යෙදුමෙන් කියවන්න

අප‍්පමාදසුත‍්තං

3. 2. 7.

3. 2. 7.

අප‍්පමාදසුත‍්තං.

අප්පමාද සූත්‍රය

128. සාවත්‍ථියං–

128. සැවැත්නුවර–

එකමන‍්තං නිසීදි, එකමන‍්තං නිසින‍්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන‍්තං එතදවොච: අත්‍ථි නු ඛො භන‍්තෙ එකො ධම‍්මො යො උභො අත්‍ථෙ සමධිගය‍්හ තිට‍්ඨති, දිට‍්ඨධම‍්මිකඤ‍්චෙව අත්‍ථං සම‍්පරායිකඤ‍්චාති.

එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, යම් දහමෙක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙණ සිටී නම් එබඳු එක් දහමෙක් ඇද්ද?

අත්‍ථි ඛො මහාරාජ එකො ධම‍්මො යො උභො අත්‍ථෙ සමධිගය‍්හ තිට‍්ඨති, දිට‍්ඨධම‍්මිකඤ‍්චෙව අත්‍ථං සම‍්පරායිකඤ‍්චාති.

මහරජ, යම් දහමෙක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙණ සිටී නම් එබඳු එක් දහමෙක් ඇත.

කතමො පන භන‍්තෙ එකො ධම‍්මො යො උභො අත්‍ථෙ සමධිගය‍්හ තිට‍්ඨති, දිට‍්ඨධම‍්මිකඤ‍්චෙව අත්‍ථං සම‍්පරායිකඤ‍්චාති?

වහන්ස, යම් දහමෙක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙණ සිටී නම් එබඳු එක් දහම කිමෙක් ද?

අප‍්පමාදො ඛො මහාරාජ එකො ධම‍්මො යො උභො අත්‍ථෙ සමධිගය‍්හ තිට‍්ඨති දිට‍්ඨධම‍්මිකඤ‍්චෙව අත්‍ථං සම‍්පරායිකඤ‍්චාති. සෙය්‍යථාපි මහාරාජ යානි කානිචි ජඞ‍්ගමානං පාණානං පදජාතානි සබ‍්බානි තානි හත්‍ථිපදෙ සමොධානං ගච‍්ඡන‍්ති, හත්‍ථිපදං තෙසං අග‍්ගමක‍්ඛායති යදිදං මහන‍්තත‍්තෙන. එවමෙව ඛො මහාරාජ අප‍්පමාදො එකො ධම‍්මො යො උභො අත්‍ථෙ සමධිගය‍්හ තිට‍්ඨති දිට‍්ඨධම‍්මිකඤ‍්චෙව අත්‍ථං සම‍්පරායිකඤ‍්චාති.

මහරජ, යම් දහමෙක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙණ සිටී නම් එබඳු එක් දහම අප්‍රමාදය යි. මහරජ, ඇවිදින ප්‍රාණින්ගේ යම් කිසි පා සටහන්හු වෙත් නම් ඒ සියල්ලෝ යම්සේ ඇත්පියෙහි ඇතුළත වීමට යෙද්ද, යම් ඒ මහත්ත්‍වයෙන් ඇත්පිය ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේද, මහරජ, එසෙයින් ම යම් දහමෙක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙණ සිටී නම් අප්‍රමාදය ඒ එක් දහම යි.

ආයුං අරොගියං වණ‍්ණං සග‍්ගං උච‍්චාකුලීනතං, රතියො පත්‍ථයන‍්තෙන උළාරා අපරාපරා, අප‍්පමාදං පසංසන‍්ති පුඤ‍්ඤකිරියාසු පණ‍්ඩිතා

ආයුෂ, නීරෝගබව ද, ශරීර වර්‍ණය ද, ස්වර්‍ගය ද, උසස්කුල ඇති බව ද, උදාර වූ අන්‍යෝන්‍ය වූ සිත් අලවන දෑ ද පතන්නහු විසින් පුණ්‍ය ක්‍රියාවන්හි නොපමාවීම නුවණැත්තෝ පසසත්.

අප‍්පමත‍්තො උභො අත්‍ථෙ අධිගණ‍්හාති පණ‍්ඩිතො, දිට‍්ඨෙ ධම‍්මෙ ච යො අත්‍ථො යො චත්‍ථො සම‍්පරායිකො, අත්‍ථාභිසමයා ධීරො පණ‍්ඩිතොති පවුච‍්චතීති.

මෙලොව යම් අභිවෘද්ධියෙකුත් වේ ද, පරලොව යම් අභිවෘද්ධියෙකුත් වේ ද, පණ්ඩිත තෙමේ නො පමා වූයේ ඒ දෙවැදෑරුම් අභිවෘද්ධිය ම ලබයි. ධෘතිසම්පන්න පුද්ගල තෙමේ අර්‍ත්‍ථප්‍රතිලාභය හේතු කොට ගෙණ පණ්ඩිත ය යි කියනු ලැබේ.