යෙදුමෙන් කියවන්න

පඨමං අපුත‍්තකසුත‍්තං

3. 2. 9.

3. 2. 9.

පඨමං අපුත‍්තකසුත‍්තං.

පඨම අපුත්තක සූත්‍රය

130. සාවත්‍ථියං–

130. සැවැත්නුවර–

අථ ඛො රාජා පසෙනදි කොසලො දිවාදිවස‍්ස යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො රාජානං පසෙනදිං කොසලං භගවා එතදවොච: හන්‍ද කුතො නු ත්‍වං මහාරාජ ආගච‍්ඡසි දිවාදිවස‍්සාති?

එකල්හි පසේනදි කොසොල් රජ තෙමේ දෙවෙන් දවහල්හි (මධ්‍යාහ්නයෙහි) භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහරජ, දැන් තෙපි දෙවෙන් දවහල කොට සිට එවූ දැ”යි.

ඉධ භන‍්තෙ සාවත්‍ථියං සෙට‍්ඨි ගහපති කාලකතො. තමහං අපුත‍්තකං සාපතෙය්‍යං රාජන‍්තෙපුරං අතිහරිත්‍වා ආගච‍්ඡාමි. අසීති භන‍්තෙ සතසහස‍්සානි හිරඤ‍්ඤස‍්සෙව, කො පන වාදො රූපියස‍්ස. තස‍්ස ඛො පන භන‍්තෙ සෙට‍්ඨිස‍්ස ගහපතිස‍්ස එවරූපො භත‍්තභොගො අහොසි: කණාජකං භුඤ‍්ජති බිලඞ‍්ගදුතියං. එවරූපො වත්‍ථභොගො අහොසි: සාණං ධාරෙති තිපක‍්ඛවසනං. එවරූපො යානභොගො අහොසි: ජජ‍්ජරරථකෙන යාති පණ‍්ණච‍්ඡත‍්තකෙන ධාරියමානෙනාති.

වහන්ස, මෙහි සැවැත්නුවර සිටුගැහැවි තෙමේ කලුරිය කළේ ය. මම අපුත්‍රක වූ ඒ ධනය ඇතුළු රජගෙට ගෙන්වා තබා එමි. වහන්ස, (එහි) රන්මිල ම අසූලක්‍ෂයෙකි. රිදී ගැණ කියනු කිම? (එහෙත්) වහන්ස, ඒ සිටුගැහැවිහුගේ බත් වැළඳීම මෙබඳු විය: කාඩි දෙවැනි කොට ඇති නිවුඩුහාලේ බත් බුදියි. වස්ත්‍රපරිභෝගය මෙබඳු විය: කැබැලි තුනක් සැමැන්හු හණවැහැරියක් දරයි. යානපරිභෝගය මෙබඳු වි ය: දරණ ලබන පත්කුඩයෙකින් යුත් දැදුරු වූ කුඩාරියෙකින් යයි.

එවමෙතං මහාරාජ, එවමෙතං මහාරාජ, අසප‍්පුරිසො ඛො මහාරාජ උළාරෙ භොගෙ ලභිත්‍වා නෙව අත‍්තානං සුඛෙති පීණෙති. න මාතාපිතරො සුඛෙති පීණෙති. න පුත‍්තදාරං සුඛෙති පීණෙති. න දාසකම‍්මකරපොරිසෙ සුඛෙති පීණෙති. න මිත‍්තාමච‍්චෙ සුඛෙති පීණෙති. න සමණබ්‍රාහ‍්මණෙසු උද‍්ධග‍්ගිකං දක‍්ඛිණං පතිට‍්ඨාපෙති සොවග‍්ගිකං සුඛවිපාකං සග‍්ගසංවත‍්තනිකං. තස‍්ස තෙ භොගෙ එවං සම‍්මා අපරිභුඤ‍්ජියමානෙ රාජානො වා හරන‍්ති. චොරා වා හරන‍්ති. අග‍්ගි වා ඩහති. උදකං වා වහති. අප‍්පියා වා දායාදා හරන‍්ති. එවං ස තෙ මහාරාජ භොගා සම‍්මා අපරිභුඤ‍්ජියමානා පරික‍්ඛයං ගච‍්ඡන‍්ති නො පරිභොගං.

මහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. මහරජ, අසත් (ලාමක) පුරුෂ තෙමේ මහත් භෝග ලැබ (ද) තමා නො ම සුඛිත කෙරෙයි. නො ම පිණවයි. මවුපියන් සුඛිත නො කෙරෙයි නො පිණවයි. අඹුදරුවන් සුඛිත නො කෙරෙයි නො පිණවයි. දස්කම්කරු පුරුෂයන් සුඛිත නො කෙරෙයි. නො පිණවයි. මිත්‍රයන් හා සහකාරයන් සුඛිත නො කෙරෙයි. නො පිණවයි. මහණබමුණන් කෙරෙහි මතුමත්තෙහි සුව දෙන ස්වර්‍ගයට හිත සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා දක්‍ෂිණාව නො පිහිටුවයි. (නොදෙයි). මෙසේ මැනවින් පරිභෝග නොකරණ ඔහුගේ ඒ ධනය රජහු හෝ හැර ගණිත්. සොරු හෝ පැහැර ගණිත්. ගින්න හෝ දවයි. ජලය හෝ නඟයි. අප්‍රිය වූ දායාදයෝ (දූදරු පරපුර) හෝ හැර ගණිත්. මහරජ, මෙසේ ඔහු විසින් මැනවින් පරිභෝග නොකරණු ලබන එ භෝගයෝ විනාශයට පැමිණෙත්. පරිභෝගයට නො පැමිණෙත්.

සෙය්‍යථාපි මහාරාජ, අමනුස‍්සට‍්ඨානෙ පොක‍්ඛරණී අච‍්ඡොදකා සීතොදකා සාතොදකා සෙතකා සුපතිත්‍ථා රමණීයා. තං ජනො නෙව හරෙය්‍ය, න පිවෙය්‍ය, න නහායෙය්‍ය, න යථාප‍්පච‍්චයං වා කරෙය්‍ය. එවං හි තං මහාරාජ උදකං සම‍්මා අපරිභුඤ‍්ජියමානං පරික‍්ඛයං ගච‍්ඡෙය්‍ය නො පරිභොගං.

මහරජ, යම්සේ අමනුෂ්‍යයන් විසින් අධිගෘහිත වූ තැනෙක පහන් දිය ඇති සිහිල්දිය ඇති මිහිරිදිය ඇති හෙළ රළරැලි ඇති මනා තොට ඇති සිත්කලු පොකුණෙක් වේ නම් ජන තෙමේ ඒ දිය නො ම හරණේ ය. නො බොන්නේ ය. නො නහන්නේ ය. පසවැටෙන සෙයින් හෝ නො කරන්නේ ය. මහරජ, එසේ ඒ දිය මැනවින් පරිභෝග නොකරණු ලබන්නේ සිඳ යන්නේ ය. පරිභෝගයට නො පැමිණෙන්නේ ය.

එවමෙව ඛො මහාරාජ, අසප‍්පුරිසො උළාරෙ භොගෙ ලභිත්‍වා නෙවත‍්තානං සුඛෙති පීණෙති -පෙ- අප‍්පියා වා දායාදා හරන‍්ති. එවං ස තෙ භොගා සම‍්මා අපරිභුඤ‍්ජියමානා පරික‍්ඛයං ගච‍්ඡන‍්ති නො පරිභොගං.

මහරජ, එමෙන් ම ලාමක පුරුෂ තෙමේ මහත්භෝග ලැබ තමා නොම සුඛිත කෙරෙයි නො පිණවයි. … අප්‍රිය වූ දායාදයෝ හෝ හැර ගණිත්. මෙසේ ඔහු විසින් මැනවින් පරිභෝග නොකරණු ලබන්නා වූ ඒ භෝගයෝ විනාශයට පැමිණෙත්. පරිභෝගයට නො පැමිණෙත්.

සප‍්පුරිසො ච ඛො මහාරාජ උළාරෙ භොගෙ ලභිත්‍වා අත‍්තානං සුඛෙති පීණෙති. මාතාපිතරො සුඛෙති පීණෙති. පුත‍්තදාරං සුඛෙති පීණෙති. දාසකම‍්මකරපොරිසෙ සුඛෙති පීණෙති. මිත‍්තාමච‍්චෙ සුඛෙති පීණෙති. සමණබ්‍රාහ‍්මණෙසු උද‍්ධග‍්ගිකං දක‍්ඛිණං පතිට‍්ඨාපෙති සොවග‍්ගිකං සුඛවිපාකං සග‍්ගසංවත‍්තනිකං. තස‍්ස තෙ භොගෙ එවං සම‍්මා පරිභුඤ‍්ජියමානෙ නෙව රාජානො හරන‍්ති. න චොරා හරන‍්ති. න අග‍්ගි ඩහති. න උදකං වහති. න අප‍්පියා දායාදා හරන‍්ති. එවං ස තෙ මහාරාජ භොගා සම‍්මා පරිභුඤ‍්ජියමානා පරිභොගං ගච‍්ඡන‍්ති නො පරික‍්ඛයං.

මහරජ, සත්පුරුෂ තෙමේ මහත් භෝග ලැබ තමා සුඛිත කෙරෙයි, පිණවයි. මවුපියන් සුඛිත කෙරෙයි, පිණවයි. අඹුදරුවන් සුඛිත කෙරෙයි, පිණවයි. දස්කම්කරු පුරුෂයන් සුඛිත කෙරෙයි, පිණවයි. මිත්‍රයන් හා සහකාරයන් සුඛිත කෙරෙයි, පිණවයි. මහණබමුණන් කෙරෙහි මතු මත්තෙහි සුව ගෙණ දෙන ස්වර්‍ගයට හිත සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා දක්‍ෂිණාව පිහිටුවයි. මෙසේ මැනවින් පරිභෝග කරණු ලබන ඔහුගේ ඒ භෝගයන් රජහු නොම හැර ගණිත්. සොරු නො පැහැර ගණිත්. ගින්න නො දවයි. ජලය නො නඟයි. අප්‍රිය වූ දායාදයෝ නො හැර ගණිත්. මහරජ, මෙසේ මැනවින් පරිභෝග කරණු ලබන ඒ භෝගයෝ පරිභෝගයට යෙති. සිඳීමට නො යෙත්.

සෙය්‍යථාපි මහාරාජ ගාමස‍්ස වා නිගමස‍්ස වා අවිදූරෙ පොක‍්ඛරණී අච‍්ඡොදකා සීතොදකා සාතොදකා සෙතකා සුපතිත්‍ථා රමණීයා. තං ජනො හරෙය්‍යපි පිවෙය්‍යපි නහායෙය්‍යපි යථාප‍්පච‍්චයම‍්පි කරෙය්‍ය. එවං හි තං මහාරාජ උදකං සම‍්මා පරිභුඤ‍්ජියමානං පරිභොගං ගච‍්ඡෙය්‍ය නො පරික‍්ඛයං. එවමෙව ඛො මහාරාජ ධීරො සප‍්පුරිසො උළාරෙ භොගෙ ලභිත්‍වා අත‍්තානං සුඛෙති පීණෙති -පෙ- එවං ස තෙ භොගා සම‍්මා පරිභුඤ‍්ජියමානා පරිභොගං ගච‍්ඡන‍්ති නො පරික‍්ඛයන‍්ති.

මහරජ, යම්සේ ගමක් හෝ නියම්ගමක් අසල පහන්දිය ඇති සිහිල් දිය ඇති මිහිරිදිය ඇති සුදු රළරැලි ඇති මනා තොට ඇති සිත්කලු පොකුණෙක් වේ නම් ජන තෙමේ ඒ දිය ගෙණ යන්නේත්, බොන්නේත්, නහන්නේත් පසවැටෙනසෙයින් හෝ කරන්නේත් වේ. මහරජ, මෙසේ පරිභෝග කරණු ලබන ඒ ජලය පරිභෝගයට යන්නේ ය. නොසිඳී යන්නේ ය. මහරජ, එපරිද්දෙන් ම නුවණැති සත්පුරුෂ තෙමේ මහත් භෝගයන් ලැබ තමා සුඛිත කෙරෙයි. පිණවයි. … මෙසේ ඒ භෝගයෝ මැනවින් පරිභෝග කරණු ලබන්නාහු පරිභෝගයට යෙති. විනාශයට නො පැමිණෙති.

අමනුස‍්සට‍්ඨානෙ උදකංව සීතං තදපෙය්‍යමානං පරිසොසමෙති, එවං ධනං කාපුරිසො ලභිත්‍වා නෙවත‍්තනා භුඤ‍්ජති නො දදාති. ධීරො ච විඤ‍්ඤූ අධිගම‍්ම භොගෙ යො භුඤ‍්ජති කිච‍්චකරො ච හොති, සො ඤාතිසඞ‍්ඝං නිසභො භරිත්‍වා අනින්‍දිතො සග‍්ගමුපෙති ඨානන‍්ති.

අමනුෂ්‍යයන් විසින් අධිගෘහිත වූ තැනෙක සිහිල් ජලයෙක් වේ ද, එය පානය නොකරණු ලබන්නේ වියලීමට යේ ද, එසේ ලාමක පුරුෂ තෙමේ ධනය ලැබ තෙමේත් නොම පරිභෝග කෙරෙයි. අනුන්ට ද නොදෙයි. ධෘතිසම්පන්න නුවණැති යම් පුරුෂයෙක් වේ ද, හෙ තෙමේ භෝගයන් ලැබ අනුභව කෙරෙයි. කටයුතු කරන්නේ ද වෙයි. ඒ ශ්‍රේෂ්ඨ පුරුෂ තෙමේ නෑ සමූහයා පෝෂණය කොට (ලෝකයා විසින්) පසස්නා ලද්දේ දෙව්ලොවට පැමිණෙයි.