරාම අප‍්පමාදං උපනිස‍්සායාති.

මහරජ, අප්‍රමාදය ඇසුරු අප්‍රමත්ත ව වාසය කරන්නා වූ තොපගේ බලසෙනගට ද “රජ තෙමේ අප්‍රමාදය ඇසුරු කොට අප්‍රමත්ත වෙසෙයි. එබැවින් අපි දූ අප්‍රමාදය ඇසුරු කොට අප්‍රමත්ත ව වෙසෙමු”යි මෙසේ අදහස් වන්නේ ය.

අප‍්පමත‍්තස‍්ස තෙ මහාරාජ විහරතො අප‍්පමාදං උපනිස‍්සාය නෙගමජානපදස‍්සාපි එවං භවිස‍්සති: රාජා ඛො අප‍්පමත‍්තො විහරති, අප‍්පමාදං උපනිස‍්සාය. හන්‍ද මයම‍්පි අප‍්පමත‍්තා විහරාම අප‍්පමාදං උපනිස‍්සායාති.

මහරජ, අප්‍රමාදය ඇසුරු අප්‍රමත්ත ව වාසය කරන්න වූ තොපගේ නියම්ගම්දනව්වැස්සන්ට ද “රජ තෙමේ අප්‍රමාදය ඇසුරු කොට අප්‍රමත්ත වෙසෙයි. එබැවින් අපි දු අප්‍රමාදය ඇසුරු කොට අප්‍රමත්ත ව වෙසෙමු”යි මෙසේ අදහස් වන්නේ ය.

අප‍්පමත‍්තස‍්ස තෙ මහාරාජ විහරතො අප‍්පමාදං උපනිස‍්සාය අත‍්තාපි ගුත‍්තො රක‍්ඛිතො භවිස‍්සති, ඉත්‍ථාගාරම‍්පි ගුත‍්තං රක‍්ඛිතං භවිස‍්සති, කොසකොට‍්ඨාගාරම‍්පි ගුත‍්තං රක‍්ඛිතං භවිස‍්සතීති.

මහරජ, අප්‍රමාදය ඇසුරු අප්‍රමත්ත ව වෙසෙන තොප විසින් තෙමේත් ගෝපනය කරණ ලද්දේ වන්නේ ය. අතොවුර ද ගෝපනය කරණ ලද්දේ රක්නා ලද්දේ වන්නේ ය. ධනගබඩා හා කොටුගුල් ද ගෝපනය කරණ ලද්දේ රක්නා ලද්දේ වන්නේ ය.

භොගෙ පත්‍ථයමානෙන උළාරෙ අපරාපරෙ, අප‍්පමාදං පසංසන‍්ති පුඤ‍්ඤකිරියාසු පණ‍්ඩිතා.

මහත් වූ නන්වැදෑරුම් සැපත් පතන්නහු විසින් නොපමා වියයුතු යි. පණ්ඩිතයෝ කුශලක්‍රියාවන්හි අප්‍රමාදය පසසත්.

අප‍්පමත‍්තො උභො අත්‍ථෙ අධිගණ‍්හාති පණ‍්ඩිතො, දිට‍්ඨෙ ධම‍්මෙ ච යො අත්‍ථො යො චත්‍ථො සම‍්පරායිකො, අත්‍ථාභිසමයා ධීරො පණ‍්ඩිතොති පවුච‍්චතීති.

අප්‍රමත්ත වූ පණ්ඩිත තෙමේ දිටුදැමියෙහි යම් අර්‍ත්‍ථයෙක් වේ ද, පරලෙව්හි යම් අර්‍ත්‍ථයෙක් වේ ද මේ උභයාර්‍ත්‍ථය ලබයි. මේ උභයාර්‍ත්‍ථලාභයෙන් නුවණැත්තේ පණ්ඩිත යයි කියනු ලැබේ.