යෙදුමෙන් කියවන්න

දුතියං අපුත‍්තකසුත‍්තං

3. 2. 10.

3. 2. 10.

දුතියං අපුත‍්තකසුත‍්තං.

දුතිය අපුත්තක සූත්‍රය

131. සාවත්‍ථියං–

131. සැවැත්නුවර–

අථ ඛො රාජා පසෙනදි කොසලො දිවාදිවස‍්ස යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො රාජානං පසෙනදිං කොසලං භගවා එතදවොච: හන්‍ද කුතො නු ත්‍වං මහාරාජ ආගච‍්ඡසි දිවාදිවස‍්සාති?

එකල්හි පසේනදි කොසොල් රජ තෙමේ දෙවෙන් දවහල භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජහට භාග්‍යවතුන් වහන්සේ මහරජ, “දැන් තෙපි මධ්‍යාහ්නයෙහි කොහි සිට එවු දැ”යි මෙය වදාළ සේක.

ඉධ භන‍්තෙ සාවත්‍ථියං සෙට‍්ඨි ගහපති කාලකතො. තමහං අපුත‍්තකං සාපතෙය්‍යං රාජන‍්තෙපුරං අතිහරිත්‍වා ආගච‍්ඡාමි. සතං භන‍්තෙ සතසහස‍්සානං හිරඤ‍්ඤස‍්සෙව, කො පන වාදො රූපියස‍්ස. තස‍්ස ඛො පන භන‍්තෙ සෙට‍්ඨිස‍්ස ගහපතිස‍්ස එවරූපො භත‍්තභොගො අහොසි: කණාජකං භුඤ‍්ජති බිලඞ‍්ගදුතියං. එවරූපො වත්‍ථභොගො අහොසි: සාණං ධාරෙති තිපක‍්ඛවසනං. එවරූපො යානභොගො අහොසි: ජජ‍්ජරරථකෙන යාති පණ‍්ණඡත‍්තකෙන ධාරියමානෙනාති.

වහන්ස, මේ සැවැත්නුවර සිටු ගැහැවි තෙමේ කාලගත විය. මම ඒ දරුවන් නැති සැපත ඇතුළුරජගෙට නඟා යවා එමි. වහන්ස, රන්මිල ම සියක්ලක්‍ෂයෙකි. රිදී ගැණ කියනු කිම? වහන්ස,ඒ සිටුගැහැවිහුගේ බත් වැළඳීම මෙබඳු විය: කාඩි දෙවෙනි කොට ඇති නිවුඩු සහලේ බත බුදියි. වස්ත්‍රපරිභෝගය මෙබඳු විය: සැමැන්නු තුන්කඩක් ඇති හණ වැහැරිවතක් දරයි. රථපරිභෝගය මෙබඳු විය: දරණ ලබන පත්කුඩයක් ඇති දැදුරු වූ කුඩා රියෙකින් ගමන් කරයි.

එවමෙතං මහාරාජ, එවමෙතං මහාරාජ, භූතපුබ‍්බං සො මහාරාජ සෙට‍්ඨි ගහපති තගරසිඛිං පච‍්චෙකසම‍්බුද‍්ධං පිණ‍්ඩපාතෙන පටිපාදෙසි, “දෙථ සමණස‍්ස පිණ‍්ඩන‍්ති” වත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි. දත්‍වා ච පන පච‍්ඡා විප‍්පටිසාරී අහොසි: “වරමෙතං පිණ‍්ඩපාතං දාසා වා කම‍්මකරා වා භුඤ‍්ජෙය්‍යුන‍්ති.” භාතුච‍්ච පන එකපුත‍්තකං සාපතෙය්‍යස‍්ස කාරණා ජීවිතා වොරොපෙසි.

මහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. පෙර වූවක් (කියමි): මහරජ, ඒ සිටු ගැහැවි තෙමේ තගරසිඛී නම් පසේබුදු රජුහු පිණ්ඩපාතයෙන් පැවරී ය. “මහණහුට පිඬු දෙව”යි කියා හුනස්නෙන් නැගිට ගියේ ය. දී පසුව “මේ පිණ්ඩාහාරය දාසයෝ හෝ කම්කරුවෝ හෝ අනුභව කළාහු නම් යහපතැ”යි විපිළිසර ඇත්තේ විය. ධනහේතුවෙන් බෑයාගේ එක ම කුඩාපුතු ද දිවියෙන් තොර කළේ ය.

යං ඛො සො මහාරාජ සෙට‍්ඨි ගහපති තගරසිඛිං පච‍්චෙකසම‍්බුද‍්ධං පිණ‍්ඩපාතෙන පටිපාදෙසි, තස‍්ස කම‍්මස‍්ස විපාකෙන සත‍්තක‍්ඛත‍්තුං සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජි, තස‍්සෙව කම‍්මස‍්ස විපාකාවසෙසෙන ඉමිස‍්සායෙව සාවත්‍ථියා සත‍්තක‍්ඛත‍්තුං සෙට‍්ඨිත‍්තං කාරෙසි.

මහරජ, ඒ සිටු ගැහැවි තෙමේ තගරසිඛී නම් පසේබුදුරජුන් පිණ්ඩපාතයෙන් පැවරී යන යමක් ඇද්ද ඒ කර්‍මවිපාකයෙන් සත්වරක් සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට (උත්පත්තිවශයෙන්) පැමිණේ ය. ඒ කර්‍මයාගේ ම විපාකාවශේෂයෙන් මේ සැවැත්නුවර ම සත්වරක් සිටුකම් කරවී ය.

යං ඛො සො මහාරාජ සෙට‍්ඨි ගහපති දත්‍වා පච‍්ඡා විප‍්පටිසාරී අහොසි: “වරමෙතං පිණ‍්ඩපාතං දාසා වා කම‍්මකරා වා භුඤ‍්ජෙය්‍යුන‍්ති,” තස‍්ස කම‍්මස‍්ස විපාකෙන නාස‍්සුළාරාය භත‍්තභොගාය චිත‍්තං නමති. නාස‍්සුළාරාය වත්‍ථභොගාය චිත‍්තං නමති. නාස‍්සුළාරාය යානභොගාය චිත‍්තං නමති. නාස‍්සුළාරානං පඤ‍්චන‍්නං කාමගුණානං භොගාය චිත‍්තං නමති.

මහරජ, ඒ සිටු ගැහැවි තෙමේ දී (පසුව): “මේ පිණ්ඩාහාරය දාසයෝ හෝ කම්කරුවෝ හෝ අනුභව කළාහු නම් යහපතැයි” විපිළිසර ඇති වී යන යමක් ඇද්ද, ඒ කර්‍මයාගේ විපාකය හේතු කොට ගෙණ උදාර වූ බත් වැළඳීම පිණිස සිත නො නැමෙයි. උදාර වූ වස්ත්‍රපරිභෝගය පිණිස සිත නො නැමෙයි. උදාර වූ රථපරිභෝගය පිණිස සිත නො නැමෙයි. උදාර වූ පස්කම් සැප අනුභවය පිණිස සිත නො නැමෙයි.

යං ඛො සො මහාරාජ සෙට‍්ඨි ගහපති භාතුච‍්ච පන එකපුත‍්තකං සාපතෙය්‍යස‍්ස කාරණා ජීවිතා වොරොපෙසි. තස‍්ස කම‍්මස‍්ස විපාකෙන බහූනි වස‍්සානි බහූනි වස‍්සසතානි බහූනි වස‍්සසහස‍්සානි බහූනි වස‍්සසතසහස‍්සානි නිරයෙ පච‍්චිත්‍ථ. තස‍්සෙව කම‍්මස‍්ස විපාකාවසෙසෙන ඉදං සත‍්තමං අපුත‍්තකං සාපතෙය්‍යං රාජකොසං පවෙසෙති. තස‍්ස ඛො පන මහාරාජ සෙට‍්ඨිස‍්ස ගහපතිස‍්ස පුරාණඤ‍්ච පුඤ‍්ඤං පරික‍්ඛීණං, නවඤ‍්ච පුඤ‍්ඤං අනුපචිතං. අජ‍්ජ පන මහාරාජ සෙට‍්ඨි ගහපති මහාරොරුවනිරයෙ පච‍්චතීති. එවං භන‍්තෙ සෙට‍්ඨි ගහපති මහාරොරුවං නිරයං උපපන‍්නොති? එවං මහාරාජ සෙට‍්ඨි ගහපති මහාරොරුවං නිරයං උපපන‍්නොති.

මහරජ, ඒ සිටු ගැහැවි තෙමේ ධනහේතුවෙන් සොහොයුරාගේ එක ම කුඩාපුතු ද දිවියෙන් තොර කළේ යන යමක් ඇද්ද, ඒ කර්‍මවිපාකයෙන් බොහෝ ගණන් හවුරුදු බොහෝ සිය ගණන් හවුරුදු බොහෝ දහස් ගණන් හවුරුදු බොහෝ සියදහස් ගණන් හවුරුදු නරකයෙහි පැසුනේ ය. ඒ කර්‍මයාගේ ම ඉතිරිවිපාකය වශයෙන් මේ සත්වැනි දරුවන් නැති වස්තුසමූහය රාජකෝෂ්ටාගාරයට ඇතුළු කෙරෙයි. මහරජ, ඒ සිටු ගැහැවිහුගේ පැරණි පින ගෙවී ගියේ ය. අලුත් පිනෙක් ද රැස් නො කරණ ලද්දේය. මහරජ, අද සිටුගැහැවි තෙමේ මහාරෞරව නරකයෙහි පැසේ යයි. වහන්ස, එසේ ද? සිටුගැහැවි තෙමේ මහාරෞරව නරකයට (උත්පත්තිවශයෙන්) පැමිණියේ ද? මහරජ, එසේ ය, සිටු ගැහැවි තෙමේ මහාරෞරව නරකයට පැමිණියේ ය.

ධඤ‍්ඤං ධනං රජතං ජාතරූපං පරිග‍්ගහං වාපි යදත්‍ථි කිඤ‍්චි, දාසා කම‍්මකරා පෙස‍්සා යෙ චස‍්ස අනුජීවිනො, සබ‍්බං නාදාය ගන‍්තබ‍්බං සබ‍්බං නික‍්ඛිප‍්පගාමිනං

ධාන්‍ය ද ධන ද රිදී ද රන් ද තමා සතු යම් කිසි අනෙකෙක් ඇත් නම් එ ද දාසයෝ ද කම්කරුවෝ ද මෙහෙකරුවෝද යන ඔහු අනුව ජීවත්වන යම් කෙනෙක් ඇත් නම් ඔහු ද යන සියල්ල නො ගෙණ යායුතුයි. සියල්ල (මෙහි ම) හැර දමා යන සැහැවි ඇත.

යඤ‍්ච කරොති කායෙන වාචාය උද චෙතසා, තං හි තස‍්ස සකං හොති තඤ‍්ච ආදාය ගච‍්ඡති, තඤ‍්චස‍්ස අනුගං හොති ඡායාව අනපායිනී.

කයින් ද වචනයෙන් ද වැලි සිතින් ද යම් කර්‍මයකුත් කෙරේ ද එය ම ඔහුට තමා සතු වස්තුව වේ. එය ම රැගෙණ පරලොව යෙයි එය ම අත් නො හැර යන සෙවනැල්ල මෙන් ඔහු අනු ව යන්නේ වේ.

තස‍්මා කරෙය්‍ය කල්‍යාණං නිචයං සම‍්පරායිකං, පුඤ‍්ඤානි පරලොකස‍්මිං පතිට‍්ඨා හොන‍්ති පාණිනන‍්ති.

එහෙයින් පරලොවට හිතවූ දෑ රැස් කරන්නේ පින් කරන්නේ ය. පින් පරලෙව්හි දී සත්‍වයන්ට පිහිට වේ.

අපුත‍්තකවග‍්ගො දුතියො.

අපුත්තක වර්‍ගය දෙවෙනි යි.

තත්‍රුද‍්දානං:

එහි උද්දානය:

ජටිලා පඤ‍්ච රාජානො දොණපාකසඞ‍්ගාමා ද‍්වෙ ති ච, ධීතරා ද‍්වෙ අප‍්පමාදා ද‍්වෙ අපුත‍්තකෙන චාති.

ජටිල, පඤ්චරාජ, දෝණපාක, යන සූත්‍ර ද සඞ්ගාම සූත්‍ර දෙක ද ධීතු සූත්‍රය ද අප්පමාද සූත්‍ර දෙක ද අපුත්තක සූත්‍ර දෙකදැයි සූත්‍ර දශයෙකි.