ධීතුසුත්තං
3. 2. 6.
3. 2. 6.
ධීතුසුත්තං.
ධීතු සූත්‍රය
127. සාවත්ථියං–
127. සැවැත්නුවර–
අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි.
ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය.
අථ ඛො අඤ්ඤතරො පුරිසො යෙන රාජා පසෙනදි කොසලො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස උපකණ්ණකෙ ආරොචෙසි: මල්ලිකා දෙව, දෙවී ධීතරං විජාතාති. එවං වුත්තෙ රාජා පසෙනදි කොසලො අනත්තමනො අහොසි.
එකල්හි එක්තරා පුරුෂයෙක් පසේනදි කොසොල් රජු වෙත එළඹියේ ය. එළඹ පසේනදි රජහට “දේවයන් වහන්ස, මල්ලිකාදේවී තොමෝ දුවක වැදුවා ය”යි කණ ලඟ සැළ කළේ ය. එසේ කී කල්හි පසේනදි කොසොල් රජ නො සතුටු සිත් ඇත්තේ විය.
අථ ඛො භගවා රාජානං පසෙනදිං කොසලං අනත්තමනං විදිත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි:
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පසේනදි කොසොල් රජු නොසතුටු සිත් ඇත්තහු දැන ඒ වේලාවෙහි මේ ගාථා වදාළ සේක.
ඉත්ථි පි හි එකච්චියා සෙය්යා පොස ජනාධිප, මෙධාවිනී සීලවතී සස්සුදෙවා පතිබ්බතා.
රජතුමනි, ඇතැම් ස්ත්‍රිය ද ශ්‍රේෂ්ඨ ය. (එහෙයින්) පොෂණය කරුණු මැන. නුවණැති සිල්වත් නැදිමයිලන් දෙවි කොට වෙසෙන පතිවත රක්නා (යම් ස්ත්‍රියක් වේ ද,)
තස්සා යො ජායති පොසො සූරො හොති දිසම්පති, තාදිසා සුභගියා පුත්තො රජ්ජම්පි අනුසාසතීති.
දිශාවන්ට අධිපති රජතුමනි, ඇයට යම් පුතෙක් උපදී ද, (හෙ තෙමේ) දක්ෂයෙක් වෙයි. එබඳු යහපත් තැනැත්තියගේ පුත්‍ර තෙමේ රාජ්‍යානුශාසනා ද කෙරෙයි.